වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
නුවණට අධිපති බලවත් ගණදෙවි
එදා පාර්වතිය (උමයංගනාව) දියනෑමට ගියාය. ඇය ස්නානය කර යළි එනතුරු කිසිවෙකුටත් එන්නට නොදෙන ලෙස සිය පුතාවූ ගනේෂට නියම කළාය.
එසේ මැයි කියා පුතු මුර කරන්නට විය. එතැනට ශිව පැමිණීම ඔහු අනුමත කළේ නැත. ශිවට මේ ස්ථානයෙන් පිටතට වහාම යන ලෙස ගනේෂ අණ දුන්නේය. එහෙත් එය ශිව ඇසුවේ නැත. දෙදෙනා අතර සිදු වූ ගැටුමක් නිසා ගණෙෂගේ හෙස ගසා දමන්නට ශිව තීරණය කළේය.
එතැනට පැමිණි පාර්වතී මෙය දැක කම්පා වී හඬන්නට පටන් ගත්තීය. විලාප තබමින් ඇය හැඬුවාය. පළමුවෙන් තමාට මුණ ගැසෙන කවරෙකුගේ හිසක් හෝ බිඳගෙන ගණේෂට සවි කිරීමට තීරණය කළාය.
හිසක් සොයාගෙන ගිය ශිවට පළමුවෙන්ම ගංගා නදිය අසල නිදා සිටි ඇතෙක් මුණ ගැසිණ. ඇතාගේ හිස කපාගෙන විත් ගණේෂගේ කඳට සවි කළේය. ඇත් හිස සහිත ගනේෂට බ්‍රහ්මයා විසින් පණ දෙන ලදී. එදා සිට ගණ දෙවියන් ඇත්හිසක් ඇත්තෙක් විය. දේවත්වයට පත්විය.
මේ ඇත් හිස ඇති නිසා ගණනායක නමින් නමක් පටබැඳිණි. මහා නුවණක් හිමි දේවතාවකු ලෙස එදා සිට ගණ දෙවියන් පත්විය. ගණ දෙවියන්ට පුද පූජා තබා යදින්නේ නම් නුවණ පහළ වේ යැයි විශ්වාසයක් අදටත් තිබේ. පාඩම් මතක සිටීම. විභාගවලින් ජය අත්කර දීම ගණ දෙවියන්ට අයත් දේ ලෙස ගැනේ. ගණදෙවි දේවාල විශාල සංඛ්‍යාවක් රජරට ප්‍රදේශයේ තිබේ.
කතරගම දේව සංකල්පයේ ද මැණික් ගඟ ආශි‍්‍රතව කරුණු කාරණා එක්රැස් වී ඇත. මහාදේව සංකල්පයේ සඳහන් පරිදි ප්‍රධානතම දේවතාවුන් අතර ගණදෙවියන් හට ලැබී ඇත්තේ මුල්තැනකි. ගණ දෙවියන්ගෙන් නුවණත් ලක්ෂ්මී දෙවඟනගෙන් මුදල් ද ලැබෙන බැව් දේව පුරාණයේ සනිටුහන් වී ඇත්තේය.
වත්මන්හි ද ගණදෙවියන්ට පුද පූජා තබා ස්තෝත්‍ර කියන්නන්ට ගණදෙවි පිහිට හා නුවණ ලැබෙන බැව් ජන විශ්වාසයකි. පුල්ලෙයාර් කෝවිලද ගණදෙවි නමින් ප්‍රසිද්ධ ස්ථානයකි.
රජරට ජනයා දුරබැහැර ගමන් යන විට කොළ අත්තක් කඩා බලගතු හාස්කම් ඇති ගණදෙවි ප්‍රතිමාව අසල එල්ලා යෑම එක්තරා සිරිතකි.