පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර

සැප්තැම්බර් 20, 2024

 

කාල සර්ප යෝගය

නම ඇසූ පමණින් කෙනෙකු බියවන්නට හේතු වන කාල සර්ප යෝගය ඡ්‍යොතිෂයේ සඳහන් වන යෝග අතරින් වඩා අසුබ පල දෙන යෝගයක්. මේ පිළිබඳව සුබසෙතට සමීප පාඨක කළුතර හෂානා සහ හලාවත චාලට් කර්තෘට ලියුම් මඟින් පැන යොමු කර තිබුණා. එබැවින් ඔවුන්ගේ මෙන්ම සුබසෙත පාඨක ඔබ සියලු දෙනාගේ දැන ගැනීම උදෙසා ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී රද්දොළුගම ලෙස්ලි ජයසිංහ මහතා කාල සර්ප යෝගය පිළිබඳ ලබා දුන් පිළිතුර ඔහුගේම වචනයෙන් සටහන් කරමු.

රාහුට අංශක 180 ක් ඈතින් කේතු පිහිටනවා. එම අංශක180 තුළ එක් පසෙක පමණක් සියලුම ග්‍රහයන් තැන්පත් වීමෙන් කාල සර්ප යෝගය නිර්මාණය වනවා. මේ කාල සර්ප යෝගය ඉතා අවාසනාවන්ත යෝගයක් හැටියට සමහර ඡ්‍යොතිෂවේදීන් මත පළ කරනවා. රෝග පීඩා මතු කිරීම, විවාහ අසාර්ථක වීම, දරු සම්පත් අහිමි වීම, හදිසි අනතුරුවලට ලක් වීම, රැකියා අහිමිවීම නිවාස සම්බන්ධ ප්‍රශ්න ඇති වීම විශේෂයෙන් රාහු කේතු දශා අතුරු දශාවලදී බොහෝ කරදර හිරිහැර ගෙනදීම කාල සර්ප යෝගය නිසා සිදුවන බවට මත පළ වී තිබෙනවා. එහෙත් කාල සර්ප යෝගය තිබෙන ජන්මීන් බොහෝ පිරිසකගේ කේන්දර අනුසාරයෙන් ලබාගත් තොරතුරු අනුව තහවුරු වී ඇත්තේ, කාල සර්ප යෝගය අවාසනාවන්ත යෝගයක් නොවන බවයි. ඡ්‍යොතිෂවේදීන් කළ පර්යේෂණවලින් අනාවරණය වූ කරුණු මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නට මා බලාපොරොත්තු වනවා. කාල සර්ප යෝගය පිළිබඳ භාරතීය ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙකු වන ර්චදඪඬ ඛ්ඩචදඤ බ්චඪද ගේ අචඩභ චදඤ ම්ඥබභ ඪද ර්‍ථපඥඤඪජබඪමඥ ඒඵබපධතධඨර (අනාවැකි ඡ්‍යොතිෂයේ රාහු සහ කේතු )යන කෘතියේ කාල සර්ප යෝගය නිර්මාණය වීම සහ සැලකිලිමත් විය යුතු කරු‍ණු මෙසේ දක්වා තිබෙනවා.

1.සියලුම ග්‍රහයන් රාහු හා කේතුට මැදිව පිහිටා තිබිය යුතුයි.

2. රාහු කේතු අක්ෂයට පිටින් අනෙක් පසින් එක ග්‍රහයකු හෝ සිටී නම් කාල සර්ප යෝගයක් නොයෙදේ.

3. ලග්නයේ සිට රාහු මුල් භාව හය තුළ ද, කේතු ඉතිරි භාව හය තුළද තැන්පත් විය යුතුයි.

4. රාහු කේතු පිහිටි රාශිය තුළ වෙනත් ග්‍රහයන් හෝ ග්‍රහයකයකු සිටී නම් එම ග්‍රහයන්ගේ අංශක ගණනය කිරීමෙන් පසු නියත වශයෙන් කාල සර්ප යෝගයක් යෙදී තිබේ දැයි තීරණය කළ යුතුයි.

මෙහිදී මේ ඡ්‍යොතිෂවේදියා පෙන්වා දී ඇත්තේ රාහු සමඟ කිසියම් ග්‍රහයකු පිහිටා තිබේ නම් එම ග්‍රහයාගේ දේශාංශකය රාහුට වඩා අඩු ප්‍රමාණයකින් තිබීම හෝ කේතුට වඩා වැඩි ප්‍රමාණයකින් තිබීම කාල සර්ප යෝගයක් යෙදීම සඳහා අවශ්‍ය බවයි. කාල සර්ප යෝගය පිළිබඳව තවදුරටත් පහත සඳහන් කේන්ද්‍ර සටහන් අනුව විමසා බලමු.

කේන්දර අංක 1 -මිථුන

මේ කේන්ද්‍ර සටහන කාල සර්ප යෝගයකට නිදසුනක්. මෙහිදී රාහුට අංශක180ක් ඈතින් පිහිටා ඒ 180 තුළ සෙසු සියලු ග්‍රහයන් තැන්පත් වී තිබෙනවා.

කේන්දර අංක 2 -මේෂ

මේ කේන්ද්‍ර සටහනට කාල සර්ප යෝගයට තවත් නිදසුනක්. මෙහිදී රාහු මේෂ රාශියේ අංශක 20 දී කුජ එම රාශියේ අංශක 18 යෙදී ඇති බැවින් මෙහිදී නියත වශයෙන්ම කාල සර්ප යෝගයක් යෙදී තිබෙනවා. ජන්ම පත්‍රයක රාහු සමඟ කිසියම් ග්‍රහයකු පිහිටා තිබේ නම් එම ග්‍රහයාගේ දේශාංශකය රාහුට වඩා වැඩි අංශක ප්‍රමාණයක් තිබීම හෝ කේතු සමග යම්කිසි ග්‍රහයකු පිහිටා තිබේ නම් එම ග්‍රහයාගේ දේශාංශකය කේතුට වඩා අඩු අංශක ප්‍රමාණයකින් තිබීම කාල සර්ප යෝගයක් නොයෙදීමට හේතු වනවා.

කේන්දර අංක 3- තුලා

මේ ජන්ම පත්‍රයේ ධනු රාශියේ රාහු අංශක 15ක්ද බුධ එම රාශියේ අංශක 20 ක්ද වනවා. මේ කේන්දර සටහනේද කාල සර්ප යෝගයක් නිර්මාණය වී නොමැති බවට ඉහත සිද්ධාන්ත අනුව නිගමනය කළ හැකියි.

 

කේන්දර අංක 4- කන්‍යා

මෙහිදී කේතු මේෂ රාශියේ අංශක 20ක්ද චන්ද්‍රයා එම රාශියේ අංශක 12ක ද යෙදී තිබෙන නිසා කාල සර්ප යෝගයක් නිර්මාණය නොවේ.

කේන්දර අංක 5- මීන

බටහිර ජෝතිෂ්‍යවේදී බ්ධඩද ර්ධඵඥඵගේ ඊඩඥ ථධධදඵ ව්ධඤඥඵ කෘතියෙහි සඳහන් කර ඇති කාල සර්ප යෝගය පිළිබඳව විමසා බැලීමේදී රවි, චන්ද්‍ර , කුජ, බුධ, ගුරු ආදි ග්‍රහයන්ට අමතරව යුරේනස්, නැප්චූන් හා ප්ලූටෝ යන ග්‍රහයන්ගේ පිහිටීම් ගැනද සලකා බලා තීරණයක් ගැනීම වැදගත්. රවි, චන්ද්‍ර, කුජ, බුධ ගුරු ආදි ග්‍රහයන් රාහු හා කේතුට මැදිව සිටියදී යුරේනස් හෝ නැප්චූන් හෝ ප්ලුටෝ යන ග්‍රහයින්ගේ එක් ග්‍රහයකු හෝ පිටින් සිටී නම් ඒ ජන්මියා කාල සර්පයෝගයට හසුවන්නේ නැහැ. මෙහිදී කේන්දර අංක 5හි නැප්චූන් ග්‍රහයා පිටින් තැන්පත් වී තිබීමෙන් කාල සර්පය යෝගයක් නිර්මාණය වී නොමැති බව පෙන්වා දෙන්න පුළුවන්. ඉහත සඳහන් සිද්ධාන්තයන්ට අනුකූලව කාල සර්ප යෝගයේ යෙදී ඇති කේන්දර හමුවන්නෙත් ඉතා කලාතුරකින් බව ඔබට පෙනී යයි. සුප්‍රසිද්ධ භාරතීය ජෝතිෂ්‍යවේදියෙකු වන ර්.ම්. ඒඨපචඹචතගේ ඍඥඤඪජ ඒඵබපධතධඨර ටධප ර්චපපඪචඨඥ නධඪදබ, ඹ්ධමඥ චදඤ ච්ඪඵජධපඤ නමැති කෘතියෙහි 226 වැනි පිටුවේ රාහු කේතු පිහිටීම අනුව කාල සර්ප යෝගයේ ක්‍රියාත්මක වන කාල සීමාවන් මෙසේ දක්වා තිබෙනවා.

1.රාහු ලග්නයේ, කේතු හත්වැන්නේ -අවුරුදු 27 දක්වා

2.රාහු දෙවැන්නේත්, කේතු අටවැන්නේ -අවුරුදු 33 දක්වා

3.රාහු තුන්වැන්නේ, කේතු නවවැන්නේ -අවුරුදු 36 දක්වා

4.රාහු හතරවැන්නේ,කේතු දහවැන්නේ- අවුරුදු 42 දක්වා

5.රාහු පස්වැන්නේ,කේතු එකොළොස් වැන්නේ -අවුරුදු 48 දක්වා

6.රාහු හය වැන්නේත්, කේතු දොළොස් වැන්නේ -අවුරුදු 54 දක්වා

කාල සර්පයෝගය සම්බන්ධ විවිධ ඡ්‍යොතිෂ පර්යේෂණ බටහිර ඡ්‍යොතිෂවේදී බ්ධදද ර්ධඵඥඵ විසින් සිදු කර තිබෙනවා. මේ පර්යේෂණවලට පාදක කරගෙන ඇත්තේ , කාලසර්ප යෝගය නියම වශයෙන් යෙදී ඇති පුද්ගලයන් 254 දෙනෙකුගේ ජන්ම පත්‍රයන්. යුරෝපා ආසියාතික රටවල අයත් වයස අවුරුදු 44- 70 අතර ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම අය මේ නිදර්ශනයට ඇතුළත් කර ඇති අතර දේශපාලනඥයන්, ප්‍රභූවරුන්, උගතුන්, හමුදා නිලධාරීන් ආදී පුද්ගලයන් මේ පර්යේෂණයට යොදාගෙන තිබෙනවා. පර්යේෂණයට ලක් වූ සියලු පුද්ගලයන් හට මොනයම් හෝ අසුබ බලපෑම් හෝ අවාසනාවන්ත තත්ත්වයන් පෙන්නුම් නොකරන බව එහිදී සනාථ වී ඇති අතර කාල සර්ප යෝගය අසුබ බියකරු යෝගයක් නොවන බව නිගමනය කර ගැනීමට මේ පර්යේෂණයට හැකි වී තිබෙනවා.

එහිදී වැඩිදුරටත් ඔවුන්ගේ මතය වී ඇත්තේ, කාලසර්ප යෝගයක් යෙදී ඇති ජන්මියකුට කිසියම් අයහපත් තත්ත්වයක් ඇති වීමට හේතු වී ඇත්තේ, කාල සර්ප යෝගය නොව, හුදෙක්ම තම කේන්ද්‍රයේ ඇති වෙනත් අහිතකර පිහිටීමක් බවයි. මේ පර්යේෂණය පිළිබඳ තොරතුරු උපුටා ගත්තේ, බ්ධදඥඵඵ ර්ධඵඥඵගේ ර්ධධදඵ ව්ධඤඥඵ කෘතියෙන්. ලෝකයේ බලසම්පන්න පුද්ගලයන්, ජනනායකයන්ගේ ජන්ම පත්‍රවල කාල සර්ප යෝගයේ යෙදී තිබෙන ආකාරය අප හට දකින්නට ලැබෙනවා. හිටපු බ්‍රිතාන්‍ය අගමැතිනිය වන මාග්‍රට් තැචර්, හිටපු බ්‍රිතාන්‍ය අගමැති රොනල්ඩ් රේගන්, ඉන්දියාවේ හිටපු අගමැති ශ්‍රී ජවහල්ලාල් නේරු තුමා කාල සර්ප යෝගයෙන් උපත ලබා තිබෙනවා. එබැවින් කාල සර්ප යෝගය ගැන අනවශ්‍ය බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවේ. එහිදී සමහර ඡ්‍යොතිෂ්‍යවේදීන් විසින් කාලසර්ප යෝගය පිහිටි ජන්ම පත්‍රයන් දුටු පමණින්, ජන්මියා අවාසනාවන්තයෙකු හැටියට තීරණය කිරීම හෝ කේන්දර හිමියා භීතියට පත් කිරීම කනගාටුදායක මෙන්ම නොකළ යුතු ක්‍රියාවක් වනවා. මෙහිදී ගතානුගතිකත්වයෙන් මිදී පර්යේෂණ තුළින් ජන්ම පත්‍ර වැඩි ගණනක් විමර්ශනය කර යථාර්ථවත් පලාපල ප්‍රකාශනයක් තම සේවා දායකයන්ට ඉදිරිපත් කිරීම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ ද ප්‍රගතියට මහත් රුකුලක් වනවා.

 

ඡ්‍යොතිෂවේදී

රද්දොළුගම ලෙස්ලි ජයසිංහ

 

 

ඉෂාරා විජේරත්න

------------------------------------------------

 

ශනි මංගල දෝෂය

චතුරිකා - දෙහිදෙණිය

 

කර්තෘතුමියනි,

මේ ලිපිය ලියන මාගේ කේන්දරේ ශනි මංගල දෝෂය තිබෙන බව වරක් මා හට කේන්දර පරීක්ෂාවකදී දැනගන්න ලැබුණා. මේ දෝෂය විවාහය අවාසනාවන්ත කරන ග්‍රහ සංයෝගයක් ලෙසත් මා කිහිපවරක්ම අසා තිබෙනවා. මා තුලා ලග්න කාන්තාවක්මි. මෙය දැන ගත් දා සිට විවිධ අයගෙන් කේන්දර පලාපල විමසුවද බලාපොරොත්තු වූ නිසි පිළිතුරක් ද නොලැබුණි. සුබසෙත පුවත්පත ඔස්සේ මෙයට පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.