සියලු විපතින් ආරක්ෂාවට දේවගිනි මාලාව

සැප්තැම්බර් 20, 2024

මන්ත්‍රය-

ඕං සුරගිනි අසුර ගිනි දේවගිනි සැරගිනි සිවගිනි සිවසැර ගිනි රාම ගිනි රාම සැර ගිනි නාත ගිනි නාත සැරගිනි කදිර ගිනි කදිර සැරගිනි සත්පත්තිනි සළඹ ගිනි සූර්ය ගිනි සූර්යය මණ්ඩලය ගිනි දසමරුන් ගිනි සර්ව ගිනි සර්ව සැර ගිනි ආකාශ ගිනි පාතාල ගිනි සර්පයකුනේ ගිනි රූප ගිනි අරූප ගිනි මදුර මාල යක්ෂනී අල්ලං අම්මා වාසී ගිනි හෙන ගිනි අවීචිමහ නරකාදියේ ගිනි මේ පින කළ යකුන්ගේ සර්වාංගයට වැදී සර්වාංගය පටන් පාදාන්තයට ඇවිදින් යකුට ගිනි උපුට උපුටා දිව්‍ය සූර්යානේ තෝස්වාහඞ

(180 වරක්)

සියලු ආරක්ෂාවට, කුඩා දරුවන්ගේ අධික හැඬිමට, සිහිනෙන් බියවෙනවාට, බියකරු සිහින පෙනෙනවාට, නින්ද නොයාමට, කාන්තාවන්ගේ සියලු තනිකම් දෝෂවලට, රාත්‍රියේදී බිය ජනක ස්ථානවලින් තනිව ගමන් කරන විට සිහි කිරීමට, පාඩම් කළ පමණින්ම තමන් ආරක්ෂා වන යකුන්ට ගිනිවැටක් සේ පෙනෙන “දේවගිනි මාලාව“ නැමති වටිනා මන්ත්‍රය ප්‍රයෝජනයට ගතහැකි ආකාරය. කුඩා දරුවන් නොනවත්වා හඬනවාට නින්ද නොයනවාට සිහිනෙන් ගැස්සී බය වෙනවාට බුලත් කොළයක් මතුරා හිස තබන කොට්ටයේ උරය ඇතුළට දමන්න. කාන්තාවන්ගේ සියලු තනිකම් දෝෂවලට තෙල් මතුරන්න. නූල් මතුරන්න තවත් බොහෝ වැඩ ගත හැකි මන්ත්‍රයකි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.