සියලු දොස් දුරලන බලය බලනුව බුදුගුණ

ජුනි 14, 2024

ජීවිතය ජය ගැනීමට හා ජීවිත සාර්ථකව දියුණු කර ගැන්මට බුදුගුණ ශක්තිය උපයෝගී කර ගන්නා ක්‍රමවේදයන් පිළිබඳ අපි විශ්වාස කරමු. එදිනෙදා ජීවිතවලට එල්ලවන බාධා දුරුකර ගැනීම සඳහාත් ප්‍රබල යැයි කියන කොඩිවින, බන්ධන දුරු කරවාගෙන සාර්ථක අනාගතයක් උදාකර ගැනීම සඳහාත් පහත ක්‍රම භාවිත කර ඔබම වෙනස වටහා ගන්න.

ඇස්වහ දුරුවීමට

එක් අයකුට නම් ඇස්වහ දුරු කරන ඖෂධ පැකට්ටුවක් ද පිරිස වැඩිපුර ඇත්නම් මෙහි සඳහන් කළමනා වැඩිපුර ද යොදා ගැනීම කළ යුතු වේ. ගෙදර බෝතලයෙන් අබ මිටක් පමණ, ගම්මිරිස් ඇට 10ක්, ලුණු කැට 10 ක් ‍හෝ ලුණු කුඩු තේ හැඳී 4ක්, වියළි මිරිස් කරල් කීපයක් පිරිසිදු බඳුනක ලා 9 වරක් පෙරාගත් වතුර මැටි කළයකට දමා එයත් මේ සමඟ පූජාසනයක හෝ බුදුන් වඳීන ස්ථානයේ තබා මල්පහන් සුවඳ දුම් පූජා කර තුන්සූත්‍රය සජ්ඣායනය කර මේ කළමනා අතට රැගෙන “සුපටිපන්නෝ භගවතෝ” යන ගාථාවෙන් 108 වර පිරිත් කර ගන්න. ඉන්පසුව හිල් ‍පොල්කටු 3ක් අඟුරු කරගෙන - පිරිත්කර ගත් කළමනා අතට ගෙන එයට නියපොතු කෑල්ලක්, කෙස්ගහක්, ඇඟ රෝම, ඇඳීවත නූල් කෑල්ලක් දමා හිසවටා දකුණු පසට 7 වරක් කරකවා මාගේ / මොහුගේ / මැයගේ සියලු ඇස්වහ දෝෂ අනන්ත බුදුගුණ බලයෙන් මහ පොළොවට භංග වේවා අහසට දුරු වේවා යනුවෙන් ප්‍රාර්ථනා කොට අඟුරු කබලටම දමන්න.

විනාඩි 3ක් ගිය පසුව නිවසින් පිටතට ගොස් තබන්න. වතුර කළය ගෙන උගුරු 3ක් පානය කර මුහුණ අතපයද සෝදා ගැනීමට යොදා ගන්න. ඉතිරි වතුර නිවසට සහ වත්තට ඉහින්න. ‍ගෙඩි අකාලයේ හැලෙන ගස් ඇත්නම් එම ගස්වලට ඉහින්න.‍ ගෙඩි නොසෑදෙන පල නොදරන ගස් ඇත්නම් එම ගස්වලට ඉසින්න. මේ කෙම් ක්‍රමය ඉරිදා දින 3 ක් නොකඩවා කරන්න. විශ්මිත ප්‍රතිඵල ඔබටම දැක ගත හැකිය.

නිවාස හා භූමි පාළුවට

සෝදා පිරිසිදු කරගත් එළ අබ (සුදු අබ) ග්‍රෑම් 250, හොඳීන් පිරිසිදු කරගත් මුහුදු වැලි සේරු 1ක් පමණ, කළු අබ ග්‍රෑම්250, මා වී සේරු 1/2, ලදපස් මල් පැකට් 2ක්, කඩ සහල් මිටක් (සුනු සහල්), සමන්පිච්ච මල් 100ක් පමණ, පෙරාගත් පැන් බඳුනක්, පිරිසිදු රන්තැඹිලි හෝ පොල්තෙල් බෝතලයක්. කෙසෙල් දල්ලක් එළා සකසා ගත් ආසනයක හෝ සුදු රෙද්දක් එළා සකස්කර ගත් බට වට්ටියකට මේ සියල්ල වෙන් වෙන්ව දමාගෙන පූජාසනයක හෝ බුදු මැදුරක තෙල්, මල්, පහන් පූජා කර සුවඳ දුම් අල්ලා තෙරුවන් වැඳ “ඉතිපිසෝ” ගාථාව දහස්වරක් එකදිගටම පිරිත් කරන්න. ඉන් අනතුරුව සූරිය පිරිත 21 වර, චන්ද පිරිත 21 වර, දසදිසා පිරිත 21 වර, ගිහිපිරිත 21 වර, ජිනපඤරය 7 වරක් පිරිත් කර ගන්න. අවසානයේ ‘සබ්බේ බුද්ධා බලප්පත්තා....‘ ගාථාවෙන් 21 වර කියවා පිරිත් කිරීම අවසාන කරන්න.

සම්පූර්ණ පැය 48ක් ඇතුළතදී මේ පිළිවෙත අවසන් කළ යුතුයි. රාත්‍රී 9 - 12 අතර මෙසේ සකස් කර ගත් ආරක්ෂා ද්‍රව්‍ය පැන් වත්තට, නිවසට, යාන වාහන වලට, ගව මහීෂාදීන්ට ටික ටික ඉහින්න. ගෙදර අයට උගුරු 3ක් පානය කරන්න දෙන්න. ඉතිරි වුණොත් දින 21 ඇතුළත නැවත භාවිත කළ හැකිය.

පිරිත් පුරවා ගත් තෙල් - කුඩා කුප්පි 4 කට හෝ 8 කට ස්වල්පය බැගින් දමාගන්න. එතුළට එළ අබ ඇට 30 පමණ දමන්න. කළු අබත් එම පමණ දමා කඩ සහල් ඇඟිලි තුඩට සරිලන පරිදි ගෙන තෙල් කුප්පිවලට දමන්න. මේ කුප්පිවල ආරක්ෂාව දවස් 780ක් පවතී. කිලි දෝෂ නැත.

නිවෙසට හතර කොන හෝ 8 කොන මෙම ආරක්ෂා කුප්පි හොඳීන් කට වසා කම්බි කෑල්ලක ආධාරයෙන් එල්ලා ගන්න. බිම වළලන්න එපා . අශූභයි. ඉතිරි සියලු කළමනා එකට මිශ්‍ර කර අලුත් බඳුනකට දකුණු අතින් වත්තට නිවෙසට මායිම්වලට වෙන්න ඉහින්න. නිවසේ නම් මුළුවලට දමන්න. පිරිත්කර ගත් මිශ්‍රණය පෑගෙන්න දමන්න එපා. අයින්වලට දාන්න. මීටම කට්ටකුමංජල්, සල්දුම්මල, සාම්බ්‍රානි, බිං දුම්මල, පූ සාම්බ්‍රානි යන පස්වර්ගය හීනියට කොටාගෙන පිරිත් කරන තැන තබා පිරිත්කරවා ගෙන උදේ - සවස නිවෙසට දුම් අල්ලන්න. නිවෙසේ ශ්‍රියාව ඇතිවේ. ලැබීම් ඇතිවේ. අඳුරු පැහැය දුරුවෙයි.

වින දෝෂ ඇති බව තහවුරු කර ගැනීමට හැකි නම් ඒ සඳහාත් ඉහත පිරිත්වලින් පිරිත් කර දෙහි මතුරා කපන්න. ඇඹුල් පහ සාදා පිරිත් පුරවා පානය කළ හැකිය.

වින දෝෂ - ඉනා දෝෂ දැන ගැනීමේ ක්‍රමය

තැඹිලි ගොක් කොළයක් ගෙන ඉතිපිසෝ ගාථාවෙන් දහස්වර පිරිත්කර ගත් රන්තැඹිලි තෙල්වලට පහත සඳහන් මන්ත්‍රයෙන් 7 වර මතුරා උදරයට තබා නිසි පරිදි දෙකොන මැන කපා ගෙන නැවත 21 වර මතුරා උදරයට තබා මැන බලන්න. ගොක් කොළය මඳක් කොට නම් අමනුස්ස දෝෂයකි. ගොක් කොළය ඇඟිලි පුරුකට වඩා කොට නම් උදර විනයක් හෝ ඉනා දෝෂයක් ඇති බව දත යුතුය.

 

කෝටියක් දෝෂ භංග වන සීවලී පිරිත

සීවලී යන්ත්‍රය සහ සීවලී දැහැන

ඔබ මෙයින් ප්‍රයෝජන ලැබීම නම් අනිවාර්යයෙන් බොදු වත්පිළිවෙත් සුරකින අයෙකුවීම අනිවාර්ය වේ. ඉතා පිරිසිදුව හා නිවැරදිව සීවලී රහතන් වහන්සේගේ රූපය හා සතරවම් දෙවි රූප සහිතව ඇති යන්ත්‍රයක් සාදා ගත යුතුයි.

පුදසුනක් හෝ මල් අසුනක් සකස් කර සුදු, රතු, කහ, නිල් මල් වර්ග හා අලුත් පිරිසිදු පලතුරු වර්ග 7, පිලී මාංශ මිශ්‍ර නොකළ කැවිලි වර්ග 7ක්, බුලත් 21, කාසි 21 අෂ්ට ගන්ධ ධූපය, පුවක් මලක්, මේ සියල්ල පූජා කොට පිරිත් හූය සකසා ගත යුතුයි. නිර්මාංශව පිරිසිදුව නා හිස් සෝදා, ඒ අවට ද කහවතුර ඉස සුවඳ දුම් අල්ලා ගන්න. රන් තැඹිලි කාලට සුදු හඳුං තෙල් දමා පහන කරගන්න. පළමුව බුද්ධ පූජාව තබා වත්පිළිවෙත් ඉෂ්ට කරගන්න. අලුයම 4.00ට මේ පිළිවෙත ආරම්භ කළ යුතුයි. රාත්‍රී 11 ට පෙර අවසන් කළ යුතුයි.

රාහු කාලය මගහැර ගැනීම හොඳයි. තුන්සූත්‍රය හා ධජග්ග පිරිත, ජයපිරිත 3 වර බැගින් පිරිත් කරවන්න. ඉන්අනතුරුව බොදු මතුර හෙවත් මහත් ජය ඇති බුද්ධ මන්ත්‍රය මෙලෙස කියවා දහස්වර බල ගන්වා ගන්න. මෙසේ දින 3ක් මේ පිළිවෙත් ඉටු කිරීම තුළින් මහත් ජයක් සහ දියුණුවක් ඇතිවන සැටි ඔබට පුදුමය ඇති කරවයි. කරන්නම් වාලේ නොකර පුද තබා සීලයක පිහිටා කළ යුතුයි.

 

බොදු මතුර

මේ ගාථාව කටපාඩම් කිරීම ඉතා හොඳයි. බුදුගුණ බලයෙන් කළ නොහැකි දෙයක් නැත. මිනිසුන්ගේ මෙලොව උසස් දියුණුවත් පරලොව සුගතියත් බුදුන් වහන්සේ විසින් නිවැරදිව දේශනා කොට ඇත.

නමෝ සිද්ධි සීවලී මහා රාජා

පඨවියා - සබ්බතෝ මේව

ආකාශේ උදකේනේ විසං සංඝං

තම්භිසා රේවි අප්ප දිවසේ

සබ්බ ලාබා උපෙන්තු මේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.