වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
වාහන කැඩුණු කොණ්ඩදෙණියේ හිමිවරුන්ගේ කතා
මාර්තු 29, 2024
කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන්ගේ චරිතය තුළින් අපූර්ව ලක්ෂණද පෙන්නුම් කෙරේ. හොඳට හොඳ මෙන්ම, නරකට නරකක් කිරීමටද උන්වහන්සේ නොපැකිළ වූ අවස්ථාද එමටය.
ඒ ‘හාරලක්ෂයේ මංකොල්ලය’ සිදු වූ සමයයි. මංකොල්ලය පසුකාලීනව සියලු දෑ හෙළිදරව් විණි. කතා පුවත හා සම්බන්ධ එක්තරා පුද්ගලයෙකු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියේය. ඔහුගේ ආරාධනය මත ගුරුකමක් කිරීමට කොණ්ඩදෙණිය සිට විජේරාමයට වැඩම කිරීමට හිමියන් යොදා ගත්තේ තමන් වහන්සේට පරිත්‍යාගයක් ලෙස ලැබුණු තරමක් පරණ ජීප් රථකයකි.
අතරමඟදී රථයේ දෝෂයක් හට ගන්නට විය. රථයේ රියැදුරුට කාර්මික දෝෂයක් නිවැරදි කර සකසා ගැනීමට එතරම් දැනුම් නොවීය. එනිසා කැඩුණු රථය අවට පිරිසගේ සහායෙන් තල්ලු කොට නුගේගොඩ බෝගහහන්දිය අසල එවකට තිබූ තරමක් ලොකු ගරාජයකට ගෙන ඒමට ඔවුන් සමත් විය.
එදා නුගේගොඩ පැවතියේ ග්‍රාමීය පරිසරයකි. අද මෙන් ජනාකීර්ණද නොවිණි. මෝටර් රථ භාවිතයද අවම ප්‍රමාණයක් විය. එබැවින් ඉඳහිට තමන් වෙත රැගෙන එන වාහන අලුත්වැඩියා කොට අධික මුදලක් සේවාදායකයාගෙන් අය කර ගැනීමට ගරාජ හිමිකරුවා පුරුද්දක් කොට ගෙන තිබිණි. ගරාජයටම අල්ලා ඔහුගේ දෙමහල් නිවසද ඉදිකර තිබිණි.
කෙසේ හෝ හිමිගේ රථය කඩිමුඩියේ අලුත්වැඩියා කරන ලදුව එහි වූ කාර්මික දෝෂය සකසන ලදි.
“ඔන්න මගේ වැඩේ අහවරයි. මගේ ගනුදෙනුව රුපියල් දහසයි. අලුත් කෑල්ලකුත් දාලයි තියෙන්නෙ”
ගරාජය හිමිකරු පැවසීය. එකෙණෙහිම අලුත්වැඩියා කරන තැනම රැඳී සිටි හිමියන්ගේ රියැදුරු හඬ අවදි කළේය.
“අලුත් කෑල්ලක් දානව නම් මම දැක්කේ නැහැ නොවැ”
“කාරි නැහැ. කාරි නැහැ...මහත්තයෝ, මේ හදිසියට මා ළඟ රුපියල් දහසක් නැහැ නොවැ එනිසා හැන්දෑ කොරේ ඒ මුදල් නොවරදවාම ගෙනත් දෙන්නම්. හදිසි ගුරුකම් වැඩකට ආපු ගමනක් නොවැ”
“එහෙනම් හාමුදුරුවනේ ඒ ගුරුකම් වැඩ අහවරකොට ඇවිත් මගේ මේ ගාස්තුව ගෙවල ජීප් එක අරන් යන්න එතකම් මෙතනින් අඩියක් වත් හොල්ලන්න ඉඩ තියන්නෙ නැහැ.”
හාමුදුරුවන්ගේ රියැදුරු ගරාජ හිමියා සමීපයට ගියේය.
“උන්නැහැ දන්නවද? මේ හාමුදුරුවො කවුද කියල?
යන්ත්‍ර මන්ත්රවලට සුප්‍රසිද්ධ කොණ්ඩදෙණිය හාමුදුරුවෝ”
“මම දන්නා දෙණියක් නැහැ අයිසේ”
මම ඔය යන්ත්‍ර මන්ත්‍ර තඹ පිච්චියකට මායිං කරන්නේ නැහැ”
“අපි කවදාවත් ඕව විශ්වාස කරන්නේත් නැහැ හලෝ වාහනය අරන් යන්න ඉඩ නොදුන්නොත් මොකද එයා මගේ ගැරේජ් එකට ගිනි තියන්ඩද? ඔහේ දැනගන්නව මම හොඳ සල්ලිකාරයෙක්. එයා මාව හිඟමනේට ඇද දාන්නද? මම ඕවට බය නැහැ. හාමුදුරුවො කවුරු වුණත් මට කමක් නැහැ. හරි හමං සල්ලිභාගයක්වත් නැතිව මහලොකුවට වාහන පාවිච්චි කරන්නේ”
“හොඳයි ඩ්‍රැයිවර් උන්නැහේ අපි පයින් යමු. හවස් කොරේ කාගෙන් හරි සල්ලියක් ඉල්ලගෙන ඇවිත් වාහනේ අරගෙන යමු.”
දෙදෙනා සැතපුම් කිහිපයක් පයින් ගමන් කොට තම සේවා ලාභියාගේ නිවසට පැමිණියහ. හිමිගේ පැමිණීම අපේක්ෂාවෙන් ඔහු බලා සිටියේය.
හිමියෝ තම සේවාදායකයාට අවශ්‍ය යන්ත්‍ර මන්ත්‍ර කඩිනමින් ජප කරන්නට වූහ. නිවෙසේ හතර කොනින් පස් කුඩා ප්‍රමාණයක් ගෙන තාච්චියකට දමා රත්කොට පුපුරු ගසමින් බැදෙන්නට සැලැස්වීය. ඉන් ඉතා ස්වල්පයක් ගෙන කහදියර ඉහ නිවා සිංහ තෙල් බිඳුවක් සමඟ කුඩා රත්රන් සුරයකට දමා ඔහුගේ ගෙල පැලඳවීය.
“මහත්තයෝ බය නැතිව වැඩේට යන්න. මේ එන ගමනේදී ගැරේජ් කාරයෙක් මට කොලොප්පමක් කළා. එයාටත් පාඩමක් උගන්වලයි මම යන්නේ.”
එක නැට්ටෙ දෙහි ගෙඩි තුනක් ගෙන්වා ගත් හිමියෝ් ඊට මන්ත්‍ර ජප කරන්නට වූහ. ඒ සමඟම දෙහි ගෙඩි තුන රතු පැහැ ගැන්වී තිබිණි.
“ඩ්‍රැයිවර් කොල්ලෝ, මේ දෙහි ගෙඩි තුන අතට ගනිං. මම ගැරේජ්කාරයට සල්ලි දෙන අතරේ ගැරේජ් එකේ පැත්තක දාල තියෙන අබලි ටයර් එකක් ඇතුළට දෙහි ගෙඩි තුන දමාපං”
කාරයේ ඩ්‍රයිවර් හිමිගේ අණට කීකරු විය.
“මෙන්න තමුසෙගේ ගාස්තුව. අපි වාහනේ අරගෙන යනවා”
මාස ගණනාවකට පසු තවත් ගුරුකම් වැඩකට නුගේගොඩට වැඩම කළ හිමියන්ට දැක ගත හැකි වූයේ එදා තිබූ ගරාජයත් දෙමහල් නිවසත් ගින්නකින් දැවී ගොස් තිබූ සුන් බුන් පමණි.
ඒ අසල පිහිටි කුඩා බුලත්විට කඩයකින් හිමියන් ඒ ගැන විමසීය. “හාමුදුරුවනේ, දැන් ඒක වැහිල ගිහින් මාස, දෙක තුනක් වෙනවා නොවැ හදිසි ගින්නකින් ගරාජයේ නවතා තිබූ වාහනත් තට්ටු දෙකේ ගෙයත් සම්පූර්ණයෙන්ම දැවිල ගියා. මිනිසා හතර වටේටම ණයකාරයෙක් වුණා. ඒවා ගෙවලම ගැරේජ්කාරයාගේ මුළු දේපළම ඉවරයි. අන්න මිනිහා අර බෝගහ යටට වෙලා හිඟමන් යදිනවා.”
කොණ්ඩදෙණියේ වත්මන් රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති කඩම්බාවේ අනුරුද්ධ හිමියෝ මෑතකදී තම වාහනයෙන් අලුයම රාජකාරි කටයුත්තකට කොණ්ඩදෙණිය සිට මහනුවර බලා පිටත් වූහ. කටුගස්තොටට ළඟාවීමත් සමඟම වාහනය ලෙඩ දෙන්නට විය. අවට හොඳ ගැරේජයක්ද පෙනෙන්නට නොතිබිණි. ඒත් ළඟපාත විජාතික කොලුගැටයකුගේ කුඩා ගරාජයක් තිබිණි. එයට වාහනය තල්ලු කරගෙන විත් දැමුවත් එයින් කාරය පණ ගැන්වීමට යමක් කර ගැනීමට ඒ හාදයාට නොහැකි විය. වාහනය අතපත ගෑවා පමණි. ඒත් කිසිදු අලුත්වැඩියාවක් නොකළත් ඔහු එය පරික්ෂා කළ බැවින් තරමක ගාස්තුවක් ගෙවන්නට හිමියන්ට සිදු විය.
මෙවැනි අවස්ථාවක නම ‘කිරිඅප්පච්චි” වූ කොණ්ඩදෙණියේ සීලරතන හිමියන් කළ කී දෑ මතකයට නැංවිණි. කටුගස්තොට හාදයාද හිමියන්ව එතරම් ගණන් ගත්තේම නැත.
“දැන් ඉතින් කරන්නට දෙයක් නැහැ නොවැ.
අපි මේක කාලි මෑණියන්ටවත් කියා බලමු.”
නිමේෂයක් ගතවත්ම අනුරුද්ධ නායක හිමියන් සංසුන්ව තම පිළිවෙත් අනුගමනය කරමින් හෙමින් සීරුවේ මන්ත්‍රයක් ජපකොට තමන් වහන්සේට හදිසියේ සිදුවූ මේ ඇබැද්ධිය කාලිමෑණියන්ට මනසින් පවසන්නට විය. තඩි කළු පූසෙක් ආපදාවට ලක්වූ වාහනය මතට පැන හිමි පාමුල දැවටෙන්නට විය.
ගතවූයේ මොහොතකි. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මෙයට වසර හතළිස් ගණනකට පෙර හාමුදුරුවන් සමඟ සිටි සමකාලීන මිතුරකු වූ අශෝක මහතා එක්විටම මුණගැසුණි.
ඔහු වෛද්‍ය පරීක්ෂාව උදේම නිමකොට නිවස බලා තම කාරයෙන් පිටත්ව යාමට සූදානම් වුවද හදිසියේම කාලිමෑණියන් සිහිපත් විය. එතුමා කාලිමෑණියන් විශ්වසනීයත්වයෙන් අදහන බැතිමතෙකි. කලකට පසු කාලිමෑණියන් සිහිපත් වුණේ කළ වෛද්‍ය පරීක්ෂණයේ අඩුපාඩුවක්වත් සිදු වුණා දෝ’යි ඔහුට සිත් විණි.
“ආ........හ්........ මට රුධිර පීඩනය බලන්න අමතක වුණා නේන්නම්.”
ආපසු වාහනය පණ ගන්වා කටුගස්තොට නගරයට පිවිසීමත් සමඟ අශෝක මහතාට අනුරුද්ධ හිමියන් මුණගැසුණි.
සිදු වූ ඇබැද්ධිය අනුරුද්ධ හිමියන්ගෙන් දැනගත් අශෝක මහතා වහාම ඉදිරිපත්ව තම මුදලින්ම වාහනය අලුත්වැඩියා කොටදී ඉතා ඉක්මනින් උන්වහන්සේගේ ගමන් පහසුව සලසා දුණි.
මෙම කතා පුවත් දෙක කඩම්බාවේ අනුරුද්ධ හිමියන්ගෙන් දැනගත් විට මගේ සිත කාලවකවානු දෙකකදී ගරාජ තුළ කොණ්ඩදෙණියේ හිමිවරුන් මුහුණු දුන් අභියෝග සහ දෙදෙනා ගත් පියවරවල වෙනස පිළිබඳවය.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ
෴ සබැඳි ලිපි ෴
රබානේ උපත පිළිබඳව බොහෝ ජනප්‍රවාද කතා කීපයක්ම පවතී. ඉන් එක් කතාවකින් කියැවෙන්නේ සිදුහත් කුමරුගේ උපත සිදු වූ අවස්ථාවේ දී දෙවිවරුන් පංචතූර්ය...
2023-04-13 18:30:00
අවුරුද්දේ මාර්තු මාසය අවසාන වීමත් සමඟම කොවුලාගේ කටහඬ ක්‍රමයෙන් එළියට ඒමත් ගස්වැල් දලු ලා පිබිදීමත්, වෙසක් මල් ගස්වල දම්පාට මල් පොහොට්ටු ඒමත් මේ කාලයට...
2023-04-13 18:30:00
උදා වන්නා වූ 2023 අලුත් අවුරුද්දේ ඔබේ හා ඔබ පවුලේ සියලු ග්‍රහ අපල දුරුවීමට මහා බලගතු සෙත්කවි රත්නයක් හා අති විශේෂ බෝධි පූජාව මෙන්න. අද 2023...
2023-04-13 18:30:00
2023 අපේ‍්‍රල් 20 ගුරු දින උදේ 7.05ට සූර්යග්‍රහණය ආරම්භය ලෙස සැලකේ. මධ්‍යම අවස්ථාව උදේ 9.47ට යෙදෙන අතර, දවල් 12.30ට අවසන් වේ. මේෂ රාශියේ...
2023-04-13 18:30:00
සිංහල ජන ජීවිතය හා බැඳී පවත්නා බුලත් සිංහල අවුරුදු සමයේදී විශේෂ තැනක් ගනී. අවුරුද්ද එහෙම් පිටින්ම සංස්කෘතික උත්සවයකි. ඒ ලක්ෂණයන්හි ‘බුලත’ නොයෙක්...
2023-04-06 18:30:00
සිංහල අවුරුද්ද වෙනුවෙන් මුළු රටම සූදානම් වන මොහොතක එහි සුබ පෙරනිමිති පහළ වෙමින් පවතී. කොහෝ කොහෝ කියමින් අවුරුදු කොහා නැතහොත් කෝකිලයා එහා මෙහා...
2023-04-06 18:30:00
ලොව සෑම ජාතියක්ම තම තමන්ගේ සංස්කෘතික ගති ලක්ෂණ ගෙන හැර පෑම සඳහා වසරේ එක් එක් දිනවල උත්සව පවත්වයි. හෙළයන් ඒ සඳහා උපයෝගී කොට ගත්තේ බක් මහයි...
2023-04-06 18:30:00
එළැඹෙන්නේ 2023 සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවයි. සූර්යයා මීන රශියේ සිට මේෂ රාශි ගතවන සංක්‍රාන්ති අවස්ථාව අවුරුදු උදාව ලෙස සැලැකේ. සිංහල පැය...
2023-04-06 18:30:00
හිස තෙල් ගෑම ද අවුරුදු චාරිත්‍ර අතර, කැපී පෙනෙන්නකි. ඈත අතීතයේ පටන්ම ගෞරවණීය චාරිත්‍රයක් ලෙස මෙය පැවැත එන්නේ එබැවිණි. නියමිත සුබ මොහොතින් සුබ...
2023-04-06 18:30:00
විදේශිකයන් ශ්‍රී ලංකාවට පාන් හඳුන්වා දීමට පෙර ශ්‍රී ලංකාවේ එකම ආහාරය වූයේ බත් ය. අතිරේක ආහාර ලෙස කුරක්කන්, මෙනේරි, ඇල් වී, තල, උඳු වැනි ධාන්‍ය වර්ගත්...
2023-03-30 18:30:00
විශ්වය වනාහි මහා විස්මිත අපූර්වතම වූවකි. අපට දෘෂ්‍යමාන කරුණු එමටය. එහෙත් අදෘෂ්‍යමාන කරුණු ද එමට ය. ඒ ගුප්ත කරුණු අදෘෂ්‍යමාන බලවේග මනුෂ්‍යයාට බලපායි....
2023-03-30 18:30:00
ගොයමට පණු රෝග වැලඳී ඇත්නම් අලුයම කපුටා නාද කරන්නට පෙර නිරුවතින් ගොස් දර අලු ඉසින්න.අස්වැන්න, ගිරවුන්ගෙන් බේරා ගැනීමට එකවිට එකම ගසකින් කඩාගත් දිමිගොටු...
2023-03-23 18:30:00
සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡන සතරක් නර්මදා නදී තීරය සච්චබද්ධ ගිර, සමනොළ ගිර, යෝනක පුර යන ස්ථානයන්හි වන බැව් “යන්නම්මදාය නදියා පුලිනේච තීරේ...
2023-03-16 18:30:00
ආදිවාසි ගල් යුගයේ ස්ත්‍රිය හා පුරුෂයා එකම ගුහාවක් තුළ අඹුසැමියන් ලෙස ආදරයෙන්, සොම්නසින්, පේ‍්‍රමයෙන් එකිනෙකා අවබෝධාත්මකව දරුවන් බිහිකර සොබාදහමට එකඟව...
2023-03-16 18:30:00
ලෝකවාසී බැතිමතුන්ගේ සර්ව ආගමික කේන්ද්‍රස්ථානයක් වු රුහුණු මහා කතරගම දේවාලය මුල් කරගෙන බෞද්ධ හින්දු බැතිමතුන් කතරගමට පැමිණ දෙවියන්ගේ ආශීර්වාදය...
2023-03-09 18:30:00
ගුරුකම් කරනකොට ඉතා පැහැදිලිව ඒ තත්ත්වය වටහා ගන්නට ඕනෑ. හේතුවක් නැතිව දාලා ගිය කෙනකුට හෝ තරහ වෙලා ගිය අයට වශී ගුරුකමට සුපුරුදු මල්බුලත් පුටුව...
2023-03-09 18:30:00