හිසතෙල් ගෑම හරියටම කරන්නේ මෙහෙමයි

අප්‍රේල් 7, 2023

 

හිස තෙල් ගෑම ද අවුරුදු චාරිත්‍ර අතර, කැපී පෙනෙන්නකි. ඈත අතීතයේ පටන්ම ගෞරවණීය චාරිත්‍රයක් ලෙස මෙය පැවැත එන්නේ එබැවිණි. නියමිත සුබ මොහොතින් සුබ දිසාවක් බලා පයට සහ හිසට අදාළ වන්නාවූ වෘක්ෂයක කොළ තබා ගෞරවණීය වැඩිහිටියකු විසින් බෙහෙත් තෙල් මිශ්‍ර නානු සාදා හිස ගැල්වීම අලුත් අවුරුදු ස්ථානයට පෙර සිදුකරනු ලබයි.

 

මෝල් ගසේ දලු එනතුරු – කළු කපුටා සුදුවන තුරු

එකසිය විස්සට දෙසීය විස්සක් ආයුබෝ වේවා !

කියා ආශිර්වාද කරමින් හිස තෙල් ගෑම සිදුවිණි. වර්තමානයේ පන්සල්වල මෙම චාරිත්‍රය අකුරටම සිදුවේ.

 

හිසතෙල් ගැල්වීමේදී හිසට සහ පයට තැබීමට කොළවර්ග තෝරා ගන්නේ කෙසේද යන්න වර්තමාන සමාජයේ බොහෝදෙනා නොදන්නා කරුණකි. එම තෝරා ගැනීම උදෙසා ඡ්‍යෝතිෂවිද්‍යාව හා ආයුර්වේද විද්‍යාව අනුව විශේෂ කරුණු වෙයි.

මෙවර හිස තෙල් ගෑම සිදුවන්නේ අපේ‍්‍රල් මස 16වැනි ඉරිදා, දිනයි. එදින පූර්ව භාග 09.41ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද පයට නුග පත්ද තබා ඉඹුල් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි. හිසතෙල් ගෑමේදී පයට සහ හිසට තබන කොළ මොනවාදැයි තෝරාගන්නේ මෙලෙසිනි.

අදාළ දිනයට හිමි ග්‍රහයා ද අදාළ දිනය ද මෙහිදී වැදගත් වෙයි. එලෙසම සතියේ දින හතටම අදාළ වන අධිපතිවරයෙක් වෙයි. හිසට තබන කොළ වර්ගය සඳහා අදාළ දිනයට අධිපති ග්‍රහයාට හිමි කොළ වර්ගය තෝරා ගනු ලබන අතර, පයට තබන කොළ වර්ගය උදෙසා ඊට පෙර දිනයේ අධිපති ග්‍රහයාට හිමි කොළ වර්ගය තබයි. නානු සෑදීමට ගන්නේ එදිනට හිමි වෘක්ෂයේ කොළ වර්ගය වේ. එම අවස්ථාවට අදින ඇඳුමේ වර්ණය වන්නේ එදිනට හිමි ග්‍රහයාට අයත් පාටයි. හිස තෙල් ගෑමේදී බලන දිසාව නියම වන්නේ එදින චන්ද්‍රයා සිටි රාශියට හිමි දිසාවයි. පහත සටහන බලන්න.

 

ඡ්‍යෝතිෂවේදී ජි.ටි. ආරියරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.