ජෝර්දානයේ රෝස ගල්කැටයම්වලින් අනූන පෙට්රා බලකොටුව සහ එංගලන්තයේ ස්ටෝන්හෙන්ජ්හි වාස්තු නිර්මාණ විස්කම්

දෙසැම්බර් 22, 2023

විස්මය සහ සුන්දරත්වයෙන් ලෝකයේ අග්‍රගණ්‍ය මිහිතලය අලංකාර කළ අපූර්ව නිර්මාණයෙහිලා ජෝර්දානයේ පෙට්රා පැරණි නගරය විස්මිත වාස්තු නිර්මාණයේ අති සුන්දරත්වය ලොවට කියාපාන කැඩපතක් බඳු විශාල බලකොටුවක්මය. එය පියවි දෑසින් දකින්නට මම භාග්‍යවන්ත වූවෙමි.

වාස්තු විද්‍යානුකූලව පර්වත නෙලීමේ අසමසම කලාවේ රන් දොරටුව වනුයේ පෙට්රාය. එය නූතනයේ පර්වතයන් වාස්තුමය ඇසින් බලා ගල්කැටයම් නෙලා ඇති ලෝකයේ අද්විතීය ස්ථානය වනුයේද මෙම ජෝර්දානයේ පෙට්රාමය.

මෙය උත්තර අක්ෂාංශ 30.19.43 ව් සහ නැඟෙනහිර දේශාංශ 35 26 31 ඡ් අතර පිහිටා ඇත.

5 වැනි ශතවර්ෂයට පෙරාතුව මෙය ඉදිකර ඇත.

මේ පෙට්රා බලකොටුව ආශි‍්‍රත සංකීර්ණය වර්ග සැතපුම් 102 පුරා ප්‍රදේශයේ පැතිර පවතී.

පෙට්රා ඇති සුවිශේෂත්වය නම් මෙහි ඇති අති අලංකාර රෝස පැහැති ගල් කැටයම්ය. එම නිසාම මේ පෙට්රා බලකොටුව ලොව සංචාරක ජනී ජනයාගේ සිත් සතන් එක්වීම පැහැර ගැනීමට සමත් වී ඇත. මෙය නූතන ලෝක පුදුම 7 හි ලා සැලකේ. ලොව මැදපෙරදිග කලාපයට අයත් ජෝර්දානයේ පෙට්රා යනු පැරණි නගරයක නමකි. එම බලකොටුව තුළ ජලාශ, උමං මාර්ග, විශාල රංග පීඨයන්, රෝස වර්ණ කැටයම්වල නටබුන් ඇතුළු ගොඩනැගිලි සංකීර්ණයකින් සමන්විත වෙයි.

ජෝර්දානයේ පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථානයක් ‘පෙට්රා’ නගරයට හිමි වී ඇත. අද එය දෙස් විදෙස් සංචාරකයන්ගේ සංචාරක මධ්‍යස්ථානයක් ලෙස භාවිතා වෙයි. මේ පර්වතයෙහි රෝස පැහැති කැටයම් නිසා ලොව චිර ප්‍රසිද්ධියට පත් වී ඇත. ඒවා මනබඳනා සුවය.

 

ඉතිහාසය

 

ජෝර්දානයේ නබාටියානු රාජධානියේ(Nabataean kingdom)  4 වන අරිටස් (Aretas) රජුගේ අග නගරය වූයේ පෙට්රාය. ක්‍රිස්තු පූර්ව 9 - 40 දක්වා කාල පරිච්ඡේදය ගැනයි.

ලොව පර්වත නෙලීමේ අද්විතීය කලා නිර්මාණයෙහි ඉතා පොහොසත් නගරය වනුයේද පෙට්රාය. පෙට්රාහි රෝස වර්ණ කැටයම් චිර ප්‍රසිද්ධ වී ඇත්තේ එයද සමඟ බලකොටුව තුළ වාස්තු ගෘහ නිර්මාණ ශිල්පය හාස්කම් නිසාමය.

ජෝර්දානයේ පෙට්රා හි රෝස පැහැති ගල් පර්වතවල ඇතුළට විහිදී යන මන්දිර, රංග පීඨයන්, විශාල ජලාශ ඉදිකර ඇත. කඳුකර ප්‍රදේශයක් බැවින් ඔවුන්ගේ පවාහනය සඳහා කඳු අතර උමං මාර්ග විශාල වශයෙන් නිර්මාණය කර ඇත. ඒවා අලංකාර සැරසිලි කැටයම්වලින් අනූනය.

සියලුම ගොඩනැඟිලි ඉදිකිරීම්වලදී දර්ශනීය කැටයම් නිර්මාණ එක් කොට ඇත. වාස්තු විද්‍යාවේ දී තම නිවස සහ පරිසරයේ අලංකාරව පවිත්‍රව තබාගැනීම සුවිශේෂ වෙයි. ඈත අතීත කාලයේ විසු මෙම ජනතාවද එම වාස්තු විද්‍යාත්මක සිද්ධාන්තයෙන් එලෙසම අනුගමනය කර ඇති ආකාරය අපූරුය.

තම ජීවත්වන පරිසරය කෙබඳු ස්ථානයක වුවද එය දිව්‍ය මන්දිරයක් කර ගැනීම හෝ අපායක් කර ගැනීම සිදු කරනුයේ එහි ජීවත්වන අය විසින්මය.

වාස්තු විද්‍යානුකූලව ගොඩනැඟිලි කැටයම් ආදී අලංකරණය කිරීම තුළින් තම නගරය ශෝභමාන නගරයක් කිරීමට එකල වැසියන් ගත් උත්සාහය ප්‍රසංසනීය වෙයි. එය වාස්තු විද්‍යාත්මක ඇසින් බලන කල පෙනීයන්නේ තම ජීවත්වන පරිසර රටාව අලංකෘතව මනබඳනා සුළුව පවත්වා ගැනීම තුළින් ඔවුන්ගේ මානසිකත්වයද වර්ධනයවීමට හේතු සාධක වන බවයි. ගෘහ නිර්මාණ, කැටයම් ශිල්පය, කඳු, පර්වත නෙළීමේ කලාව ලොවට අපූරුවට දායාද කළ පැරන්නෝ ඔවුන් දැන හෝ නොදැන වාස්තු නියමයන්ට අනුව ක්‍රියාකාරීත්වයට සජීවිම දායක වූවෝ වෙයි.

 

ඉතිහාසය

 

මේ පෙට්රාහි ශේෂව පවතින නටබුන් මඟින් ලොව පුරා දෙස් විදෙස් සංචාරකයන් ට එහි නිර්මාණශීලීත්වය විස්මය දනවන සුළුය. මෙම පෙට්රා බලකොටුව ඉතිහාසය ගැන කියාපාන ප්‍රසිද්ධ ජනකතාවලින් ද සමන්විතය.

එකල අතීතයේ එනම් ක්‍රිස්තු පූර්ව 2000 දී පෙට්රාහි ජීවත් වූ ආද් සමුද් යන ජන සමුහයන් පැවත ඇත. ආද් සහ සමුද් යනු එකම සීයාගේ දරුවන් දෙදෙනකි. මොවුන්ගෙන් පැවත එන්නත් ඒ ඒ නමින් හඳුන්වයි. එක සමාජයක් ආද් යනුවෙවන්ද අනෙක් සමාජය සමුද් යනුවෙන්ද අමතනු ලැබීය.

මෙම ආද් පරපුර ඕමාන් රටෙහි සලාලත් යන නගරයෙන් කිලෝමීටර් 120ක දුරින් පිහිටි උබාර් (Ubar) යන ගම්මානයේ විසූහ.

සමුද් ජන සමූහ පරපුර වාසය කළේ හිජර් නමැති ගමෙහි ය. මෙම ප්‍රදේශය සෞදි අරාබියාවේ මදීනා නගරයේ සිට කිලෝමීටර් 405 දුරින් පිහිටා ඇත. මෙම ප්‍රදේශය නූතනයේ මදායින් සාලිහ් යනුවෙන් හැඳින්වේ.

ආද් සහ සමුද් යන ජන සමූහ පර්වත නෙළීමේ කලාවේ අද්විතීය දක්ෂතාවයෙන් යුතුව සිටියේ ය. තවද මෙම ජන සමූහ පර්වත නෙළ එහි කැටයම් දක්ෂ ලෙස නිර්මාණය කළෝ ය. එමෙන්ම තමන්ගේ වාසස්ථානද එම පර්වත මත අතින් නෙලා සකසා ගෙන එහි වාසය කළෝ ය. මෙම අද් සහ සමුද් ජන සමූහ පිළිම නෙලීමටද එම පිළිම වන්දනාවේ ද නිරතව සිටියේ ය. පසුකාලීනව මෙම ජන සමූහයත් පර්වත මත නෙලූ ගෙවල් අදත් එලෙසම උබාර් (ඕමානය) මදායිනේ සාලිහ් (සවුදි අරාබිය) හා පෙට්රා (ජෝර්දානය) ස්ථානවල දැකිය හැකි ය.

පෙට්රා නගරයේ සුවිශේෂ කැටයම් එහි කාසිවලද භාවිතයට ගනිති. මුදල් නෝට්ටු හා කාසිවල මුද්‍රාවක් ලෙසින් ද භාවිතා වෙයි.

නිර්මාණවල ප්‍රබලත්වය ඔවුන්ගේ මානසික දියුණුව ලොව කියාපායි. වාස්තු විද්‍යාවෙන් ද මෙයම අපේක්ෂා කරයි. දර්ශනීයත්වය, මටහිලුටු නිර්මාණ දායකත්වයන්, ගල්පර්වත ඉතා සියුම් කැටයම්වලින් අනූනව අත්‍යාලංකාර පරිසර පද්ධතියක් සකසාලීමට දායකත්වය ලබාදීම තුළින් වාස්තු ගුණාංග රැකීමක් සිදුවෙයි.

රංග පීඨ ශාලාවද, පාලන මන්දිරද ඉතා අලංකාරව ගොඩනඟා තිබීම තුළින් ජනතාවගේ සුඛිත මුදිත බව සහ ඔවුන්ගේ ස්වයං පෝෂණය ආර්ථික රටාව පෙන්නුම් කරන්නක් ද වෙයි.

ඈත අතීතයේ විසූ මානවයන් තම නිර්මාණ කෞෂ්‍යල්‍යයන් අනාගත ලොවට කියාපෑමට ගත් උත්සාහයන් ප්‍රසංසනීයයි. එය එම රටවලට දෙස් විදෙස් සංචාරක පුරවරයක් බිහි කිරීමට හොඳ තෝතැන්නක් ද වනු ඇත.

වාස්තු නිර්මාණ යන ප්‍රබලත්වය අනාගත ලොව ජීවත් වන්නන්ට කියාපාන හොඳම ක්‍රමවේදයන් පැරැන්නන් භාවිතාකර ඇති බවත්, ඔවුන්ගේ ගෘහනිර්මාණ ශීලිත්වය පොහොසත්කම ලොවට හඬනඟා කීමත් වැනිවෙයි.

 

එංගලන්තයේ ස්ටොන් හෙන්ජ්හි වාස්තු නිර්මාණ විස්කම්

 

මිහිතලය අලංකාර කළ තවත් අපූර්ව වාස්තු නිර්මාණයක් වන ලෝකයේ මධ්‍යතන පුදුම හතට ඇතුල්වන එංගලන්තයේ විල්ෂයාර් ප්‍රදේශයේ සැලිස්බරි සානුවට (Salibury Plain) සැතපුම් 8ක් උතුරු දිසාවෙන් පිහිටි අති දැවැන්ත එමෙන්ම ඉතා පැරණි වක්‍රාකාර ගල් කණු පේළි පද්ධතියක් පිහිටා ඇත. මෙවැනි ගල්කණු 30කින් මෙම ස්ටෝන්හෙන්ජ් ස්මාරකයේ මැද කවයට යොදාගෙන ඇත. එක් ගල් කණුවක් ටොන් 50ක් පමණ බරින් යුතුය. එම මැද කවයේ කෙළින් කල කුලුණු ජෝඩු 5ක් ඇත. එම ගල් කුලක් සාමාන්‍යයෙන් ටොන් 35ක් පමණ බරින් යුතු බව හැඳිනගෙන ඇත.

මෙහි වාස්තුමය නිර්මාණය අති ප්‍රබලය. පාෂානයෙන් සැදුම්ලත් වුවද ලීයකින් සාදන්නාක් මෙන් මට සිලුටු ආකාරයෙන් ගල්කුළුණු එක්වන ස්ථාන සහ පාෂාණමය උළුවහු වද්දවා ඇත. එය ඉතා සියුම් ආකාරයෙන් ඒ ඒ කුළුණු මත රඳවා තබා ගැනීමට ක්‍රමවේදයෙන් අනුගමනය කර ඇති බව පෙනෙයි. එය වාස්තු විද්‍යානුකූලව ඉහළතම ලක්ෂණයකි.

 

පිහිටීම සහ ඓතිහාසිකත්වය

 

උත්තර අක්ෂාංශ 51 10 44 N  සහ බටහිර දේශාංශ 1 49 34 w ය. අතර පිහිටා ඇත.

ස්ටෝන් හෙන්ජ් (Stonehenge)  බටහිර එංගලන්තයේ විල්ෂයාර්හි (Wiltshire) සැලිස්බර් සානුවෙහි පිහිටි ප්‍රාග් ඓතිහාසික ස්මාරකයකි. එය අඩි 13ක් (මීටර් 4) පමණ අසය. පළල අඩි 7 (මීටර් 2.1) වන අතර ටොන් 25 ක් පමණ බරැති ඒ ගල් උළුවස්සේ තිරස් පඩිවලින් යුතු ගල් එකිනෙක සම්බන්ධ කල පිටතට නොකරන ලද පාෂාණ කුලුනු වළල්ලකින් සමන්විතය. එහි ඇතුළත (Blu Stone)  නිල්ගල් වලල්ලකින්ද යුක්තය. එම ස්මාරක මේ වන විට නටඹුන් බවට පත් වී ඇති අතර බටහිර දෙසට පෙළ ගැසී ඇත. මෙම ගල්කුලුනු සර්සෙන් පාෂාණ සහ නිල්ගල්වලින් (Blu Stone)  සමන්විතය. මෙය බ්‍රොහිමියන් යුගයේ (Blu Stone) ආරම්භ දක්වා ඓතිහාසිකත්වය විහිදෙයයි.

පුරාවිද්‍යාඥයන් සහ විද්වතුන්ගේ අදහස වනුයේ ක්‍රිස්තු පූර්ව 3000 දී හෝ ක්‍රිස්තු පූර්ව 2000 වර්ෂවල මෙය නිර්මාණය කර ඇති බවයි. එහෙත් එය නිශ්චිතව කාබන් පරීක්ෂක මගින් නිසියාකාරව තහවුරු වී නොමැත.

එංගලන්තයේ මෙවැනි නවශිලා යුගයට අයත් ස්මාරක ගණනාවක් පිහිටා ඇත.

1986 දී යුනෙස්කෝව විසින් මෙම ස්ටොන්හෙන්ජ් පරිශ්‍රය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මෙම ස්ටෝන්හෙන්ජ් හි අයිතිය බ්‍රිතාන්‍ය කිරුළට අයත්වන අතර එය බ්‍රිතාන්‍ය සංස්කෘතියේ විශේෂ අංගයක් වී ඇත. එය ඉංගී‍්‍රසි අධිරාජ්‍යයේ උරුමයන්ට බැඳ පවතී. මෙම ස්ට්‍රෝන්නේජ් නමේ නිරුක්තිය සොයා බැලීමේ දී දැනගන්නට ලැබී ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඉංගී‍්‍රසි ශබ්ද කෝෂයට අනුව දහනව වන සියවසේ (hange - clitt)  යන්නට ‘ප්‍රපාථය’ හෝ ‘ගල්’ යන නිරුක්තිය ලබා දී ඇත.

 

පුරාණ ඉතිහාස

 

ඩුරින්ටන් වෝල්ස් (Durrington walls)  නායකත්වයෙන් Riven side නම් ව්‍යාපෘතියේ ප්‍රධානියා වන මයික් පාකර් පියර්සාර Mike parker peargon  සඳහන් කළේ (Stonehenge) එහි පැවැත්මේ මුල් අවධියේ සිටම මෙය සොහොන් කොත හා සම්බන්ධ වී ඇති බවයි.

ස්මාරකය තැනීමට පෙර ක්‍රිස්තු පූර්ව යුගය පිළිබඳව 2013 දක්වා භාවිතා කළ පැරණි සංචාරක රථගාලට යටින් ක්‍රි.පූර්ව 8000 පමණ දක්වා විහිදෙන විශාල මොසෝලිනික යුගයනට අයත් සිදුරු කිහිපයක් සොයාගෙන ඇත. එහි විශ්කම්භය මීටර් 0.75 කි. එම සිදුරු ආධාර කරගෙන ඉදිකරන ලද ඒවා දිරාපත්වී ඇත. මෙහි පළමු ස්මාරකය සමන්විත වූයේ සැන්ටෝනියානු යුගයට අයත් වන අතර ෆී ෆේඩර් හුණුවලින් සාදන ලද කවාකාර ඉව්රකින් සහ අගල් ආවරණයකින් වන අතර එහි විශ්කම්භය අඩි 360 (මීටර් 110) පමණ වේ. ඊසාන දිගට විශාල පිවිසුමක් හා දකුණට කුඩා එකක් ද විය.

පුරාවිද්‍යාත්මක කැණීම් මඟින් තහවුරු වී තිබෙනුයේ මෙම (Stonehenge) මූලිකව නිර්මාණය කර ඇත්තේ නැඟෙනහිර මධ්‍යධරණි කලාපයෙන් එංගලන්තයට සංක්‍රමණය වූ යුරෝපීය ගොවියන් විසින් බවයි.

මෙයට බටහිර යුරෝපයෙන් සංක්‍රමණය වූ යුරෝපියානු දඩයම් කරුවන් ද මෙම ගොවීන් සමඟ පැමිණ ඇති බවයි. මොවුන් නියෝලිනික යුගයේ මානවයන්ය. මේ මානයන්ගේ ශරීර කොටස්, පොසිල ඩී.එන්.ඒ පරීක්ෂාකිරීමෙන් මේ බව තහවුරු කරගත් බව පුරාවිද්‍යාඥයන් පවසයි. මෙහි ඓතිහාසිකත්වය ඉතා ප්‍රබල ලෙස සහතික කෙරෙයි. එකල කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රම සහ ක්‍රමෝපායන් බ්‍රිතාන්‍යයට ප්‍රවේශ වී ඇත්තේ මොහුන්ගෙනි. මොවුන් ගල්වලින් විවිධ නිර්මාණ කිරීමට ඇති දක්ෂයන් වී ඇත.

 

නූතන ඉතිහාසය

 

මෙහිදී Heel Stone Friars head  හෝ සූර්ය පාෂාණ මේ සංකීර්ණය තුළ විසිර පැවතී ඇත. මෙයින් සූර්ය පාෂාණ (Stonehenge) යන්ද දක්නට ඇත. මෙය අඩි 10 (මීටර් 4.9) පමණ උසය (Stonehenge) වළල්ල ඇතුළත මෙය ස්ථානගත වී ඇත.

මේ(Stonehenge) සහ (Sun stone) සූර්ය පාෂාණ හා සැබැඳි ප්‍රසිද්ධ ජනතාවක්ද පවතියි. කිසියම් බලසම්පන්න ප්‍රතාපවත් විශාල ශරීරයකින් හෙබි යක්ෂයකු විසින් මෙම විශාල සූර්ය කාන්ත පාෂාණය අයර්ලන්තයේ කාන්තාවකගෙන් ලබාගෙන එය ඔතාගෙන ගෙනවිත් සැලිස්බරි සානුවට ගෙනවිත් ඇත. ඒවා රැගෙන ඒමේදී ඉන් එක් ගලක් ඡ්ඍ නම් ස්ථානයට වැටී ඇත. ඉතිරි ඒවා සැලිස්බරි සානුවට ගෙනවිත් ඇත.”

ඉන්පසු මම යක්ෂයා ඉතා හයියෙන් කෑගසා කියා ඇත්තේ “කවදාවත් මෙම ගල් මෙහි පැමිණ ආකාරය සොයා ගන්නේ නැත” යනුවෙනි. එහෙයත් එහි විසූ තාපසයකු යක්ෂයාට පිළිතුරු දී ඇත. “ආ ඔබ හිතන්නේ ඒ විදියටද? මෙයින් ප්‍රකෝපයට පත් විශාල සිරුරකින් හෙබි මෙම යක්ෂයා විසින් තාපසයා වෙත එක ගලක් විසිකර ඇත. එය අද ද එම සස්ථානයේ පවතියි. පසුව යක්ෂයා විසින් තාපසයාව පයින් පාගා පොළවට ගිල්වා ඇත යනුවෙනි.

වාස්තු විද්‍යානුකූලව බලන කල මෙහි ඉතා වැදගත් සාධක රැසක් කැපී පෙනෙයි.

පාෂාණ කුලුනුු සැකසීමේ ක්‍රමවේදයන් ඈත අතීතයේ පටන් මානවයා දැන හැඳින ඇති බවත් ඒවායේ ශක්ති සම්පන්න භාවය සවිමත් පාදමක් මත සවිකර තිබීම වැදගත්ය.

මෙහි වාස්තු විද්‍යාත්මකව විශ්ම ජනක කරුණු වන්නේ එකල ඈත අතීතයේ මෙම විශාල බරකින් යුතු ගල් කුළුුණු ඔසවා තැබීමට ප්‍රවාහනයට සහ ඒවා නිර්මාණය කිරීමටත් එම පාෂාණවලින් දොරවල්, උළුවහු ආදී ලෙස සකසා නිර්මිතවුවත් එය දැවයෙන් කලා සේ ඉතා මට සිලුටුවට පාෂාණ කොටස් එකිනෙක සම්බන්ධ කිරීමට පියවර ගෙන ඇති බවයි. ගල් කුළුණු කොටස් එකිනෙක ඉතා ප්‍රවේශමෙන් ශක්ති සම්පන්නව සියවස් ගණනාවක් පුරා පැවතීමට යා කර ඇති ආකාරය එකල පාෂාණමය නිර්මාණ කිරීමේ දී දියුණු තාක්ෂණ ක්‍රමවේදයන් උපයෝගී කරගත් බව සාක්ෂිවනු ඇත. කුළුණුවල නිර්මාණශීලී භාවයද ඉතා ඉහළ තත්ත්වයක පවතියි.

පැරණි වාස්තු ක්‍රමවේදයන්ද නිර්මාණශීලීතාවයද ඉහළම තැනක තිබීමත්, මෙම සංකීර්ණය පපුරාවට වක්‍රාකාරව කුළුුණු පෙලගස්වා සෘජු ලෙස තිබෙන ආකාරයත් වාස්තු විද්‍යානුකූලව නිර්මාණයන් කිරීමේ විශිෂ්ට ගුණාංගයක් කියාපායි.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂවේදී /වාස්තු පර්යේෂක

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.