පොත් පුවත්

නොවැම්බර් 3, 2023

සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායකගෙන් -පොත් ත්‍රිත්වයක්

සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක විසින් රචිත කන්නකී හෙවත් පත්තිනි සහ කෝවලන් හෙවත් වීරමුණ්ඩ, මුද්‍ර නාට්‍ය විචාර ප්‍රවේශය සහ දෙවොල් මඩු කාව්‍ය මඤ්ජරිය යන කෘතීන් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව උප කුලපති ‍ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චිගේ සහභාගිත්වයෙන් යුතුව පසුගියදා එළිදක්වනු ලැබිණි.

 

ඉරණමේ හෝරාව

කයිරෝගේ මතක සටහන් ඇසුරින් වෛද්‍ය බන්ධුල සිරිවර්ධන රචනා කරන ලද ඉරණමේ හෝරාව කෘතිය පසුගියදා නිකුත් විය.

‘ගණිකාවෝ-කාම ශාස්ත්‍රයට සෞන්දර්ය චාරිකාවක්’ කෘතිය එළිදකී

ලංකාවේ මහේස්ත්‍රාත් සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු යනාදිය ඇසුරින් කරුණු උපුටා දක්වමින් රචනා කරන ලද ගණිකාවෝ ග්‍රන්ථය ගුණසිංහ හේරත් විසින් රචනා කර තිබේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.