විවාහයට සුදුසු කාලය

නොවැම්බර් 3, 2023

විවාහයකට කේන්දර දෙකක් පරීක්ෂා කිරීමට අමතරව පරීක්ෂා කර බැලිය යුතු දෝෂ ගණනාවකි. දෝෂ වැඩි නම් පොරොන්දම් ගැළපී ඇතත් විවාහයට හිතකර නැත. සෑම විවාහ දෝෂයක්ම බිඳී යන ග්‍රහ යෙදීම් තිබේ. ඒ ගැන ගැඹුරින් බැලිය යුතු වේ. සම්පූර්ණ ප්‍රබලම දෝෂ 20ක් තිබේ. අද අප කතා කරන්න යන්නේ, විවාහයකට ඉතාම යෝග්‍ය කාලය ගැන සෙවීම පිළිබඳවය. විවාහයට 2- 7- 11 වැන්න ගැන සෙවීම අනිවාර්ය වේ. ඒ ආර්ථිකයන් ඉදිරියට යන දශාවන්ය.

 

දෙදෙනාටම එකම දශාව අසුබයි. එය කඩහන්දි දෝෂය වේ.

සමස්තයක් ලෙස 7 අධිපතියා විවාහයට සුදුසු කාලය තෝරන විටදී ඔහු හෝ ඇයගේ කේන්ද්‍රයේ ගෝචර ගමනින් අසුබ තැන්වල ගමන් නොකළ යුතුයි.

විවාහයේදී 7 වැන්නාධිපතියාගේ ගෝචරය මත මේ අන්දමට සුදුසු වකවානුව කාලය තෝරා ගත යුතුයි.

මේෂ ලග්නය තුළ උපන් අයට 2 සහ 7 අධිපති සිකුරු ගෝචරයෙන් ලග්නය 3,4,5,9,10 තුළ කාලය විවාහයට සුබයි.

කුජ අධිපති වෘෂභ ලග්න හිමියන්ට තම උපන් කේන්ද්‍රයේ 4,5,10,11 යන රාශිවල හත අධිපති ගමන් කරන කාලය විවාහයට යෝග්‍ය වේ. නමුත් හත අධිපතියා 2,3,6,7,8,9,10,12 රාශියක ගෝචරයෙන් ගමන් කරන කාලය විවාහ වීමට අසුබයි.

මිථුන ලග්නය තුළ ගුරු ලග්නයෙන් 4,5,9,10,11 යන රාශිවල ගමන් කරන කාලය තුළ යුගදිවියට පා තැබීම සුබයි. 3,6,8 අසුබයි.

කටක ලග්නය හත අධිපති ශනි 3,4,5,6,7,9 යන තැන්වල ගමන් කරන කාලය තුළ විවාහය ගිවිස ගැනීම සුදුසු නැත.

සිංහ ලග්නයේ හත අධිපති ශනි 3,4,5,6,7,10 යන රාශිවල ගමන් කරන කාලය තුළ විවාහ වීම සුබයි. ශනි 1,2,8,9,11,12 ගත කරන කාලය තුළ සුබයි.

කන්‍යා ලග්න හිමියන්ට විවාහයට 6,7 අධිපති ගුරු 1,4,9,10 යන රාශියක ගමන් කරන කාලය තුළ සුබයි. ගුරු 2,3,5,7,12 තැන්වල අසුබයි.

තුලා ලග්න හිමියන්ගේ 7 අධිපති කුජ ලග්නයෙන් 3,4,5,9,10,11 යන තැන්වලදී විවාහයට සුබයි. 2,7,8,12 යන තැන්වලදී අසුබයි.

වෘශ්චිකයට 7 අධිපති ශුක්‍ර 1,3,4,5,7,10,11 ගමන් කරන කාලය විවාහයට සුබයි. එහෙත් 2,6,8,9,12 යන තැන්වල ගත කරන කාලය තුළ අසුබයි.

ධනු ලග්න හිමියන්ගේ 7 අධිපති බුධ 5,9,10,11 යන රාශිවල ගමන් කරන කාලය තුළදී විවාහ වීමට සුබයි. ලග්නය 2,3,4,6,8,12 ගමනේදී අසුබයි.

 

මකර ලග්න හිමියන්ගේ 7 අධිපති සඳු ලග්නය 3,4,5,7,9,10 යන තැන්වල දී සුබයි. සඳු 2,6,8,11,12 යන තැන්වලදී අසුබයි. කුම්භ ලග්නයේ හත අධිපති රවි 3,4,7,10,11 යන තැන්වලදී විවාහයට සුබයි. රවි 1,2,5,6,8,9,12 යන තැන්වල සිටියදී අසුබයි.

මීන ලග්න හිමියන්ගේ හත අධිපති බුධ 3,5,10,11 යන තැන්වලදී ගමන් කරන කාලය තුළ විවාහය සුබයි. 1,2,4,6,7,9,12 තුළ හතාධිපතියා ගමන් කරන කාලය තුළ අසුබයි.

චර රාශීන් වන මේෂ, කටක, තුලා, මකර යන්න ලග්නවලට කේන්ද්‍රයේ 7 අධිපතියා 11 ගමන් කරන කාලය තුළ විවාහයට සුබ නැත.

වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ තිර රාශියක් ලග්නයේ වූ විට හත අධිපතියා 9 වැන්නේ ගමන් කරන විට විවාහයට සුබ නැත.

උභය රාශි වන මිථුන කන්‍යා, ධනු, මීන රාශියක් ලග්නය වූ විට 7 අධිපතියා 7 වැන්නේ ගමන් කරන කාලය තුළ විවාහයට අසුබයි.

විවාහය සිදුකිරීමේදී 7 අධිපතියා ගෝචරයෙන් ලග්නයේ වූ විට සහ 7 අධිපතියා 7 වැන්නේ ගමන් කරන කාලය තුළ විවාහ වීමට දින නොගත යුතුයි.

අසුබ කාලවකවානුවක විවාහය සිදුවී තිබේ නම් ඉසිවරුන් ලොවට හඳුන්වා දී ඇති පිළියම් යෙදීම මැනවි.

කරුණු කාරණා මෙසේ හෙයින් විවාහ වන දවස තුළ ඉතාම සුබ ධනාත්මක ග්‍රහචාර යෙදී ඇති සුබ යෝග සහිත දිනයක් තෝරා ගත යුතුවේ. පෝරුවෙන් බැස ගියාට පසුව මුළු රාත්‍රි කාලය තුළම අතිශයින්ම සුබ වීම අනිවාර්ය වේ. මා නැතිදාට දිවා කාලයෙන් මඟුල්පෝරු නගිනු ඇතැයි පවසා ඇත්තේ බරණ ගණිතාචාර්ය තුමාය.

 

ඡ්‍යොතිෂවේදී දේශබන්ධු

ටී.හෙන්රි බෙම්මුල්ල 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.