ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී වේයන්ගොඩ ආතර් සෙල්ලහේවා

ඔක්තෝබර් 20, 2023

1901.10.31 බ්‍රහස්පතින්දා දහවල් 01.18

කුම්භ ලග්නයෙන් උපත ලත් මේ කුඩා දරුවා ගමේ පාසලින් ඉගනුම ලැබුවේ ය. උසස් අධ්‍යාපනය පසෙක තබා ගුප්ත විද්‍යාව පැත්තෙන් අධ්‍යයන කටයුතු කරන ලදී. අසා ඇති තොරතුරු අනුව ගැමිජන ක්‍රීඩාවන්ටද දක්ෂතා හිමි කරගෙන තිබිණ. අංගමි පොර වැනි ශාස්ත්‍රීය අංශයේද දස්කම් හිස් වී තිබිණ. පත පොතට වැඩි ඇල්මක් දැක්වූවේ තරුණයා පැවිදි හිමිකරුවන්ගේ ඇසුර නිසා බෞද්ධ ආගමික කටයුතුවලද නිරත විය. ක්‍රම ක්‍රමයෙන් දෝ සතර හෙවත් ඡ්‍යොතිවේදයේ ආරම්භක අවධියට යොමු විය. වඩාත් නැඹුරු වූයේ නිමිති බැලීමටය. මේ අතර ඡ්‍යොතිෂ කටයුතු ප්‍රගුණ කර කල්යත්ම ඡ්‍යොතිෂ කාර්යාලයක් අරඹන ලදී. දිනපතාම පාහේ කේන්ද්‍ර බලා පලාඵල පැවසීමත් හිමි ශාස්ත්‍රයන් ක්‍රමවත්ව කරන ලදී. ඡ්‍යොතිෂයට අත්පොත් තබන ලද්දේ ඕරියා නැමති දක්ෂ නිමිති ශාස්ත්‍රයේ ඇති දක්ෂ ගුරුතුමෙකු යටතේ ය. බෙල්ලන් දමා එම බෙල්ලන්ගේ උඩු හා යටිකුරු පෙරළීම බලා දූත ලක්ෂණයද යොමුකර ශාස්ත්‍ර කීමේ ක්‍රමවේදය ද හැදෑරීම එකී ගුරුතුමාගෙන් ඉගෙන ගත්තේ ය. තවද භූතයෙකුගේ ආධාරයෙන් එකී බෙල්ලන්ගේ පෙරළීම අනුව ශාස්ත්‍ර කීමට මේ ඡ්‍යොතිෂවේදියාට හුරුකමක් ඇතිවිය. වසර ගණනාවක් තුළම ඡ්‍යොතිෂයට නැඹුරුවීමට ශනි හා ගුරුගේ 11 වැන්නේ පිහිටීම ආධාරකය විය. ලග්නාධිපති ශනි ගුරු 11 වැන්නේ ගුරු ස්වක්ෂේත්‍රවීම නිසාත් 09 වැනි ප්‍රාණස්ථානයේ රවි නීචවීමත් බුධ, මිත්‍රවීමත් රාහුගේ මිත්‍රකමත් හරහා පෙර කරන ලද යම් යම් කර්ම ශක්තීන් මෙලොවදී ප්‍රතිඵල ද මෙම උපාදාන විය. 10 වැන්නේ කුජගේ වෘශ්චික රාශියේ කුජ ස්වක්ෂේත්‍රයන් සිකුරුගේ සමානත්වයත් සම්මිශ්‍රණය වීම නිසා ජීවිතයේ විවිධ අවස්ථාවලදී තරමක නොසිතූ බාධකයන්ට මුහුණදීමට සිදුවිය. කාලයක් තිස්සේ සිය ඡ්‍යොතිෂ කටයුතු ඉතාම ගෞරවනීය ලෙස කරගෙන යන අතරතුර දෛවෝපගත එක්තරා අසුබ පැත්තකට හැරිණ. එවකට පැවති ඡන්ද සටහනකින් එක්තරා දේශපාලන පක්ෂයක් ජයග්‍රහණය කරන බැව් ඔහු ප්‍රකාශ කළේ ය. නමුත් එකී දේශපාලන පක්ෂය අන්ත පරාජයකට පත්වීමේ ප්‍රතිඵලයක් වූයේ ඔහුගේ ඡ්‍යොතිෂකටයුතු කාළස්ථානයේ තිබුණ නාම පුුවරුව ගලවා විසිකිරීමකි. එතැන් පටන් එතෙක් තමා කරගෙන ගිය ඡ්‍යොතිෂ කටයුතුවලට මරු පහරක් වැදිණ. අපි මෙතෙක් කතා බහ කළේ නවසිය පනස් ගණන්වලදී දිවයිනේ ප්‍රකට නමක් දිනාගෙන සිටී. ඡ්‍යොතිෂවේදී ආතර් සෙල්ලහේවා මහතා ගැනයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.