නොසැලුණු පන්හිඳක ශක්තිය පත්‍රකලාවේදී හේමපාල මුණිදාස සූරීන්

ඔක්තෝබර් 13, 2023

නිරන්තරයෙන්ම සිනහමුසු මුහුණින් වැඩ කටයුතු කළ තරුණ වියේදී පුවත් පත් කලාවට අත තැබූ හේමපාල මහතා කැපවීමෙන් සිය පන්හිඳ මෙහෙයවීය. සියලුම පත්‍රකලාවේදීන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට සමත් විය. සිළුමිණ හිටපු නියෝජ්‍ය කර්තෘ වේ. වී. අභය ගුණවර්ධන මහතාද මෙතුමාගේ සගයෙකි. මරදානේ ටෙක්නිකල් හන්දිය සමීපයේ තිබුණ මුද්‍රණාලය සිංහල ජාතිය නමින් සතිපතා පත්‍රයක් ආරම්භ කරන ලදී. ඉතාම ජනපි‍්‍රය පුවත් පතක් වූ සිංහල ජාතිය සිංහල භාෂාව මුදුන් මල්කඩක් සේ සලකා රට දැය සමයට හිතවාදී පුවත්පතක් බිහි කිරීමට හේමපාල මුනිදාස මහත්මා ට හැකිවිය.

දක්ෂතම තරුණ ලේඛක පිරිසක් බිහිකිරීමටද අවස්ථාව මෙතුමාට පෑදින. විශේෂයෙන්ම දේශ පාලනඥයින්ට නිර්දය ලෙස විවේචනයට පන්හිඳ ක්‍රියාත්මක කළේ ය. එහි ප්‍රතිඵලයක් වූයේ මෙතුමාට විරුද්ධව ඔවුන් අවි අමෝරා ගැනීමය.

ඒ කිසිවකින් මෙතුමාගේ මානසිකත්වයට පහර ගැසීමට නොහැකි විය. විශේෂයෙන්ම එවකට සිටි අගමැති ජෝන් කොතලාවල මහතාට පත්‍රයෙන් පහර ගසන ලදී. බොහෝ දේශපාලනඥයන් මෙතුමා සමඟ හිත් අමනාප ඇති කර ගන්නා ලදී. ඒ කිසිවකින් නොසැලී තම පත්‍ර කලාව අභීතව ගෙන ගියේ ය.

දිනපතාම සිංහල ජාතිය පත්‍ර කන්තෝරුවට එතුමා එන්නේ රික්ෂෝවකින්. මෙතුමා එවකට සිටියේ මාලිගා කන්ද පාරේ විද්‍යෝදය පිරිවෙනට ආසන්න කාමරයකය. එතැන අනිත් පත්‍රකරුවන්ගේ ක්ෂේම භූමියක් විය. තමා ගෙනයන රික්ෂෝ කරුවාට උපදෙස් දී තිබුණේ තමා රික්ෂෝවට නැග්ගායින් පසු එක වචනයක් වත් කතා නොකරන ලෙසට එය අකුරටම රික්ෂෝ කරු පිළිපදින ලදී.

රික්ෂෝවට ගොඩවී යන විටදී පවා පොතක යම් යම් සටහන් ලියන ක්‍රමයක්ද තිබිණ. එක් දිනකදී රික්ෂෝ කරු පැමිණ සර් මං ආවා. හරි හරි මං මේ එනවා යැයි කියමින් රික්ෂෝවට ගොඩනැංගේය. රික්ෂෝකරුද කිසිවක් කතා නොකර රික්ෂොව් ඇදගෙන ගොස් පත්‍ර කන්තෝරුව ඉදිරිපිට නවත්වන ලදී. හේමපාල මහතා රික්ෂෝවෙන් බැස යාමට සැරසෙද්දී සර්, සර්, ඔහොම පොඩ්ඩක් ඉන්න.

කතා කරන්න එපා කියා ඇයි. මං තමාට කියල තියෙනවනේ. සර් කෝ කලිසම...

ඈ යකෝ උඹ මට මුලින් කිව්වෙ නැත්තේ ඇයි?

යමං යමං ආපහු...

හේමපාල මුනිදාස මහතාගේ ඔලුවේ තියෙන්නේ පත්තරය ගැන පමණයි. එතුමා පත්තරය කසාද බැඳපු කෙනෙකි.

සමහර දිනවල පත්තර කන්තෝරුවෙන් කාමරය වෙත ගොස් රාත්‍රී 10 පසු වී රෑ කෑම ද අමතක වී දහවල් ඇඳගෙන සිටි ඇඳුමින්ම නිදියන වාර අනන්තයි. ඒ එතුමාගේ හැටිය. කුඩා ළමයකු මෙන් අහිංසකය. වරදක් දුටු තැන සිංහයෙක් වගේය.

එසේ ඔහුගේ චරිත ලක්ෂණ ඇති වූයේ උපතින්මය. 1903 ජූනි මස 22 වැනි සඳුදා අලුයම 06.03ට මිථුන ලග්නයෙන් උපත ලත් මේ දරුවාගේ ජන්ම පත්‍රයේ රවි ලග්න ගතවද ලග්නාධිපති බුධ 12 වැන්නේ මිත්‍රවද 2 වැන්නේ සිකුරු ද සිවුවැන්නේ කුජ රාහු ස්වක්ෂේත්‍රවද ශනි අටවැන්නේ ස්වක්ෂේත්‍රවී ද 10 වැන්න වූ කර්මස්ථානයේ ස්වක්ෂේත්‍ර වී ද 11 වැන්නේ සඳු සමවද පිහිටා ඇති අතර සමස්ත ග්‍රහ හැසිරීම් රටාව සලකා බලන විට ඉතාම දක්ෂ ලේඛකයකු වීමත් ජනපි‍්‍රයත්වය හිමිවන ග්‍රහ පිහිටීම් රැසකුත් තිබේ. සිකුරු තරමක පීඩනයක් ඇති කළත් වාග් ප්‍රහාරය ඉතාම බලවත් ලෙස ප්‍රගුණ කර තිබිණ.

අතිරස, ගිහිගේ කතුවර බලදේව දේශබන්ධු, මී වදය සඟරාවේ කතුවර ඡ්‍යොතිරාජ්‍ය දේදුන්න කවි සඟරාවේ කතුවර පී.බී. අල්විස් පෙරේරා සහ කිවිඳුන් හේමපාල මුනිදාස ශූරීන්ගේ කලණ මිතුරන්ය. හේමපාලි මුනිදාස ශූරීන් වැනි අග්‍රගණ්‍ය පුවත් පත් කලාවේදියෙක් ගැන පෑන හැසිරවීමට අත දුන් සුබසෙත පුවත්පතට තුති පුදමු.

 

ඡ්‍යොතිෂවේදී දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.