මානසික ආතතියෙන් මිදීමට මීමැස්සකු මෙන් ගුමු නද දෙන්න

සැප්තැම්බර් 8, 2023

වයස් භේදයකින් තොරව අප කවුරුත් මුහුණදෙන ගැටලුවක් වන්නේ මානසික පීඩනයයි, ආතති තත්ත්වයයි. මෙම මානසික ශාරීරික ආතති තත්ත්වය පරිසරය වෙනස් වීම නිසා සිදුවෙන අවස්ථා හඳුනාගත හැකියි. දැඩි සීතල, දැඩි, උණුසුම ,දැඩි වර්ෂාව වැනි පාරිසරික සාධක නිසා මේ මානසික පීඩාකාරී තත්ත්වයන් ඇතිවෙන අවස්ථා බහුලයි.

කාර්යබහුල ජීවන රටාව පරිසරයේ ගැටුම්කාරී තත්ත්වයන් නිසා නිතරම අප මානසිකව ආතතියට පත් වෙනවා.

ඒ වගේම කෝපය අපව පීඩාවට පත් කරනවා. තවත් විටෙක පාළුව කාංසය ඇතිවූ විටත් පීඩාවට පත්වෙනවා

මෑතකදී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ “ථඪදඤටභතදඥඵඵ ජඥදබඥප “ නැමැති අධ්‍යයන ආයතනය මගින් සිදුකරන ලද අධ්‍යයනයක දී හෙළි වුණේ වර්තමානයේ ලෝක ජනගහනය ලක්ෂ 200 ක පිරිසක් වසරකට මානසික ආබාධවලට ලක් වන බවයි. මේ අධ්‍යයන ආයතනයෙන් සිදුකරන ලද පරීක්ෂණයකින් හෙළි වූයේ දිනකට පුද්ගලයකුට එන සිතුවිලිවලින් සියයට අනූවක් සෘණාත්මක සිතුවිලි බවයි. එමෙන්ම එම සිතුවිලි නැවත නැවත පැමිණීම යි. එය මානසික පීඩාවට හේතු වෙනවා.

මෙම පීඩාකාරී තත්ත්වය මිදෙන්න සරල ක්‍රමවේදයක් යෝග ශාස්ත්‍රයේ හඳුන්වා දී තියෙනවා .එම ක්‍රමවේදය පරිසරය නිරීක්ෂණය කරමින් යෝගීවරු, සෘෂිවරු අපට හඳුන්වා දී තිබෙනවා , එම ක්‍රමය මී මැස්සා ගේ හඬ අනුගමනය කිරීම ලෙස හඳුන්වන්න පුළුවන්. එය සංස්කෘත භාෂාවෙන් “භ්‍රාමාරි ප්‍රාණායාම” ලෙස හඳුන්වනවා. ඉංග්‍රීසි භාෂාවෙන් “ඩභථඥඥද ඡඥඥ ඡපඥචබඩඪදඨ “ ලෙස හඳුන්වා තියෙනවා.

මීමැසි ක්‍රමය අභ්‍යාසය පුහුණු කිරීමෙන් කලබල වූ සිත සන්සුන් කරගන්න පුළුවන් .ඒ වගේම අපිට උණුසුම් බවක් දැනිලා ඒ උණුසුම් බවත් එක්ක උණ ස්වභාවයක් ඇති වූ අවස්ථාවල ඒ වගේම සුළු හිසරදයක් ඇති උනහම එයින් මිදෙන්න භ්‍රාමාරි අභ්‍යාස පාවිච්චි කරන්න පුළුවන්. බොහෝ අවස්ථාවල ශරීරය උණුසුම් වූ විට තෙහෙට්ටුවක් දැනුණු විට සිදුකරන ක්‍රියාවක් වන්නේ කුමන හෝ ඖෂධයක් පාවිච්චි කිරීම යි.” පෙති දෙකක් පාවිච්චි කරන එක”. එලෙස නැවත නැවත භාවිතයෙන් සිදුවන්නේ අතුරු ආබාධ ඇති වීමයි. .නමුත් අපිට මේ ක්‍රමය පාවිච්චි කරලා සහනයක් ලබාගන්න පුළුවන්.

ඒ වගේමයි විවිධ හේතු නිසා අපේ උගුරේ ආබාධ ඇති වෙනවා. සීතල වතුර පානය කල විට , දූවිල්ල වැඩිපුර ආග්‍රහණය කලවිට මෙලෙස උගුරේ ආබාධ තත්ත්වයන් ඇති විය හැකියි. මේ උගුරේ ආබාධ තත්ත්වයන් අඩු කිරීම සඳහා සහ සහනයක් ලබා ගැනීම සඳහා මේ ප්‍රාණායාම අභ්‍යාසය භාවිතා කරන්න පුළුවන්.

අද සමාජයේ ඉස්මතු වී ඇති ගැටලුවක් වන්නේ ඉරුවරදයයි. මෙම ඉරුවාරද තත්ත්වය සමනය කර ගැනීමට මෙම මීමැසි ක්‍රමය අභ්‍යාසය භාවිත කළ හැකියි.

නූතනය වන විට ලෝක පුරාම සිහිය හෙවත් සතිය පිළිබඳව සාකච්ඡා කරනු ලබනවා. සතිය පිළිබඳව වැඩමුළු අභ්‍යාස ක්‍රම පුහුණු කරනු ලබනවා. සිහිය ප්‍රගුණ කිරීම සඳහා මෙන්ම මතකය වැඩි දියුණු කිරීම සඳහා මේ භ්‍රාමාරි ප්‍රාණ යාම උපයෝගී කරගන්න පුළුවන්.

පසුගිය කාලසීමාව තුළ ලෝකයම මුහුණ දුන් වසංගතය හේතුකොටගෙන ඇති වූ ශාරීරික ව්‍යාකූල තත්ත්වයක් වන්නේ රුධිර පීඩනයයි. මේ සඳහා ආහාර විහරණ රටාද බලපා තිබෙනවා. මෙම රුධිර පීඩන තත්ත්වය සමතුලිත කිරීම සඳහා සායනිකව කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ මේ මැසි ක්‍රමය අනුගමනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

භ්‍රාමාරි ප්‍රාණායාම පුහුණු කිරීම

1. ආස්තරණ ය මත පහසු භාවනා ආසනයකින් හින්ද ගන්න. මේ සඳහා සුඛාසනය පද්මාසනය වජ්‍රාසනය හෝ සිද්ධාසනය භාවිත කළ හැකියි.

මෙම අභ්‍යාසය ප්‍රගුණ කිරීමේ දී අප ඉඳගන්නා ඇතිරිල්ල ස්වභාවික කිරිල්ලක් වීම ඉතා වැදගත්. මේ සඳහා පුරාණයේ භාවිතා කළේ කුස තණ වැනි තෘණ වර්ගවලින් සාදා ගත් ඇතිරිල්ලක්. වර්තමානයේ අපට ස්වභාවික අමුද්‍රව්‍ය යොදා සාදාගත් ඇතිරිල්ලක් භාවිතා කරන්න හැකියි.

භ්‍රාමාරි ප්‍රාණායාම පුහුණු වීමේ දී ඊසාන දිසාවට මුහුණලා අභ්‍යාසය පුහුණු කිරීම ඉතාමත් ප්‍රතිඵලදායකයි.

2. දෙඅත් දණහිස් මත තබා කය ඍජුව තබාගෙන ශරීරය සැහැල්ලුවෙන් තබාගන්න.

3. ඉන්පසුව දෙඅත් ඉහළට ඔසවා වැලමිටෙන් නමන්න.

4. ඔබේ කන්දෙක මහපට ඇඟිල්ලෙන් වැසෙන සේ තබා ගන්න.

5. අතේ අනෙක් ඇඟිලි හිසමත සැහැල්ලුවෙන් තබාගන්න.

6. ඇස් දෙක සෙමින් වසන්න. තොල් එක්කර මුඛය ද වසන්න.

7. නාසය මඟින් ගැඹුරු හුස්ම වාර කීපයක් ගෙන පිට කරන්න.

8. නැවතත් ගැඹුරු හුස්මක් ආශ්වාස කර “ම්” ශබ්දයන් නැගෙන සේ ගුමු නද පිටකරන්න. හුස්ම නාසයෙන් පිට කළ යුතු අතර නාසයෙන් ම නැවතත් හුස්ම ගැනීම සිදුකළ යුතුය.

9. මෙලෙස වාර 5ත් 10ත් අතර ප්‍රමාණයක් සිදු කළ හැකියි.

මේ ප්‍රකාශය පුහුණු කිරීමේදී මහපට ඇඟිල්ල කන තුළට යැවීම සිදු නොකළ යුතු අතර පිටතින් වැසීම පමණක් සිදුකල යුතුයි. ඊට හේතුව වන්නේ බාහිර ශබ්ද කන තුළට ගලා යෑම වැළැක්වීමයි.

නොකළ යුතු අය

මේ භ‍්‍රාමාරී ප්‍රාණායාම අභ්‍යාසය කන්වල ආබාධ තිබෙන අය ශරීරයේ සමබරතාවය ගැටළු තියන අය නොකළ යුතු වෙනවා.

අත්හදා බලන්න

ඔබ ස්වභාවික පරිසරය ක සිටින විට මේ අභ්‍යාසය ප්‍රගුණ කර එහි ප්‍රතිඵල අත් විඳීන්න. මල් වත්තක් උද්‍යානයක්, වන රොදක හිඳ මේ අභ්‍යාසය ප්‍රගුණ කර එහි ප්‍රතිඵල අත්විඳීන්න. සෞම්‍ය සඳ කිරණ ඇති රාත්‍රියක මේ භ්‍රාමාරි ප්‍රාණායාම අභ්‍යාසයක් ප්‍රගුණ කර තිව්‍රරත්වය අත්විඳීන්න පුළුවන්.

ආචාර්ය ලීලානන්ද වික්‍රමාරච්චි

නිරූපණය-

සෙනුර අතුකෝරල

නෙත්මි දිව්‍යාංජලි

ඡායාරූප

සුලෝචන ගමගේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.