ඔබේ අංකය 7 නම්...

ජුනි 30, 2023

පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 6 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදී. අද අපි පෞද්ගලික අංක 7 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා බලමු. යම් පුද්ගලයකු වසරේ ඕනෑම මාසයක 7,16,25, යන දිනවලින් එකක උපත ලබා ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික අංකය අංක 7 ය. පෞද්ගලික අංක 7 හිමියන්ට හිමිවන්නේ නෙප්චූන් ග්‍රහයාගේ බලයයි. ජුනි මාසයේ 21 ත් ජුලි මාසයේ 21ත් අතර කාලසීමාවේ ඉපදුණ අයකු නම් සඳුගේ බලය වැඩි නිසා එම ගුණයන්ද තීව්‍ර වේ.

අංක 7 ට ප්‍රබල අන්තර්ඥාානයක් පවතී. ඔවුනට ස්වකීය හිතවතුන් කරදරයට පත්වන විට කලින් හෝ එම මොහොතේ දුරස්ව සිටියත් මනසට දැනෙන ස්වභාවයක් ඇත. මේ තත්ත්වය අංක 2 සම්බන්ධවද දැකිය හැකිය. මෙවැනි මමෝභාවයන් නිසාම ඔවුහු ගුප්ත ශාස්ත්‍ර භාවනා ක්‍රම ආදියට ඇලුම්කරති.

 

පෞද්ගලික අංක 7 න් ඉපදුණු පුද්ගලයන් ඉතාම ස්වාධින පෞරුෂයක් ඇති පුද්ගලයෝ වෙති. මොවුන් ගැඹුරු සිතවිලි ඇති, ලෝකය සහමුලින්ම වෙනස් කරන දාර්ශනිකයන්ය. විවිධ පර්යේෂණ කිරිම සඳහා විශේෂ දක්ෂතාවක් දක්වයි. අංක 4 හිමියන් හැරුණු විට මොවුන්ද විචාර බුද්ධිමත් භාවයක් හෙබි පුද්ගලයන් වශයෙන් සැලකීමට පුළුවන. බොහෝ නිහඬ භාවය ප්‍රිය කරයි.

රහසිගතව කටයුතු කිරීමට වැඩි කැමැත්තක් දක්වති. ඔවුන් කියන කරන දේ කිසිකෙනෙකුට පවසන්නේ නැත. තමන්ගේ අවශ්‍යතාවය කුමන අන්දමකින් හෝ ඉටුකර ගැනීම ඔවුන්ගේ එකම පරමාර්ථයයි. ඒ සඳහා බාධා කරන්නන්ට වෛර කිරීම හෝ ඔවුන්ගෙන් නොදැනෙන්න ඈත්වීම සිදුකරයි.

පෞද්ගලික අංක 7 අය රහසිගතව ආදර සම්බන්ධතා පවත්වාගෙන යාමට දක්ෂයෝය. බොහෝ අවස්ථාවලදී මේ පුද්ගලයන්ගේ රහසිගත ආදර ජීවිත හෙළි වන්නේ එය සාර්ථකත්වයට සේම ස්ථාවර තත්ත්වයට පත්වු විටය. අංක 7 හිමියන් හැඟිම්බර සේම විශ්වාස කළ නොහැකි පුද්ගලයන්ය. එම නිසාවෙන් විවාහය බොහෝ අවබෝධයකින් විය යුතුය. යම් හෙයකින් විවාහය කලකිරුණොත් එය මුළු ජීවිතය පුරාම පවති.

මොවුහු දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයක් පවත්වා ගැනීම සිරිතක් කරගෙන සිටිති. එම නිසා නිතරම යම් බලවේගයක් අතැයි සිත් තුළ පවතී. එමඟින් දැඩි ආත්ම විශ්වාසයක් ගොඩනඟා ගැනීමට හැකි වේ. මේ පුද්ගලයන්ට බොහෝවිට තම ජීවිතයේ ඉදිරියේදී සිදුවීමට ඇති දේ දැනෙන ස්වභාවයක් ඇත. එනම් අංක 7 ට ප්‍රබල අන්තර්ඥාානයක් පවතී. ඔවුනට ස්වකීය හිතවතුන් කරදරයට පත්වන විට කලින් හෝ එම මොහොතේ දුරස්ව සිටියත් මනසට දැනෙන ස්වභාවයක් ඇත. මේ තත්ත්වය අංක 2 සම්බන්ධවද දැකිය හැකිය. මෙවැනි මමෝභාවයන් නිසාම ඔවුන් ගුප්ත ශාස්ත්‍ර භාවනා ක්‍රම ආදියට ඇලුම්කරයි.

එම නිසා මොවුන්ගේ මනස දියුණු කර ගැනීමෙන් ජීවිතයේ උසස් තත්ත්වයකට ළඟා විය හැකිය.

මේ අයගේ ප්‍රධාන දුර්වලතාවය වනුයේ ඉක්මනින් කෝප වන ස්වභාවය හා අන් අයගේ සිත් රිදුම් දෙන වචනවලින් සිත ඉක්මනින් කිපෙන, කම්පාවන ස්වභාවය වේ. එනිසා ඉක්මනින් ශරිර ශක්තිය සෞඛ්‍ය තත්ත්වය දුර්වල විය හැකි බැවින් යහපත් මානසිකත්වයන් නිරන්තරයෙන් පවත්වා ගත යුතුයි. එසේ හැරුණු විට සැබෑ ලෙසින්ම අසනීපයක් නොමැති තරම්ය.

නමුත් අනවශ්‍ය පුරුදු හේතුවෙන් රෝගීවීමට ඉඩ තිබේ. උදහරණයක් ලෙස දුම්පානය මත්පැනට ඇබ්බැහි වීමෙන් මතුවන රෝග ඇතිවිය හැකිය.

පෞද්ගලික අංක 7 හිමියෝ සංචාරයට ඉතාම ප්‍රිය වෙති. එම නිසා වත්කම් හෝ හැකියාවන් ඇත්නම් ලෝකය පුරා සංචාරය කරති. තවද මේ පුද්ගලයෝ කලාත්මක හැකියාවක් පෙන්නුම් කරති. ලේඛණය,කාව්‍යකරණය, චිත්‍ර නිර්මාණය සඳහා අංක 7 හි විශේෂ දක්ෂතාවයන් වේ. මේ කුමන ශිල්ප පුහුණු කළද ඔවුන් අවසානයට දාර්ශනික ආකල්ප සිත් තුළ ඇති කර ගැනීම වැළැක්විය නොහැකිය.

ඔවුන්ට ලෞකික සම්පත් කෙරෙහි ලොකු බලාපොරොත්තුවක් නැත. මුදල් ඉපැයීම සමාජය සමඟ ඔවුන් ප්‍රමෝදයට පත්කරන කලා නිර්මාණ හරහා සිදුවේ.ආපනශාලා, ආහාර ද්‍රව්‍ය සපයන ස්ථාන, සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ව්‍යාපාර ඔස්සේ ද මෙය සිදුවේ. නිවාස අලංකරණ මූර්ති චිත්‍ර වැනි කලානිර්මාණ ආදායම් මාර්ග බවට පත්වනු ඇත. එසේම අලංකාර භාණ්ඩ එකතු කිරිම්ද විය හැකිය.

පෞද්ගලික අංක 7 හිමියන් බොහෝ අරපිරිමැස්මෙන් කටයුතු කර මුදල් ඉතිරි කරන අයවේ. මුදල් වියදම් කිරීම ඉතාම පරීස්සමෙන් කිරීමට වගබලා ගනී. බොහෝවිට රැකියා වැඩි ගණනක් කිරීමට නිපුණතාවයක් ඇත.

පෞද්ගලික අංක 7 අය මිතුරු ඇසුරේදී බොහොම දයාබරව කටයුතු කරන අය වේ. එහෙත් මිතුරන්ට පවා නොකියන ලබන යම් යම් දේවල් ඔවුන් සතුවේ. වඩාත්ම ප්‍රිය කරන්නේ අසම්මත චරිතවලටය. අංක 7 පුද්ගලයෙකු අංක 6 පුද්ගලයෙකුගේ ඇසුරට පත්වුවහොත් විස්මිත නිර්මාණයන් බිහිවේ. ඒ අංක 7 දාර්ශනික ස්වභාවයට අංක 6 නිර්මාණාත්මක හැකියාවන් සහ සම්බන්ධ වීමෙන් එවැනි නිර්මාණයන් බිහිවන නිසාය.

ආගම සම්බන්ධයෙන් ද ඔහුන්ගේ අදහස් අපුර්ව ඒවා වෙයි. ඔවුන් ඔවුනට ආවේණික වන අන්දමට ආගම අර්ථකථනය කරනු ඇත. සාමාන්‍ය සම්ප්‍රදාය ප්‍රිය නොකරන අතර බොහෝ විට සම්ප්‍රදායෙන් ඉවත් වෙති.

මොවුනට සියලු කටයුතු සඳහා සුබ දිනයන් වන්නේ මාසයේ අංක 7 ට යෙදෙන 7,16,25, දිනයන්ය. සතියේ සුබ දිනයන් වන්නේ ඉරිදා සහ සඳුදාය. මේ දිනයන් ඕනෑම මාසයක පොදු නමුත් ඉතාම වැදගත් කටයුතු සඳහා ජුනි මාසයේ 21 ත් ජුලි මාසයේ 21 අතර කාලය තෝරාගන්න. වැදගත් වසර වන්නේ 2,7,11,16,20, 25, 34, 38, 43, 47, 52, 56 යන වර්ෂ වේ. මිතුරන් ලෙස පෞද්ගලික අංක 1,2,4,7,5 පුද්ගලයන් ඉතාම සුදුසු වේ. පෞද්ගලික අංක 7 හිමියන් ට සතුරන් නොමැත.

ජිවිතයේ සාර්ථකත්වය සඳහා කොළ, සුදු, කහ, අළු සහ තද දුඹුරු පැහැයේ වර්ණයන් භාවිත කරන්න. ඉහත වර්ණවලින් සැදුම් ලත් ඇඳුම් හෝ කුඩා ලේන්සුවක් හෝ භාවිත කරන්නේ නම් මැනවි. අංක 7 හි විකල්ප අංකය අංක 2 ය. ඔවුන්ගේ වසනාවන්ත මැණික් වනුයේ ග්‍රීන් ජේඩ් ය. මේ ගල් කැබැල්ලක් සමෙහි ගැටෙන්නට පැලඳිය යුතුය.

ලබන සතියේ පෞද්ගලික අංක 8 හිමි අයගේ ජීවන තොරතුරු කථා කරමු.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.