සතුරු කරදර මුලින් හඳුනාගන්න

අප්‍රේල් 21, 2023

පුහුදුන් අපට පමණක් නොව බුදුපියාණන්ටද සතුරන් සිටි බැව් නොරහසකි. මෙවන් සතුරු බලවේග කල්තබා හඳුනා ගැනීමට හැකි එකම ක්‍රමවේදය ඡ්‍යෝතිෂයේ දක්වා ඇත්තේය.

සතුරන් නිසා පුද්ගලයකුට ඇතිවන මානසික හා කායික “පීඩනයන්ට ගොදුරුවීම සොබාවිකයි. බොහෝවිට සිය මිතුරන් රහසිගත ඉතාම සියුම් ක්‍රම වේදයන් හරහා සතුරුකම් කරන බව පෙනේ. අද වන විට සතුරු බලවේග ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ව්‍යාපාරිකයෙක්, දේශපාලනඥයෙක් හෝ වෙනත් ක්ෂේත්‍රයක නියැළී සිටින කෙනකුට සතුරු බලවේග ගොඩ නැඟීම ගැන ඡ්‍යොතිෂ විද්‍යාවේ කරුණු හෙළිකර තිබේ.

සතුරු කරදර නිසා දිවි නසා ගත් අයත් මුළු ජීවිත කාලයම දුක් විඳින අයත් සමහර විට සියදිවි නසා ගන්නා අයත් මේ අතර වේ.

යම් කායික හා මානසිකමය කරදරයක් සිදු වීමට පෙර ඒවා හඳුනාගෙන එයින් වැළකීමට ඇති එකම මඟ නම් ඡ්‍යොතිෂ්‍ය වේ.

සතුරු බලවේග නිසා ඉතාම යහපත් ජීවිතවලට අනතුරුදායක සිදුවීම්වලට මුහුණ දීමට සිදු වී තිබේ.

සතුරු කරදර ගැන පුන පුනා කීමට අවශ්‍ය නැත. නිරන්තරයෙන්ම කාට වුවත් සතුරු පීඩා කොයි මොහොතක හෝ සිදු විය හැක. ඡ්‍යොතිෂ විද්‍යාත්මක පදනම මත බලන විට 10 වැන්නාධිපති 6 වැන්නේ වීම 6 පාප පීඩිතව 6 අධිපති ලග්නයේත් ලග්නාධිපති 6 වැන්නේ වීම පාපී පෙනුම පාපීන්ට මැදි වීම නිසා සතුරු පීඩා ගෙන දේ.

3 වැන්නාධිපති 6 වැන්නේ සිටීමද 5 වැන්නාධිපති 6 සිටීමද 4 අධිපති පාපීන් දැකීමද ලග්නය හා දහය අධිපති සතුරුව 10 යේ හෝ ලග්නයේ සිටීමද ලේ නෑයින් සතුරු වන්නේය. සතුරු බලවේග හඳුනා ගැනීමට ඒ ඒ ලග්න අනුව අදාළ ග්‍රහයන්ගේ බල දුබලතා හඳුනාගත යුතුයි. අතිවිශාල පිරිසකගේ කේන්ද්‍ර පරීක්ෂා කිරීමේදී උග්‍ර ලෙස සතුරු පීඩාවන්ට ලක් වී ජීවිතය කඩා වැටුණ අය දුටුවෙමි.

සිතන්නට පවා නොහැකි ලෙස දූ දරුවන් පවුලේ ලේ නෑයින්. එපමණක් නොව සැමියන්, බිරින්දෑවරුන්, සහෝදර සහෝදරියන් ඇතුළු පිරිසක් සතුරන් බවට පත්වන්නේ කෙසේද යන්නත් ගැටලුවකි.

තමා තමාටම සතුරුවන බවත් සියදිවි නසා ගැනීමේදී හෙළිවී ඇත.

සඳු මකරයේ හෝ කුජ මිථුනයේ සිටියදී බලවේග සෑදේ. රවි, කුජ, රාහු ආදි ග්‍රහයින් ගෙන්ද බල දුබලතා හරහාද නැකත් දශා ගෙවී යන ආකාරයටද සතුරු බලවේග ගොඩනැඟේ.

ග්‍රහයන් ස්වක්ෂේත්‍ර උච්ච මිත්‍ර වූ පමණින්ම සුබ තත්ත්වය පමණක් නොව අසුබ තත්ත්වයන් උදාවන බැව් පර්යේෂණවලදී හෙළි වී තිබේ.

මනසට වද දෙන කුජ, රාහු, රවි හෝ කේතු , ශනි, ලග්නගතව දුර්වලවීමත් 6 වැන්න ඉතාම අසුබ තත්ත්වයේ පැවතීම හරහාද සතුරු බලවේග ගොඩ නැඟේ. 8 වැනි මාරකස්ථානයේ ග්‍රහයින් නීච දුර්වල හා සතුරු තත්ත්වයට හසුවීම හරහාද වහා සතුරු බලවේග ගොඩනැඟේ. ජීවිත හානිවලටද ඉඩ තිබේ.

ලිංගිකමය කරුණු හරහා 7 වැන්නේ සහ 8 වැන්නේත් 6 වැන්න මූලාශ්‍රය කොට ඇති වන ග්‍රහ බාධක දෝෂ හේතුකොට ගෙන වහාම සතුරු බලවේග ගොඩනැඟෙන බැව් ග්‍රහ පිරික්සීම් වලදී හෙළිවී ඇත්තේය.

ඔබේ කේන්ද්‍රය ගැඹුරින් පරීක්ෂා කර බලන්න. ඔබට යම් කිසි සැකයක් ඇත්නම් එය උග්‍රවීමට පෙර යථා තත්ත්වයට පත් කර ගැනීමට උපක්‍රමශීලිවීම වැදගත් වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.