වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
අර්ධ සූර්යග්‍රහණය අප රටට කෙසේ බලපාවිද?
ඔක්තෝබර් 21, 2022
සූර්ය ග්‍රහණයක දී තත්කාල කේන්ද්‍රය යොදා ගත යුතු වන්නේ අමාවක පොහොය ලබන වෙලාවටයි. මේ අනුව 24 දින සවස් යාමයේ එකී වේලාවට මීන ලග්නයත්, වර්ගෝත්තම මීන නවාංශකයක් උදාව පවතී. තත්කාල කේන්ද්‍රයේ ගුරු ලග්නගතව යුරේනස් දෙවැන්නේ ද කුජ හතර වැන්නේ ද සත් වැන්නේ බුධ ද අටවැන්නේ රවි, චන්ද්‍ර, සිකුරු ද එකොළොස් වැන්නේ සෙනසුරු සහ දොළොස්වැන්නේ නෙප්චූන් ද සිටියි. මෙහි ග්‍රහ පිහිටීම් සැලකිල්ලට ගත් කළ රටට සහ රට කරවන අයට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ. විරුද්ධ පාර්ශ්වයන් ගේ වාද විවාදවලට ලක් වේ. විදේශ මැදිහත්වීමෙන් මූල්‍යමය තත්ත්වයන් ඉහළ නැංවී අපේක්ෂිත ආර්ථික කළමනාකරණය සමඟින්ම මුදල් හා සම්බන්ධ ගිවිසුම් ඇතිකර ගනී. විවිධ අංශ මඟින් මහ බැංකුව පොහොසත් වෙයි. රජය විවේචනය කිරීම අඩුවක් නොවන නමුත් පරිසර විපත් වැඩිවේ. මාර්ග අනතුරු හේතුවෙන් මගී ජීවිතවලට හානි. මුදල් අවභාවිතා කරන අයට නීතිමය පියවර. සොර සතුරු උපද්‍රව වැඩි වෙන අතරම එවැනි අය නීතියේ රැහැනට. ප්‍රභූ මරණ ගැන අසන්නට ලැබේ. නාවික හා පතල් ආශ්රිත සේවා නියුක්ත අයට විපත්. කාර්මික ජීවන තත්වයන්ට පැමිණීමෙන් විපත් අවම කරගන්න.
-----------------
මහරගම ‘අපේක්ෂා රෝහලේ’ ළමා වාට්ටුවට වටිනා ඖෂධ සහ ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාගයක්
‘ලෝක ළමා දිනය’ වෙනුවෙන් ‘කලම්බු රෝයල්ටි සිංහ සමාජය’ මඟින් පසුගිය දින දිස්ත්‍රික්ක 306 සී 1 ජාත්‍යන්තර සිංහ සමාජයේ හිටපු සිංහාධිපති සිංහ මහින්ද පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වටිනා ඖෂධ තොගයක් සහ ක්‍රීඩා භාණ්ඩ රැසක් මහරගම ‘අපේක්ෂා රෝහලේ’ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මැතිතුමා වෙත භාර දුන් අවස්ථාවයි මේ.
සත්වන වරටත් ‘ලෝක ළමා දිනයේදී’ මහරගම ‘අපේක්ෂා රෝහලේ’ පැවති මෙම උත්සවය සඳහා සිංහ සමාජයේ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මහත්ම මහත්මීහු සහ සිසුහු රැසක් සහභාගි වූහ. මෙහි වමේ සිට දකුණට, කර්නල් සිංහ ප්‍රදීප් සේරසිංහ, රෝහල් ලේකම් ප්‍රදීප් රසාංග, සිංහ සමාජ සංවර්ධන සහ කලාපීය සභාපති සිංහ ඇන්ටන් ජයමාන්න, ‘කලම්බු රෝයල්ටි සිංහ සමාජයේ’ සභාපති සිංහ ධම්මික ගුණසේකර, විශේෂ ආරාධිත හිටපු සිංහාධිපති සිංහ මහින්ද පෙරේරා, ‘අපේක්ෂා රෝහලේ’ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, ඖෂධ ව්‍යාපෘතියේ සභාපතිනි සිංහ යමුනා සෙනෙවිරත්න, සිංහ ඩියානි ප්‍රනාන්දු, භාණ්ඩාගාරිකා සිංහ ෂෙරීන් ෆොන්සේකා, ප්‍රවීණ විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥ සිංහ අනුර සී. පෙරේරා සහ සිංහ රනුක දිසානායක යන මහත්ම මහත්මීහු වෙති.
෴ සබැඳි ලිපි ෴
මෙතෙක් කතාව...දුම්රිය ගමනක යෙදී සිටියදී හමුවුණුු වෙනස් රුවක් ඇති අමුත්තකු වූ කොල්වින් රහසින් විමසුවේ බිරන්ඩිසිවලින් නෞකාවට නැඟුණු පසු ඔහුට මගේ...
2024-04-11 18:30:00
මේ උත්සව සමයේ සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරුවක් තිලිණ කර දීමට අපි කටයුතු කරමු . ඒ සඳහා මෙවර අපි තෝරා ගත්තේ හත්මාළුවයි. ඈත අතීතයේ සිටම හෙළයන්ගේ...
2024-04-04 18:30:00
සිංහල අලුත් අවුරුද්ද විවිධ චාරිත්‍ර හා සිරිත්වලින් අඩුවක් නැත. මේ චාරිත්‍ර අතරින් හිසතෙල් ගෑම උත්සවයක් ලෙස කටයුතු කරන්නේ එම සිරිතේ ඇති වැදගත්කම නිසා...
2024-04-04 18:30:00
ශ්‍රී ලාංකේය ජාතික හා ආගමික උත්සව අතරින් බොහෝ ජන විශ්වාස සහ ඇදහිලි සම්බන්ධ වූ එකම ජාතික උත්සවය වන්නේ සිංහල අවුරුද්දයි. එනිසාම එය බක්මහේ හෙවත් භාග්...
2024-04-04 18:30:00
යම් සුබ කටයුත්තක් ආරම්භයේදී කිරි මුට්ටියක් ඉතිරීම සිංහල සංස්කෘතියේ ඉතා උතුම් අංගයකි.මුල්ගල තැබීම විවෘත කිරීම සහ මංගල සම්මත අවස්ථාවලදී කිරි...
2024-04-04 18:30:00
යම් දෙයක් සිදු වීමට පෙර ඒ පිළිබඳ කිසිදු පූර්ව දැනුමකින් තොරව කෙනකු කරන ප්‍රකාශයක් හරිගිය අවස්ථා ඔබ අත්විඳ ඇති.නැත්නම් එවන් දෙයකට සවන් දීමට...
2024-03-28 18:30:00
“ගුප්තවේදය” අපේ ගැමි භාෂාවෙන් කියනවා නම් නිහඬව ගුරුකම් කිරීමයි. දැන් දැන් නම් මේ ශාස්ත්‍රය අපෙන් ටික ටික අඩු වී ගෙනයි යන්නේ. ඒකට හේතු බොහොමයක්ම...
2024-03-28 18:30:00
මනෝ තරංග, ශබ්ද තරංග හා දෘෂ්ටිපථ තරංග ඔස්සේ පුද්ගල ආකර්ෂණය ඇති කර ගැනීමට හැකිවේ. සිරුරේ භාෂාවද මෙයට ඉවහල් වේ. දෙනෙත්වලින් කාන්දු වන කිරණ (නෙත් සැර)...
2024-03-28 18:30:00
උපන්නේ ඔබ අද නැකැතින් නම් සෞන්දර්ය අංශයෙන් නමක් දිනා ගැනීමේ වාසනාව තිබේ. විශේෂයෙන්ම සිරුරේ භාෂාව මඟින් නිරීක්ෂණය කරන විටදී අංග චලන භාව චලනයන්හි...
2024-03-28 18:30:00
ඕං විදුගන සරස්වතී විදානගුලිලිපන් නමඞ ඕං ගුලි ධාරනේස්වා හඞසිද්ධි සිද්ධි කරුගනම් මමය.ක්‍රමය -වතුරට 21 වර මතුරා උදේ සවස බොනු.ඊටම ඕං නමෝ සරස්වතී භවනේ...
2024-03-28 18:30:00
“බෙදාගත්තු බත්පත කන්න බෑ ගල් දානවා.”“අය්යෝ සෝමේ, අපේ නැන්දට නිදා ගන්න බෑ ඇඳෙන් ඇදලා දානවා.”“ඇයි ගියා නේද නිමිත්තක් බලන්ඩ”“ඔව්, ඔව් ඒකට කීවනේ...
2024-03-28 18:30:00
ශ්‍රී ලංකාව තුළ වෙසෙන බොහෝ පුද්ගලයන් ඒරාෂ්ඨක කාල වකවානුවලට ඉතා දැඩි බියක් දක්වන බව පෙනේ. එනම් ඔවුන් සිතා සිටින්නේ ඒරාෂ්ඨක කාල වකවානුවලදී “මරණය...
2024-03-28 18:30:00
කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන්ගේ චරිතය තුළින් අපූර්ව ලක්ෂණද පෙන්නුම් කෙරේ. හොඳට හොඳ මෙන්ම, නරකට නරකක් කිරීමටද උන්වහන්සේ...
2024-03-28 18:30:00
අද අප මේ ලබා දෙන්නේ යන්ත්‍ර මන්ත්‍ර ආදි ගුරුකම්වල යෙදෙන පුරාණ ඇදුරන් ඉතාම සුරක්ෂිතව තබාගෙන පරපුරේ ඇදුරන්ට පමණක් ලබා දෙන ඉතා බලවත් ජීවමක් වූ...
2024-03-28 18:30:00
මෙතෙක් කතාව...දුම්රිය ගමනක යෙදී සිටියදී හමු වුණුු ශක්තිමත් දෑතක් සහ ස්වල්ප රේඛා සහිත අත්ලක් මෙන්ම ගැඹුරු කැපුම් තුවාලයක් සහිත කඩවසම් අමුත්තකු වූ...
2024-03-28 18:30:00
අලි ගැට පේර මෙරට මෙන්ම පිටරටද ඉතා ජනප්‍රිය ගුණදායක පළතුරකි. එනිසාම අලිගැට පේර මඟින් සැකසිය හැකි රසවත් ආහාර ගණනාවකි. පලතුරක් ලෙස පමණක් නොව ක්...
2024-03-21 18:30:00