වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඇතැම් ගැහැනු දරුවන් වැඩිවියට පත්වීම ප්‍රමාද වන්නේ ඇයි?
අප්‍රේල් 29, 2022
සාමාන්‍යයෙන් ගැහැනු දරුවකුගේ වැඩිවිය පැමිණීම ලෙස හඳුන්වනුයේ, ප්‍රථම ආර්තවය සිදුවීම වශයෙන් හඳුන්වා දිය හැකියි. නමුත් මෙය වෛද්‍ය විද්‍යාවට අනූව නම් ඊට හාත්පසින් වෙනස්, සංකීර්ණ ක්‍රියාවලියකි. මෙහිදී, අප සාමාන්‍යයෙන් හඳුනාගන්නා පළමු ආර්තවය යනු සම්පූර්ණ ආර්තව ක්‍රියාවලියේ එක් අවස්ථාවක් වන අතර, එය තවත් ක්‍රියාවලි ගණනාවක් සමඟ බැඳී පවතී.
වයස් සීමාවන්වල බලපෑම
සාමාන්‍යයෙන් දැරියක් වැඩිවියට පත්වෙතැයි අපේක්ෂා කරන වයස් සීමාව අවුරුදු 12 – 14 දක්වා කාල පරාසයක පවතී. පසුගිය වසර සියයක පමණ කාලය සලකා බැලුවහොත් ලෝකයේ ගැහැනු දරුවන් වැඩිවියට පත්වීමේ වයස ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව පැහැදිලි කරුණකි. මෙයට හේතුව ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ දරුවන්ගේ ආහාර රටාවේ ඇති වූ ප්‍රබල වෙනස්කම් නිසා පෝෂණයේ ඇතිවන වෙනස්කම් හේතුවෙන් මෙවැන්නක් සිදුවී ඇති බවයි. අධිපෝෂණයෙන් යුතු සකස් කළ ආහාර පාන හා කුකුල් මස් වලින් ද, කෘත්‍රිම වර්ධක හෝමෝන භාවිතයෙන්,වෙළඳපොළට එන ආහාර බහුලව ආහරයට ගැනීම මීට එක් හේතුවකි.
ශරීරයේ සිදුවන වෙනස්වීම්
වැඩිවියට පත්වීමේදී දැරියකගේ ශරීරය විවිධ වෙනස්කම් රැසකට භාජනය වෙයි. මේ නිසා මෙය එක් අතකින් සංක්‍රාන්ති සමයක් ලෙස ද හඳුන්වා දිය හැකිය. මුල් අවස්ථාවේ දරුවාගේ උස වැඩිවීම සිදුවන අතර ඒ සමඟම පියයුරු වර්ධනය, ලිංගික ප්‍රදේශ ආශ්‍රිතව හා අත්යට රෝම වර්ධනය, ශරීරය මනාව පිරුණු ස්වභාවයක් ගැනීම ද සිදුවේ. මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස ආර්තවය (මාසික ඔසප්වීම) සිදුවේ. දැරියකට සිදුවන මෙම පළමු “ රුධිරය පිටවීම ” ගැමි සමාජය විසින් වැඩිවියට පත්වීම ලෙස හඳුන්වයි.
වැඩිවිය පැමිණීම ප්‍රමාද කරවන හේතු
සමහර දැරියන් කිසිදු රෝගාබාධයක් නොමැතිව, ස්වාභාවිකව අන් දැරියන්ට වඩා මඳක් පසු වී වැඩිවියට පත්වනු දැකිය හැකිය. සාමාන්‍යයෙන් එම දැරියගේ මව, සහෝදරිය ආදී වශයෙන් වූ පවුලේ සමීප ඥාතීන් වැඩිවියට පත්ව ඇත්තේ තරමක් ප්‍රමාද වී නම් බොහෝ විට එවැනි ගැහැනු දරුවන් ද තරමක් ප්‍රමාද වී වැඩිවියට පැමිණීම සිදුවීම දැක ගත හැකියි. මෙහිදී සඳහන් කළ යුතු විශේෂිත කාරණය වන්නේ දරුවාගේ සිරුරේ පියයුරු වර්ධනය, රෝම වර්ධනය, උස යෑම නිසිලෙස සිදුවේ නම් වයස අවුරුදු 16 පමණ වනතෙක් ආර්තවය ප්‍රමාද වීම ගැන එතරම් කලබල වීම අවශ්‍ය නොවන බවයි.
හෝමෝන
අසමතුලිතතාවය
දැරියක් වැඩිවියට පත් වීමට ශරීරයේ යම්කිසි ප්රශස්ත බරක් තිබීම ඉතා වැදගත් වේ. නමුත් යම්කිසි දරුවකු බෙහෙවින් කෙට්ටු නම්, එසේම ක්‍රීඩාවල නිතර යෙදෙනවා නම් එවැනි දැරියන්ගේ ද පළමු ආර්තවය මඳක් ප්‍රමාද වීම සුලබව සිදුවිය හැකිය. එමෙන්ම දැරියකගේ වැඩිවිය පැමිණීමට හයිපොතැලමස, පිටියුටරි ග්‍රන්ථිය, ඩිම්බකෝෂ යන අවයවයන්ගෙන් ස්රාවය වන හෝර්මෝන අතිශයින් වැදගත් වේ. මෙම හෝර්මෝනවල යම්කිසි අසමතුලිතතාවක් පැවතීම ද දැරියකගේ වැඩිවිය ප්‍රමාද වීමට බලපායි. ඊට අමතරව කාන්තා ප්‍රජනක පද්ධතියේ පවතින අසාමාන්‍යතා හා සංකූලතා නිසාත්, පළමු ආර්තවය සිදුවීම ප්‍රමාද වීමට ඉඩ ඇත. එමෙන්ම සමහර රෝගාබාධ එනම්, අධික ස්ථූලතාව, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත රෝග තත්ත්ව සහ ශරීරයේ පවතින වෙනත් රෝගී තත්ත්ව ද දරුවකු වැඩිවියට පත්වීම ප්‍රමාද කළ හැකි සාධක වේ.
වෛද්‍ය උපදෙස් ලැබිය යුතු අවස්ථා
මේ සාධක හැරුණු විට බොහෝ දැරියන් වැඩිවියට පත්වීම ප්‍රමාද වීමට තහවුරු කරගත නොහැකි හේතු සාධක ද බලපෑ හැකිය. හඳුනා නොගත්, මඳක් අසාමාන්‍ය මෙවැනි තත්ත්වයන් වලදී සමවයසේ අනිකුත් ගැහැනු දරුවන් වැඩිවියට පත්වී තමා පමණක් වැඩිවියට පත් නොවීම පිළිබඳව දැරියක තුළ විශාල මානසික කම්පනයක් ඇති කළ හැකි වේ. එනිසා මෙවැනි පසුබිමක් තුළ සිටින දරුවන්ට මවුපියන්ගේ නොමඳ අවධානය හා සහාය නිරතුරුවම අවශ්‍ය වනු ඇත.
දියණියට වඩාත් සමීප වී කටයුතු කිරීම මෙන්ම අවබෝධයෙන් මේ අවධියේදී කටයුතු කිරීම අතිශයින් වැදගත් වේ. මේ කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් දැරියක වයස අවුරුදු 14ක් පමණ පසුවීත් වැඩිවිය පැමිණීම සිදුවී නැත්නම් හෝ එම දැරිය වැඩිවිය පැමිණීම මේ කාලවකවානුව තුළ සිදු නොවන බවක් පෙනී යනවා නම් ප්‍රසව හා නාරිවේදය පිළිබඳ වෛද්‍යවරයකු හමුවීමෙන් ඒ පිළිබඳ ඊට බලපාන හේතු සහ ඒ සඳහා කළහැකි පිළියම් ගැන සාකච්ඡා කර අවශ්‍ය ප්‍රතිකාර ලබාගත හැකියි.
(ඩ්ඥපචතඤ ර්‍ණජ් ඩ්ඥචතබඩ ඇසුරිණි) කීර්ති එස්. කුමාර
෴ සබැඳි ලිපි ෴
මෙරට කිහිප වරක්ම රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලද ඩඩ්ලි සේනානායක මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය “කන්‍යා” වන අතර...
2024-05-23 18:30:00
මෙතෙක් කතාව :-තරුණ වියේ පසුවන වෘත්තිකයන් සිව් දෙනෙකු අමතා ඉන් එකෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක දැකීම...
2024-05-23 18:30:00
පානදුර ප්‍රදේශයේ දෙමහල් නිවසකි. බැලූ බැල්මට එතරම් දෝෂයක් නැතැයි හැඟෙන පරිසරයකි. විධිමත්ව සකස් කර ඇති උද්‍යානයකින්ද යුතු මේ නිවසේ ජීවත් වන්නන් යම්...
2024-05-23 18:30:00
මේ දිනවල සූර්යයා වටා රතු සහ කොළ පැහැති වළලු ද්විත්වයක් දැකීමට ඇතැම් අවස්ථාවල හැකියාව ඇත. එහෙත් එය ප්රමුඛව නොපෙනෙන්නේ සූර්යා දෙස ඍජුව බැලීමට නොහැකි...
2024-05-23 18:30:00
දෛව අංක විද්‍යාවේ තිබෙන ගුප්ත ක්‍රම මඟින් වාසනාව උරගෑමේ විවිධ ක්‍රම ඇත. මේ ක්‍රමයට ඔබේ උපන් ලග්නයට හා නමේ මුල් අකුරට හිමි ජය අංක තෝරාගෙන වාසනාව...
2024-05-16 18:30:00
යමෙකු මෙලොව ජන්ම ලාභය ලැබීමෙන් පසු ඔහු කුඩා කල සිට මරණය දක්වා විවිධ කාල පරාසයන් පසු කරයි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව යමෙකු ජන්ම ලාභය ලබන අවස්ථාවේ දී...
2024-05-16 18:30:00
සේන උන්නැහේට එන වින්නැහි දරා ගන්නට බැරි තැන උන්නැහැ යනව පේනයක් අහන්ඩ. මීට ඉස්සර දෙතුන් පළකට ගියත් හරියට යමක් කියවුණේ නැති නිසා මිනිහ උන්නේ හරිම...
2024-05-16 18:30:00
ලංකාව තුළ මේ වකවානුවේ අඹ ගස්වල ඵලදාව ගොඩක් වැඩියි. ඔබේ නිවසේ අඹ ඇති නම් අපතේ නොයවා මේ රසවත් ආහාර සකසා ගන්න. පිසූ ආහාරයට වඩා අමුවෙන් ආහාරයට ගැනීම පෝෂ්...
2024-05-16 18:30:00
බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් හෝ වෙනත් ආගම් අදහන සෑම භක්තිමතෙකු තුළම බුද්ධිය හා දැනුමට පමණක් සීමා නොවූ භක්තියකුත් ඇත. උග්‍ර භෞතිකවාදීන් මනුෂ්‍ය...
2024-05-16 18:30:00
වියළි කාලගුණික තත්ත්වය තව තවත් තීව්ර කරමින් කොණ්ඩදෙණිය, යාබද යාපහුව, මහව ප්‍රදේශයට ඉඩෝරය කර්කෂව දැනෙන්නට විය. සිඳී ගිය වැව්තාවුල්ල නියඟයේ උග්...
2024-05-16 18:30:00
මනුෂ්‍යයත්, ස්වභාවධර්මයාත් අතර පවතින්නේ ඉතාම කිට්ටු සමීප සම්බන්ධතාවක්. කොටින්ම කිව්වොත් ජීවියාට ස්වභාවධර්මයා නැතිවම බැරිතරම්. ඒ බව බොහෝ දෙනා දැන...
2024-05-16 18:30:00
ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය ‘කන්‍යා’ වන අතර චන්ද්‍රයා 7 වැනි භාවය...
2024-05-16 18:30:00
මෙතෙක් කතාව :-තරුණ වියේ පසුවන වෘත්තිකයන් සිව් දෙනෙකු අමතා ඉන් එකෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක දැකීම...
2024-05-16 18:30:00
මෙතෙක් කතාව:-තරුණ වියේ පසුවන වෘත්තිකයන් සිව් දෙනෙකු අමතා ඉන් එකෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක දැකීම...
2024-05-09 18:30:00
මිනිස් ජීවිත පහළ වූදා පටන් මිනිසුන් එකිනෙකා හා බද්ධ වෙමින් විවිධ ක්‍රියාකාරකම්වල නිරත විය. ඔවුහු තම ජීවිතයේදී විවිධ විශ්වාසයන් ඇදහිලි හා...
2024-05-09 18:30:00
සතවෙත මහත්වූ දයානුකම්පාව දැක්වූ කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකි. ආයුර්වේද වෛද්‍ය ක්රමයේ කෙළ පැමිණියෙකුද...
2024-05-09 18:30:00