ශිෂ්‍යත්ව විභාගය ජය ගැනීමට සෙත්කවි පෙළක්

ජනවාරි 21, 2022

ඔබේ විශ්වාසය හා කැපවීම තුළින් ශිෂ්‍යත්ව විභාගය ඇතුඵ සියලු විභාග ඉහළ ලකුණු ලබා සමත්වීමට ප්‍රබල සෙත්කවි පෙළක් මෙන්න.

මස්, මාළු, කිලිකුණුවලින් ඈත්ව පිළිවෙත්හි සිට උදේ හෝ හවස 6.00 - 8.24 අතර කාලය පහසු පරිදි යොදාගන්න.

පළමුව බුදුන්ට මල් පහන් සුවඳ දුම් පූජා කර දෙවියන්ට පින් දෙන්න.

පළමු දිනයේ පමණක් පිරිසුදු සුවඳ හමන පලතුරු වර්ග 5 ක් දෙවියන්ට අදාළ පාට සුවඳමල් හා ස්වාභාවික මල් මාලාවක් බැඟින් පහන්, හඳුන්කූරු ද සහිතව ඒ ඒ දෙවියන් ඉදිරියේ පූජාකර නැවත පින් දී සෙත් කවි ගායනා කරන්න. නිවැරදි උච්චාරණය හා ළයාන්විත ගායනය වැදගත්වේ. විෂ්ණු දෙවිඳුට මදුරුතලා පත්‍ර, කතරගම දෙවිඳුට අඹ පත්‍ර, ගණදෙවිඳුට කෙසෙල් පත්‍ර මත පූජාව තබන්න.

ශ්‍රී විෂ්ණූ දෙවියන් වෙතට

වාසු දේවං පරං බ්‍රහ්මඞ

තෘණ මූර්තිඞ පුරුෂඞ පරඞ

ස්ව්‍යක අස්ත්‍ර ගුණේ ශාන්තඞ

ශ්‍රී විෂ්ණු නමෝ වරම්

 

සෙත්කවිය

ලමින දිවනෙත ලොවම සුරකින පතන බුදුබව ලොවෙහි ගරුවන

දරනු දසබල දෙවිඳ සිරිපති සසර පිනමත විකුම පතුරන

දෙවන ගහදොස සියලු අණවින දරුව හැර ඉවතටම යවමින

ලියන විභහගෙ සතිර ජය දුන මැනවි ඉහළම ලකුණු සමඟින

 

පින්දීම

සම්බුද්ධ ශාසන වරං යති පුංගවඤ්ච

සම්පාලනාය පටිලද්ධ වරෝ මහිද්ධී

පුඤ්ඤානි මානි අනුමෝදිය වාසුදේවෝ

පාලේතුමං සතත සාත හිතා වහන්තු

 

කතරගම දෙවියන් වෙතට

විමල නිජ සදාබ්දං වේද වේදාන්ත වෛද්‍යං

මම කුල ගුරු දේහං වාද්‍ය ගාන ප්‍රමෝහම්

රමණ සුගුණ ජාං රංග රට්භාගි නෙයා

කමල ජනිත පාදං කාර්තිකේයං භජාමි

 

සෙත් කවිය

ලැබුන දිවසැප පතන බුදුබව සසුන සුරකින රුහුණ හොබයා

රකින සදහම දිවැස හෙලමින කදිර සුරිඳුනි බලැති ගරුවන

තිබෙන, දරුව ගෙ නිති අපල දොස ඉවත හරිමින සෙතම සදමින

ලියන විභහගෙ සතිර ජය දුන මැනවි ඉහළම ලකුණු සමගින

 

පින්දීම

සම්බුද්ධ සාසන වරං ඉධරෝහණස්මිං

සම්පාලනාය ජිනදත්ත වරෝ මහිද්ධී

පුඤ්ඤානුමෝදිය සලාතන දේව රාජා

පාලේතුමං සත්තසාත හිතා වහන්තු

ගණ දෙවියන් වෙතට

ගණපති පරිවාරුම් – චාරුකෙයුර භාරම්

ගිරිධර වරහාරම් – යොගිනී චක්‍රවාරම්

භව භය පරිසාරම් – දුක්ඛ දාරිද්‍ර ධූරම්

ගණපති මහිවන්දේ – චක්‍ර තුණ්ඩාව තාරම්

 

සෙත්කවිය

ලමින දිවනෙත – පවර කිතුගොස නැණ නුවණ දෙන ඉසුරු සලසන

නසන විනදොස සතර අධිපති බලැති ගණදෙවි බැතින නමදින

තිබෙන අණවින සියලු ග්‍රහගති දරුව හැර ඉවතටම යවමින

නුවණ දිරිබල පිහිට දෙනුමැන විභහගයෙ ජය සතිර කරමින

 

පින්දීම

වන්දේ ගණේෂං දේවේන්ද්‍රං - සර්ව විස්නාපහාරිණං

ආරක්ෂාං කුරුතාං මහ්‍යං – කාය¸ාකාය්‍යෙෂු සර්

සර්ව සෞභාග්‍යය සැලැසේවා!

 

විදුහල්පතිනි චිත්‍රා මාලනී ජයකොඩි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.