වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඔබේ සහකරුවාත් මේ වගේද
නොවැම්බර් 26, 2021
හතර වරිගයටම වග කියන හතර වර්ගයක පිරිමි ගති ලක්ෂණ
පිරිමියා සහ කාන්තාව අතරින් කායික ශක්තියෙන් ඉහළ තැනැත්තා පිරිමියා වුවද වත්මන් කාන්තාව තම බුද්ධි මහිමයෙන් කැපවීමෙන් අධ්‍යාපනයෙන් ලබා ඇති තත්ත්වය පිරිමියා අතික්‍රමණය කරන (ඉක්මවා යන) බව පැහැදිලි සත්‍යයකි.පිරිමි මූලික සමාජය තුළ කාන්තාව ප්‍රබල වී සිටියද ඇතැම් කටයුතු වලදී පිරිමියාගේ දායකත්වය ඉහළින්ම කැපී පෙනෙයි.
මේ විමසුම ඡ්‍යොතිෂයට අනූව පිරිමින්ගේ ගති ලක්ෂණ පිළිබඳයම් අවබෝධයක් ඔබට ලබාදීම පිණිසයි.
ඡ්‍යොතිෂයට අනූව ලෝකයේ වෙසෙන පිරිමි ඔවුන්ගේ දේහ ලක්ෂණයන් අනූව වර්ග හතරකට බෙදනු ලැබෙයි.හැඩරුව, ගතිගුණ දෙස ඉතා වුවමනාවෙන් ඔබ විමසා බැලුවහොත් ඔබ විමසන පුරුෂයා කෙබඳු අයුරක පුරුෂයෙක්ද යන්න මේ අනුව වටහා ගත හැකිය.
“ශෂ” වර්ගයේ පිරිමි
ඡ්‍යොතිෂයට අනූව පිරිමින් වර්ග කිරීමේදී මුල්ම කොටසට අයත් වන්නේ “ශෂ”පුරුෂයාය.මේ “ශෂ” පුරුෂයාගේ මුහුණ රවුම් වටකුරු හැඩයක් ගනියි.උස මධ්‍යම ප්‍රමාණයකින් යුක්තය.දෑත් වල ඇඟිළි අතර ඉතා විශාල හිඩැස් දැකිය හැකිය.දෑස් රතුපැහැයෙන් යුක්තය.පපුවේ සහ පිටේ පවා රෝම සහිත සිරුරක් හිමි “ශෂ” වර්ගයේ පුරුෂයා ඉතාම යුක්තිගරුකය.මානව දයාවෙන් යුක්තය.අන්‍යයන්ගේ සැපය වෙනුවෙන් තමන්ගේ බොහෝ දේ කැප කරනු ලබයි.එසේම ශෂ වර්ගයේ පුරුෂයාට කරදර කම්කටොලු ගෙනදීමට පියවර ගන්නා අන්‍යයන් බුද්ධියෙන් මට්ටු කරන්නට තරම් මානසික තත්වයක් හා ශක්තියක් ශෂ වර්ගයේ පුරුෂයා සතුය.
එකවිට කාර්යයන් කීපයක් කිරීමට දක්ෂ “ශෂ”වර්ගයේ පුරුෂයා තමා අතින් අතපසු වීමකින් හෝ සිදුවූ වරදක් වුවද වගකීමෙන් බාරගනියි.තමා නොකළ වරදක් තමන් වෙත පටවන්නේ නම් තදින් කිපෙයි.ජීවිතයේ සියලුම කටයුතු පිළිවෙලකට කරන මේ “ශෂ” වර්ගයේ පිරිමියා ඡ්‍යොතිෂයේදී ඉතා සාර්ථක දැහැමි,පරාර්ථකාමී යහපත් පුද්ගලයකු ලෙස අර්ථ දක්වන අතර ඒවැනි පුරුෂයකු තම විවාහක බිරිඳට සහ දරුවන්ට බොහෝ සේ ආදරය කරයි.තම බිරිඳට අවශ්‍ය සියලු සැප සම්පත් තමාට හැකි ආකාරයෙන් උපරිම ලෙස ලබාදීමටද “ශෂ” වර්ගයේ පිරිමියා කිසිවිටෙකත් පසුබට නොවෙයි.ඒමෙන්ම “ශෂ” වර්ගයේ පිරිමින් විවිධ කලා කටයුතු වල නිරත වන අතර ඔහු අන්‍යයන්ගේ පීඩිත බව කෙරෙහි දැඩි ලෙස කම්පා වන්නෙකි.අන්‍යයන්ට කිසියම් විපතක් වී නම් නොපැකිළවම උපකාර කිරීමට දෙවරක් නොසිතයි.
“මෘග” වර්ගයේ පිරිමි
දෙවැනි වර්ගයේ පිරිමියා හඳුන්වනු ලබන්නේ “මෘග”පුරුෂයා වශයෙනි.වචනයේ හැඩය, උච්චාරණය, පරිහරණය අනූව මෘග යන වචනය තුළ තිරිසන් බවක් පෙන්නුම් කළත් ජ්‍යොතිෂයට අනූව “මෘග” පුරුෂයා හොඳ පුරුෂයෙකි.ඔහුගේ ගතිගුණ බොහෝ දුරට “ශෂ” වර්ගයේ පිරිමියාට සමානය.
“මෘග” වර්ගයේ පිරිමියාද බිරිඳට සහ දරුවන්ට පණ සමව ආදරේ කරයි. අන් දරුවන්ද තම දරුවන් සේ සලකයි.වංචාකාරී නැත.බිරිඳගේ හා පවුලේ ගරුත්වය සුරකින විශ්වාසවන්තයෙකි. මොහුගේ ස්වරූපය වන්නේ නිතර නිතර වටපිට බැලීමය. සිත එක අරමුණක නතරව පවතින්නේ නැත. එහෙත් සැක උපදවාගතයුතු නැත. කාය බලයෙන් ශක්තිමත් මේ පුරුෂයාගේ අතපය ඉතා හොඳීන් පූර්ණව පැහැපත්ව වැඩී තිබේ.සිනහවකින් පිරුණු මුව මඬලක් “මෘග” වර්ගයේ පිරිමියාට ඇති අතර නිතර නිතර ආහාර ගැනීමට ප්‍රියතාවයක් දක්වයි.ආහාර ගන්නා විට එකවර විශාල ආහාර ප්‍රමාණයක් ගැනීමද “මෘග” පුරුෂයාගේ ලක්ෂණයකි. මේ නිසාම ලෙඩ රෝග වලට බහුලව ලක්වේ. කරුණාවන්තව පැහැදිලි කිරීම් මඟින් එම තත්ත්වය වලකා ගත හැකිය.
“වෘෂභ” වර්ගයේ පිරිමියා
“වෘෂභ” වර්ගයේ පිරිමියා ලෙස හඳුන්වන තුන්වන වර්ගයේ පිරිමියා එතරම් විශ්වාසවන්ත පුද්ගලයකු නොවේ.නමුත් “වෘෂභ” යන වචනය යෙදුණද මේ “වෘෂභ” පිරිමියා අණුවණ අයකු නොවේ.නමුත් අලසය.ශරීර සෞඛ්‍ය පිළිබඳව එතරම් සැලකීමක් දක්වන්නට “වෘෂභ” පිරිමියා කටයුතු නොකරන නිසා ඔහු නිතරම රෝගියකු බවට පත්වේ.ඡ්‍යොතිෂය නියමයන්ට අනූව මොහු හොඳ වර්ගයේ පිරිමියකු ලෙස සලකන්නේ නැත.වෘෂභ වර්ගයේ සමග විවාහ වන කාන්තාව ඉතා කෙටි කාලයකදී ඔහුව ප්‍රතික්ශේප කිරීම සාමාන්‍ය තත්ත්වයකි. විශාල හිසක්ද, රවුම් මුහුණක්ද, ඇති “වෘෂභ” පිරිමියාගේ දත් ඉතා කෙටිය.ඇඟිලි මහත්ය.උදරය රවුම්ය.රතුපාට අල්ලක් ඇති “වෘෂභ” පුරුෂයා ලෝකයට පෙනෙන්නට සිල් ගන්නෙක් පමණි.මොවුන්ගෙන් ප්‍රවේශම් වන්න ,කාන්තාවනි එවැන්නෙක් විවාහය සඳහා තෝරා ගන්නවාට වඩා අවිවාහකව සිටීම මැනවි.
“අශ්ව” වර්ගයේ පිරිමියා
ජ්‍යොතිෂයට අනූව හතරවෙනුව වර්ග කරන්නේ “අශ්ව” පුරුෂයාය.මොහුද ඡ්‍යොතිෂයට අනූව ඉතා හොඳ පුරුෂයකු ලෙස වර්ග නොකරයි.බිරිඳට දසවධ දෙන පුද්ගලයෙකි.ජීවිතයේ වගකීම් යුතුකම් කිසිවක් මනා ලෙස ඉටු කිරීමට කටයුතු නොකරන “අශ්ව” පුරුෂයාව විශ්වාස කිරීමද අසීරුය.අනුන්ගේ දොස්ම පමණක් දැක තමන් ගැන උසස් ලෙස කතාකරයි.නමුත් “අශ්ව” වර්ගයේ පිරිමින් කඩවසම්ය,පියකරුය.
මොහුගේ අතපය දිගටිය.මුහුණද දිගටිය.දත්ද දිගු හැඩයක් ගනී.හිසකෙස් ඝනව වැඩී ඉලිප්පී පවතී.මහපට ඇඟිල්ල කැපී පෙනෙන ලෙස දිගය.සිරුරේ රෝම නැත.රෝම ඇත්නම් එම රෝම කවදාවත් කළුපාට නැත. තඔ වැනි වර්ණයක් ගනී.
විශේෂ අවධානයට
ඡ්‍යොතිෂයට අනූව පිරිමින් මෙසේ වර්ග හතරකට බෙදා වෙන් කළත් මූලික වශයෙන් පිරිමින් ගැන මෙම සැලකිල්ල යොමු කරනු ලබන්නේ විවාහයේදී පමණක් වන බවද මතක තබාගත යුතුය.
ඡ්‍යොතිෂයේදී පිරිමින් පමණක් මෙසේ වර්ග කළත් ලෝකයේ සිටින පිරිමින් කෝටි ප්‍රමාණයක් ගොඩවල් හතරකට වෙන්කිරීම පිළිබඳව බමුණන් දක්වන්නේ දැඩි විරෝධතාවකි.පිරිමින් මෙසේ ගොඩවල් හතරකට වර්ග කිරීම ගැන ඉපැරැණි ඍෂිවරුන්ද විවිධ මතිමතාන්තර ඉදිරිපත් කොට ඇත්තේ පක්ෂ හා විපක්ෂ වශයෙනි.
මේ කුමන ආකාරයකට පිරිමියා වර්ග කළත් මඟුල් තුලා, සුබ කටයුතු, ව්‍යාපාර ඇරඹීම, යාන වාහන ගේ දොර කටයුතු ඇරඹීම, මිලදී ගැනීම, ආදී කටයුතුවලදී “ඔහු” ගේ ජන්ම පත්‍රය නිවැරදි ලෙස ඡ්‍යොතිෂවේදියකු ලවා පරීක්ෂා කරවා ගැනීම සිදුකළ යුතුය.
ඒ.සී.එස් නවීලා
෴ සබැඳි ලිපි ෴
“වයස අවුරුදු 29 යයි නේද දැන්. කඩහන්දි කාලයක් ගත කරන්නේ, අනතුරු, මාරක යෙදෙන්න පුළුවන්. විවාහ වෙන්න හොඳ නැහැ. පහන් 29ක් බෝධීන් වහන්සේට පූජා කරල මල්...
2023-05-11 18:30:00
මේ වෙසක් දිනවලදී අපට නිරතුරුවම අසන්නට ලැබෙන්නේ සුවපත්වේවා, දීර්ඝායු වේවා යන ආශීර්වාදයන්ය, දීර්ඝායු ලබන්නට පෙර පින් එකතු වී තිබිය යුතු වෙයි. පෙර...
2023-05-11 18:30:00
කලාව කියන්නේ ක්‍රමය කිවොත් හරිනේ. අපි ඕනෑම දෙයක් කරන්නට ඕනෑ කිසියම් ක්රමයකටයි. ඡ්‍යොතිෂයේ කලාව කිව්වේ ඒක නොවෙයි. අහල ඇති ද මන්දා ඡ්‍යොතිෂයේ...
2023-05-11 18:30:00
මෙලොව උපදින ඕනෑම අයෙකුට නිසැකවම හිමිවන එක් දෙයක් වෙයි. ඒ නම සහ උපන් දිනයයි. නමුත් එය මිනිසුන් වන අපට පමණක් පොදු කාරණයක් නොවන බව ඔබට තර්ක කලහැකිය. ඔබ...
2023-05-11 18:30:00
වැඩිදුර අධ්‍යාපන කටයුතු වෘත්තිය කටයුතු හේතුවෙන් ශී‍්‍ර ලාංකික බහුතරයක් මෙම භූමියෙන් ඈත් වුවද ඔවුන් තුළ තවමත් සිංහල අපේ කම ගැබ්ව තිබේ. එනිසා ඔවුහු...
2023-05-11 18:30:00
බුද්ධත්වයට සහය දුන් නොපෙනෙන බලවේගසිවිල් ඉංජිනේරු විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය ,විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක ප්...
2023-05-05 18:30:00
රවි මණ්ඩලය මනාව වැඩී ඇත්නම් ඔහුනට ප්රතාපවත් පෙනුමක් ලබා දේ. කාන්තාවක් නම් ඉතාම රූමත් වෙයි. මහජනයා අතර ප්‍රසිද්ධ වන අතර, ආගිය හැම තැනකදීම නායකත්වය...
2023-05-04 18:30:00
කෙනෙක් උපදින අවස්ථාවේ පිහිටි ග්රහයින්ගේ තත්ත්වයත්, එම ග්‍රහයින් තැන්පත්ව පිහිටි ස්ථානයත්, ඔවුන්ගේ බල දුබලතාවන්, ග්‍රහ දෘෂ්ටි හා ග්‍රහ සංයෝගයන්...
2023-04-20 18:30:00
ඔන්න අදත් ඔයාලාට වටිනා ලිපියක් රැගෙනයි ආවේ. විශේෂයෙන්ම දරු සුරතල් බලන මවට පියාට දරුවා ඉපදිලා මාස 06ක් පමණ ඉක්මයාමත් සමඟ දරුවාට ඉදුල් කට ගෑමේ අවස්ථාව...
2023-04-20 18:30:00
පුහුදුන් අපට පමණක් නොව බුදුපියාණන්ටද සතුරන් සිටි බැව් නොරහසකි. මෙවන් සතුරු බලවේග කල්තබා හඳුනා ගැනීමට හැකි එකම ක්‍රමවේදය ඡ්‍යෝතිෂයේ දක්වා ඇත්තේය....
2023-04-20 18:30:00
දෙවියන් උදෙසා පූජාවක් තබන විටදී තබන්නන් වාලේ තබනවාට වඩා ඔබ බුද්ධිමත්ව නියම ආකාරයෙන් පූජා කිරීම මැනවි. ඒ සඳහා වන දෙවියන්ට විශේෂ වූ පූජා ද්‍රව්‍ය සකස්...
2023-04-13 18:30:00
රබානේ උපත පිළිබඳව බොහෝ ජනප්‍රවාද කතා කීපයක්ම පවතී. ඉන් එක් කතාවකින් කියැවෙන්නේ සිදුහත් කුමරුගේ උපත සිදු වූ අවස්ථාවේ දී දෙවිවරුන් පංචතූර්ය...
2023-04-13 18:30:00
අවුරුද්දේ මාර්තු මාසය අවසාන වීමත් සමඟම කොවුලාගේ කටහඬ ක්‍රමයෙන් එළියට ඒමත් ගස්වැල් දලු ලා පිබිදීමත්, වෙසක් මල් ගස්වල දම්පාට මල් පොහොට්ටු ඒමත් මේ කාලයට...
2023-04-13 18:30:00
උදා වන්නා වූ 2023 අලුත් අවුරුද්දේ ඔබේ හා ඔබ පවුලේ සියලු ග්‍රහ අපල දුරුවීමට මහා බලගතු සෙත්කවි රත්නයක් හා අති විශේෂ බෝධි පූජාව මෙන්න. අද 2023...
2023-04-13 18:30:00
2023 අපේ‍්‍රල් 20 ගුරු දින උදේ 7.05ට සූර්යග්‍රහණය ආරම්භය ලෙස සැලකේ. මධ්‍යම අවස්ථාව උදේ 9.47ට යෙදෙන අතර, දවල් 12.30ට අවසන් වේ. මේෂ රාශියේ...
2023-04-13 18:30:00
සිංහල ජන ජීවිතය හා බැඳී පවත්නා බුලත් සිංහල අවුරුදු සමයේදී විශේෂ තැනක් ගනී. අවුරුද්ද එහෙම් පිටින්ම සංස්කෘතික උත්සවයකි. ඒ ලක්ෂණයන්හි ‘බුලත’ නොයෙක්...
2023-04-06 18:30:00