දීර්ඝායු ලැබෙන ග්‍රහ පිහිටීම්

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියෙන්
මැයි 12, 2023

 

මේ වෙසක් දිනවලදී අපට නිරතුරුවම අසන්නට ලැබෙන්නේ සුවපත්වේවා, දීර්ඝායු වේවා යන ආශීර්වාදයන්ය, දීර්ඝායු ලබන්නට පෙර පින් එකතු වී තිබිය යුතු වෙයි. පෙර පින් කර ඇති අයට, දීර්ඝායු විඳීමේ වාසනාව ඇත්තේදැයි දැනගතහැකි ආකාරය, ජන්ම පත්‍රයක් විශ්ලේෂණය කිරීම මගින් නිගමණය කළ හැකි බව අපි දනිමු.

 

මීට ටික කලකට පෙර ඇතිවූ සුහද හමුවකදී, දීර්ඝායු විඳීමේ වාසනාව ඇත්තේදැයි දැනගත හැකි වන්නේ කෙසේද යන්න අපගේ එක් මාතෘකාවක් විය. මේ හමුවට එක්වූ අයගෙන් වැඩිදෙනෙකු ජ්‍යොතිෂ්‍ය විද්‍යාව පිළිබඳ අවබෝධයක් ඇති අය වූහ. ඒ නිසා ජන්ම පත්‍රයක් මඟින් නිවැරැදි පිළිතුරක් ලබාගත හැකිබව අපගේ මතය විය. සාකඡ්චාව ආරම්භ කළේ අප අතර සිටි ප්‍රවීණ ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රඥ මහතෙකි.

ඔහුගේ අදහස් ඉදිරිපත් කළේ මෙසේය.

“ජන්ම පත්‍රයක් සකස් කිරීමෙන් පසුව, ඉන් මුලින්ම බලාපොරොත්තුවන්නේ එම තැනැත්තාගේ ආයු ප්‍රමාණය දැන ගැනීමටයි. ජ්‍යොතිෂ විද්‍යාණුකූලව, මිනිසාගේ ආයු ප්‍රමාණය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. දීර්ඝායු, මධ්‍ය ආයු සහ අල්ප ආයු යනුවෙන්”.

යම් තැනැත්තෙකුට දීර්ඝායු විඳීමේ වාසනාව ඇත්තේ නම්, ඔහුට හෝ ඇයට වයස අවුරුදු හැත්තෑවකට වඩා වැඩි කාලයක් ඡීවත්වීමේ හැකියාව ලැබෙයි. එනම් මිනිසාගේ පූර්ණ ආයුෂ වසර 100 ක් ලෙස සැළකුව හොත් දීර්ඝායු ලබන්නන් අවුරුදූ 66 ත් 100 ත් අතර කාලයක්ද, මධ්‍යආයු ලබන්නන් අවුරුදූ 33 ත් 66 ත් අතර කාලයක්ද, සහ අල්ප ආයු ලබන්නන් අවුරුදූ 33 ට අඩු වසර ගණනක් ඡීවිතය ගත කරති. අප මිත්‍ර ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රඥ මහතා තව දූරටත් ප්‍රකාශ කළේ අප කාලය නිගමනය කිරීමේදී, භාවිත කරන විංශෝත්තරී මහ දශාවේ මුළු කාල සීමාව වන අවුරුදූ 120 එනම් මිනිසාගේ පූර්ණ ආයුෂ ප්‍රමාණය ලෙස මුලදී සලකා ඇති බවකි. වසර 100 ආයු ප්‍රමාණයෙන් ඔබ්බට ගිය අය පිළිබඳව මේ කාලයේදීද අසන්නට ලැබේ.

මේ අදහස් තහවුරු කිරීම සඳහා දීර්ඝායු විඳීමේ වාසනාව ලබා සිටි පුද්ගලයකුගේ ජන්ම පත්‍රයක් ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ ආයු නිගමණය කිරීමේ සිද්ධාන්ත අනුව විග්‍රහ කරන ලදි.

මේ ජන්ම පත්‍රයේ ලග්න භාවය, කුජ හිමි මේෂ රාශියේ, සිකුරු හිමි නක්‍ෂත්‍රයක සහ රාහුගේ උපස්ථානයක යෙදී ඇත. පුද්ගලයෙකුගේ ජන්ම පත්‍රයක් මගින් ආයුෂ නිගමණය කිරීමේදී, ලග්න භාවයේ, උපස්ථානය හිමි ග්‍රහයා ඉතාමත් වැදගත් වෙයි. ලග්න භාවයේ, උපස්ථානය හිමි ග්‍රහයා 1 වැනි හෝ 5 වැනි හෝ 9 වැනි භාව නිවේදක ග්‍රහයෙකු වන්නේනම්, ජන්මියා දීර්ඝායු ලබයි. මේ ජන්ම පත්‍රයේ ලග්න භාවයේ උපස්ථානය අධිපති රාහු ග්‍රහයා 9 වැනි භාවයේ තැන්පත්ව සිටියි. රාහු ග්‍රහයා, සිංහ රාශියේ 5 වැනි භාවයේ රවි හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. මේ රවි ග්‍රහයා වෘෂභ රාශියේ 1 වැනි භාවයේ ලැගුම්ගෙන සිටියේය.

ලග්න භාවයේ උපස්ථානය අධිපති රාහු ග්‍රහයාගේ නිවේදකත්වය අනුව මේ ජන්මියා දීර්ඝායු ලබයි.

ක්‍රිස්තු වර්ෂ 2019 ජනවාරි මාසයේ 31 වැනි දින මේ ජන්මියාගේ ශනිගේ විංශෝත්තරී මහ දශාව ආරම්භවී ඇත.

ක්‍රිස්තු වර්ෂ 2019 ජනවාරි මාසයේ 31 වැනි දින මේ ජන්මියාට ශනිගේ මහ දශාව ආරම්භ වන විට ඔහුගේ වයස අවුරුදූ 83 ක් පමණවෙයි. වසර 19 ක් වන ශනිගේ දශාව අවසන් වන විට ඔහුගේ වයස අවුරුදූ 102 ක් ඉක්මවයි. ඒ අනුව මේ ජන්මියා ශනිගේ මහ දශාව ගතකරන කාල සීමාවේදී ඔහුගේ දීර්ඝායු සීමාව තුළ සිටියේය.

දශාව අධිපති ශනි ග්‍රහයා, ජන්ම පත්‍රයේ 11 වැනි භාවයවන, බාධක ස්ථානය හිමිව, එහිම ලැගුම්ගෙන සිටියේය. ශනි ග්‍රහයා, තැන්පත්ව සිටියේ රාහු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයකය.

රාහු ග්‍රහයා ලැගුම්ගෙන සිටි රාශි අධිපති සිකුරු ග්‍රහයා, 2 වැනි සහ 7 වැනි මාරක භාව අධිපති ග්‍රහයා විය. ඒ නිසා දීර්ඝායු ලබා ඇති මෙම ජන්මියාට, ආයුෂ සම්බන්‍ධයෙන්, ශනිගේ මහ දශාව යහපත් වන්නේ නැත.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.