කෑම ඇසිරීමට සුදුසු ප්ලාස්ටික් බඳුන් තිබෙනවාද?

නොවැම්බර් 5, 2021

වෙළෙඳ පොළේ තිබෙන පානීය ජල බෝතල් නැවත නැවත පාවිච්චියට ගැනීම කිසිසේත්ම නුසුදුසු ය. ඒ වතුර බෝතල් නිපදවා තිබෙන ප්ලාස්ටික් වර්ගයේ අන්තර්ගත රසායන ද්‍රව්‍යයන් කල්යාමේ දී ජලය සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් සෑදෙන විෂ රසායනිකයන් වඳභාවය හා පිළිකා ඇති කරන්නට හැකි නිසයි. මෙම තත්ත්වයේ විද්‍යාත්මක පදනම ගැන විමසා දැන ගන්නට පෙර ප්ලාස්ටික් බෝතල් හා ඇසුරුම් නිපදවා තිබෙන ආකාරය පිළිබඳව තොරතුරු දැන සිටීම යහපත් ය.

 

ප්ලාස්ටික් යනු ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ දී ඉතිරිවන හයිඩ්‍රොකාබන් හෙවත් පොලිමර් ර්‍ථධතරථඥප කාණ්ඩයේ රසායන ද්‍රව්‍යයකි. මේ පොලිමර් රසායන අණුවල පිහිටීමේ වෙනස්කම් අනුව ප්ලාස්ටික් වර්ග කීපයක් තිබේ. එහෙත් මේ ප්ලාස්ටික් ශරීර සෞඛ්‍යයට සිදුකරන බලපෑම මත මූලික ආකාර දෙකකට බෙදයි. ආහාරයට ගන්නා ද්‍රව්‍ය සමඟ මිශ්‍ර වූවාට ගැටලුවක් නොවන ප්ලාස්ටික් ජ්ධධඤ ඨපචඤඥ නතචඵබඪජ එක් වර්ගයකි. එසේ නැති ප්ලාස්ටික් ඉතා හොඳින් පිරිසුදු කොට නොමැති බැවින් ආහාර ඇසිරීමට නුසුදුසු ය. මේ ප්ලාස්ටික් වර්ග අතරින් වඩාත් පිරිසුදුම ප්ලාස්ටික් වර්ගය වන්නේ බෙහෙත් ද්‍රව්‍ය අසුරා තිබෙන බඳුන් නිපදවා තිබෙන ප්ලාස්ටික් වර්ගයන් ය.

ප්ලාස්ටික් බඳුන් මත ඇති විශේෂ සලකුණු

ප්ලාස්ටික් බඳුන්වල හෝ වෙනත් ප්ලාස්ටික් උපකරණවල ගෑරුප්පුව හා වයින් වීදුරුවක සලකුණක් තිබෙනු ඔබ සමහරවිට දැක ඇති. මේ ආහාර අසුරන මාදිලියේ ජ්ධධඤ ඨපචඤඥ ප්ලාස්ටික් හඳුන්වන සලකුණයි. එවැනි ප්ලාස්ටික්වලින් නිපදවා තිබෙන බඳුන්වල ආහාර ඇසිරීම සෞඛ්‍යයට අහිතකර නැත.

ප්ලාස්ටික් ආහාර ද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රියා කිරීම

කෑම වර්ගවල තෙල්, ලුණු, නොයෙක් අම්ල වර්ග මෙන්ම රසකාරක හා රසායන ද්‍රව්‍ය අඩංගුය. මේ කෑම ප්ලාස්ටික් බඳුන්වලට දැමූ විට එම රසායන ද්‍රව්‍ය ප්ලාස්ටික් සමඟ ප්‍රතික්‍රියා කිරීම ආරම්භ වේ. එහි ප්‍රතිඵලය වශයෙන් එම ප්ලාස්ටික් වල අන්තර්ගත ද්‍රව්‍ය ආහාරවලට එක්වේ. එය ශරීර සෞඛ්‍යයට ඉතාම අහිතකරය. ආහාර අසුරන කාණ්ඩයේ ප්ලාස්ටික් නිපදවා තිබෙන වර්ණ හෝ රසායන ද්‍රව්‍යයන් මුලින් සඳහන් කළ පරිදි ආහාර සමඟ එකතු නොවන නිසා ය.

ප්ලාස්ටික් ජල බෝතල්

ප්ලාස්ටික් ජල බෝතල්, සිසිල් බීම බෝතල් වැනි දේ වල ර්‍ථඥබ හෝ ර්‍ථඥබඥ ලෙස සඳහන් කර තිබෙනු ඔබ දැක ඇති. මින් කියවෙන්නේ මේ බඳුන් පොලි එතිලීන් ටෙරිප්තැලේට් නම් ආහාර ඇසිරීමට සුදුසු ප්ලාස්ටික් වලින් නිපදවා තිබෙන බවය. එනිසා මේ සලකුණ ඇති බෝතල් පාවිච්චියට බිය විය යුතු නැත. (මෙවැනි බෝතල් වල ඔබ විසින් ජලය පුරවා නැවත භාවිත කිරීම කිසිසේත්ම නොකළ යුතු ය.) සමහර ප්ලාස්ටික් කෑන් හෝ බූලිවල ඩ්ඤනඥ (ඩඪඨඩ ඤඥදඵඪබර නධතර ඥබඩඥඬඥදඥ ලෙස සඳහන් කර තිබේ. එවැනි බඳුන්වල ජලයදිනක් දෙකක් ගබඩා කර තබා බීමට ගැනීම වරදක් නැත.

කෑම ඇසිරීමට සුදුසු ප්ලාස්ටික් නිෂ්පාදන

මස්වර්ග, මාළු වර්ග අසුරන්නට ගන්නා ප්ලාස්ටික් ආවරණ හෙවත් කටවහරේ දී පොලිතින් කොළ කියා කියන ආවරණ පීවීසී නමජ නධතරමඪදරතජඩතධපඤඪඥ ලෙස හඳුන්වයි. මේ ප්ලාස්ටික් ආවරණවල විශේෂ ගුණය වන්නේ ඒවා මඟින් ආහාරවලට ඔක්සිජන් නිදහස් කිරීමය. පීවීසී පටලවල එතූ මස්, මාළු හෝ එළවළු ස්වභාවික පාටින්ම බොහෝ කාලයක් තිබෙන්නේ එනිසා ය.

සිලිසිලි බෑග් ලෙස හඳුන්වන මලු නිපදවා තිබෙන්නේ සැහැල්ලු ප්ලාස්ටික් වර්ගයකිනි. තඤනඥ තධඹ ඤඥදඵඪබර නධතරඥබඩඥතඥදඥ ප්ලාස්ටික් වලිනි. මේවාද කෑම අසුරන්නට සුදුසු නොවේ.

ජෑම් බෝතල්වල පියන් යට තිබෙන නම්‍යශීලී ආවරණය වගේම ආහාර අසුරන යකඩ බඳුන්වලට දමා තිබෙන ප්ලාස්ටික් පියන් නිපදවා තිබෙන්නේ නන නධතරනපධනරතඥදඥ ලෙස හඳුන්වන ප්ලාස්ටික්වලිනි. ඒවාද සෞඛ්‍යයට අහිතකර නැත. මාළු අසුරා තිබෙන කෑම දමන්නට ගන්නා එක් වරක් පාවිච්චි කොට විසිකරන බඳුන් යනාදිය නිපදවා තිබෙන්නේ නඵ නධතරඵබරපඥදඥ ගණයේ ප්ලාස්ටික් වලිනි. කෑම ඇසිරීමටද සුදුසු මේ ප්ලාස්ටික් කටවහරේ දී හඳුන්වන්නේ සෘජුෆෝම් ලෙසයි. මේ සැම වර්ගයකම ප්ලාස්ටික්වලින් නිපදවා තිබෙන බඳුන්වල එම ප්ලාස්ටික් වර්ගය කුමක්ද යන්න සඳහන් කර තිබේ. ඉන් අදහස් වන්නේ මීට අමතර වශයෙන් තිබෙන ප්ලාස්ටික් බඳුන් ආහාර දමන්නට පාවිච්චි නොකළ යුතු බව ය.

සමහර ප්ලාස්ටික් බඳුන් නැවත භාවිතය සඳහා පිළියමක්.

ගෙදර දොරේ කෑම දමන්නට ප්ලාස්ටික් බඳුන් යොදා ගන්නා විට තුනපහ වර්ග වැඩියෙන් දමා පිසූ කෑම වර්ගයක් හෝ රසකාරක හා සුවඳ යොදා තැනූ කෑම වර්ගයක් අසුරා තිබූ ප්ලාස්ටික් බඳුන් ගැන අත්දැකීම ඔබට තිබෙනවාද? එහිදී මතුවන ප්‍රධානම ගැටලුව වන්නේ එම ප්ලාස්ටික් බඳුන්වල තිබෙන ‘සුවඳ’ ඉවත්කිරීමට ඇති නොහැකියාවයි. එහෙත් එම සුවඳ පහසුවෙන් ඉවත්කිරීමට හැකි ක්‍රමයක් තිබේ. එය මෙසේය. ආප්ප සෝඩා තේ හැන්දක් වතුර කෝප්පයකට දමා මිශ්‍රණයක් සාදා ගන්න. එය එම ප්ලාස්ටික් බඳුනට දමා තවත් උණුවතුර කෝප්පයක් දමන්න. දැන් බඳුන වසා දවසක් පමණ තබන්න. ඉන්පසුව බඳුන විවෘත කොට සාමාන්‍ය වතුරෙන් සෝදා පියන හැර මද අව්වේ තබා වියළා ගන්න. එවිට බඳුනේ සැර (සුවඳ) ඉවත්ව යයි. මෙහිදී මතක තබා ගතයුත්තේ බඳුන විශාල වෙන්නට වෙන්නට මුලින් කී අනුපාතයට ආප්ප සෝඩා හා වතුර වැඩි ප්‍රමාණයක් එක් කොට බඳුන සේදීම සඳහා එම මිශ්‍රණය සාදාගත යුතු බවය.

 

සටහන

කීර්ති එස්.කුමාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.