වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
“ගණදෙවිඳුනි නුවණ දෙනු මැනවි”
ගණදෙවියන් නාම රාශියකින් හඳුන්වනවා සේම ගණදෙවියන් ලොව පහළවන මුහුර්ති රාශියක්ද වේ. මහාගනේෂ්, වල්ලභ ගනේෂ්, බාලගනේෂ්, සිද්ධී ගනේෂ, බුද්ධිගනේෂ, වීර ගනේෂ, සේරම්භ ගනේෂ, නෘත්‍ය ගනේෂ, යන මුහුර්තවලින් ලොව පහළ වේ. මහ ගනේෂ යනුවෙන් ලොව පහළ වන ගණ දෙවිඳුන් ඡ්‍යොතිෂය , ගුප්ත විද්‍යා, යන්ත්‍ර මන්ත්‍ර කාර්ය සිද්ධි පහළ කරවන අතර කොඩිවින. අණවින, හදිහූනියම්, වස්දොස් බන්ධන ඇස්වහ, කටවහ දුරු කරන බව ද පැවැසේ.
දකුණු ඉන්දීය දෙමළ ජනතාව අතර ජනප්‍රිය ගණපති හෙවත් පුල්ලෙයාර් දෙවියන් ලංකාවේ දෙමළ හින්දු ජනතාව අතරද ඉතා ඉහළින් වැඳුම් පිදුම් ලබන දෙවියෙකි. එමෙන්ම සිංහල ජනතාව අතර ද ගණදෙවියන් පිදීම බහුලව දැකිය හැකිය.
ගණපති දෙවිඳුන් නුවණට අධිපති දෙවියන් ලෙස සැලකෙන බැවින් පහේ ශිෂ්‍යත්ව විභාගය සාමාන්‍ය පෙළ ,උසස් පෙළ මෙන්ම විශ්වවිද්‍යාල විභාගවලින් සමත්වීම සඳහා බෞද්ධ හින්දු මෙන්ම අන්‍ය ආගමිකයින්ද ගණ දෙවියන්ට පූජා පැවැත් වීම බහුලව සිදු වේ. විභාගවලට පෙනී සිටින දරුවන්ට පමණක් නොව වත්මන් සමාජයේ මිනිසුන්ගේ අනුවණ ක්‍රියා දෙස බලන විට සාමාන්‍ය මිනිසුන්ටත් නුවණ දෙනු මැනවැයි ගණපති දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටීමට සිදු වී ඇත.
ගණපති, ගනේෂ්,ගනේෂ්වර, විනායක, විග්නේශ්වර, ලම්බෝදර, බාලචන්ද්‍ර ආදි නම් දහයකින් හඳුන්වන ගණපති මහේෂ්වර උමා දෙදෙනාගේ පුත්‍රයාය. ස්කන්ධ කුමාර (කතරගම දෙවි) ගේ සහෝදරයාය. ගණපති විශාල උදරයක් සහිත ඇත් හිසක් මෙන්ම අත් සතරකින් යුක්තය. පිටුපස අත් දෙකෙන් වක්‍ර වු යකඩ කැබැල්ලක් (පොරොවක්) කම්බි රැහැනක් ගෙන සිටින අතර ඉදිරිපස නාසය සහිත හොඬයක් සහ දළකි.
හිසින් බෙලි හෝ දිවුල් ගෙඩියක් ගෙන සිටිති. මීයා ඔහුගේ වාහනයයි. ඒ පිළිබඳව වදන් කවි පොතේ මෙසේ සඳහන් වේ.
“සුදු දළ ගජසොඬ මූණකි පත්මේ
සුදු මීයකු නැගෙමින් වැඩ ගත්මේ
සොඳ උමයංගන ඉසුරුගෙ පුත්මේ
වඳිනෙමි ගණදෙවි සිරිපද පත්මේ
(වදන් කවි පොත)
උඩරට නර්තන කලාවේ වන්නම් දහ අටේ ගණපති වන්නමෙන් ගණ දෙවිඳුන්ගේ රූප ස්වභාව කියවේ.
“යුත් සිරින් බබලන –
ඇත් හිසින් සසොබන
මෙත් දළින් අඩ දැන ගනු සොඳිනා
රත් පියුම් වැනි මුඛයුත් සවන් ළෙලදෙන
නෙත් අඳුන් නිල්මිණි තඹුරු මනා
අත් උරින් පහතින මෙත් සුරන් සිරුරින
යුත් නැණින් දෙවඟන දෙදෙනෙකිනා
ගත් නැණින් යුතු සුරිඳෙක් බැවින්
ඉසි දැන
වෙත් මෙවන් ගණපති වන්නමිනා”
(ගණපති වන්නම)
“ගණදෙවියන්ගේ සෝබමාන වූ රූපකාය සිරියෙන් බබළන්නේය. මුඛය රත් නෙළුම් මලක් සේ පැහැපත්ය. ළෙල දෙන්නාවූ සවන් යුග්මයකින්ද යුතු ගණදෙවියන් දෙනෙත් නිල් මැණික් දෙකක් බඳුය. උදරයෙන් පහළ කොටස දේව ශරීරයකි. සිද්ධි හා බුද්ධි යන දෙවඟනන් දෙදෙනා සමඟ නිරන්තරව සිටින ගණපති දෙවිඳුන් නුවණින් අග තැන්පත් දෙවි කෙනෙකු ලෙස සැලකිල්ලට ගෙන ඉසිවරුන් විසින් ගණපති වන්නම කළ බව කියවේ”
ගණදෙවියන් නාම රාශියකින් හඳුන්වනවා සේම ගණදෙවියන් ලොව පහළවන මුහුර්ති රාශියක්ද වේ. මහාගනේෂ්, වල්ලභ ගනේෂ්, බාලගනේෂ්, සිද්ධී ගනේෂ, බුද්ධිගනේෂ, වීර ගනේෂ, සේරම්භ ගනේෂ, නෘත්‍ය ගනේෂ, යන මුහුර්තවලින් ලොව පහළ වේ. මහ ගනේෂ යනුවෙන් ලොව පහළ වන ගණ දෙවිඳුන් ඡ්‍යොතිෂය , ගුප්ත විද්‍යා, යන්ත්‍ර මන්ත්‍ර කාර්ය සිද්ධි පහළ කරවන අතර කොඩිවින. අණවින, හදිහූනියම්, වස්දොස් බන්ධන ඇස්වහ, කටවහ දුරු කරන බව ද පැවැසේ. පෙම්වතුන්ට පෙම්වතියන්ට, යුවතිපතීන්ට සියලු ආරක්ෂාව, සලසමින් ධන සම්පත් ළඟා කර දෙන්නේ ගණදෙවිඳුන් වල්ලභ ගනේෂ මුහුර්තියෙන් ලොව පහළ වූ විටය. ඉන්දියානු පෙම්වතුන් වල්ලභ ගනේෂ ඉදිරියේ පේ‍්‍රමය වෙනුවෙන් ප්‍රතිඥා දීම කරයි. බාලගනේෂ මුහුර්තියෙන් ලොව පහළවන ගණ දෙවිඳුන් දරුඵල නැති කාන්තාවන්ට දරුඵල දෙන බව ද අමනුෂ්‍ය දෝෂවලින් බාල බිලිඳුන් ආරක්ෂා කරන බව ද පැවැසේ.
හින්දු ග්‍ර න්ථ රචනා කරන අවස්ථාවල “ශ්‍රී ගනේෂාය නමඞ” යන පාඨය මුලින්ම ලියා ග්‍රන්ථ පළකරති. කුඩා දරුවන්ට අකුරු කියවීමේදී ගණ දෙවි පිදීම මහනුවර රාජධානි යුගයේ සිට ශ්‍රී ලංකාවේ ආරම්භ වූ බව සඳහන් වේ. එසේ වුවද ක්‍රි.ව. දෙවන සියවසේ පමණ ගණදෙවි පිළිබඳ විශ්වාසය ලංකාවේ තිබී ඇති බව අනුරාධපුර මිහින්තලයෙන් ලැබී ඇති පුරාවිද්‍යා සාධකවලින් තහවුරු වී ඇත. කෝට්ටේ රාජධානි යුගයෙහි බොහෝ සාහිත්‍ය ග්‍රන්ථවල ගණදෙවියන් පිළිබඳ සඳහන් වී ඇත. 12 වන සියවසේ රචිත “සසඳාවත” තිසර සඳෙස, කොවුල් සඳෙස, යන ග්‍රහබල ගණදෙවියන් පිළිබඳ සඳහන් වී ඇත. එහෙත් ගණදෙවියන් පිදීම ප්‍රධාන චාරිත්‍රයක් වී ඇත්තේ මහනුවර රාජ්‍ය සමයේදීය.
උඩරට, පහතරට නර්තන සම්ප්‍රදායන්හි බොහී ශාන්ති කර්මවල ආරම්භක පදය පදයේ “ගණපති දේ නුවණ” යනුවෙන් සඳහන් වේ. ගණ දෙවිඳුන් පිළිබඳ පැහැදිලි විස්තරයක් “ගණපත.ි යාදින්න හා ගණපති හෑල්ල” නම් කාව්‍ය ග්‍රන්ථයේ සඳන් වේ. මෙහිදි උප්පත්ති කතාව මෙන්ම ආනුභාවය පිළිබඳව සඳහන් වේ.
“ගණදෙවියනි නුවණ දෙන්ට
සරස්වතී පහළ වන්ට
සියලු රෝග දුරු කරන්ට
නිතර වඳිමි තුණු රුවන්ට”
(වදන් කවි පොත)
සාමාන්‍ය මිනිසුන්ට වඩා ගණ දෙවියන්ට නුවණක් ඇතිවීමට නම් ඇත් හිසක් තිබිය යුතු යැයි සිතා ඇත් හිසක් යෙදූ බව ජනප්‍රවාදවල කියවේ. ගණදෙවියන්ට ඇත් හිස ලැබීම පිළිබඳ කතා රාශියක් ජනප්‍රවාදවලින් කියවේ. ගණ දෙවියන්ගේ සම්භවය පිළිබඳව විවිධ මත පැවතුණත් පස්වන ශතවර්ෂයට පෙර ශී‍්‍ර ලංකා සමාජයේ ගණ දෙවියන් පිළිබඳව කතා වී නැත. ගණ දෙවි පිළිබඳව කතන්දර සාහිත්‍ය සංකල්ප මිස තහවුරු වූ සත්‍යයන් නොවන බව විද්වත්හු පෙන්වා දෙති. හින්දූන් ගණදෙවියන් සලකන්නේ ගුණ යහපත්කම හා නුවණ දීමට අධිපති දෙවි කෙනෙක් ලෙසිනි. ව්‍යාපාර ආදිය ආරම්භ කිරීමට ගණදෙවියන් පිදීමෙන් යහපතක් උදා වන බව විශ්වාස කෙරේ
කොටගම වාචිස්සර හිමියන් ලියූ “සරණංකර සංඝරාජ සමය” ග්‍රන්ථයෙහි ගණදෙවි සංකල්පය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඇතුළත් කර ඇත. ඒ අනුව කෝට්ටේ යුගයේ සංකල්පයක් පමණක් වූ ගණදෙවියන් මහජනතාවගේ ගෞරවයට පාත්‍රවන්නේ මහනුවර යුගයේදීය.
වර්තමානය වන විට බුද්ධියේ මෙන්ම අධ්‍යාපනයේ සංකේතයක් ලෙස ගණදෙවි රූපය බහුලව භාවිත කරන බව පෙනේ. බෞද්ධාගම කෙරෙහි හින්දු දේව බලපෑම කෙතෙක් දැයි කිවහොත් වර්තමානයේ බොහෝ ප්‍රධාන පන්සල්වල, ගණදෙවි දේවාලයක් ද පවත්වාගෙන යයි. ශතවර්ෂ ගණනාවක් තිස්සේ ලාංකීය සමාජය තුළ ගණදෙවි පිදීම පැවතගෙන එයි.
ඒ නිසාම සිංහල සාහිත්‍ය මෙන්ම ජනවහර තුළටද ගණදෙවියන් පිළිබඳ විවිධ කතාන්දර උපමා රූපක ආදිය එකතු වී ඇත. සමාජයේ හොරුන් ගැන කතා කරද්දී කියන්නේ ගණ දෙවියන්ටත් වඩා නුවණක් හොරාට ඇති බවයි. “ඌට තියෙන්නේ ගණ දෙවි නුවණ යැයි පැවැසේ. එමෙන්ම සමාජයේ සිදු වන දේ මතුපිටින් බලා සුලබව පෙනෙන දෙයින් තීරණ නොගෙන කරුණු විමසා බලා විශ්ලේෂණය කර තීරණ ගන්නා ලෙස උපදෙස් දෙන ගැමියන් කියන්නේ ‘ගණදෙවියන් අලි හොඬයෙන් නොව මී වලිගයෙන් හඳුනා ගැනීමට හැකි විය යුතු බවයි.