අත මිට සරු වෙන ඌරාගේ වසර

ජනවාරි 11, 2019

ලොව දින දසුන් කොපමණ තිබුණ ද චීන දින දසුනේ වටිනාකම අඩු වී නැත. එහි පිටු වසරින් වසර අලුත් වෙමින් වසර 4716 ක් මුලුල්ලේ සතුන් නියෝජනය වන ලග්න දොළහකට සුබ, අසුබ, මිශ්‍ර ප්‍රතිඵල රැගෙන එයි. මේ වසරට හිමි සත්වයා ඌරාය. වඩාත් සවිස්තරාත්මකව පැවසුවොත් දුඹුරු පැහැති පෘථිවි ඊරියයි.

2019 චීන නව වසර උදාවන්නේ පෙබරවාරි 5 වැනි අඟහරුවාදාටය. ලැබූ නව වසර 2020 ජනවාරි 24 න් නිම වෙයි.

චීන නක්ෂත්‍රයේ සඳහන් අයුරින් කෙනකු උපන් වර්ෂය අනුව සත්වයකු උරුම වෙයි. එම සතුන් වන්නේ අශ්වයා, ඌරා, මීයා, ගවයා, කොටියා, හාවා, මකරා, සර්පයා, බැටළුවා, වඳුරා, කුකුළා සහ සුනඛයාය. නව වසරේදී ඌරා ඇතුළු අනෙකුත් සතුන් හිමි පුද්ගලයන්ට නව වසර කෙසේ නම් බලපාවිද?

* මීයා

මීයාට අයත් වන්නේ 1924, 1936, 1948, 1960, 1972, 1984, 1996, 2008 උපන් අයටයි. 2020 වසරේ උපදින අයට හිමි සත්වයා ද මීයාය. මීයාට අයත් වන්නේ ඉහත සඳහන් කළ වසරවල පෙබරවාරි 4 ට පසු උපන් අයයි.

ඌරා සහ මීයා යන සතුන් දෙදෙනාම කදිමට ගැළපෙන සත්ව සංයෝගයන් වෙයි. ඒ නිසා මෙය වෘත්තීය වශයෙන් සාර්ථක වසරකි. ඌරා හිමි පුද්ගලයන් මීයා හිමි වෘත්තිකයන්ට හොඳ කණ්ඩායම් සාමාජිකයන් වන අතර මීයා හිමි පුද්ගලයන්ගේ වෘත්තීය සාර්ථකත්වයට දියුණුවට ඌරා හිමි පුද්ගලයන්ගෙන් අනගි සහායක් ලැබීමට පුළුවන. මේ මීයාගේ වෘත්තීය දිවියේ එතරම් වෙනස්කම් සිදු නොවන වසරකි. රාජකාරි අධික නම් එම අධික කාර්යබහුල බවින් ඔබ නිදහස් කිරීමට කවුරුන් හෝ සහාය වනු ඇත. නව රැකියාවක්, තනතුරක් අපේක්ෂා කරන්නේ නම් දැඩි ලෙස කැප වී දක්ෂතා පෙන්නුම් කිරීමට සිදුවේ. අතමිට සරු වසරක් වුව ද මිතුරන්ට හා නෑයන්ට මුදල් ණයට දීමෙන් වළකින්න. එලෙසින්ම අභියෝගාත්මක ආයෝජන නොකරන්න. එය මහ සයුරට ගලක් විසි කිරීම වැනිය. මොවුනට වැඩි මුදලක් ඉතිරි කිරීමට නොලැබෙන්නේ වියදම් වැඩි නිසාය.

සමාජ සබඳතා වැඩි කාලයකි. සංචාරයන් ද අධික වනු ඇත. ගැළපෙන සහකරුවකු, සහකාරියක මුණ ගැසෙන කාලයකි. නිර්මාණශීලීව, එඩිතරව ආදරවන්තයාට, ආදරවන්තියට සෙනෙහස ප්‍රකාශ කිරීමට පසුබට නොවන්න.

මීයා හිමියන් මේ වසරේ නඩු මඟට පිවිසියොත් සිදු වන්නේ වැනසීමටය. වකුගඩු, මුත්‍රාශය සහ මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයන්ට ගොදුරුවීමට ඉඩ ඇති නිසා සමබල ආහාර ගෙන හොඳින් ජලය පානය කර ව්‍යායාම කරන දිවි පෙවෙතකට හුරුවන්න. හදවතෙහි සුවය ගැන ද වැඩි අවධානයක් යොමු කළ යුතුය.

*ගවයා

1925, 1937, 1949, 1961, 1973, 1985, 1997, 2009 උපන් අයට හිමි සත්වයා ගවයා වන අතර 2021, 2033 උපදින අයට ද හිමි වන්නේ ගවයාය.

මේ වසරේදී ගවයා හිමි පුද්ගලයන්ට රැකියා වාසනාව මෙන්ම හොඳ ආදායමක් ද ලැබේ. වසර පුරාම අසීමිත ලෙස මුදල් ඉපයීමේ මාර්ග විවෘත වෙයි. එහෙත් උපන් චක්‍රයේ ජල බලය වැඩි නම් ගංවතුරෙන් ධන හානිවීමට පුළුවන. යහපත් මිත්‍ර සමාගමක් ඇතිවන වසරකි. තනිකඩ පුද්ගලයන්ට සුදුසු සහකරු, සහකාරිය සොයා ගත හැකි වසරකි. සමාජ ක්‍රියාකාරකමකදී වඩාත් ගැළපෙන සහකරු / සහකාරිය මුණ ගැසෙනු ඇත. දැනටමත් සෙනෙහසින් බැඳී සිටිනවා නම් ඒ සෙනෙහස විවාහ ගිවිසුම හෝ විවාහය දක්වා දුර දිග යා හැකිය. පති පතිනියන්ගේ කුටුම්බයේ සතුට උතුරන වසරකි. කොතැන ගියත් ජන ප්‍රසාදයට පත් වන නිසා වෘත්තීය සහ ධන වාසනාව උදා කර ගැනීම පහසු වනු ඇත. රණ්ඩු දබරවලට මැදිවීමෙන් වළකින්න. රණ්ඩු කිරීමට යාමෙන් වැඩි වශයෙන් හානි වන්නේ ගවයා ලකුණ හිමි තැනැත්තාටමය. ජීර්ණ පද්ධතියේ ගැටලු, මුත්‍රා පද්ධතියේ ගැටලු ඇති විය හැකි බැවින් සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.

චම්පිකා දීපානි රණසිංහ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.