උදාවන්නා වූ නව වසරේ ග්‍රහ අපල දුරු වීමට ශාන්ති කර්මයක් මෙන්න

ජනවාරි 4, 2019

අඟහරුවාදා දිනවල උදේ ගිලන්පස සහිත කිරිපිඬු පූජාවක් සමගින් බෝධි පූජාමය පින්කම් පවත්වා ඊශ්වර දෙවියන් හා කතරගම හා විෂ්ණු දෙවියන්, පත්තිනි මෑණියන්, ගම්භාර දෙවියන් ප්‍රධාන දේව සමූහයාට පින් අනුමෝදන් කරන්න. සෙනසුරු ඇතුළු නව ග්‍රහ අපල දුරු වීමට පිහිට ප්‍රාර්ථනා කරන්න. අසරණ දුගී මගී අයට ආහාරයෙන් හා වස්ත්‍රයෙන් උදව් උපකාර කරන්න.

සැම විටම දැහැමි ජීවිතයක් ගත කරන්න. තමන් යම් කුසල කර්මයක් සිදු කර ඒ පින දෙවියන්ට අනුමෝදන් කර තමාට ඇති ග්‍රහ අපල සමනය වී නිදුක් නිරෝගී සැපවත් ජීවිතයක් ප්‍රාර්ථනා කරන්න. නවග්‍රහයින්ට පින් දෙන්න. පූජා පැවැත්වීමේදී නැගෙනහිර දිශාව බලා පවත්වන්න. එක දිගට ඉරු දිනක ආරම්භ කර දින 09 ක කාලයක් බෝධි පූජා පැවැත්වීම බෙහෙවින්ම ගුණදායක වනු ඇත. එසේම බෝධියට සාත්තු කිරීමටද ඉතාම ගුණදායක වනු ඇත. එළඟිතෙල්, අබ තෙල්, කොහොඹ තෙල් යන වර්ග තුන මිශ්‍ර කළ තෙලෙන් පහන් 21 ක් ගුරු හෝ ඉරු දිනක පත්තු කර පූජා කරන්න.

රිදී හෝ රත්‍රන් ආලේපිත පත් ඉරුවක ‘සබ්බ පාපස්ස අකරණං’ යන ගාථාව ලියා 800 වාරයක් ජීවම් කර ළඟ තබා ගැනීම ද ඉගෙනුම ලබන දරුවන්ට ඉතාම සුබදායක වනු ඇත. එසේම තම ජන්ම පතේ බලවත් ම සුබ ග්‍රහයෙකුට හිමි නිවැරදි මැණික් වර්ගයක් සහිත අදාළ ලෝහ වර්ගය හිමි මුදුවක් තම අදාළ ඇඟිල්ලේ පැලඳීම ඉතාම ගුණදායක වනු ඇත. තම ජන්ම පතට අනුව තමාට අදාළ ඉෂ්ට දෙවියන් වහන්සේ හා ආත්ම පාලන දෙවියන්ට පින් අනුමෝදන් කිරීමද තම කේන්දරයේ ග්‍රහ අපල සඳහා ඉතාම ගුණදායක වනු ඇත.

එසේම පහත සඳහන් ගාථා කියා ශ්‍රී විෂ්ණු දිව්‍යාරාජයාණන් වහන්සේටත්, කතරගම ස්කන්ධ කුමාර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේටත් පින් අනුමෝදනා කරන්න.

වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>>\

ඡ්‍යොතිෂවේදී බණ්ඩාරගම, සම්පත් එස්.කල්පගේ

0382256020/ 0772753100

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.