ඉඩමක් ගෙන නිවෙසක් ඉදි කරන විට මේ ගැනත් සිතන්න

පෙබරවාරි 2, 2024

මය නම් ඍෂිවරයා ‘මය මතය’ නමින් නිවාස ඉදිකිරීම පිළිබඳ ඈත අතීතයේ ග්‍රන්ථයක් රචනා කර ඇත. මෙහිදී ෙම් ග්‍රන්ථය අනුව

ලංකාවේ දෛවඥවරුන්ගේ උපදෙස් මත ලංකාවාසීන් හට

නිවාස ඉදිකිරීම් කර ඇති බවට සාක්ෂි තිබේ.

මෙයට අමතරව පසුකාලිනව මේ සම්බන්ධයෙන්්‍

ලියැවුණු ශාස්ත්‍රීය ග්‍රන්ථ ද තිබේ.

ශ්‍රී ලංකාවාසීන් නිවෙසක් සෑදීමේදී ඒ සඳහා සුදුසු ඉඩම් තෝරාගනු ලබයි. එම තෝරා ගැනීමේදී, සුබ ඉඩම් ලෙස

1. සම චතුරස්‍රාකාර ඉඩම්

2. ඍජු කෝණාස්‍ර ඉඩම්

3. දිසාව අනුව හෝ ප්‍රධාන පාර අසල ඉඩම් හෝ අතුරු පාරවල් අනුව තෝරා ගන්නා තැන් වෙනස් වේ.

සමාජය අතර පවතින අසුබ ලෙස සැලකෙන ඉඩම් අතර,

1. පොරව හැඩය සහිත ඉඩම්

2. ත්‍රිකෝණාකාර ඉඩම්

3. ඉදිරිපසට වඩා පසුපස පළල ඉඩම්

4. තුන්මන්සල අසල ඉඩම්

5. බෑවුම් සහිත ඉඩම්

6. කඳු පල්ලම් සහිත ඉඩම් වෙයි.

 

මේ තෝරා ගැනීම්වලදී මේ අසුබ සහිත ඉඩම් වුවද ජ්‍යොතිශාස්ත්‍රඥයන්, වාස්තු විද්‍යා ශිල්පීන්, ඉංජිනේරු ශිල්පීන් යන අයගෙන් උපදෙස් ලබා ගැනීම මඟින් අසුබ පල ඉවත් කර අවශ්‍ය සුදුසු ගෘහ නිර්මාණ සැලසුම් නිර්මාණය කර ගත හැකිය. නිවෙසක් ඉදිකිරීමේදී ප්‍රථමයෙන් ජ්‍යොතිශාස්ත්‍රඥයකු හමු වී පවුලේ සියලු දෙනාගේ ජන්ම පත්‍ර පරීක්ෂා කර ගැනීම.

ගෘහමූලිකයා, පවුලේ බාල දරුවා හෝ දැරියගේ කේන්ද්‍රය

විශේෂයෙන් පරීක්ෂා කරනු ලබයි.

ජ්‍යොතිශාස්ත්‍රඥයා විසින් මේ කේන්දර පරීක්ෂා කිරීමේදී ඒ අතරින් ගෘහ මූලිකයාගේ කේන්දරයට විශේෂ අවධානය යොමු කරන අතර, ඔහුට තද බල ග්‍රහ අපල, මාරක අපල, ස්ථාන දෝෂ, තිබේද යන්නත්

අයවැය තත්ත්වය, විමසා බැලීම සිදු කෙරේ.

එවැනි තද බල අපල ගෘහමූලිකයාට ඇත්නම් ඒ සඳහා කිසියම් ශාන්ති කර්ම ක්‍රම හෝ ආරක්ෂා ක්‍රම පවත්වා ඉදිකිරීම් කරනු ලබන අතර, බොහෝ විට එම කාලසීමාවන් පසුකර ඉදිකිරීම් කරන අවස්ථා ද ඇත.

ඊට අමතරව පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ කේන්දර පරීක්ෂා කිරීමේදී ගුණාත්මක කේන්දර තිබිය හැකිය. විශේෂයෙන් ගෘහ මූලිකයාගේ කේන්දරයට අමතරව නිවාස ලාභ ඇති කේන්දර දරුවන්ට හෝ තිබිය හැකිය.

ඒ අනුව ද සුදුසු ඉදිකිරීම් කිරීමට තීරණය කෙරේ.

මෙයට අමතරව විශේෂයෙන් ගෘහ නිර්මාණ ශිල්පියා හෝ එවැනි අයකු විසින් නිර්මාණය කරනු ලබන නිවාස සැලැසුම් පරීක්ෂාවට ලක් කෙරේ. ජ්‍යෙතිශාස්ත්‍රඥයා විසින් ශාස්ත්‍රානුකූලව ෙම් නිවාස සැලැසුම පරික්ෂාවට ලක් කරයි. මෙහිදී මූලික වශයෙන් නිවාස සැලැස්මේ එන ඒකාදස පොරොන්දම, මර්ම පරිමා දෝෂ, වර්ග ප්‍රමාණය, පිහිටි දිශාව සමඟ වෙනත් දෝෂ පරීක්ෂා කෙරේ.

මෙහිදී අනුගමනය කෙරෙන මූලික ලක්ෂණ ලෙස

වේධ දෝෂ, පරික්ෂාවට ලක් කෙරේ.

මෙවැනි වේධ දෝෂ 18ක් පමණ ‘මය’ මතයේ සඳහන්ව ඇත.

ඒවා,

1) කූප වේධ දෝෂ, 2) වෘක්ෂ වේධ දෝෂ 3) ජල නිර්ගමන වේධ දෝෂ 4) ස්ථම්භ වේධ දෝෂ 5) මාර්ග වේධ දෝෂ 6) කදිම වේධ දෝෂ 7) දේවතා වේධ දෝෂ 8) කෝණ වේද දෝෂ 9) සුසාන වේධ දෝෂ 10) ද්වාර වේධ දෝෂ 11) වර්චස්ථාන වේධ දෝෂ

12) තිරස්චීන වේධ දෝෂ 13) රජක වේධ දෝෂ 14) කුම්භාකාර වේධ දෝෂ 15) ගණිකා වේධ දෝෂ 16) ම්ලේච්ඡ වේධ දෝෂ

17) රාජ වේධ දෝෂ 18) බ්‍රහ්ම වේධ දෝෂ ලෙස හැඳින්වේ.

අප දැන් එම දෝෂ හා ඒවා නිසා ඇතිවන

අයහපත් ප්‍රතිපල මොනවාදැයි බලමු

1. මාර්ග වේධ දෝෂ

නි‍ෙවසක ප්‍රධාන දොරට ඉදිරියෙන් එයට ලම්බක වන ලෙස පාරක් හෝ පාරක වංගුවක් පවතී නම් එය මාර්ග වේධ දෝෂය ලෙස සැලකේ.

(මහාමාර්ගයට කෙලින් වංගුව සහිත ස්ථාන මෙයට ඇතුළත්ය)

ප්‍රතිපලය - නිවාස හිමියාට කරදර ඇති කරයි.

2. වෘක්ෂ වේධ දෝෂ

හදන නිවෙස ඉදිරිපිට ගෘහය ආසන්නව අතුපතුර විහිදගිය ගසක් ඇත්නම් ප්‍රධාන දොර අවහිර වී ඇත්නම් එයට වෘක්ෂ වේධ දෝෂ යයි කියනු ලැබේ.

ප්‍රතිපලය - ගෘහයේ පදිංචි අයට කරදර ඇති වේ.

3. කදිම වේධ දෝෂ

නිවෙස ඉදිරිපිට ඉතා ළඟින් ප්‍රධාන දොරටුවට ආසන්නව අපවිත්‍ර ජලය ඇති ස්ථානයක්, මඩ වළක් තිබේ නම් එයට කදිම වේධ දෝෂය ලෙස සැලකේ.

ප්‍රතිපලය - ගෘහ මූලිකයාට කනගාටුදායක විපත් කරදර ඇති වේ

4. ජල නිර්ගමන වේධ දෝෂ

ප්‍රධාන දොරටුවට ඉදිරියෙන් ජලය බැසයන වංගු ආකාරයේ

ඇළ මාර්ගයක් පවතී නම් එයට ජල නිර්ගමන මාර්ග වේධ දෝෂ යයි නම් කෙරේ.

ප්‍රතිපලය - ධන හානි, හරිහම්බ කරන දේ ඉතිරි නොවේ

5. කූප වේධ දෝෂ

ප්‍රධාන දොරට ලම්භකව ඉතා කෙටි දුරක් තුළ ළිඳක් ඇත්නම්

එයට කූප වේධ දෝෂ යයි කියනු ලැබේ.

ප්‍රතිපලය - නි‍ෙවසේ පදිංචි අයට හිසේ ආබාධ, අපස්මාර රෝග, මානසික ආතති තත්ත්වයන්, ශාරීරික රෝග ඇති කෙරේ

6. දේවතා වේධ දෝෂ

ප්‍රධාන දොරටුවට ලම්භකව ඉතා ආසන්නව යම්කිසි ප්‍රතිමාවක් හෝ

දෙවි දේවතා වැනි දෙයක් ඉදිකර ඇත්නම් එයට දේවතා වේධ දෝෂ යයි නම් කෙරේ.

ප්‍රතිපලය - විනාශකාරි දේ සිදුවීම දේපළ හානි ඇති වේ

7. ස්ථම්භ වේධ දෝෂ

ප්‍රධාන දොරට කෙළින් කණුවක් කුලුනක් වැනි යමක් පවතී නම් එයට

ස්ථම්භ වේධ දෝෂ යයි කියනු ලැබේ.

ප්‍රතිපලය - අවනම්බු ඇති වේ, අයහපත් ප්‍රතිපල අත් වේ

8. සුසාන වේධ දෝෂ

ප්‍රධාන දොරටුවට කෙළින් සුසාන භූමියක්, සොහොනක්, සුසානාගාරයක්,

සොහොන් කොතක් වැනි යමක් ඇත්නම් එයට සුසාන වේධ දෝෂයයි කියනු ලැබේ.

ප්‍රතිපලය - නි‍ෙවසින් පිට යාමට හේතු ඇති වේ,

නි‍ෙවසේ රැඳී සිටීමට සිත් නොදේ

9. කෝණ වේධ දෝෂ

ප්‍රධාන දොරට කෙළින් තුන් මංසල, සිව් මංසල, වෙනත් ඉඩමක, නිවෙසක මුල්ලක් සුසාන භූමියක මුල්ලක් හරි කෙළින් පැවතීම කෝණ වේධ දෝෂයයි.

නි‍ෙවසක මුල්ලක් තවත් නි‍ෙවසක මුල්ලට එක එල්ලේම පැමිණීමද

කෝණ වේධ දෝෂ වේ.

ප්‍රතිපලය - ප්‍රේත, භූත දෝෂ,සොර සතුරු කරදරවලට හේතු වේ

10. ද්වාර වේධ දෝෂ

ඉඩමේ ප්‍රධාන ගේට්ටුව නි‍ෙවසේ දොරටුවට කෙළින් තිබීම

ද්වාර වේධ දෝෂය ලෙස සැලකේ.

ප්‍රතිපලය - ඇස්වහ, කටවහ, හෝවහ සතුරු පීඩා ආදියට හේතු වේ

11. වර්චස්ථාන වේධ දෝෂ

ප්‍රධාන දොර කෙළින් මළ මූත්‍ර පහ කරන ස්ථාන, වැසිකිළි, කුණු කසළ

ඇත්නම් එයට වර්චස්ථාන වේධ දෝෂයයි නම් කෙරේ.

ප්‍රතිපලය - නිවෙස තුළ සිරියාව නැතිවේ, නිතර අසනීප, කරදර, සිත් තැවුල් ආදියට ගොදුරු වේ

12. තිරස්චීන වේධ දෝෂ

ප්‍රධාන දොරට හරි කෙලින් ඉතා කෙටි දුරකදී ගවගාල්, අශ්වගාල්, කුකුළු කොටු වැනි සත්ත්ව ගාල් ඇත්නම් එයට තිරස්චීන වේධ දෝෂ යයි කියනු ලැබේ.

ප්‍රතිපලය -මන්ද බුද්ධික, ඔටිසම් වැනි රෝග සහිත දරුවන් බිහිවේ, පහත් පෙළේ වැඩට පෙලඹීමට හේතු වේ

13. රජක වේධ දෝෂ

ප්‍රධාන දොරට කෙලින් රෙදි සෝදන ස්ථාන, රෙදි අපුල්ලන ස්ථාන ඇත්නම්

එය රජක වේධ දෝෂයයි.

ප්‍රතිපලය - තනතුරු තානාන්තර නොලැබීම හෝ තනතුරුවලින් පහළ වැටීම, පහත් අදහස් පහළවීම වැනි දේ සිදු වේ

14. කුම්භාකාර වේධ දෝෂ

ප්‍රධාන දොරට කෙලින් ගඩොල් පෝරණු, හුණු පෝරණු, උළු පෝරණු,

මැටිවලං පෝරණු ඇත්නම් එයට කුම්භාකාර වේධ දෝෂ යයි සැලකේ.

ප්‍රතිපලය - අනිසි බලපෑම්, නෛතික කරදර, ස්ථාන දේපළ පිළිබඳ කරදර, නඩු හබ, සතුරු කරදර, බලතල නැතිවීම, තත්ත්වයෙන් පහළ වැටීමට හේතු ඇති වේ

15. ගණිකා වේධ දෝෂ

ගණිකා වෘත්තියේ යෙදන ළඳුන් පදිංචි නිවාස ප්‍රධාන දොරට කෙළින් තිබේ නම් එය ගණිකා වේධ දෝෂය ලෙස සැලකේ.

ප්‍රතිපලය - පවුල් අසමගිය, අඬදබර,

නෑදෑ හිතමිතුරන් වෙන්වීම, විරෝධය, දරුවන්ගේ අකල් මරණ වැනි විපත් ඇතිවීමට හේතු වේ

16. ම්ලේච්ඡ වේධ දෝෂ

ශ්‍රී ලංකාවේ පෙර පැවැති කුල අනුව ඒ ඒ ජනයා විසින් පහත් යැයි සැලකෙන පිරිස් පදිංචි නිවාස ප්‍රධාන දොරට කෙළින් පවතී නම්

එය ම්ලෙච්ඡ වේධ දෝෂය ලෙස සලකයි.

ප්‍රතිපලය - වස්තු විනාශය, ධන ධාන්‍ය හානි, අපකීර්තියට පත් වීම වැනි පාඩු සිදුවීමට හේතු වේ

17. රාජ වේධ දෝෂ

නි‍ෙවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට මැති ඇමැතිවරුන්ගේ නිවාස පවතී නම් එය රාජ වේධ දෝෂය ලෙස සැලකේ.

ප්‍රතිපලය - ඊර්ෂ්‍යාමාන, ක්‍රෝධ, වැඩිහිටියන්ගේ තනතුරු අහිමිවීම ආදි දෝෂයන් ඇතිවේ. ඇස් වහ කටවහ දෝෂ, කේන්ති යාම පවුලේ අසමගිතාවලට හේතු වේ

18. බ්‍රහ්ම වේධ දෝෂ

ගෘහයේ ඉදිරිපස ප්‍රධාන දොර තැබීමේදී බිත්තිය හරි මැදට ප්‍රධාන දොර තැබුවේ නම් එය බ්‍රහ්ම වේධ දෝෂය ලෙස නම් කෙරේ.

ප්‍රතිපලය - තමන්ට හිමි නම්බුව, ගෞරව, කීර්තිය අහිමි කරයි

නිවාස ඉදිකිරීම සඳහා සුදුසු නැකැතක් සකස් කිරීම

මේ සඳහා ජ්‍යොතිශාස්ත්‍රඥ සහාය අත්‍යවශ්‍ය වේ. මේ වන විට නිවාස සැලසුමේ පාද බෙදීම් හා සඳහන් කර ඇති දෝෂ පිළිබඳව පරීක්ෂා කර ඇති බැවින් ෙජ්‍යාතිෂ ශාස්ත්‍රඥයා නැකැත් සාදා දීම සිදු කරනු ලබයි.

මේ සඳහා ගෘහ මූලිකයා ප්‍රධාන කොට ඇති පවුලේ ගුණාත්මක හා ගෘහ ලාභ සහිත කේන්දර ශුභ ග්‍රහ පිහිටීම් අනුව සුදුසු නැකැතක් තෝරා ගැනේ. මේ සඳහා ජ්‍යොතිශාස්ත්‍රඥයන් විසින්

ඌර්ධමුඛ (උදය කාල‍ෙය්) නැකැත් වඩාත් යෝග්‍ය බව පිළිගැනීමයි.

මෙහිදී මේ නැකැත් ජ්‍යොතිශාස්ත්‍රඥයා විසින් සුදුසු පරිදි තෝරා ගන්නා නැකත අනුව ලණු ඇදීම, අත්තිවාරම කැපීම සහ මුල්ගල තැබීම සිදු කරනු ලබයි. මේ මුල්ගල සාදා ගැනීමේදී අනුගමනය කෙරෙන සිරිත් විරිත් ඇත. මේ සඳහා අනුගමනය කරන ක්‍රමවේදයන් ඇත.

මේ සඳහා නිදන් වස්තු අවශ්‍ය වේ. මේ නිදන් වස්තු, කස්තුරි, නවරත්න, ගොරෝචන, පස්ලෝ, හිරියල්, රත්හඳුන්, සුදුහඳුන්, සුවඳ කොට්ටන්, උඳු, මුං, තල, මෑ, වී, ගුගුල්, අගිල්, තුවරලා, සැවැන්දරා මුල්, ඊතණ, එළ අබ, සමන්පිච්ච, කුඹුරු ඇට, වැල් මී, වෙනිවැල්, කොහොඹ, අරටු, මී ඇට, මුහුදු වැලි, ගඟේ වැලි, පර්වත පස්, ඇතා දල ඇන්න තැන පස්, කැකුළු සහල්, රන් රිදී, මුතු, මැණික් යනාදිය වේ. මේවා ප්‍රදේශ අනුව වෙනස්විය හැකිය.

මෙයට අමතරව මුල්ගල තැබීමට පෙර අදාළ ඉඩමේ දෝෂ පරීක්ෂා කිරීමේදී බහිරව දෝෂ, මළප්‍රේත දෝෂ, පාළු ළිං, අතහැර දැමූ නිවාස, ඉදිකිරීම අතරමඟ නැවතූ නිවාස, වැනි දෝෂ සඳහා බහිරව පූජා හෝ වෙනත් ආරක්ෂක ශාන්ති කර්ම පවත්වනු ලබයි. මෙයින් ඉඩමේ මළ ප්‍රේත දෝෂ බැහැර කිරීම බහිරව දෝෂ බැහැර වීමට සමහර ප්‍රදේශවල ගුරුකම් අතර අට කොන් ආරක්ෂා කිරී‍ෙම්ද පිරිත් සජ්ඣායනා කර

පිරිත් පැන් ඉසීමෙන් ද දෝෂ පහ කළ හැකිය.

මුල්ගල තැබීම ගෘහමූලිකයා විසින් හෝ කේන්දර පරීක්ෂා කිරීමේදී තෝරා ගත් අයෙකු සිදුකරන අවස්ථා ඇත. දකුණු පළාතේ දී බොහෝ විට ගෘහමූලිකයාට අමතරව ආරාධිත අමුත්තකු සහභාගි වන අවස්ථා ඇති බව පෙනේ. මුල්ගල තැබීමෙන් පසු එම ආරාධිත අමුත්තාගෙන් ආශිර්වාද සහ පරිත්‍යාගයක් ලබාගැනීම ද සිදු කෙරේ.

 

උපදෙස්

ඡ්‍යොතිෂ ප්‍රභාෂ්වර

තිස්ස මහානාම

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.