වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
අලුත් නිවෙසේ ප්‍රධාන උළුවස්ස කුකුළා ලවා පන්නන්නේ බලාගෙනයි
ගෙයක් හදනව කියන්නෙ කිසියම් පවුලක් එකමුතු වෙලා ඉදිරි සියලු කටයුතු සාර්ථක කරගෙන ඉන්න එකටනේ. එනම් ස්වකීය වර්ගයා බෝකරගෙන, ශරීර සෞඛ්‍යය යහපත් කරගෙන එම නිවස තුළ අදෘශ්‍යමාන බලවේග නැති කරගෙන ශි‍්‍රයා කාන්තාව සමඟ සුවසේ ජීවත්වන්ට තමයි හැම දෙනාගෙම අපේක්ෂාව.
මෙය ඉටුකර ගැනීම් වස් මූලිකව ක්‍රියා දෙකක් තිබෙනවා. එනම් ප්‍රධාන උළුවහු තබා පැනීම හා ප්‍රධාන යටලීය ඇන නොගසා හිර කිරීමයි. මේ ක්‍රියා දෙකම වඩු කාර්මික මහතා විසින් කළ යුතු ක්‍රියාවන් බැවින් ගෙයක් සෑදීමේ දී වඩු මහතාගේ ක්‍රියා කලාපය අති මහත්යාට. මෙයිනුත් ප්‍රධාන වන්නේ ප්‍රධාන උළුවස්ස තබා පඨවි,ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංච මහා භූතයන් පාලනය කර ශි‍්‍රයා කාන්තාවට නිවසට ඒම සැලැස්වීමයි. මේ කාරණාව තුළ මෛත්‍රීය පෙරදැරි කරගෙන යහපත් ආකාරයට කළ යුතු වනවා.
ප්‍රධාන උළුවස්ස තබා පැනීමට පෙර සැලකිය යුතු කරුණු කීපයක් තිබෙනවා. මේවා ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව ඡ්‍යොතිෂයේ සඳහන් වනවා. එනම් මේ උළුවස්ස මේ නිවසේ ඇති සියලුම උළුවහුවලට වඩා පළලින් වැඩිවිය යුතුයි. මෙය සාදා ඇති ලීය කිසියම්ම පිපිරීම්වලින් තොර විය යුතුයි. කිසිදු කම්බි ඇන නොගසා තිබිය යුතු වන අතර කිරි ලීයකින් නම් වඩා සුදුසු බව ඡ්‍යොතිෂයේ කියැවෙනවා. මෙය සම්පූර්ණ කිරීම වස් තවත් කරුණු කීපයක් තිබෙනවා. එනම් උළුවහු තබා පනින වඩු මහතා ඉතා සතුටින් උළුවහු පැනිය යුතු වනවා. එම නිසයි නියමිත දිනයට කලින් දින ඔහුට කිසියම් ත්‍යාගයක් පිරිනැමීමට ලන්සු තැබීමෙන් එය හැඟවීම. පුරාණයේ සිට පැවැති ක්‍රමය නම් ස්වකීය ගෘහ මූලිකයාගේ නැකතට සීහුම් වනසේ පුර තිථිය පවතින දිනක කිසියම් සුබ නැකතක් ගෙන දසාව (කාල හෝරාව) සූක්ෂ්ම දසාවක් ගණනය කර ඒ වෙලාවට පැනීමයි. නමුත් මේ ඡ්‍යොතිෂ ක්‍රමය පරීක්ෂණාත්මකව විශ්ලේෂණය කිරීමේ දී සිදු කරන්නේ නැකත දී ඇති වේලාවට මේ ස්ථානයට යහපත් ග්‍රහ කිරණය ස්ථානගත කිරීම හෝ වීමයි. හෝ සැලැස්වීම. විද්‍යාත්මක ක්‍රමය එයයි. නමුත් පෘතග්ජන මිනිහා ළඟ ඇති සැකය නැති කිරීම් වස් පැරැණි ක්‍රමයට අදාළ මේ වේලාවට රතු කරමල ඇති කුකුලෙක් ප්‍රථමයෙන් ඇතුළට දමා දෝස ඇත්නම් ඌට වදින සේ සලස්වා, දෙවනුව මේ නිවසේ වඩු කටයුතු කරන වඩු මහතා පැනීම සම්ප්‍රදායක් කරගෙන තියනවා. ඉන්පසු ඔහුටද කිසියම් ත්‍යාගයක් හිමිවන නිසා ඔහු ද සතුටින් උළුවහු පනිනවා. එය තෘතගුණ සිරිතයි.
නමුත් ඡ්‍යොතිෂවේදියාගේ නැකත යහපත් නම් නිවැරැදි නම් ඒ නැකත කෙරෙහි අවිශ්වාසයක් නැත්නම් කුකුළෙකු පැන්නීම යනු දෙවරක් හෝ තෙවරක් සිතිය යුතු කරුණක්. මොකද? ඉතා මෛත්‍රියෙන් කරන මේ කරුණ කුකුළෙකු වුවද ප්‍රාණයක් ඇපයට තබා උළුවහු පැනීම මෛත්‍රීය නොමැතිව කරන ක්‍රියාවක් වන අතර යල් පැනපු ක්‍රමවේදවලින් බැහැරව විද්‍යාත්මක ක්‍රියාවන් මත රැඳීම උචිත වන නිසා. මේ කුකුළා පැන්නවීම මුලදී හෝ අගදී උගේ ජීවිත හානියට කරන ක්‍රියාවක් බැවින් එය කිසිසේත් අනුමත කළ නොහැකියි.
නිවෙසක ප්‍රධාන උළුවස්ස තබා ගැනීමේදී නැකතකටම කරනුයේ එය සුබ කරුණක් නිසා බව කවුරුත් දනී. කලින් සඳහන් කළා සේ ඇත්තටම සිදුවන්නේ රේවතී නැකතට අනුව දවසේ යහපත්ම වේලාව ලබා දීමය. තවත් අදහසකින් කියනවා නම් නිවෙස් හිමියාගේ නැකතට අදාළ ග්‍රහ නැකත ප්‍රධාන උළුවස්සට ඒකරාශී කිරීමේ හෝරාව ලබා දීමයි. මේ කාරණය සඳහා රතු කරමල ඇති කුකුළකු යොදා ගැනීම ගැන තවදුරටත් සොයා බැලිය යුතු වේ. කුකුළකු පැන්න වීමෙන් දොස් භංගවීමක් හෝ නරක කිරණ ඇතොත් කුකුළා වෙතට ඒමට සැලැස්වීම යයි කීවොත් හුදෙක් එය නිවැරැදි නොවේ. ප්‍රාණයක් පැන්විය යුතුම වේ නම් වඩු මහතා සමඟ ගම් බිත්තරයක් රැගෙන ඒම ක්‍රියාව කළ හැකි බව පෙනෙනවා ඇත. ගම් බිත්තරයක් යනු ප්‍රාණයකි.
කුකුළා යනු සිංහලයාට වඩා සමීප යහපත් බොහෝ දේ සඳහා ඉදිරියට ගන්නා සංකේතයකි. නියමිත වේලාවට පහන් දැල්වීමේ දී ද කුකුලා සංකේතවත් කරන පහනක් යොදා ගන්නේ ද ඒ නිසාම ය. තවද මේ කුකුළා කඩවර දෙවියාගේ වාහනය වන අතර කඩවර දෙවියන් පසුපස මේ රතුකරමල් කුකුලා වඩා හිඳුවා දෙවියන්ගේ දකුණු අතේ ඇති දිගැටි සැරැටිය සමඟ දේව මණ්ඩලයේ සිටින්නෙ ශ්‍රී විෂ්ණු රාජයා හා සුමන සමන් දිව්‍යරාජයා අතර මැදිවය.
කුකුළා ඉතා ආඩම්බරකාර සතෙකි. දක්ෂ වඩු මහතා උළුහවු පැනීමේ දී ඔහුගේ ආයුධ දැමීම කරනවා මිස කුකුළකු දැමීම නො කරයි. කරුණු මෙසේ තිබියදී උළුහවු පැනීමේදී කුකුළෙක්ගේ අවශ්‍යතාවය පවසන ඉතා සුළු පිරිසක් නැතුවා නොවේ. මෙවන් පින්වත් සතෙක් මේ ක්‍රියාව සඳහා යොදා වක්‍රව පසුව ඌගේ මරණය සිදුවුවහොත් එහි පාපය ද එයින් සිදුවන නරක ප්‍රතිඵල ද සම්බන්ධ වූ හැම කෙනෙක්ම අතරේ බෙදී යන බවද දැනගත යුතු වේ.
උළුවහු පැන්නීමේ නියම ක්‍රමය වනුයේ නිවෙස් හිමියා ලද නැකතට වඩු මහතා විසින් නියම වේලාවට ඔහුගේ තියුණු ආයුධ ප්‍රථමයෙන් දමා දෙවනුව ඔහු පැනීමයි. ලබාගත් නැකත තුළ හදිසි ආලෝක විපර්යාසයක් ඇති වුවහොත් ඉන් මිදීම සඳහා ආයුධ මුලින් දැමීම සිරිතයි.
මේ ප්‍රධාන උළුවස්ස තබා පැනීමට කලින් සැලකිය යුතු කරුණු කාරණා කීපයක්ම ඇත. මෙම උළුවස්ස නිවසේ අනිත් උළුවහුවලට වඩා පළල්විය යුතුය. කලින් සඳහන් කළා සේ මේ ගැන විශේෂ සැලකීමත් ලැබිය යුතුමයි.
කිසිවෙකුගේ ප්‍රාණයක් ඇපයට නොතබා කිසිදු සැකයකින් තොරව උළුවහු පැන්නෙ නම් ඉදිරි වැඩ කටයුතු සුබ වන්නේ ය. මේ උළුවස්ස අඩුම තරමින් වඩු රියන් තුනකට වඩා උසින් තිබිය යුතුයි. තවද මේ උළුවස්සේ දෙපැත්තේ කුමන අංශයක් වත් තනි බිත්තියකට අල්ලා නොතැබිය යුතුයි.
මේ නිවැරැදි ක්‍රමයට සෑදූ උළුවහු නිවැරැදි ක්‍රමයට තබා පැනීමෙන් පංච මහා භූතයන් යහපත්ව ක්‍රියාත්මක කරවීම නිසා නිවස තුළ සැමවිටම යහපත් ශක්තිය පමණක් ක්‍රියාත්මක වන බව ඡ්‍යොතිෂයේ හා වාස්තු විද්‍යාවේ සඳහන් වේ.
නිවෙසක ප්‍රධාන උළුවස්ස තබා ගැනීමේදී නැකතකටම කරනුයේ එය සුබ කරුණක් නිසා බව කවුරුත් දනී. කලින් සඳහන් කළා සේ ඇත්තටම සිදුවන්නේ රේවතී නැකතට අනුව දවසේ යහපත්ම වේලාව ලබා දීමය. තවත් අදහසකින් කියනවා නම් නිවෙස් හිමියාගේ නැකතට අදාළ ග්‍රහ නැකත ප්‍රධාන උළුවස්සට ඒකරාශී කිරීමේ හෝරාව ලබා දීමයි. මේ කාරණය සඳහා රතු කරමල ඇති කුකුළකු යොදා ගැනීම ගැන තවදුරටත් සොයා බැලිය යුතු වේ. කුකුළකු පැන්න වීමෙන් දොස් භංගවීමක් හෝ නරක කිරණ ඇතොත් කුකුළා වෙතට ඒමට සැලැස්වීම යයි කීවොත් හුදෙක් එය නිවැරැදි නොවේ. ප්‍රාණයක් පැන්විය යුතුම වේ නම් වඩු මහතා සමඟ ගම් බිත්තරයක් රැගෙන ඒම ක්‍රියාව කළ හැකි බව පෙනෙනවා ඇත. ගම් බිත්තරයක් යනු ප්‍රාණයකි.
කුකුළා යනු සිංහලයාට වඩා සමීප යහපත් බොහෝ දේ සඳහා ඉදිරියට ගන්නා සංකේතයකි. නියමිත වේලාවට පහන් දැල්වීමේ දී ද කුකුලා සංකේතවත් කරන පහනක් යොදා ගන්නේ ද ඒ නිසාම ය. තවද මේ කුකුළා කඩවර දෙවියාගේ වාහනය වන අතර කඩවර දෙවියන් පසුපස මේ රතුකරමල් කුකුලා වඩා හිඳුවා දෙවියන්ගේ දකුණු අතේ ඇති දිගැටි සැරැටිය සමඟ දේව මණ්ඩලයේ සිටින්නෙ ශ්‍රී විෂ්ණු රාජයා හා සුමන සමන් දිව්‍යරාජයා අතර මැදිවය.
කුකුළා ඉතා ආඩම්බරකාර සතෙකි. දක්ෂ වඩු මහතා උළුහවු පැනීමේ දී ඔහුගේ ආයුධ දැමීම කරනවා මිස කුකුළකු දැමීම නො කරයි. කරුණු මෙසේ තිබියදී උළුහවු පැනීමේදී කුකුළෙක්ගේ අවශ්‍යතාවය පවසන ඉතා සුළු පිරිසක් නැතුවා නොවේ. මෙවන් පින්වත් සතෙක් මේ ක්‍රියාව සඳහා යොදා වක්‍රව පසුව ඌගේ මරණය සිදුවුවහොත් එහි පාපය ද එයින් සිදුවන නරක ප්‍රතිඵල ද සම්බන්ධ වූ හැම කෙනෙක්ම අතරේ බෙදී යන බවද දැනගත යුතු වේ.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී / ගුප්තවේදී
මීපේගණිතගේ
රන්ජිත් විද්‍යාරත්න