සියලු ගිනි බලගන්වන ගිනිකොන

මාර්තු 22, 2024

 

මොරටුවට ආසන්න ප්‍රදේශයකින් ලැබුණු ඇරැයුමකට අනුව කරන ලද නිවාස පරීක්ෂාවකදී අවසන් නොකළ අපිළිවෙළ හා වියවුල් සහිත නිවාස පරිශ්‍රයක් දැක ගත හැකි විය. දිශාවන් පිළිබඳව අදහසක් නැතිව පාරේ සිට නිවෙසට ඇතුළු වුණෙමු. නිවෙසේ දී මැද යැයි හැඟෙන තැනක සිට දිශා පරීක්ෂා කර බැලීමු. එවිට අපට පෙනේනට තිබුණේ එය නැඟෙනහිර හා ඊශාන උසින් පිහිටා ඇති නිවෙසක් බවයි. එවිට ගැටලුව කවරක්ද යන්න පිළිබඳ අදහසක් ඇතිව නිවෙස පිටුපස ඇති මිදුලට ඇතුළු වූයෙමු. මිදුලෙහි දිගැති තවත් නිවෙසක්ද දක්නට ලැබිණි. යන්තමින් සැකසූ මායිමකින් එපිට වූ හිස් ඉඩමක්ද අපට දක්නට ලැබිණි.

විස්තර විමසීමේදී හිස් ඉඩමත් දෙවැනි නිවෙසත් ඔවුන්ගේ අයිතියේම පවත්නා බව අපට දැන ගැනීමට ලැබිණි.

මෙහිදී අයිතිකරු විසින් පවසනු ලැබුයේ හිස් ඉඩම වෙන් කරනු ලැබුයේ සමස්ත භූමියේ හැඩය අයහපත් බව සලකා බවයි. පළමු වැනි නිවෙස පාරේ සිට බෑවුමක මට්ටම් කීපයක පිහිටා තිබුණත් දෙවැනි තනි තට්ටු නිවෙස පිහිටා තිබුණේ තැනිතලා පොළොවකය.

පළමු වන නිවෙසට වයඹ දිශාවෙන් ළිඳක් පිහිටා තිබේ. එයට එපිටින් දෙවැනි නිවෙසේ මායිම පිහිටා ඇති බැවින් දෙවැනි නිවෙසේ ඊශානයෙන් ඉතා සාර්ථක ලෙස පිහිටුවා ගත යුතුව තිබූ ළිඳ පළමු වැනි නිවස පිහිටි කොටසට ඇතුළත්ව තිබිණි.

ඔවුන්ගේද අත්දැකීම අනුව මහල් හතරක් ලෙස ගොඩනැඟෙමින් තිබුණු පළමුවැනි නිවෙසට වඩා එක් මහල් දෙවැනි නිවෙස විසූවනට අතිශය සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇති බව අපට අවබෝධ විය. සොයා බැලීමේදී පැහැදිලි වූයේ දෙවැනි නිවෙස සමබිමක තනා ඇති බවත් ගෘහ අංග බොහෝදුරට නිවැරැදිව දිශාගත කර ඇති බවත් ය.

පළමුවැනි නිවෙස මහල් කීපයක් ලෙස පැවතියද සාලය පිහිටි මහලේ සිට බැලූවිට බස්නාහිර සහ නිරිත දිශාවන් බැහැරට වන්න පිහිටා තිබිණි. එය අපට නිරන්තරයෙන් මුහුණදීමට සිදු වන බරපතළ සුලබ දෝෂයක් බව පෙනිණි.

එසේ වුවත් නිවෙසේ පවත්නා අක්‍රිය භාවයට මෙකී බෑවුම් දෝෂය පමණක් හේතු වන්නට ඇතැයි සිතිය නොහැකියි. එහිදී යළිත් අපගේ අවධානය ළිඳ කෙරෙහි යොමු විය. එය පිහිටා ඇත්තේ වයඹ දිශාවට වීම අපට අමතක කළ නොහැකි විය. උතුරු බිත්තිය මායිම් බිත්තිය වීමෙන් නිවෙසට ලැබෙන අන්තරීක්ෂ (ඛ්ධථඪජ) ශක්තිය මහත් සේ අඩුවීම බලපා හැකි මුත් ඊට වැඩි යමක් ඇතැයි අපට කීපවර සිතිණි.

ගිනිකොන දිශාවේ පිහිටා ඇත්තේ සාලය කොටසයි. එහි එතරම් පිරිසුදු බවක් නොමැති අතර අඳුරු ස්වභාවයක් පවත්නා බවත් අපට පෙනිණි. (පොදුවේත් සාලය අඳුරු පැහැයක් ගෙන තිබිණි) ගිනිකොන දිශාවේ නිවරැදි ලෙස මුළුතැන්ගෙය හෝ වෙනත් තාපය පිටවන කිසිදු දෙයක් නැති බව පෙනිණි. එවිට විකල්ප දිශාව ලෙස වයඹට අපගේ අවධානය යොමු කළ විට පෙනී යන්නේ එහි ළිඳ පිහිටුවා ඇති බවයි.

ගිනිකොන අඳුරත් සිසිලසත් සහිත විට වයඹ හෝ තාපය උපදින අයරින් පිහිටුවා ගැනීම අවශ්‍යතාවක්ව තිබිණි. එහෙත් එහි උතුරු පිහිටීමෙන් නිවෙසේ සක්‍රිය භාවය බිඳ වැටීම සිදුව ඇති බව පෙනිණි. අවම වශයෙන් මෙකී ගිනිකොන හෝ වයඹ දිශාවට විදුලි උපකරණ ගණනාවක් වත් පිහිටුවා තිබිණි නම් තත්ත්වය මඳක් හෝ පාලනය කර ගත හැකි බව පෙනිණි.

ළිඳ පළමු වැනි නිවෙස පිහිටි ඉඩමට නොවැටෙන පරිදි නව මායිමක් සකස් කිරීමත් හිස්ඉඩම හා දෙවැනි නිවෙස වෙන් කරන තාවකාලික වැට ඉවත් කර ඒ නිවෙස ගෘහමූලිකයාගේ ප්‍රයෝජනයට ගැනීමට යෝජනා කෙරිණි. එවිට ඉතා නිවැරදි ලෙස වයඹ සිසිලස පළමුවැනි නිවෙසෙන් ඉවත් වන අතර, ඒ ළිඳ දෙවැනි නිවෙසේ ඊශානයට වැටීමෙන් වඩ වඩාත් යහපත් ප්‍රතිපල හිමි වන බව පැහැදිලිව තිබිණි. තත්ත්වය මඳක් හෝ සාර්ථක වූ පස වාස්තු පිරමිඩ පිහිටුවා වඩාත් ශක්ති ගැන්වීමක් කිරීමටද තීරණය කර ගනිමින් අපි ඒ නිවෙසෙන් පිටවීමු.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.