මනසේ ක්‍රියාකාරීත්වයට වාස්තුමය බලපෑම

නොවැම්බර් 24, 2023

වාස්තු ශාස්ත්‍රයේදී වර්තමානයේ භාවිත වන තාර්කික කරුණු නිරවුල්ව වටහා ගැනීමට හුදෙක් ඉදිකිරිම්වල පවත්නා හැඩතල හා දිශා පමණක් ප්‍රමාණවත් නොවේ. එහිදී වැදගත්ම වන්නේ බාහිරව පවත්නා විවිධ ශක්තීන් හේතු කොට පුද්ගලයන්ගේ (නිවැසියන්ගේ) ශක්ති ශරීරයට (Healing|) සිදුවන වෙනස්වීම් මැනැවින් අධ්‍යයනය කිරීමයි. එසේ නොකොට ගෘහ අංගයන් දිශාගත කිරීමේ වට්ටෝරුවක් ඉදිරිපත් කිරීමෙන් වාස්තු විෂයයෙන් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීම පහසු නොවේ.

මනුෂ්‍ය ශක්ති ශරීරය එහි භෞතික ශරීරය ආශ්‍රයෙන් පැවතියත් ඊට බාහිරින් පිහිටමින් භෞතික ශරීරයට වඩා අධි වේගයෙන් වෙනස් වන බව වටහා ගැනීමත් ඉතා සංවේදීව ක්‍රියා කරන බවත් අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ. මේ ස්වභාවය ප්‍රායෝගිකව වටහා ගැනීමට ශක්ති ශරීරයට සිදු කරන සියුම් ප්‍රතිකාරයන්ගෙන් සිදු වන සුවිශේෂ සුවකිරීමේ (ඩ්ඥචතඪදඨශ) බලය ප්‍රායෝගිකව යොදා ගත හැකියි. තමන් ඉදිරියේ සිටින රෝගියකුට මෙන්ම දුරු රටක සිටින අසාධ්‍ය රෝගියකුට පවා මෙකී ප්‍රතිකාරයන්ගෙන් ලැබෙන සුවය විස්මය දනවන බව අවධාරණය කළ යුතු වේ.

එසේ වුවත් මෙකී ශක්ති ශරීරය වෙත යළි යළිත් ලැබෙන බාහිර ශක්තීන්ගේ බලපෑම නිසා කෙතරම් සුව කිරීමේ ක්‍රමවේද භාවිත කරමින් ශරීරය පවිත්‍රකරණය ශක්ති ගැන්වීම හා ශක්ති ස්ථාවරකරණය සිදු කළත් හිතකර ප්‍රතිඵලය දීර්ඝ කාලීනව නොපැවතීම් පිළිබඳව අප මැනවින් අවබෝධ කර ගත යුතු වේ. මේ හේතුව නිසා බාහිර ශක්ති කළමනාකරණයේ පුරාතන හා නූතන ක්‍රමවේදය වන වාස්තු ශිල්පයක් ලෙස අතිශයින් වැදගත් වේ.

අධ්‍යයන කටයුත්තක යෙදී සිටින විද්‍යාර්ථිකයකු එයින් උපරිම ප්‍රයෝජනය ගනු ලැබුයේ තමන්ගේ ජීවිතයේ විවිධ ප්‍රදේශවලදී පමණක් බවත් සමහර ප්‍රදේශවලදී ජීවිතය ඉබේ නිශ්චිත අරමුණකින් තොරව ගලා ගිය බවත් සිහිපත් කරන අවස්ථා දුලබ නොවේ. එයට ඔවුන්ගේ සමාජ – ආර්ථික සාධකවලට කාලීන ස්වභාවය බලපෑ හැකි වෙතත් එයටත් වඩා ඒ ඒ ප්‍රදේශවලදී තමන් මුහුණ දුන් ශක්තීන්ගේ ස්වභාවය බලපා ඇති බව බොහෝ භවතුනට වැටහෙන්නේ කලක් ගත වූ පසුයි. මෙවැනි සිදුවීම් අධ්‍යයනය කළ අපට ඒවායේ පවත්නා සියුම් බලපෑම් ඕනෑතරම් හමුවී තිබේ.

අධ්‍යාපනයේ යෙදී සිටින දූ දරුවන්ගේ යම් පසුබෑම් දකිනා වැඩිහිටියන් නිරන්තරයෙන් ඔවුන් කෙරෙහි දක්වන නිර්දය ස්වභාවය ඔවුන් තව තවත් වැඩියෙන් අසාර්ථකත්වය කරා රැගෙන යන බව වටහා ගැනීම අතිශයින් වැදගත් වේ. ශික්ෂණයට, දණ්ඩනය අනවරතව බැඳී ඇතැයි සිතීම වැඩිහිටි පරපුරේ වරදකාරි ඇබ්බැහියක් පමණි. ඒ වෙනුවට එකී අධ්‍යාපන සමයේ කටයුතු කරන දූදරුවන් ඒ කටයුතුවල යෙදී සිටීමේදී මුහුණ දෙන පෙර කී ශක්තීන් පිළිබඳව දන්නා ශිල්පියකුගේ නිර්දේශයන් ලබා ගත්තේ නම් පෙර මෙන් නොවී මෙකී වියවුල්වලින් ඔවුන් බේරා ගැනීමටත් එමඟින් වැඩිහිටියන්හටද දිගුකාලීනව වඩාත් සහනශීලි ජීවිතයක් හිමි කර ගත හැකි වනු ඇත.

භාවනාව හා වන්දනාව පිළිබඳ තත්ත්වයද මෙයට වෙනස් නොවේ. සමහර ආශ්‍රමවල ව්‍යාජ යෝගීන් බිහිවන අවස්ථාත්, නාගරික සංකීර්ණ වටපිටාවල අතිශය උත්තම ගණයේ මුනිවරුන් බිහිවීමත් මේ ශක්තිමය ස්වභාවයන්ගේ හඳුනා ගැනීම හා පිළියම් සපයා ගැනීම පහසු නොවේ.

මෙවැනි කරුණු පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් අවශ්‍ය වෙතත් ජීවිතයේ ප්‍රධාන ඉසවු (ක්ෂේත්‍ර) ලෙස පවත්නා, ශාරීරික, මානසික භාවමය හා ආධ්‍යාත්මික අංශයන්ගෙන් ශාරිරික සීමා ඉක්මවා අන් ක්ෂේත්‍ර ප්‍රබල වන පෙර කී අධ්‍යයන, අධ්‍යාපන, භාවනා හා වන්දනා වැනි දේවලදී ගත යුතු සරල පිළිවෙත් රැසක් පිළිබඳව දැන් අපගේ අවධානය යොමු කළ යුතු වේ.

අද වන විට මේ කටයුතුවලට ප්‍රධානතම බාධාව බවට පත්ව ඇති යන්ත්‍ර සූත්‍ර හා විද්‍යූත් මෙවලම් භාවිතයෙන් ඈත්වීම අතිශයින් වැදගත් වේ. එසේ වුවත් අද මෙවැනි කටයුතුවලට පවා පරිගණක, වායුසමීකරණ ආදියේ අවශ්‍යතාව බලවත් වී ඇති බැවින් ඒවායෙන් වන හානියෙන් මිදීම සඳහා හිතකර ආරෝපණ ජනක (Ionizer) භාවිතයත් විවිධ පාෂාණ භාවිතයත් පිළිබඳ අවධානය යොමු කිරීම අවශ්‍ය වේ.

එසේම මෙවැනි කටයුතුවලදී පුරාතන වාස්තු ශාස්ත්‍රයේද කියැවෙන පරිදි ඊශාන, උතුර හා නැඟෙනහිර විවෘතවන හිස්ව යම් පිළිවෙළකට නිදහස්ව, පිහිටුවා ගැනීමත්, වැඩි වැඩියෙන් එවැනි දිශාවනට මුහුණලා සිය කටයුතු සිදු කිරීමත්, අතිශයින් වැදගත් වේ. එසේ වුවත් එසේ දිශාගතව ක්‍රියා කිරීමේදී පුද්ගලයා පිහිටා සිටිය යුත්තේ සිය පිටුපස ඝන බිත්තියක් වැනි යමකට ආසන්නව වීමද ශක්ති සංරක්ෂණය කර ගැනීමේදී අතිශයින් වැදගත් වේ.

එසේම ශුභ ශක්තීන් ඒ උපදවා ගැනීමට හා ළඟා කර ගැනීමට ඉවහල් වන ශබ්දයක් (සංගීතයන් හා සජ්ඣායනයන්) මෙන්ම ආලෝකයන් හා වර්ණයන් භාවිත කිරීමත් අතිශයින් ඵලදායි වන බව ද අප වැඩි වැඩියෙන් වටහා භාවිත කළ යුතු වේ.

නිවසේ සුව දනවන සියුම් නාදයන් ඇසීමට සලස්වා ගැනීම හා ස්වාභාවික ආලෝකය මැනැවින් ඊශාන, නැඟෙනහිර, උතුර ආදී දිශාවන්ගෙන් වැඩි වැඩියෙන් ඇතුළුවීමට ඉඩ සලස්වා ගැනීම මෙහිදී ඉතා ප්‍රායෝගික වේ. මේවා සඳහා අඩු ධාරිතාවන්ගෙන් යුතු විද්‍යුත් මෙවලම් භාවිත කළද හානිය ඉක්මවන සාර්ථකත්වයක් හිමි වන බැවින් යොදා ගත හැකියි.

ඉදිකිරීම් ආශ්‍රීත උද්‍යානය, (මිදුල) මැනැවින් වාස්තු විද්‍යානුකූලව සැලසුම් කිරීමත් සෙවණ සහිත මුත් වදුල අඩු ස්ථර සහිත ගස් තැනින් තැන නිවැසියන්ගේ ආධ්‍යාත්මික හා අධ්‍යාපනික භාවිතයන් සඳහා යොදා ගැනීමත් මෙහිදී ඉතා සාර්ථකව යොදා ගත හැකි ක්‍රමයකි. නුග කැලයේ කුඩා අලංකාර ශාක වර්ග භාවිතයේදී මේ තත්ත්වය වඩාත් සාර්ථකව ඉටු කර ගත හැකි බව පර්යේෂණ මඟින් හෙළි වී තිබේ. තෘණ වර්ග සහිත මිදුලකින්ද මේ හිතකර ස්වභාවය වැඩි දියුණු කළ හැකි වේ.

මෙවැනි සුවිශේෂ ක්‍රමවේදයන් භාවිතයෙන් අධ්‍යයන, අධ්‍යාපන, භාවනා හා වන්දනාමය ප්‍රතිඵලයන් වඩ වඩාත් සාර්ථක කර ගත හැකියි.

 

සිවිල් ඉංජිනේරු

විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.