නිවසක පිරිසුදුකම, ආරක්ෂාව, වාස්තු දෝෂවල බලපෑම

අගෝස්තු 2, 2019

කුටුම්භයක් ජීවත් වන නිවාස සෑම අතින්ම බලවත් විය යුතු ය. ඒ බලවත් වීම එක් අංශයකින් දෙඅංශයකින් මෙතෙකැයි කියා කිව හැකි නොවේ.

නිවසක පිරිසුදු භාවය, අලංකරණය, නිවස තුළ අනුගමනය කරනු ලබන විධිමත් සාම්ප්‍රදායික පුරුදු, වාස්තු විද්‍යාත්මකව නිවසේ නිවැරැදි භාවය වගේ ම නිවසකට බලාත්මකව බලගන්වා ඇති බලවත් ආරක්ෂාවත් ඒ අතර ප්‍රධානයි. මේ කුªමන හෝ පැතිකඩක යම්තාක් දුරට දුර්වලතාවයක් පෙන්වන්නේ නම් එම තත්ත්වය අඩු වැඩි වශයෙන් නිවසටත්, නිවසේ ජන්මමීන්ටත් බලපානු ලබන්නේ ය.

මදකට සිතා බලන්න, නිවසක් උදේ සවස දිනපතා අතුගා පිරිසුදු නොකරන්නේ නම් එම නිවස ඉතා අපිරිසුදු තත්ත්වයකට පත්වන්නේ ය. එය දෙවියන්ට නොව නිවැසියන්ටවත් විසිය නොහැකි තැනක් බවට පත්වන්නේ ය. එවිට නිවසට පැමිණෙන යක්ෂ, ප්‍රේත වැනි අමනුෂ්‍ය බන්ධනවල බලපෑමද ඉහළ යනු ඇත. ඒ තුළින් නිවසේ බලවත් ආරක්ෂාවක් සිදුකර ඇත්නම් එහිද යම් හෝ පමණක වෙනස්වීමටද ඉඩකඩ පවතී. එසේම අපිරිසුදු නිවස තුළ නිතර ගැවසෙන සතුන් ආදීන්ගෙන් නිවස ආරක්ෂාවන් බිඳීයාමේ අවදානමක් පවතී. නිවසේ දරුවන් නිතර ලෙඩ කරවීම, බෝවන වසංගත රෝගයන්ට ගොදුරුවීම, අමනුෂ්‍ය දෝෂයන්ට නිවැසියන් ගොදුරුවීම ආදිය ද මේ තුළින් මතුවන අශුභකාරී තත්ත්වයන් ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී, හස්ත රේඛා ශාස්ත්‍රඥ, වාස්තු විද්‍යාවේදී,

කේ.පී. ක්‍රිෂාන්ත පි‍්‍රයදර්ශන සුරවීර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.