වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නිවසක් ඉදිකරන්න පෙර සිතා බැලිය යුතු කරුණු
ජුනි 14, 2019
ඔබ නව නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ පැරණි නිවසට අලුතින් කොටස් එකතු කිරීමට හෝ කුමන ආකාරයක ඉදිකිරීමක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ ගෘහ මූලික ඔබගේත් නිවැසියන්ගෙත් ජන්ම පත්‍ර පරික්ෂා කර බැලීමයි.
ඒ අනුව ගෘහමූලිකව ඒරාෂ්ටක අපල 6,8,12 භාව අධිපතියන්ගේ දශා, අතුරු දශා ආදිය ලබා තිබේද යන්න විශේෂයෙන් බැලිය යුතුය. එවැනි ග්‍රහ පිහිටීම ඇතනම් ආරම්භක නැකත ශුභ වුවත් ලෙඩ දුක්, ධන හානි ආදී කරදර ඇති වී නිවසේ වැඩ කටයුතුවලට බාධක ඇතිවේ.
වඳ භාර්යාව සහ දරුවන්ටද මාරක අපල ඇතිදැයි පරික්ෂා කළ යුතුය.
කෙනෙකුගේ කේන්ද්‍රයේ සිව්වැන්න නිවාස ඉඩකඩම් ආදිය පෙන්නුම් කරන ස්ථානය බැවින් ගෘහ මූලිකව සිව්වැන්න අධිපතිගේ අතුරු දශාවක් ලබා තිබීම සුබඵල දීමට හේතුවේ. තවද එකොළොස් වැන්න අධිපතිගේ මහ දශාවක් සමඟ සිව්වැන්න අධිපතිගේ අතුරු දශාවද සුබ ඵල දීමට හේතු වේ. එසේම දසවැන්න හෝ නවවැන්න අධිපතිගේ මහ දශාවත් සමඟ සිව්වැන්න අධිපතිගේ අතුරු දශාවද සුබදායක වේ.
සිව්වැන්න ගුරුගේ ස්වක්ෂේත්ර රාශියක් හෝ උච්ච රාශියක් වී ගුරුගේ මහ දශාව පැවතීමද නිවස ඉදිකිරීමට සුදුසුය. තව ගෝචරයෙන් ගුරු සිව්වැන්නේ ගමන් කිරිමේදී ගුරුගේ අතුරු දශාවක් පැවතීමද නිවාස ඉදිකිරීම ආරම්භයට සුදුසුය.
තවද සිව්වැන්න සිකුරුගේ මිත්‍ර උච්ච ස්වක්ෂේත්ර රාශියක් වී සිකුරු එහි තැන්පත්ව සිකුරුගේ අතුරු දශාවක් හෝ මහ දශාවක් පැවතීමද නිවාස ඉදිකිරීමට සුදුසුය. කෙසේ නමුත් කුඩා දරුවන්ගේ උපන් නැකත්වලට නිවාස නැකත් නොසෑදිය යුතුය.
ගෘහ නිර්මාණයේදි විශේෂ අවස්ථා තුනක් වේ. එනම් අත්තිවාරම් කැපීම මුල්ගල් තැබීම සහ ජනෙල් උළුවහු තැබීම යන ත්‍රිවිධ කාර්යයයි.
මෙයින් අත්තිවාරම් කැපීම සඳහා වාස්තු විද්‍යානුකූලව සුදුසු නැකත් වන්නේ අධෝමුඛ නැකත් ලෙස සැලකෙන පුවපල්, පුවසල, පුවපුටුප , අස්ලිස ,බෙරණ, කැති, මුල ,මා, විසා ආදියයි.
නිවසක සැලැස්ම වාස්තු විද්‍යාවට අනුකූල විය යුතුයි. මෙහිදී නිවස ඉදිකරන ඉඩමේ දිශාවන් සහ අතුරු දිශාවන් අනුව නිවසේ අභ්‍යන්තර කාමර, එනම් මුළුතැන්ගෙය, නිදන කාමර, වැසිකිළිය, නාන කාමර, සාලය පාඩම්කරන කාමර ආදිය වාස්තුමය දිශාවන් අනුව සැලසුම් කළ යුතුයි. නිවසේ වර්ගඵලයද නිවැසියන්ට ශුඵඵල දෙන ආකාරයට විය යුතුය.
ඉඩමේ ගිනිකතුර වැටෙන ස්ථානයත් නිවසේ ගිනිකතුර වැටෙන ස්ථානයත් එකිනෙකට සම්පාත නොවිය යුතුය. ඉඩමේ ගිණිකතුර නිවසේ බිත්ති මතට නොවැටිය යුතුය.
නිවසේ වැසිකිළි මුළුතැන්ගෙය සාලය ඉඩමේ ගිණිකතුරට හසු නොවිය යුතුය.
වහලයේ යටලීයට පිරිද්දුම බාල්ක කුරුපා, උළුවහු ජනේල ඉඩමේ මැද බ්‍රහ්ම පාදයේ ගිනි කතුරට අසුවීම දෝෂ සහිතය. තට්ටු ගොඩනැගිල්ලක නම් නිවස තුළ පඩි පෙළ බටහිර දිශාවට බැස්මට නොතබන්න.
නිවසක මැද බ්‍රහ්ම පාදය පසුවන කොටසේ වතුර සහිත මාළු ටැංකි සුදුසු නැත. සැලසුමේ දිශාගත මුළු හිස් නොකර පොළොව යටින් හෝ ගල් දමා සමකළ යුතුය.
නිවසේ උළුවහු තැබීමේදී ක්‍රම තුනක් අනුගමනය කරයි. එනම් අක්ෂය පාද නවයකට බෙදා තුන්වැනි සහ හතරවැනි පාදවල උළුවහු තැබීම, දෙවැන්න නිවසේ අක්ෂ හතර පාද අට බැගින් බෙදා සුදුසු පාද වල තැබීම, තෙවැන්න නිවස් අක්ෂ පාද පසළොවකට බෙදා සිකුරු, ගුරු, කුජ යන පාදවල උළුවහු තැබීම යන ආකාරයයි. නිවසේ මුළුවල උළුවහු නොතැබිය යුතුය.
නිවසක් ඉදිකරන භූමිය පිළිබඳවද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. නිවසක් ඉදිකිරිමේදී භූමියේ හැඩය ගැන සැලකිය යුතුයි. විශේෂයෙන් සඳහන් කරන්නේ නම් හතරැස් හෝ චතුරස්රාකාර ඉඩම් සුබපල ඇති කරයි. ඊළඟට මුල කොටස පළල්ව අග කොටස සිහින් වී ගිය පතාකයකට සමානවූ භූමියද ශුභඵල දෙන්නකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක
යාන්ත්‍රික ඉංජිනේරු
නිශාන්ත විජේසේන
෴ සබැඳි ලිපි ෴
සම්ප්‍රදායිකව සැළකීමේදීත් දින අටෙන්ම ඉතා වැදගත් හා ශුභ දිශාව ලෙස බොහෝ විෂයයන්ගේද සළකා බලනු ලබන්නේ ඊශානයයි. ඡ්‍යොතිර් විද්‍යාවේදී මරු නොසිටින දිශාව...
2023-05-25 18:30:00
පෙරපර දෙ දිග වාස්තු අධ්‍යයනය කරන්නකු විසින් කළ යුතු යුග කාර්යය වන්නේ මේ වාස්තු සාගරයෙන් වටිනා හා ප්‍රමුඛම දේ සොයා පහදා දීමය. එසේ නොවන තුරු මේ විෂයය...
2023-05-18 18:30:00
අපේ රටේ අධ්‍යාපන ක්රියාවලියද විවිධ වියවුල් මැද ඉදිරියට යමින් පවත්නා මෙවන් අවස්ථාවක එහි සාර්ථකත්වය උදෙසා අප විසින් ගත හැකි සියලු උපාය මාර්ග හඳුනා ගත...
2023-05-11 18:30:00
වාසය වඩා යෝග්‍ය කරවීම සඳහා උපදෙස් සැපයෙන ශාස්ත්‍රය “වාස්තු ශාස්ත්‍රය” ලෙස මූලික ඍෂි භාෂිතයෙහි එයි. මේ පිළිබඳව ඉතිහාසයේ දැක්වෙන ඍෂිවරුන් අතර විශ්වකර්ම...
2023-05-04 18:30:00
නිවෙසට සුබඵල ලැබෙන්නට නම් අනිවාර්යයෙන්ම ගේට්ටුව සුබ පාදයක තැබිය යුතු අතර, මෙසේ තබන ගේට්ටුව නිවෙස් ඉදිරිපසින් තැබිය යුතුයි. නිවෙසේ ඉදිරිපස ලෙස...
2023-03-23 18:30:00
ආදිවාසි ගල් යුගයේ ස්ත්‍රිය හා පුරුෂයා එකම ගුහාවක් තුළ අඹුසැමියන් ලෙස ආදරයෙන්, සොම්නසින්, පේ‍්‍රමයෙන් එකිනෙකා අවබෝධාත්මකව දරුවන් බිහිකර සොබාදහමට එකඟව...
2023-03-16 18:30:00
ඔබ කුමන තරාතිරමක අයකු වුවද නිවෙසක් ඉදිකර ගැනීමට භූමිය තෝරා ගැනීමේ දී ඒ පිළිබඳ මෙසේ අවධානයට ලක්කළ යුතු ය. මෙහිදී පළමුවෙන්ම ඔබ සිතිය යුතු වන්නේ නිවෙස...
2023-03-16 18:30:00
දෝෂ රහිතව කපාගන්නා ළිඳෙන් පිරිසුදු ජලය මෙන්ම නිවෙසට ශි‍්‍රයාව, සම්පත, වාසනාව ගෙනදෙන අතර, දෝෂ සහිතව ළිඳ කැපීමෙන් නිවැසියන්ට කරදර බාධා, මරණ වැනි...
2023-02-16 18:30:00
නිවෙසක් යනු සෑම කෙනකුටම සැප, නීරෝගිබව, ආයුබල හා සතුට පෙරදැරිව වාසයට සුදුසු ස්ථානයකි. පැරණි ආචාර්යවරුන්ගේ ඉගැන්වීම අනුව ඒ සියලුම සම්පත්...
2023-02-09 18:30:00
ඡ්‍යෝතිෂ්‍ය හා වාස්තු විද්‍යාව අතිශයින්ම විද්‍යාත්මක වූ ක්‍රමවේදයන් හා ගණිත රටා මත පදනම් වූ විද්‍යාවන් වන අතර ගුප්ත ශාස්ත්‍රයක් නොවේ. එහි සැඟවී ඇති...
2023-02-02 18:30:00
ළිං කැපීම හෙවත් තූප ශාස්ත්‍රීය කරුණු අනුව ඉඩමක නිවෙසක් ඉදි කිරීමේදී පළමුවෙන්ම ළිඳක් කපනු ලැබේ. මෙම ළිං කැපීමේදී නිවෙසට බලපානු ලබන වාස්තු දෝෂ මඟහරවා...
2023-01-26 18:30:00
වර්තමානයේ පවතින පුද්ගල ආර්ථික හැකියාව හා පවතින කුඩා ඉඩම්ල හැඩය බොහෝ දුරට නිවෙසක් තනා පදිංචියට නුසුදුසු මට්ටමේ පැවතිය ද අදාළ හැඩය නිවැරැදි කර ගැනීමට...
2023-01-12 18:30:00
තුන්කල්හිම මිනිසා ධනවත් වීමට ඇති අපේක්ෂා අත් නොහරී. සෑම මිනිත්තුවකම බලාපොරොත්තුව අතට මුදල් ලැබීම ගැන ය. මුදල් නැතිව අද ජීවත්වීමට බැරි තැනට පත් වී ඇත...
2022-12-08 18:30:00
අද අපි කතාබහ කරන්නට අදහස් කරන්නේ වාස්තු විද්‍යාව හා සම්බන්ධිත ඡ්‍යෝතිෂයේ මුලාශ්‍රය නැකත් පිළිබඳවය. අපේ ඉපැරණි ගැමියන් නිවෙසක් ඉදිකිරීමේදී...
2022-10-06 18:30:00
කෙනකු නිවෙසක් ඉදිකරන්නේ දුකක් කරදරයක් නැතිව දිගුකාලයක් ජීවත්වීම සඳහාය. එසේ ප්‍රාර්ථනා පොදි බැඳගෙන හදාගත් නිවෙසේ පදිංචි වූ දා සිට කරදර නිමාවක්...
2022-10-06 18:30:00
නිවෙස යනු සෑම කෙනකුටම සැප, නිරෝගී බව, ආයුබල හා සතුට පිරුණු වාසයට සුදුසු ස්ථානයකි. ඒ අනුව ඒ සියලු සැප සම්පත් එක්තැන් වන නිවෙසක් නිර්මාණය වන්නේ වාස්තු...
2022-09-29 18:30:00