වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නිවසක් ඉදිකරන්න පෙර සිතා බැලිය යුතු කරුණු
ජුනි 14, 2019
ඔබ නව නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ පැරණි නිවසට අලුතින් කොටස් එකතු කිරීමට හෝ කුමන ආකාරයක ඉදිකිරීමක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ ගෘහ මූලික ඔබගේත් නිවැසියන්ගෙත් ජන්ම පත්‍ර පරික්ෂා කර බැලීමයි.
ඒ අනුව ගෘහමූලිකව ඒරාෂ්ටක අපල 6,8,12 භාව අධිපතියන්ගේ දශා, අතුරු දශා ආදිය ලබා තිබේද යන්න විශේෂයෙන් බැලිය යුතුය. එවැනි ග්‍රහ පිහිටීම ඇතනම් ආරම්භක නැකත ශුභ වුවත් ලෙඩ දුක්, ධන හානි ආදී කරදර ඇති වී නිවසේ වැඩ කටයුතුවලට බාධක ඇතිවේ.
වඳ භාර්යාව සහ දරුවන්ටද මාරක අපල ඇතිදැයි පරික්ෂා කළ යුතුය.
කෙනෙකුගේ කේන්ද්‍රයේ සිව්වැන්න නිවාස ඉඩකඩම් ආදිය පෙන්නුම් කරන ස්ථානය බැවින් ගෘහ මූලිකව සිව්වැන්න අධිපතිගේ අතුරු දශාවක් ලබා තිබීම සුබඵල දීමට හේතුවේ. තවද එකොළොස් වැන්න අධිපතිගේ මහ දශාවක් සමඟ සිව්වැන්න අධිපතිගේ අතුරු දශාවද සුබ ඵල දීමට හේතු වේ. එසේම දසවැන්න හෝ නවවැන්න අධිපතිගේ මහ දශාවත් සමඟ සිව්වැන්න අධිපතිගේ අතුරු දශාවද සුබදායක වේ.
සිව්වැන්න ගුරුගේ ස්වක්ෂේත්ර රාශියක් හෝ උච්ච රාශියක් වී ගුරුගේ මහ දශාව පැවතීමද නිවස ඉදිකිරීමට සුදුසුය. තව ගෝචරයෙන් ගුරු සිව්වැන්නේ ගමන් කිරිමේදී ගුරුගේ අතුරු දශාවක් පැවතීමද නිවාස ඉදිකිරීම ආරම්භයට සුදුසුය.
තවද සිව්වැන්න සිකුරුගේ මිත්‍ර උච්ච ස්වක්ෂේත්ර රාශියක් වී සිකුරු එහි තැන්පත්ව සිකුරුගේ අතුරු දශාවක් හෝ මහ දශාවක් පැවතීමද නිවාස ඉදිකිරීමට සුදුසුය. කෙසේ නමුත් කුඩා දරුවන්ගේ උපන් නැකත්වලට නිවාස නැකත් නොසෑදිය යුතුය.
ගෘහ නිර්මාණයේදි විශේෂ අවස්ථා තුනක් වේ. එනම් අත්තිවාරම් කැපීම මුල්ගල් තැබීම සහ ජනෙල් උළුවහු තැබීම යන ත්‍රිවිධ කාර්යයයි.
මෙයින් අත්තිවාරම් කැපීම සඳහා වාස්තු විද්‍යානුකූලව සුදුසු නැකත් වන්නේ අධෝමුඛ නැකත් ලෙස සැලකෙන පුවපල්, පුවසල, පුවපුටුප , අස්ලිස ,බෙරණ, කැති, මුල ,මා, විසා ආදියයි.
නිවසක සැලැස්ම වාස්තු විද්‍යාවට අනුකූල විය යුතුයි. මෙහිදී නිවස ඉදිකරන ඉඩමේ දිශාවන් සහ අතුරු දිශාවන් අනුව නිවසේ අභ්‍යන්තර කාමර, එනම් මුළුතැන්ගෙය, නිදන කාමර, වැසිකිළිය, නාන කාමර, සාලය පාඩම්කරන කාමර ආදිය වාස්තුමය දිශාවන් අනුව සැලසුම් කළ යුතුයි. නිවසේ වර්ගඵලයද නිවැසියන්ට ශුඵඵල දෙන ආකාරයට විය යුතුය.
ඉඩමේ ගිනිකතුර වැටෙන ස්ථානයත් නිවසේ ගිනිකතුර වැටෙන ස්ථානයත් එකිනෙකට සම්පාත නොවිය යුතුය. ඉඩමේ ගිණිකතුර නිවසේ බිත්ති මතට නොවැටිය යුතුය.
නිවසේ වැසිකිළි මුළුතැන්ගෙය සාලය ඉඩමේ ගිණිකතුරට හසු නොවිය යුතුය.
වහලයේ යටලීයට පිරිද්දුම බාල්ක කුරුපා, උළුවහු ජනේල ඉඩමේ මැද බ්‍රහ්ම පාදයේ ගිනි කතුරට අසුවීම දෝෂ සහිතය. තට්ටු ගොඩනැගිල්ලක නම් නිවස තුළ පඩි පෙළ බටහිර දිශාවට බැස්මට නොතබන්න.
නිවසක මැද බ්‍රහ්ම පාදය පසුවන කොටසේ වතුර සහිත මාළු ටැංකි සුදුසු නැත. සැලසුමේ දිශාගත මුළු හිස් නොකර පොළොව යටින් හෝ ගල් දමා සමකළ යුතුය.
නිවසේ උළුවහු තැබීමේදී ක්‍රම තුනක් අනුගමනය කරයි. එනම් අක්ෂය පාද නවයකට බෙදා තුන්වැනි සහ හතරවැනි පාදවල උළුවහු තැබීම, දෙවැන්න නිවසේ අක්ෂ හතර පාද අට බැගින් බෙදා සුදුසු පාද වල තැබීම, තෙවැන්න නිවස් අක්ෂ පාද පසළොවකට බෙදා සිකුරු, ගුරු, කුජ යන පාදවල උළුවහු තැබීම යන ආකාරයයි. නිවසේ මුළුවල උළුවහු නොතැබිය යුතුය.
නිවසක් ඉදිකරන භූමිය පිළිබඳවද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. නිවසක් ඉදිකිරිමේදී භූමියේ හැඩය ගැන සැලකිය යුතුයි. විශේෂයෙන් සඳහන් කරන්නේ නම් හතරැස් හෝ චතුරස්රාකාර ඉඩම් සුබපල ඇති කරයි. ඊළඟට මුල කොටස පළල්ව අග කොටස සිහින් වී ගිය පතාකයකට සමානවූ භූමියද ශුභඵල දෙන්නකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක
යාන්ත්‍රික ඉංජිනේරු
නිශාන්ත විජේසේන
෴ සබැඳි ලිපි ෴
ළිඳ නිවෙසට සම්පතකි. ළිඳක් නිවැරැදිව කපන්නේ කෙසේදැයි විමසා බලමු.අට දිසා සටහනඋතුර - සැප,වයඹ - සතුරු පීඩා,බටහිර - සම්පත්,නිරිත - මර,දකුණ - ස්ත්‍රී...
2022-08-25 18:30:00
අපටම ආවේණික වූ මනා වාස්තුවක් තිබේ. රාවණා යුගයටත් පෙර මේ දේශීය වාස්තුව පිළිබඳව අක්මුල් සෙවීමේ දී වඩාත් වැදගත් තොරතුරු රැසක්ම සොයා ගැනීමට හැකි වී තිබේ...
2022-07-28 18:30:00
අද අපි විශේෂිත කරුණක් පිළිබඳව කතා බහ කිරීමට සූදානම් වන්නේ. විශාල පිරිසක් නිතර අසන ප්‍රශ්නයක් වී ඇත්තේ නිවසක බුදු පහන තබන්නේ කෙසේද යන්න ගැනයි. ඔබේ...
2022-06-30 18:30:00
හීලෑ කළ අලියා හැරෙන්නට තිරිසන් සතුන් අතරින් කලින් යමක් අවබෝධ කර ගැනීමේ පුදුම විදියේ හැකියාවක් ඇති සතෙකු ලෙස බල්ලා අපට හඳුන්වා දීමට පුළුවන්කම තිබේ.ඈත...
2022-06-23 18:30:00
ඔබ සැමට වඩාත්ම වැදගත්වන ලිපියකින් හමුවෙන්නයි මේ සූදානම. අලුතින් නිවසක් හදන්න බලාපොරොත්තුව ඉන්න අයටත්, සුළුවෙන් හෝ යම් යම් වෙනස් කම් තම නිවෙසේ...
2022-06-09 18:30:00
ත්‍රිකෝණ භූමියමෙවැනි භූමියක් තුළ නිවස පිහිටා ඇත්නම් නිවෙස් හිමියාට නීති ප්‍රශ්නවලට මැදිහත් වීමට කටයුතු යෙදේ. නීතියට අනුකූලව දඬුවම් ආදියට යටපත් වීමේ...
2022-04-28 18:30:00
ඉඩමක් මිලයට ගෙන නිවසක් සාදා පදිංචියට යන්නේ නිදහසේ කරදරයක් නැතුව ජීවත් වීමට ය. එවැනි වාසනාවක් උදා වන්නේ කීයෙන් කී දෙනෙකුට ද? එසේ පදිංචියට ගොස් කරදර,...
2022-04-14 18:30:00
ද්වන් යනු දොරය. දොරකට කඳන් හතරක් ඇත. දෙපස කඳන් දෙකත් උඩ යට කඳන් දෙකත් වේ. එය උදුම්බරා යනුවෙන්ද හඳුන්වනු ලැබේ. ගොම ආලේප කිරීම අහෝසි වීමත් සමඟම...
2022-03-24 18:30:00
උපදින හැම සත්වයෙක්ම සැපයට කැමතියි. ඒ සැප සම්පත් ලබන්නට මූලික වන්නේ ධනයයි. කේන්දරය අනුව අප පෙර කළ පින් පව් අනුව සැප සම්පත් ලබන්නටත්, නොලබන්නටත් හේතු...
2022-03-10 18:30:00
ගෘහනිය වන ඔබ මෙය කියැවිය යුතුම ලිපියකි.අපේ නිවසේ ළෙන්ගතුම ස්ථානය මුළුතැන්ගෙයයි. දුකට, සතුටට දිය බිඳක් බොන්නට පවා දිව යන ඒ මුළුතැන්ගෙයට ඇතැම් විට අපි...
2022-03-03 18:30:00
නිවසක් සැලසුම් කිරීමේදී වැඩි දෙනකුගේ අවධානය යොමු වන්නේ නිවසේ ආලින්දය, විසිත්ත කාමරය වැනි ස්ථානයන් වෙතය. නමුත් වාස්තු විද්‍යානුකූලව මුළුතැන්ගෙය හෙවත්...
2022-02-24 18:30:00
වාස්තු විද්‍යාව ගැන එතරම් දැනුමක් නැති අය පවා “ වර්ග කරනවා ” කියන වචනය අහලා ඇති. ඒත් ගොඩක් අයට වර්ග කරනවා යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එක...
2022-02-10 18:30:00
නිවස හෙවත් වාසස්ථාන මිනිසාගේ මූලික අවශ්‍යතාවලින් එකකි. ජීවිතයේ වැඩිකාලයක් අප ගෙවා දමන්නේ නිවස තුළයි. එසේ නම් අප ජීවත් වන නිවස වාස්තු දෝෂවලින් තොර සුබ...
2022-01-13 18:30:00
සුව නොවන තුවාලයක් තිබෙනවා නම් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැන ඔබ දැනුම්වත් කිරීම මේ ලිපියේ මූලික අරමුණයි. ඇතැම් තුවාල පැසවන්නේ...
2022-01-06 18:30:00
සැපවත් ජීවිතයක් ගත කිරීමට සුදුසු පරිසරය පවතින වාසස්ථානය වාස්තුව වශයෙන් හැඳින්වේ. එසේනම් එම සුදුසු පරිසරය කුමක්ද? එය සකස් විය යුත්තේ කෙසේද? එම පරිසරයේ...
2021-12-30 18:30:00
ගෙවල් හැදීමට මෙන්ම සාදන ලද ගෙවල් මිලදී ගැනීමේදී කීපවරක්ම කල්පනා කළ යුතු වේ. සමහර නිවාස තුළ දිගුකලක් රැඳී සිටීමට අපහසු වනු ඇත. එයට බොහෝ කරුණු ඉවහල් වේ...
2021-12-23 18:30:00