වාසය සුවදායී කරන වාස්තු ශාස්ත්‍රය විද්‍යාව හා ශිල්පය

මැයි 5, 2023

වාසය වඩා යෝග්‍ය කරවීම සඳහා උපදෙස් සැපයෙන ශාස්ත්‍රය “වාස්තු ශාස්ත්‍රය” ලෙස මූලික ඍෂි භාෂිතයෙහි එයි. මේ පිළිබඳව ඉතිහාසයේ දැක්වෙන ඍෂිවරුන් අතර විශ්වකර්ම හා මය යන දෙපළ ප්‍රධාන වෙයි.

 

සුරයන්ගේ නිර්මාණකරු විශ්වකර්ම ලෙසත්, අසුරයන්ගේ නිර්මාණකරු මය ලෙසත් අපේ රටේ වාස්තු විෂයේ සමබරභාවය ගොඩනැඟීමට මහ මෙහෙයක් කළ කරඳන යටිපව්වේ වයි.ඒ. හරමානිස් අප්පුහාමි සූරීන් පැහැදිලිව දක්වා තිබේ. එසේ වුවත් විශ්වකර්ම ප්‍රකාශ හා මය මතය නම් කෘති අධ්‍යයනය කරන්නන් අතර, මේවායේ ඇති සමානකම් සලකා මේවා එකම අයකුගේ නිර්මාණ දැයි විමසන අවස්ථාද දක්නට ලැබේ. කෙසේ වෙතත් ප්‍රබල මතය වන්නේ මේ ඍෂිවරුන් දෙපළ විසින් සමකාලීනව සම්ප්‍රදායයන් දෙකක් නිර්මාණය කළ බවයි. එසේම අපට වඩාත් පුරාණයේ බලපා ඇත්තේ මය ඍෂි සම්ප්‍රදායය වුවත් පසුකාලීන භාරතීය බලපෑම් අනුව මෙරට ස්ථාවරය පවතිනුයේ විශ්වකර්ම සම්ප්‍රදායය බවත් පැහැදිලිව පැවසිය හැකියි.

නූතන බටහිර විද්‍යාවේ ගොඩනැඟීම් සමඟ 1911/12 කාලයේදී හඳුනාගත් අන්තරීක්ෂ (ඛ්ර්‍ණඉර්ධ්ඛ්) ශක්තිය අද වන විට වාස්තු ශාස්ත්‍රය වාස්තු විද්‍යාවක් බවට පත් කිරීමට මහත් සේ බලපා තිබේ. අප වාසය කරන පෘථිවිය වටා පැතිර පවත්නා අන්තරීක්ෂ ශක්තිය සහිත අවකාශය ඇතුළත පොළොවේ සිදුවන භ්‍රමණය නිසා පොළොව වාසීනට දැනෙනුයේ (සාපේක්ෂ වශයෙන්) අප වෙත අන්තරීක්ෂ ශක්ති ප්‍රවාහයක් ගලා එන බවයි. මෙය නිරන්තරයෙන් අපේ රටේ බොහෝ දෙනා ඊශාන දිශාවෙන් අප වෙත විශ්ව ශක්තිය ගලා එන්නේ යැයි දැන හෝ නොදැන ප්‍රකාශ කරන බව පෙනේ. මෙකී අන්තරීක්ෂ ශක්තිය පොළොවේ නිරන්තරයෙන් තැන්පත්වීම සිදුවන අතර, පොළොව ශක්තියෙන් සංතෘප්ත වූ පසු එනම් පොළොවට දරා ගත හැකි ප්‍රමාණය ඉක්මවූ පසු පොළොවෙන් පිටතටද ශක්තිය නිකුත් වීමට පටන් ගනී. එහි ඇතුළත් වන ශක්තිය එකම වුවත් අන්තරීක්ෂ ශක්තිය වෙනුවට පොළොවෙන් නිකුත් කෙරෙන ශක්තියට නූතන වාස්තු විද්‍යාවේදී භූ (ඡ්ඒඅඊඩ්) ශක්තිය ලෙස හඳුන්වනු ලැබේ.

මෙයට අමතරව උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වා ක්‍රියාකරන චුම්භක (ර්ඒට්ව්ඡ්ඊධ්ඛ්) ශක්තියක්ද පවත්නා බව අපි කුඩා කල සිටම ඉගෙන ඇත්තෙමු. මෙහිද සුවිශේෂ බලපෑමක් පවතී.

මේ අනුව අන්තරීක්ෂ (ඛ්ර්‍ණඉර්ධ්ඛ්) ශක්තියත් භූ (ඡ්ඒඅඊඩ්) ශක්තියත් චුම්බක (ර්ඒට්ව්ඡ්ඊධ්ඛ්) ශක්තියත් මනුෂ්‍යයාගේ යහපත් පැවැත්ම පිළිබඳව කළමනාකරණය කිරීම නූතන විද්‍යාත්මක අර්ථයෙන් “වාස්තු විද්‍යාව“ ලෙස හැඳින්විය හැකියි. මෙය තවදුරටත් විග්‍රහ කර භාවිතයට ගැනීමෙන් විස්මිත යහපත් ප්‍රතිඵල උදා කර ගත හැකියි.

අපේ රටේ සාම්ප්‍රදායිකව නොපැවතියත් වර්තමානයේ “ෆෙන්ග් – ෂුයි” (ජ්ඡ්ව්ට් ඉඩ්උධ්) යනුවෙන් හැඳින්වෙන චීන වාස්තු ශාස්ත්‍රයක්ද භාවිතයට පැමිණ තිබේ. වචනාර්ථයෙන් “සුළඟ – ජලය” යන අරුත ගනු ලැබුවද සම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රයේදී සලකන පරිදි ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන පංච මහා ධාතුන් වෙනුවට චීන වාස්තු ශාස්ත්‍රයේදී ධාතුන් සයක් භාවිතයට ගනු ලැබේ. භාරතීය කෘතිවල දක්නට ලැබෙන “පඨවි” හෙවත් තද බව සහිත ධාතුව . “දැව“ හා “ලෝහ” වශයෙන් දෙකක් ලෙස ගැනීමෙන් මෙසේ ධාතූන් සයක් බවට පත්ව තිබේ. මෙහිදී සාකච්ඡා වන “චී” යනු පරිසරයේ විසිරී ඇති ශක්තිය එක්තැන් කර ගැනීමටත් භාවිතයට ගැනීමටත් බලපාන ශක්තියක් බවද මෙහිදී කියවේ. එසේම චීන දර්ශනයේ එන “ප්‍රතිවිරුද්ධත්වයේ ඒකත්වය” හඟවන යීන් හා යෑන් යන සංකල්පයද බහුලව භාවිතයට පසුබිම සලසයි.

ඒ කෙසේ වුවත් අද වාස්තු විෂය පරිහරණය කරන භවතුනට ඇති බරපතළම අභියෝග වී ඇත්තේ කවර ආකාරයකින් හෝ අවශ්‍ය ශක්තිය නිවැසියනට නොලැබෙන පරිදි සකස් වී ඇති දෝෂ සහිත නිවෙසක් දෝෂ රහිතව නිර්මාණය කර ගැනීමට අවශ්‍ය වූ විට ඉදිකිරීම් කඩා බිඳ දැමීමට සිදු වීමයි. මෙය අතිශය අපහසු හා වියදම් අධික කාර්යයකි.

මෙසේ පිරිවැය ඉතා ඉහළවීම නිසා වාස්තු විෂයය භාවිතයට ගැනීමට බිය වන්නන්ද ඉතා සුලබ වන බවද අමතක කළ නොහේ. මෙයට කදිම විසඳුමක් සපයන ශිල්ප ක්‍රමයක් ලෙස “පිරමිඩ” භාවිතය හඳුන්වාදිය හැකියි. පිරමිඩ භාවිතයෙන් වාස්තු දෝෂ නිවාරණය කිරීම ලොව පුරා වේගයෙන් පැතිර යෑමට මූලික හේතුන් වන්නේ ඒවා සඳහා වන පිරිවැය සාපේක්ෂ වශයෙන් අඩුවීමත් භාවිතයේ ඇති පහසුවත් බව පැහැදිලිව කිව හැකියි. ඊට අමතරව පිරමිඩ භාවිතය නිසා ඇතුළත් දෝෂය නිවාරණය වනවාටත් වඩා වැඩි ශක්ති තීව්‍රතාවක් (ඡ්ව්ට්අට්ක ධ්ව්ඊඡ්ව්ඉඹ්ධ්ඊක) නිවෙස අභ්‍යන්තරයේ ගොඩනැඟීමයි.

පුරාණයේද දැන සිටියත් “කිරිලියන් කැමරා ශිල්පය” වර්ධනය වීමත් සමඟ ලෝකයේ තහවුරු වූ වස්තුන් වටා පවත්නා ක්ෂේත්‍රය (ජ්ඪඥතඤ) අපගේ ශරීරයට ද පොදු තත්ත්වයකි. මෙසේ අපගේ භෞතික ශරීරය වටා පවතින තවත් ශක්ති ශරීරයක් පවත්නා බවත් අපගේ ජීවිතයේ සිදුවන විවිධ වෙනස්වීම් සමඟ මෙකී ශක්ති ශරීරය බලවත් ලෙස වෙනස් වන බව නූතන පර්යේෂණ හා අත්දැකීම් අනුව තහවුරු කොට පෙන්වාදිය හැකියි. එසේම පෙර විස්තර කරනු ලැබූ වාස්තු විද්‍යාත්මක ප්‍රතිකර්ම සිදු කිරීමෙන්ද අපගේ ශක්ති ශරීරය (ඡ්දඥපඨර ඕධඤර) මහත් සේ බලවත් වන බවද තහවුරු කොට පෙන්වා දිය හැකියි.

මේ අනුව හුදු විශ්වාසයක් ලෙස නොව තහවුරු කොට පෙන්වා දිය හැකි තර්කානුකූලව හේතු පැහැදිලි කළ හැකි ශාස්ත්‍රයක් – විද්‍යාවක්, ශිල්පයක් බවට වාස්තු විෂයය පත්ව තිබීම අද වන විට ඊට අභියෝග කරන්නන් ඉදිරියේද නොබියව පැවසිය හැකි පරිසරයක් ගොඩනැඟී ඇත.

 

ජනක පි‍්‍රයන්ත දයාරත්න

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.