ඔක්තෝබර් 08 සිට 14 දක්වා

ඔක්තෝබර් 8, 2021

මේෂ-දරුවකු පිළිබඳ සතුටක්

සැනසිලිදායක ලෙස සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7,8,9,10 යන භාවස්ථාන වල ගමන් කරන රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති බාධා කීපයක් මග හැරී යන බවක් පෙන්නුම් කරයි. ඒමෙන්ම තමා සතුව තිබූ නැති වූ දෙයක් නැවත ලබා ගැනීමට හැකි වන කාලයකි. සතිය මැද කාලයේදී නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු විය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරි වීම වැදගත් වේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි සතියකි. වැඩිමහල් දරුවකු පිළිබඳ සතුටට පත් විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

සිංහ -තැන්පත් ධනය වැය වීමක්

නොදැනුවත්කම හේතුවෙන් වැරදි කීපයක් සිදුවෙමින් පවතින සතියක් වන අතර මේ සතියේ සිංහ ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 3,4,5,6 යන භාවස්ථාන වලයි. නිතර තමාට දෝෂාරෝපණ එල්ල වන කාලයක් වන අතර පවුලේ අය සමඟ බහින් බස් වීම් ද සිදුවන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලය වන විටදී යටපත් වූ බෙල්ලේ ආබාධයක් නැවත මතුවීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. සතිය මැද කාලයේදී තැන්පත් ධනය වැය වන අන්දමේ කටයුත්තක් සිදුවීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ.

අය 06 - වැය 07

ජය අංකය - 04

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

ධනු -ගේ දොර අලුත්වැඩියාවක්

පවුලේ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් ඇති කරමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 11,12,1,2 යන භාවස්ථාන වලයි. විදෙස් ගමනක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු වන ලකුණු පෙන්නුම් කරන කාලයක් වන අතර පවුලේ අයගේ සහයෝගය ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමටද හැකිවෙයි.

රැකියාවේ කටයුතු සම්බන්ධ තනතුරු ලාභ හිමිකරන කාලයකි. සතිය මැද කාලය වන විටදී ගේ දොර අලුත් වැඩියාවක් හේතුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. එමෙන්ම සති අන්තයේදී වරින් වර ඇති කරන අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා අත් කරයි.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ- පොරොන්දු ගිවිසුමක් සාර්ථකයි

වෙනදාට වඩා දුර දිග සිතා බැලිය යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙළඳ ව්‍යාපාර කටයුතු නව මුහුණුවරකින් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ගන්නා කාලයකි. එහෙත් අඹුසැමි බහින්බස්වීමක් සිදුවිය හැකි කාලයක් බැවින් වෙනදාට වඩා පවුලේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්වේ. තමා කරන කියන කටයුතු පිළිබඳ දරුවකුගේ විරෝධය ඇති කරයි. නිතර වෙහෙසට පත් වන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර ප්‍රමාද වූ පෙරොන්දු ගිවිසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

අය 08 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - ලා දමි

සුබ දවස - බදාදා

 

කන්‍යා -ඉඩම් ගනුදෙනුවක්

විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 2,3,4,5 යන භාවස්ථාන වලයි. අලුත් හිත මිතුරන් ඇසුරට කටයුතු සැලසෙන කාලයක් වන අතර මිතුරු ඇසුරේදී වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු බවක් පෙන්නුම් කරයි.

එමෙන්ම වෙනදාට වඩා වාහන ගමන් පිළිබඳවද සැලකිලිමත් විය යුතු කාලයකි. දරුවකුගේ ඉදිරි දියුණුව වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට කටයුතු සැලසේ. හදිසි ඉඩම් ගනුදෙනුවකට කටයුතු සැලසුම් වන බවක් පෙන්නුම් කරයි.

අය 08 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සිකුරාදා

 

මකර -මංගල යෝග

හදිසි ගමන් කීපයකට සහභාගි වෙමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 10,11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවන සතියකි. නිතර අමතර මුදල් වැය වීම් වැඩි වන කාලයක් වන අතර පවුලේ සතුට සමාදානය වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමටද සිදුවන සතියකි. අවිවාහක අයට යහපත් කාලයකි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති මංගල යෝජනාවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වාහන අලුත් වැඩියාවක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් යෙදවීමට සිදුවෙයි.ප්‍රමාද වූ ණය මුදලක් හිමිවන බවක් පෙන්වයි.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - රතු

සුබ දවස - බදාදා

 

මිථුන-විදෙස්ගත වීමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන සිදුවන්නේ 5,6,7,8 යන භාවස්ථාන වලයි. හදිසි දේපල ගනුදෙනුවකට මග සැලසෙන කාලයකි. ආගමික සැලසුමක් වෙනුවෙන් දුර ගමනක් යාමට සිදුවන බවක් පෙන්නුම් කරයි. පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සතුටට පත් වන අන්දමේ පුවතක් අසන්න ලැබේ. සතිය මැද කාලය වන විටදී මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති විදෙස්ගත වීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. අසල්වාසියකුගේ උදව් උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මග සැලසේ. හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවක් හේතුවෙන් නොසිතූ පාඩුවක් හිමිකරයි.

අය 06 - වැය 03

ජය අංකය - 09

ජය වර්ූණය - නිල්

සුබ දවස - ඉරිදා

 

තුලා -ඥාති උපකාරයක්

නීති ගැටලුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන සතියකි. අලුත් ව්‍යාපාරයකට අත ගසන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන සතියකි.

පවුලේ අය අතර ඇතිවන මතභේදකාරී බවක් සමතයකට පත් වන ලකුණු පෙන්වයි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවන බවක් පෙනේ. සතිය මැද කාලය වන විටදී වරින් වර ඇති කරන කොන්දේ වේදනාවක් හේතුවෙන් රෝහල් ගත වීමක් සිදුකරයි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - රතු

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ -ඥාතීන් අතර සුහදතාවය

අවිවේකී සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. නොසිතූ ලෙස නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙන්වයි. අමතර ආදායම් මාර්ග හිමිකරන සතියක් වන අතර පවුලේ කෙනකු වෙනුවෙන් අමතර මුදලක්ද වැය කිරීමට සිදුවේ. ඥාතීන් අතර සුහදතාවයට හේතු සැලසෙන අතර පවුල‌ට අලුත් ඥාතියකු සම්බන්ධ වීමක් ද සිදුකරයි.

සතිය මැද කාලය වන විටදී නැති වූ දෙයක් නැවත හිමිවන ලකුණු පෙන්නුම් කරයි. දරු ලාභ අපේක්ෂාවෙන් සිටින අය වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු කාලයකි.

අය 06 - වැය 03

ජය අංකය - 05

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

කටක - ආගමික සැලසුමක්

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. හදිස්සි කටයුතු කීපයකට අත ගැසීමෙන් පාඩුවක් විදීමට සිදුවේ. වෙනදාට වඩා ගමන් බිමන් වලදී කල්පනාකාරි විය යුතු බවක් පෙන්නුම් කරයි. දරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. සතිය මැද කාලය වන විටදී රැකියාවේ කටයුතු වලට අමතර මුදල් ලැබීමක් හිමිකරයි. එමෙන්ම විදෙස් ලැබීමකට ද හිමිකම් ඇති බවක් පෙනේ. ආගමික සැලසුමක් වෙනුවෙන් මේ සතියේ වැඩිපුර කාලයක් යෙදවීමට සිදුවේ. සතිය මැද කාලයේදී සහෝදර පක්ෂය සමඟ සිදුවන මත ගැටුමක් සමතයකට පත් වන ලකුණු පෙන්නුම් කරයි.

අය 07 - වැය 03

ජය අංකය - 05

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - සඳුදා

 

වෘශ්චික-විශ්වාසය බිඳ වැටීමක්

යොදාගත් සැලසුමක් ප්‍රමාද කරමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 12,1,2 ,3 යන භාවස්ථාන වලයි. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරන බවක් පෙන්වයි. නිතර පදිංචි ස්ථානයෙන් බැහැරව කටයුතු කිරිමට සිදුවන සතියකි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමෙන් ගැටලු කීපයක් මතු කරයි. සතිය මැද කාලය වන විටදී මව්පස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. වෙනදාට වඩා ඉවසීමෙන් මෙන්ම කල්පනාකාරිව කටයුතු කළයුතු කාලයකි. සති අන්තයේදී ආගමික කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි.

අය 08 - වැය 07

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

මීන- හදිසි දේපල ලැබීමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියකි.අලුත් රැකියා අපේක්ෂිතයන්ට සුබදායක ලෙස බලාපාරොත්තු ඇතිකරගත හැකි බවක් පෙනේ.

එමෙන් සතිය මැද කාලය වන විටදී යටපත් වූ දණහිසේ අමාරුවක් නැවත හට ගන්නා බවක් පෙන්වයි. හදිසි දේපල ලැබීමකට හිමිකම් ඇති කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව හිමිකරයි. මව්පස ඥාතියකුගෙන් උපකාරයක් හිමිවන සතියකි.

අය 07 - වැය 06

ජය අංකය - 03

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.