සැප්තැම්බර් 03 සිට 09 දක්වා

සැප්තැම්බර් 3, 2021

මේෂ-සැලසුම් වෙනසක්

කලබලකාරී ගති පැවතුම් ඇති කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේසඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 4,5,6 යන භාවස්ථාන වලයි. අසල්වැසියකු සමඟ නොරිස්සුම් සහගත කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. ඒමෙන්ම ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවන සතියකි. තමාට වෙන්න ගිය පාඩුවක් මගහරවා ගැනීමට අවස්ථාව සැලසෙයි. හිත මිතුරු ඇසුරේදී කල්පනාකාරී විය යුතු බවක් පෙනේ. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු අතර අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. සති අන්තයේදී රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

සිංහ - ගේ දොර අලුත්වැඩියාවක්

අවිවේකී වුවත් යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ ගමන් කරන්නේ 12,1,2 යන භාවස්ථාන වලයි. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර නිතර අසල්වැසියන් සමඟ බහින් බස් වීමක් ද ඇති කරයි. වෙනදාට වඩා වැය පස අධික කරන සතියකි. අලුත් ආදායම් මාර්ග ඇති වුවත් ඒ්වා ඒතරම් දුරට සාර්ථක වන බවක් නොපෙන්වයි. ඒමෙන්ම හිතුමතයට කටයුතු කිරීමෙන් පාඩු විදීමට සිදුවේ. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.

අය 08 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

ධනු -විදෙස් ලැබීමක්

අවිවේකී උවත් වැඩ කටයුතු සාර්ථක ලෙස කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරාගැනීමට හැකිවන සතියකි. නිතර කය වෙහෙසා කරන කටයුතු අධික කරයි. දරුවකුගේ ඉදිරි කටයුතු වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට අවස්ථාව උදා කරයි. අමතර වියදම් වැඩි වන කාලයක් වන අතර ළගින් ඇසුරු කරන අයකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි. සති අන්තය වන විටදී අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ- අමතර ලැබීම්

අලුත් බලාපොරොත්තු ඇති කරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. ශාරීරික වෙහෙස ගෙන දෙන සතියක් වන අතර යටපත් වූ දණ හිසේ ආබාධයක් නැවත මතු විය හැකියි.

අමතර ලැබීම් ඇති කරන සතියකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ. මවට හෝ මව් පක්ෂයේ ඥාතියකුට අපල සහගත බවක් ඇති කරයි.

අසල්වැසියකු සමඟ ගනුදෙනුවක් සිදුකර ගන්නා කාලයකි.වාහන ගමන් පිළිබඳ පරිස්සම් විය යුතු අතර දුර ගමන් වලින් වැළැකී සිටීම යහපත් කරයි.

 

අය 08 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

කන්‍යා -ගනුදෙනු වාසි

වෙනදාට වඩා සැලසිලිදායක සතියක් වන අතර මේ සතියේ කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 11,12,1 යන භාවස්ථාන වලයි.විශේෂ ගනුදෙනුවකට මග සැලසෙන සතියකි. නෑදෑ හිතවතුන්ගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වන අතර අලුත් කටයුත්තකට අත ගැසීමට ද අවස්ථාව උදා කරයි.

පවුලේ වැඩිහිටියකුගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු කාලයකි. තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. හදිස්සියේ සිදුවන දේපල ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ.

අය 08 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර -ගුප්ත කටයුතු වලින් පිහිට

නිතර ගත සිත වෙහෙසා කරන කටයුත අධික කරන සතියක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 7,8,9 යන භාවස්ථාන වලයි. බොරු චෝදනාවක් හේතුවෙන් පවුලේ කෙනකු සමඟ මතභේදකාරී බවක් ඇති කර ගනී. මෙතෙක් ප්‍රමාදතා ඇති කළ ගනුදෙනුවක සාර්ථක ලෙස නිමා කර ගැනිමට අවස්ථාව උදා කරයි. නිතර කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු කාලයකි. සතිය මැද කාලය වන විටදී දරුවකුගේ හිතුවක්කාර ගති පැවතුම් හේතුවෙන් නොසිතූ පාඩුවක් සිදුවිමට ඉඩ ඇත. නිතර ගුප්ත කටයුතු වලින් පිහිට පතන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු කරන සතියකි.

අය 08 - වැය 07

ජය අංකය - 06

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

මිථුන-දේපල හිමිකමක්

මිශ්‍රළුලදායක ලෙස උදාවන මේ සතියේ මිථුන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. මෙතෙක් අහිමිව තිබූ දේපලක් පිළිබඳ හිමි කමක් ඇති කරයි.

වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයකි. සතිය මැද කාලය වන විටදී හිසේ ආබාධයක් හේතුවෙන් පීඩා විදින බවක් පෙන්නුම් කරයි.

හදිසි ගනුදෙනු වලට අත ගැසීමෙන් අවාසිදායක බවක් ඇති කරයි. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් කැප වීමට අවස්ථාව සැලසේ. නිවසට යන ඒන අය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු සතියකි.

අය 07 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා -උදරාබාධයක්

ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 10,11,12 යන භාවස්ථාන වලයි.නිතර නිවසට යන ඒන අය පිළිබද සැලකිලිමත් විය යුතු සතියක් වන අතර තමා සතු දෙයක් නැතිවීමට ද ඉඩ ඇති බවක් පෙනේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. දරු ලාභ හිමිකම් ඇති අය වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු කාලයකි. යටපත් වු උදරාබාධයක් නැවත මතුවිය හැකියි. සතිය මැද කාලය වන විටදී පවුලේ සතු‌ට සැනසුම අඩුවන කාලයක් වන අතර සහෝදර පක්ෂය සමඟ ඇතිවන බහින්බස් වීමක් දුර දිග යන ලකුණු ද පෙන්නුම් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - ඉරිදා

 

කුම්භ -විවේකය අඩු කරයි

හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ කුම්භ ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6,7,8 යන භාවස්ථාන වලයි. වෙනදාට වඩා විවේකය අඩුවන සතියකි. පවුලේ වැඩිමහල් දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. සතිය මැද කාලය වන විටදී යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු විය හැකි බැවින් කෑමෙන් බීමෙන් මෙන්ම ජලයෙන් ද පරිස්සම් විය යුතු බවක් පෙනේ. අසල්වැසියකුගේ නොසන්සුන්කාරී ගති පැවතුම් තමාට අවාසිදායක බවක් ඇති කරයි. අමතර ආදායම් මාර්ග වලට බාධා ගෙන දෙන සතියකි.

අය 08 - වැය 05

ජය අංකය - 06

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - ඉරිදා

 

කටක - විදෙස් ලැබීම්

සැලසුම් සහගත කටයුතු කීපයකට අත ගසමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 1,2,3 යන භාවස්ථාන වලයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. ඒමෙන්ම දරැවකුගේ නොසන්සුන්කාරී කටයුතු කීපයක් හේතුවෙන් සිත් කලකිරීමක් ඇති කරන කාලයකි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් ඒදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. පැරණි ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ. විදෙස් ලැබීම් වලට හිමිකම් ඇති කාලයකි.සතිය මැද කාලය වන විටදී වාහන අලුත් වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. හදිසි කැපීම් කෙටීම් වලට ඉඩ ඇති සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බදාදා

 

වෘශ්චික-නීති ගැටලුවක්

පවුලේ වගකීම් තමා පිට පැවරෙමින් සතිය ආරම්භ කරන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 9,10,11 යන භාවස්ථාන වලයි. ළඟින් අසුරු කරන අයකු සමඟ ඇතිවන සිත් නොහඳකමක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. විවාහ අපේක්ෂිතයන්ට සුබදායක සතියකි. කල්ගත වූ විවාහ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි.

සතිය මැද කාලයේදී නීති ගැටලුවකට මැදි වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වීම වැදගත් වේ. මව් පිය උරුමයකට පැවැති බාධා මගහැරී යන අතර මෙතෙක් අමනාපයෙන් සිටි ඥාතියකු සමග මිත්‍ර වීමට ද මග සැලසේ.

අය 07 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මීන- කොන්දේ වේදනාවක්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ කෙනකු නිසා සිත් කලකිරීමක් සිදුවීමට ඉඩ ඇති අතර ඥාතීන් සමඟ කටයුතු කිරීමේදී දුර දිග බලා කටයුතු කිරීම වැදගත් වේ. නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු සැලසෙන කාලයකි.

යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතු විය හැකියි. වාහන හුවමාරුවක් හේතුවෙන් වාසි අත්කරන කාලයකි. විවාහ බලාපොරොත්තුවක් කල් දැමීමට සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. තමා සතුදෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

අය 07 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.