අගෝස්තු 13 සිට 19 දක්වා

අගෝස්තු 13, 2021

මේෂ-පවුලේ අයගේ දෝෂාරෝපණයක්

කලබලකාරී ගති පැවැතුම් ඇති කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 6,7,8,9 යන භාවස්ථාන වලයි. තමා ළඟින් ඇසුරු කරන අයෙකු සමඟ ඇති වන සිත් නොහොඳකමක් දුර දිග යන බවක් පෙන්නුම් කරයි. පවුලේ වැඩිමහල් දරුවකුගේ හිතුවක්කාරී කටයුතු කීපයක් හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇති කරයි. සතිය මැද කාලයේදී පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක් වීමට ඉඩ ඇත. මුදල් හුවමාරුවක් කර ගැනීමට සිදුවන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් පැහැර හැරීමක් සිදුකරයි. සති අන්තය වන විටදී ආගමික සහන පතා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - රතු

සුබ දවස - බදාදා

 

සිංහ -වැය පස අධිකයි

පවුලේ වගකීම් තමා පි‌ට පැවරෙමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. වරින් වර ශාරීරික වෙහෙස ගෙන දෙන සතියක් වන අතර නිතර ඇවිදිලි වැඩි කරන බවක් ද පෙන්නුම් කරයි. නිතර නිවසට යන ඒන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි.

මෙතෙක් බාධා ගෙන දුන් ඉඩම් ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී යටපත් වු කොන්දේ වේදනාවක් නැවත මතු විය හැතියි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුණත් වැය පස අධික වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දරුවකු පිළිබඳ කල්පනාකාරී විය යුතුයි.

අය 07 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - රෝස

සුබ දවස - ඉරිදා

 

ධනු -ගනුදෙනුවක් සාර්ථකයි

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ අය අතර නොසන්සුන්කාරී කටයුතු කීපයක් සිදුකරන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. සතිය මැද කාලයේදී තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් ඒ් පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න‍. පවුලේ උත්සව අවස්ථාවක් කල් දැමීමට සිදුවන බවක් පෙනේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. මෙතෙක් ප්‍රමාද වූ ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. සති අන්තයේදී හදිස්සියේ හට ගන්නා කකුලේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 07 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බදාදා

 

වෘෂභ- කොන්දේ අමාරුවක්

පවුලේ කටයුතු සම්බන්ධ ගැටලු කීපයක් දුර දිග යමින් සතිය උදාවන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ගමන් කරන්නේ 5,6,7,8 යන භාවස්ථාන වලයි. තනි තීරණයක් හේතුවෙන් පාඩු කීපයක් සිදුකරන සතියක් වන අතර ශාරීරික වෙහෙස ගෙන දෙන සතියක් බව ද පෙන්නුම් කරයි. නිතර පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවේ. ඥාතියකු පිළිබඳ සිත් තැවුලක් අසන්න ලැබේ. වෙළඳ ව්‍යාපාර කටයුත්තක් හේතුවෙන් පාඩු විදීමට සිදුවන සතියකි. සුවපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවිය හැකි කාලයක් වන අතර ඒ් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. සති අන්තයේදී නීති ගැටලුවක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

කන්‍යා -උගුරේ අමාරුවක්

වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථාන වල ගමන් කරයි. හදිසි ගමන් කීපයක් යෙදෙන සතියකි. නොසිතූ ලෙස වංචාවකට හසුවිය හැකි කාලයක් බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.සතිය මැද කාලයේදී පවුලේ වැඩිහිටියකුගේ දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇත. පවුලේ වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියකි. සති අන්තයේදී වරින් වර ඇති කරන උගුරේ අමාරුවක් හේතුවෙන් පීඩා ඇති කරන කාලයක් බැවින් ඒ් පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බදාදා

 

මකර -මුදල් හුවමාරුවක්

අවිවේකී ලෙස උදාවන මේ සතියේ මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර නිවසට යන කෙනකු පිළිබඳ කල්පනාකාරී විය යුතු සතියකි. තමා නොසැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් නොසිතූ පාඩුවක් සිදුකරයි.

වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. පවුලේ වැඩිහිටියකු සමඟ මුදල් හුවමාරුවක් කර ගැනීමට අවස්ථාව සැලසේ. සතිය මැද කාලයේදී යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. සති අන්තය වන විටදී රැකියාවේ කටයුතු සම්බන්ධ ගැටලු කීපයකට මුහුණ දීමට සිදුවේ.

අය 08 - වැය 07

ජය අංකය - 03

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

මිථුන- විවාහ බලාපොරොත්තුවක් ඉටු කරයි

වෙනදාට වඩා සැනසිලිදායක සතියක් වන අතර මේ සතියේ සඳු ගමන් කරන්නේ 4,5,6,7 යන භාවස්ථාන වලයි. වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම වගකීමෙන් කටයුතු කරන සතියක් වන අතර පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට ද සිදුවේ.

මෙතෙක් තමාට අහිමිව තිබූ දෙයක් නැවත හිමිවන ලකුණු පෙන්නුම් කරයි.

ඔබ විවාහ වන වයසේ පසුවන අයකු නම් ඉතා වාසනාවන්ත විවාහයකට හිමිකම් ඇති කරයි. සතිය මැද කාලයේදී විදෙස් ලැබීමක් හේතුවෙන් මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මග සැලසේ.

අය 08 - වැය 06

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

තුලා -නීති ගැටලුවක්

රැකියාවේ තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2,3 යන භාවස්ථාන වලයි. විදෙස්ගතවීමේ

බලාපොරොත්තුවක් කල් දැමීමට සිදුවීමෙන් සිතේ අසහනකාරී බවක් ඇති කරයි. අලුත් ගේ දොර ඉදිකිරීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන සතියකි. මෙතෙක් අමනාපයෙන් සිටි කෙනකු සමඟ මිතුරු වීමට අවස්ථාව උදාකරයි. අමතර ආදායම් මාර්ග යෙදෙන සතියක් වන අතර අමතර මුදල් වියදම් ද වැඩි කරයි. සතිය මැද කාලයේදී පවුලේ කෙනකු නිසා නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. උරහිසේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

අය 08 - වැය 07

ජය අංකය - 04

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සඳුදා

 

කුම්භ -සෙම් රෝග

නිතර ඇවිදිලි ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ වැඩිමහල් දරුවකු නිසා සිතේ නොසන්සුන්තාවයකින් පසුවන කාලයකි. අමතර කටයුතු වලට බාධාකාරී බවක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු වන ලකුණු පෙනේ. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි.

අසල්වැසියකු සමඟ ඇතිවන බහින්බස් වීමක් දුර දිග යන ලකුණු පෙන්නුම් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩි වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. සති අන්තයේදී අතක වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බදාදා

 

කටක - වැඩපිළිවෙලක වෙනසක්

පැරණි හිතවත්කමක් අලුත් කරමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3,4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි.

විශේෂ සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන සතියක් වන අතර පවුලේ අයගේ උදව් උපකාර ද හිමිවන බවක් පෙන්නුම් කරයි.හදිසි ගමනක් හේතුවෙන් යොදාගත් වැඩපිළිවලක් වෙනසකට ලක් කරයි. නිතර ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි.

සතිය මැද කාලයේදි පවුලට අලුත් සාමාජිකයෙක් ඒක් වන බවක් පෙන්නුම් කරයි. වාහන ගමන් ගැන සැලකිලිමත් විය යුතු සතියක් වන අතර උස් ස්ථාන ආශ්‍රිත කටයුතුවලින් වැළැකී සිටීම ද යහපත් කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘශ්චික-තැන්පත් ධනය වැයවීමක්

අවිවේකී ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි.හිත්වක්කාර තීරණයක් හේතුවෙන් වෙන්න ගිය කරදරයකින් නිදහස්වීමට අවස්ථාව සැලසේ. නිතර ආගමික සහන පතන කාලයක් බව පෙනේ.පරම්පරාගත ‌දේපලක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. ඒහෙත් පවුලේ වැඩිහිටියකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමෙන් ගැටලු කීපයක් දුර දිග යන බවක් පෙන්නුම් කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් ඒක් වන කාලයකි. සතිය මැද කාලයේදී තැන්පත් ධනය වැය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයකි.

අය 06 - වැය 03

ජය අංකය - 09

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මීන-විශේෂ වරප්‍රසාද

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා වෙහෙසීමට සිදුවන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. විශේෂ වරප්‍රසාද කීපයකට හිමිකම් ඇති කරන සතියකි. පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත් කලකිරීමක් ඇති කරයි. දුර ගමන් බහුල කාලයක් වන අතර ඒ් පිළිබඳ සැලකිලිමත් වීමට වැදගත් වේ.

ගේ දොර කටයුතු වල වෙනස්කම් කීපයක් සිදුකරන සතියක් වන අතර අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමට ද කටයුතු සැලසේ. දුර ගමන් යෙදෙන කාලයකි. සති අන්තයේදී අලුත් වාහන මිලදී ගැනීමකට හෝ හුවමාරුවකට කටයුතු සැලසේ.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සඳුදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.