ජූලි 16 ජූලි 22 දක්වා

ජූලි 16, 2021

මේෂ - ණය ගනුදෙනුවකින් නිදහස්

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා6,7,8,9 යන භාවස්ථාන වල ගමන් කරන අතර මෙතෙක් ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භ කර ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. විශේෂ හිතවතකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. ආගමික සැලසුමක් සඳහා දවසින් වැඩි කාලයක් ගත කරයි. සිතේ නොසන්සුන්තාවයක් ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩා විදින සතියකි. ණය ගනුදෙනුවකින් නිදහස් වීමට අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරයි. සති අන්තය වන විටදී අලුත් රැකියා ලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවදානයෙන් කටයුතු කරන්න‍.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

සිංහ -අසල්වැසියකු නිසා කරදරයක්

මුදල් ගනුදෙනුවක් හේතුවෙන් නොසිතූ අවුලක‌ට පත් වෙමින් සතිය ආරම්භ වන සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ කෙනකු නිසා මනසට පීඩාකාරී බවක් ඇති කරන සතියක් වන අතර නෑඳෑ හිතවතුන් ඇසුරු කිරීමේදී කල්පනාකාරී වීම වැදගත් වේ. ඒමෙන්ම අසල්වැසියකු නිසා නොසිතූ කරදරයකට පැටලීමට ඉඩ ඇත. නිකරුනේ කරන වියදම් වැඩි වන බවක් පෙනේ. වරින් වර ඇති කරන දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවීමෙන් යොදාගත් සැලසුමක් කල් දැමීමට සිදුවේ.සති අන්තයේදී දරුවකුගේ හිතුවක්කාරකමක් හේතුවෙන් පවුලේ මතභේදයක් දුර දිග යාමට ඉඩ ඇත.

අය 08 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

ධනු - හදිසි මුදල් හිමිකමක්

පවුලේ අය අතර ඇතිවන බහින් බස්වීමක් හේතුවෙන් සිත් කලකිරිමක් ඇති වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. වරින් වර පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු ඇති කරන සතියකි. ආර්ථික අතින් යහපත් සතියක් වන අතර හදිසි මුදල් හිමිකමක් ලොතරැයි ජයග්‍රහණයක් ආදියට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. දරුවකු පිළිබඳ සතුටට පත් විය හැකි අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. මෙතෙක් ප්‍රතිකාර ගනිමින් සිටි සමේ රෝගී තත්වයක් සුව අතර හැරෙන කාලයකි. සහෝදර උපකාරයක් ඇතිව කටයුතු කීපයක් සාර්තක කර ගැනීමට හැකිවෙයි. යටපත්වූ සෙම් රෝගී තත්වයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න.

අය 08 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ - ප්‍රභූ උපකාරයක්

ගනුදෙනුවක් නිසා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. අවිවේකී වුවත් වැඩ කටයුතු ක්‍රමවත් ලෙස කර ගෙන යෑමට හැකිවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. නීති ගැටලුවකට මැදි වීමට ඉඩ ඇති කාලයක් වන අතර ප්‍රභූ අයගේඋපකාර පැතීමට ද සිදුවන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලය වන විටදී පවුලේ කෙනකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන කාලයකි. උස් ස්ථාන වලට සම්බන්ධ කටයුතු වලින් වැළැකී සිටීම යහපත් කාලයක් වන අතර හදිසි වැටීම් තැලීම් වැනි අනතුරු තත්වයක් ද ඇති කරයි. දරුවකු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන සතියකි.

අය 07 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - නිල්

සුබ දවස - සඳුදා

 

කන්‍යා - අජීර්ණ ආබාධයක්

අවිවේකී වුවත් කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වන සතියක් වන අතර සඳුගේ ගමන මේ සතියේ 1,2,3,4 යන භාවස්ථාන වල සිදුවෙයි. මෙතෙක් නීති ගැටලුවකට මැදිවෙමින් පැවැති දේපල ආරවුලක් සමතයකට පත් වන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. නිතර තනිව කටයුතු කිරීමට සිතන කාලයකි.දරුවකුගේ කටයුතු නිසා නිතර නිවසින් බැහැරව කටයුතු කිරීමට සිදුවේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවන සතියකි. සතිය මැද කාලයේදී වරින් වර ඇති කරන අජීර්ණ ආබාධයක් හේතුවෙන ප්‍රතිකාර ලබ‌ා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.

අය 07 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

මකර - කොන්දේ වේදනාවක්

අවිවේකී වුවත් යොදාගත් සැලසුමක් සාර්ථක කර ගැනීමට හැකි වෙමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 9,10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. වරින් වර මතු කරන කොන්දේ වේදනාවකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන කාලයක් වන අතර පවුලේ කටයුතු කීපයක වෙනස්කම් කීපයක් ද සිදුවීමට ඉඩ ඇත. පවුලේ කෙනකුගේ හදිසි රෝහල් ගත වීමක් හේතුවෙන් අමතර මුදල් වියදමක් දැරීමට සිදුවන සතියකි. මුදල් ගනුදෙනුවක් හේතුවෙන් සහෝදර මත ‌භේදයක් ඇති වීමට ඉඩ ඇත. නිතර තමා හමුවීමට ඒන කෙනකු නිසා පවුලේ මතභේදයක් ඇති කරයි. කමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් කල්පනාකාරී වීම වැදගත් වේ.

අය 06 - වැය 03

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - ඉරිදා

 

මිථුන - දේපල ගනුදෙනුවක ගැටලුවක්

වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. හදිස්සියේ සිදුවන දේපල ගනුදෙනුවක් හේතුවෙන් නොසිතූ ගැටලුදායක තත්වයකට මුහුණ පමට සිදුවෙයි. නිතර තමා සොයාගෙන ඒන කෙනෙකු නිසා නොසිතූ කරදරයකට මුහුණ පෑමට සිදුවෙයි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට අවස්ථාව සැලසෙයි. වාහන හුවමාරුවක් හේතුවෙන් දුර ඥාතියකු හඳුනා ගැනීමට මඟ සැලසේ. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුම් සකස්වන සතියක් වන අතර නීති ගැටලුවකට ද මැදි වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. සති අන්තය වන විට දී මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති මුදල් ගනුදෙනුවක් සිදුකරයි.

අය 06 - වැය 04

ජය අංකය - 05

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා - තනතුරු මාරුවක්

නීති කටයුත්තකට අත ගසමින් සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 12, 1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි.තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියක් වන අතර පවුලෙ වගකීමකින් ඈත් වීමට සිදුවෙයි. නිතර තමා සොයා ඒන කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරයි‍. නොසිතූ ගැටලුවකට මුහුණ පෑමට සිදුවීමෙන් තැන්පත් ධනය වැය වීමට ද ඉඩ ඇත.

විසිතුරු දෑ කෙරෙහි සිත ඇදී යන කාලයකි. විදෙස් ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සති අන්තයේදී රැකියාවේ තනතුරු මාරුවක් හේතුවෙන සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - ඉරිදා

 

කුම්භ - වාහන හුවමාරුවක්

වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන කාලයක් වන අතර නිතර පදිංචියෙන් පිට වාසයට ද කරුණු සැලසෙනු ඇත. දරුවකුගේ ගැටලුවක් දුර දිග යාමන් නීති පිහි‌ට පැතීමට ද සිදුවෙයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. විදෙස් ගත හිතවතකුගෙන් උපකාරයක් හිමි කරයි. වාහන හුවමාරුවකට කටයුතු සැලසෙන සතියක් වන අතර ඒ පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න. පවුලට අලුත් සාමාජිකයෙක් එක් වන අන්දමේ කටයුත්තක් යෙදෙන සතියකි.

අය 08 - වැය 06

ජය අංකය - 04

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බදාදා

 

කටක - අලුත් හිතවතකු හඳුනා ගැනේ

හදිසි සැලසුම් කීපයක් වෙනසකට ලක් කරමින් සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3,4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වීමෙන් මෙතෙක් නොවිසඳු ගැටලුවක් විසඳා ගැනීමට මාර්ගය පෑදේ. වාහන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. හදිස්සියේ ඇතිවන උද‌රාබාධයක් හේතුවෙන් රෝහල් ගත වීමක් සිදු කරයි.

වෙනදාට වඩා ගේ දොර කටයුත පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් හිතවතකු හමුවීමට මඟ සැලසෙන කාලයකි. ජලය සම්බන්ධ කටයුතු වලින් මේ සතියේ පරිස්සම් වීම වැදගත් වේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ වීමෙන් වැඩපිළිවලක් වෙනස් කරයි.

අය 07 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා

 

වෘශ්චික-පින් දහම් කටයුතු

සැලසුම් සහගත කටයුතු කීපයකට අත ගසමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන සතියකි . විශේෂ පුද්ගලයකුගේ ඇසුරට පත්වීමෙන් නිතර පිනට දහමට ලැදිව කටයුතු කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට අවස්ථාව සැලසේ. සතිය මැද කාලයේදී නොසිතූ ලෙස විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිත් කලකිරීමක් ඇති කරයි. ජලය සම්බන්ධ කටයුතු වලින් ඈත් වී සිටීම යහපත් කරන කාලයකි. පාදයේ වළලු කර ආශි‍්‍රත ඇති වේදනාකාරී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 08 - වැය 03

ජය අංකය - 03

ජය වර්ූණය - රතු

සුබ දවස - සඳුදා

 

මීන -දේපල ගනුදෙනුවකින් වාසි

අලුත් රැකියා ලාභීන් හට සුබ දායක සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා අත මිට සරු කරන සතියක් වන අතර අමතර වියදම් වැඩි වන කාලයක් වන බවද පෙන්නුම් කරයි. හදිස්සියේ සිදුවන දේපල ගනුදෙනුවකින් වාසිදායක බවක් ඇති කරයි. සතිය මැද කාලයේදී දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. මෙතෙක් වැඩිහිටි විරෝධය ගෙන දුන් පෙම් සබඳතාවයකට සුබ පැතුම් ඒක් වන කාලයකි. පවුලේ සැමට එක්ව කටයුතු කිරීමට හැකිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වියදම් පක්ෂය වැඩිවන සතියක් වන අතර පවුලේ ඥාතියකු වෙනුවෙන් හදිසි මුදලක් වැය කිරීමට ද කටයුතු සැලසේ.

අය 07 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - රෝස

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.