සතියේ පඤ්චාංගය

නොවැම්බර් 8, 2024

ශකවර්ෂ 1946 ක් වූ තුලා රවි 23 භාග ඉල් පුර සතවක තිථිය ලත් කිවිදින සිට එම රවි 29 භාග ඉල් පුර තෙළෙස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - තුලා

කුජ - කටක

බුධ - වෘශ්චික

ගුරු - වෘෂභ (වක්‍ර)

ශුක්‍ර - ධනු

ශනි - කුම්භ (වක්‍ර)

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ (වක්‍ර)

නැප්චූන් - මීන (වක්‍ර)

ග්‍රහයෝ සහ නැකැත්

රවි - විසා

කුජ - පුෂ

බුධ - අනුර ( 11 දා උදේ 06.27 දෙට)

ගුරු - මුවසිරස

ශුක්‍ර - මුල

ශනි - සියාවස

රාහු - උත්‍රපුටුප

කේතු - හත ( 11 දා අලුයම 02.33 උත්‍රපල්)

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

පෝය

නොවැම්බර් 08 සිකුරාදා රාත්‍රි 11.55න් පුර අටවක ලබා 09 සෙනසුරාදා රාත්‍රි 10.43න් ගෙවේ. 09 සෙනසුරාදා සිල්.

චන්ද්‍ර චාරය

09 දා රාත්‍රි 11.25 කුම්භ

12 දා අලුයම 02.21 මීන

14 දා අලුයම 03.12 මේෂ

දිනූ තත්ත්වය

නොවැම්බර් 08 සිකුරාදා

තුලා රවි 23 භාග ඉල් පුර සතවක තිථිය ලත් කිවිදින ඉර උදාව 05.59 ඉර බැසීම 05.50 උත්‍රසල නැකත දහවල් 12.01න් ගෙවී සුවණ නැකත ලබයි. ඉල් පුර සැටවක තිථිය අලුයම 12.34 න් ගෙවී පුර සතවක තිථිය ලබා එය රාත්‍රි 11.55න් ගෙවී පුර අටවක තිථිය ලබා පවතී. ශුල යෝගය උදේ 08.27න් ගෙවී ගණ්ඩ යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 12.34න් ගෙවී ගරජකරණය ලබා එය දහවල් 12.18න් ගෙවී වණිජකරණය ලබා එය දහවල් 12.18න් ගෙවී වණිජකරණය උදාවී එදින රාත්‍රි 11.55න් ගෙවී විෂ්ටිකරණය උදාවෙයි.

විෂ කලාව - බැම

අමෘත කලාව - ළැම

මරු - ගිනිකොන යෝගිනී - වයඹ

සුබ දිසාව - දකුණ

නොවැම්බර් 09 සෙනසුරාදා

තුලා රවි 24 භාග ඉල් පුර අටවක තිථිය ලත් ශනිදින ඉර උදාව 05.59 ඉර බැසීම 05.49 සුවණ නැකත දහවල් 11.46න් ගෙවී දෙනට නැකත ලබයි. ඉල් පුර අටවක තිථිය රාත්‍රි 10.43න් ගෙවී පුර නවවක තිථිය ලබා පවතී. ගණ්ඩ යෝගය උදේ 06.39න් ගෙවී වෘධි යෝගය ලබයි. විෂ්ටිකරණය දහවල් 11.23න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රි 10.43න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - නළල

අමෘත කලාව - තනය

මරු - නැඟෙනහිර

යෝගිනි - ඊසාන

සුබ දිසාව - දකුණ

නොවැම්බර් 10 ඉරිදා

තුලා රවි 25 භාග ඉල් පුර නවවක ලත් රවි දින ඉර උදාව 06.00 ඉර බැසීම 05.49 දෙනට නැකත උදේ 10.58න් ගෙවී සියාවස නැකත ලබයි. ඉල් පුර නවවක තිථිය රාත්‍රි 08.59න් ගෙවී පුර දසවක තිථිය ලබයි. වෘධියෝගය අලුයම 04.23න් ගෙවී ධෘම යෝගය ලබයි. බාලවකරණය උදේ 09.56න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රි 08.59න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව – හිස්මුදුන

අමෘත කලාව - ගෙල

මරු - උතුර

යෝගිනී - නැඟෙනහිර

සුබ දිසාව - දකුණ

නොවැම්බර් 11 සඳුදා

තුලා රවි 26 භාග ඉල් පුර දසවක ලත් සඳුදින. ඉර උදාව 06.00 ඉර බැසීම 05.49 සියාවස නැකත උදේ 09.39න් ගෙවී පුවපුටුප නැකත ලබයි. ඉල් පුර දසවක තිථිය සවස 06.44න් ගෙවී පුර එකොළොස්වක තිථිය ලබයි. ධෘම යෝගය අලුයම 01.41න් ව්‍යාඝාත යෝගය ලබා එය රාත්‍රි 10.34න් ගෙවී හර්ෂණ යෝගය ලබයි. තෛතිලකරණය උදේ 07.58න් ගෙවී ගරජකරණය ලබා එය සවස 06.44න් ගෙවී වණිජකරණය උදාවෙයි.

විෂ කලාව - හිස

අමෘත කලාව - නාසය

මරු - වයඹ යෝගිනී – උතුර

සුබ දිසාව - නැඟෙනහිර

නොවැම්බර් 12 අඟහරුවාදා

තුලා රවි 27 භාග ඉල් පුර එකොළොස්වක ලත් කුජ දින ඉර උදාව 06.00 ඉර බැසීම 05.49 පුවපුටුප නැකත උදේ 07.52න් ගෙවී උත්‍රපුටුප නැකත ලබයි. ඉල්පුර එකොළොස්වක තිථිය සවස 04.03න් ගෙවී පුර දොළොස්වක තිථිය ලබා පවතී. හර්ෂණ යෝගය රාත්‍රි 07.07න් ගෙවී වජ්‍ර යෝගය ලබයි. වණිජකරණය අලුයම 05.30න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 04.03න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - නළල

අමෘත කලාව - ඇස

මරු - බටහිර

යෝගිනී - ගිනිකොන

සුබ දිසාව - උතුර

නොවැම්බර් 13 බදාදා

තුලා රවි 28 භාග ඉල් පුර දොළොස්වක තිථිය ලත් බුධ දින ඉර උදාව 06.00 ඉර බැසීම 05.49 උත්‍රපුටුප නැකත අලුයම 05.41න් ගෙවී රේවතී නැකත ලබයි. ඉල් පුර දොළොස්වක තිථිය දහවල් 01.01න් ගෙවී පුර තෙළෙස්වක තිථිය ලබයි. වජ්‍ර යෝගය සවස 03.24න් ගෙවී සිද්ධි යෝගය ලබයි. බවකරණය අලුයම 02.36න් ගෙවී බාලවකරණය ලබා එය දහවල් 01.01න් ගෙවී කෞලවකරණය උදාවී එදින රාත්‍රි 11.24න් ගෙවී තෛතිලකරණය ලබා පවතී.

විෂ කලාව - බැම

අමෘත කලාව - කන

මරු - නිරිත යෝගිනී - නිරිත

සුබ දිසාව - උතුර

නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා

තුලා රවි 29 භාග ඉල් පුර තෙළෙස්වක ලත් ගුරුදින ඉර උදාව 06.01 ඉර බැසීම 05.49 රේවතී නැකත අලුයම 03.12න් ගෙවී අස්විද නැකත ලබයි. ඉල් පුර තෙළෙස්වක තිථිය උදේ 09.45න් ගෙවී පුර තුදුස්වක තිථිය ලබා පවතී. සිද්ධි යෝගය දහවල් 11.31න් ගෙවී ව්‍යාතිපාත යෝගය ලබයි. තෛතිලකරණය උදේ 09.45න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රි 08.03න් ගෙවී වණිජකරණය උදාවෙයි.

විෂ කලාව - කන / ඇස

අමෘත කලාව - බැම / නළල

මරු - දකුණ

යෝගිනි - දකුණ

සුබ දිසාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.