වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
මාර්තු මාසයේ උපන් පෞද්ගලික අංක 4,5,6 හිමි ඔබ ගැනයි...
දෙසැම්බර් 15, 2023
මාර්තු මාසයේ 4, 13, 22, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
ඉතාම දුක්ඛිත ළමා කාලයක් උරුමකර ගනිමින් මෙම දිනවල පුද්ගලයන් උත්පත්තිය ලබයි. දෙමාපියන්ගෙ ආදරය අහිමිවීම අධ්‍යාපනය බිඳ වැටීම, ආනාරක්ෂිතවීම වැනි දුෂ්කරතාවලට බහුලව ඔවුන්ට මුහුණ දීමට සිදුවන කාරණාය. ප්‍රබල විවේචනයන්ට ලක්වීම නිරන්තරයෙන් සිදුවේ. පවුලේ නෑදෑ හිතවතුන් නිසා පීඩාවට පත්වේ. එසේම මෙදින උපන් අයවලුන් ගූප්ත ශාස්ත්‍ර හැදෑරීම අධ්‍යයනය කිරිම වැනි කාරණාවන් සම්බන්ධයෙන් විශේෂ කැමත්තක් දක්වයි. තවද ගුප්ත විද්‍යානුකූල අත්දැකිම් ජිවිත කාලය පුරාවට ග්‍රහණය කර ගන්නා අතර නමුත් ඒ සියලු දේම රහසක් වශයෙන් තබා ගැනීම මොවුන්ගේ සිරිතයි. හොඳ ඉවසීමේ ගූණයක් මොවුන් සතුය. මුදල් කටයුතුවලදි ප්‍රවේසම්කාරි ලෙස කටයුතු කිරිම දැකිය හැකිය. සියලු ආකාරයේ මුදල් ඔට්ටු තැබීම මොවුනට සාර්ථක වන්නේ නැත. ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිවෙකු විශ්වාස නොකළ යුතුය. එම ස්වභාවය ඔවුන් තුළ පවතින බැවින් ගැටලු ඇති නොවේ. බොහෝවිට ආර්ථිකය උරුමයක් ලෙස ලැබෙනු ඇත. පැරණි භාණ්ඩ එකතු කිරීමට කැමැත්තක් දක්වයි.
මොවුන් සෑම කටයුත්තක් සඳහාම 1 2 7 10 11 16 19 20 25 29 යන දිනයන් හෙවත් අංක 1 2 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. රන්වන් පැහැය කහ තඹ රන් දුබුරු පැහැය සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 5, 14, 23, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා බුධ ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
මෙම දිනවල උපන් අය ස්වභාවයන් දෙකක් යටතේ හඳුනා ගත හැකිය. සමහර විට පූර්ණ දුර්වලතාවයන්ට පත්වු සහ ඉතා සාර්ථක පුද්ගලයන් ලෙස හඳුනාගත හැකිය. මෙය තිරණය වන්නේ ඔවුන් ඔවුන්ගේ ශක්තිය වර්ධනය කර ගන්නා ආකාරය මතයි. මොවුන් ස්වකීය ශක්තිමත් පාර්ශ්වය දියුණු කරගෙන ඉදිරියට පැමිණෙන්නේ නම් සෑම දුර්වලකමක්ම මේ අය ඔවුන්ගේ වාසියට පවරාගනු ඇත. මුදල් සම්බන්ධ කටයුතුවලදි අවදානම් භාර ගැනීමේ ස්වභාවයක් මේ අය වෙත පවති. තවද සූදු සහ ඉක්මනින් මුදල් සෙවීමේ ක්‍රමවේද කෙරෙහි සොයා බලනු ඇත. නමුත් ආර්ථිකය ඉතා ප්‍රබල ලෙස දෝළනය වේ. පදිංචි නිවෙස නිතර නිතර වෙනස් වේ. සංචාරයන් සඳහා විශේෂ කැමැත්තක් මොවුන් තුළ පවති. විවිධ ප්‍රදේශ සහ ඒවායේ ඉතිහාසය පිළිබඳව ඉතා හොඳ දැනීමක් ඔවුන් සතුවේ. වසරේ මෙම කාලයේ උපන් අය ඉතා ඉහළ දක්ෂතාවලින් යුක්ත නමුත් ඔවුන් පොහොසතුන් ලෙස මිය යන්නේ නැත. විශාල ව්‍යාපෘතින් සඳහා මුදල් යෙදවීම දැකිය හැකිය. නමුත් පූර්ණ බලය තමා අතින් ගිලිහි ගිය හොත් ගැටලුවලට මුහුණපෑමට සිදුවේ. මෙම දිනවල උපන් අයට ස්නායු සම්බන්ධ රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 5 දින එනම්, 5 14 23 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරි වේ. සියලුම ළා වර්ණ සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 6, 15, 24, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර එය සිකුරුට අයිති අංකයකි.එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ.
මෙම දිනවල පුද්ගලයන් ඉතාමත් හැඟීම්බර පුද්ගලයන් වන අතර අසරණ දුක්විදින සහ ආබාධිතයන් පිළිබඳ ව දැඩි කැරණාවක් ආදරයක් දක්වනු ඇත. එසේම විශේෂයෙන් එවැනි පුද්ගලයන්ට උදව් උපකාර කිරිම මොවුන් අතින් සිදුවේ. බොහෝ යහලුවන් පිරිසක් මොවුන් වටා රොක්වන අතර සමාජශීලි භාවය ඉහළින්ම දැකිය හැකිය. කලා කටයුතුවලට විශේෂ හැකියාවක් දක්වන අතර හොටෙල් කේටරින් සේවාවන් සහ ආහාර සැපයීම සම්බන්ධ සියලු ම අවස්ථාවලට මොවුහු රුචි වෙති.ආදරය සම්බන්ධ කටයුතුවලදි ගැටලු මතුවේ.ප්‍රේම සම්බන්ධතා කිහිපයක් ඇතිවිය හැකිය. එසේම එක් විවාහයකට වඩා සිදුවිය හැකිය. බලාපොරොත්තු නොවන ධනලාභ ලැබීමේ වසනා ගුණයක් උත්පත්තියෙන්ම මොවුන්ට උරුමය. ජීවිතයේ ආරම්භයේ සිටම හොඳ සෞඛ්‍ය තත්වයක් පවතින නමුත් සුඛෝපභෝගි ජිවිතය නිසා සෞඛ්‍ය අවධානමකට ලක්වේ. මෙහිදි ක්‍රමයෙන් කොලොස්ටරෝල් ඉහළයාම අධික රුධිර පීඩනය සහ හෘද්‍යාබාධ වලටත් තුඩු දෙනු ඇත.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 6 දින එනම් 6 15 24 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. වයලට්, දම් සුබ වර්ණ වේ.
සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,
හස්ත රේඛා පරික්ෂක,
හස්ත රේඛා පරික්ෂක,
මාතලේ නාඋල
බී. ඒ. ජයවර්ධන
෴ සබැඳි ලිපි ෴
2023.02.15 දින රාත්‍රී 08.03ට ග්‍රහලොව සුකුමාලිය වූ සිකුරු ග්‍රහයා ගුරු හිමි මීන රැසට පැමිණ මාලවි නම් පංච මහා පුරුෂ යෝගය ලබා 2023-03-12 දින තෙක් එහි...
2023-02-09 18:30:00
වර්තමාන සමාජයේ බොහෝ දෙනා කලට වේලාවට විවාහ වුවත් එම යුග ජීවිත ඉතා කෙටි කලකින් කෙළවර වෙති. එයට හේතුව නම් ලග්න කේන්දරයේ ලග්න නවාංශකාධිපති සහ 55...
2023-02-09 18:30:00
රාශි චක්‍රයේ එකොළොස්වන රාශිය වන කුම්භ රාශිය කලගෙඩියක් අතින් ගත් මිනිසකුගේ රුව සංකේතවත් කරයි. රාශි චක්‍රයේ ඇති රාශි දොළහ එකිනෙකට වෙනස් ගති...
2023-02-02 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ රවි ළඟට දීප්තිමත්ව පෙනෙන ග්‍රහ ලෝකය සඳුය. සඳු පෘථිවියට අයත් උප ග්‍රහයෙකි. පෘතුවියෙන් හතරෙන් පංගුවක් පමණ වේ යැයි ගණන් බලා ඇත....
2023-02-02 18:30:00
අතීතයට වඩා වර්තමාන සමාජයේ ජීවත් වන ජනතාව උදර ආබාධවලින් පීඩා විඳිති. එයට හේතුව නම්, කාර්යබහුල ජීවිතයක් ගත කරන වර්තමාන සමාජයේ ජනතාව විවිධ රසකාරක යොදා...
2023-02-02 18:30:00
රාශි චක්‍රයේ 10 වැනි රාශිය මකරයයි. පොළොව හෙවත් මිහිතලය පාලන කාරකය කරගත් මකර ලග්නය චර රාශියකි. සෞරග්‍රහ මණ්ඩලයේ දුකට අධිපති සෙමින් ගමන් යන කාල...
2023-01-26 18:30:00
පංච මහා පුරුෂ යෝග අතුරින් මිථුන - කන්‍යා- ධනු- මීන- රාශි හතරට ගුරු හංස යෝග බල උදාවද අඟහරු දීප්ත යෝගය ද රාහු-කේතු අර්ධ කාල සර්ප යෝගය ද ගුරු-චන්ද්‍ර...
2023-01-26 18:30:00
චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි. දුන්නකින් ඉලක්කයට විදීමට සැරසෙන මිනිසෙකු සංකේතවත් කරන ධනු රාශිය රාශි චක්...
2023-01-19 18:30:00
ලංකා කේන්දරය වන කුම්භ ලග්නයෙහි 7 අධිපති වන රාජ්‍ය කාරක රවි ග්‍රහයා ජනවාරි මස 14 වැනි සෙනසුරාදා රාත්‍රී 8.44 ට තමාට සතුරු භාවයක් වන 12 වැන්න වූ මකර...
2023-01-19 18:30:00
නව ව්‍යාපාර ඇරැඹීමට සුබ කාලයක් 30 වසරකට පසු සෙනසුරු-කුම්භ රාශි ගත වීම වෘෂභ, මිථුන, කන්‍යා, තුලා, ධනු, මකර, කුම්භ, මීන ලග්න හිමියන්ට ශුභඵල...
2023-01-19 18:30:00
කාලගුණික-දේශගුණික විපර්යාස බහුල කාලයක්කාන්තාවන් කුඩා දරුවන් රැකගත යුතු කාලයක්ස්වභාවික අනතුරුවල වැඩිවීමක්දේශානුරාගයෙන් මත් වූ උතුම් පිරිස් නැගී...
2023-01-19 18:30:00
රාශි චක්‍රයේ අටවැන්න වෘශ්චිකයයි. තාරකා එකොළහකින් යුතුව නිර්මාණය වී ඇති වෘශ්චික රාශිය ගෝනුස්සකුගේ රුව සංකේතවත් කරයි. වෘශ්චිකය ජල රාශියක්වන අතර මේෂ,...
2023-01-12 18:30:00
රාශි චක්‍රයේ අටවැන්න වෘශ්චිකයයි. තාරකා එකොළහකින් යුතුව නිර්මාණය වී ඇති වෘශ්චික රාශිය ගෝනුස්සකුගේ රුව සංකේතවත් කරයි. වෘශ්චිකය ජල රාශියක්වන අතර මේෂ,...
2023-01-12 18:30:00
විෂ කන්‍යා යෝගය භංග වන ආකාරයක් ද ඡ්‍යොතිෂයේ දක්වා තිබේ. 7 වැන්නාධිපති 07 සිටීම හා ලග්නයේ ශුභයකුවීමද නැතහොත් සඳු සමඟ ශුභයෙක් එක්වීම හරහා විෂ කන්‍යා...
2023-01-12 18:30:00
නව වසර පිළිබඳ පුරෝකථන සඳහා වෙන කවරදාටත් වඩා අද වන විට අවධානයට යොමු වී තිබේ. සාමජීය වශයෙන් අප සිටින්නේ දැවැන්ත සමාජ ආර්ථික පීඩාවකය. බිඳ වැටුණු අපේක්ෂා...
2023-01-05 18:30:00
ලංකාවේ මේ වන විට විශාල ජන සංඛ්‍යාවක් සමලිංගික සේවනයට සහ විකෘති කාම සේවනයට යොමු වී ඇත. එසේ වීමට ප්‍රධාන හේතුව වන්නේ මත්ද්‍රව්‍ය භාවිතයයි. මත්ද්‍රව්‍ය...
2023-01-05 18:30:00