වසරේ ප්‍රථම ග්‍රහ යුද්ධයෙන් සිකුරු පරදා සෙනසුරු ජය ලබයි

ජනවාරි 20, 2023

 

කාලගුණික-දේශගුණික විපර්යාස බහුල කාලයක්

කාන්තාවන් කුඩා දරුවන් රැකගත යුතු කාලයක්

ස්වභාවික අනතුරුවල වැඩිවීමක්

දේශානුරාගයෙන් මත් වූ උතුම් පිරිස් නැගී සිටියි

ආගමික ප්‍රබෝධයක්

කලාකාමින්ට, නළු නිළියන්ට අශුභවාදී පැතිකඩක්

 

 

පංච මහා පුරුෂ යෝග අතරින්, ශනීගෙන් සස යෝග බලය ද ගුරුගෙන් ගුරුහංස යෝග බලයද අර්ධ කාල, සර්ප යෝග බලය සමඟ කුජ දීප්ත යෝගය ආශි‍්‍රතව 2023 වසරේ පළමු ග්‍රහ යුද්ධය මේ මස 23 වැනිදා අලුයම 03.44 ට සිද්ධ වන්නේය. ඒ අනුව ඥානකාරක සිකුරු පරදා සෙනසුරු ජය ගනු ඇත.

කාලගුණික දේශගුණික වශයෙන් පොලෝතලයේ විපරීත විපර්යාසයන් සිදුවන කාලපරාසයක් මේ අනුව නිර්මාණය විය හැක. භූමිකම්පා, පිපිරීම්,ගිනිකඳු පිපිරීම්, කඳු කඩා වැටීම්, නාය යාම්, මහ වැසි ඇද හැලීම්, ගං වතුර, සුළිසුළං විපත් ඇතිවිය හැක. පතල් අතර,නාවික අනතුරු සිදුවිය හැක. කලාකාමින්ට, නළු නිළියන්ට අශුභවාදී පැතිකඩක් විවර වනු ඇත. කාන්තාවන් දරුවන් පරිස්සම් වීම වැදගත් වන්නේ ඔවුනට ද විපත් ඇති වීමේ ඉඩකඩ වැඩි බැවිනි. ස්ත්‍රී දූෂණ, බිහිසුණු කාම අපරාධ, ළමා අපචාර සිදුවීමට ඇති ඉඩකඩ වැඩිය. එලෙසම දේශානුරාගයෙන් මත්වූ උතුම් පිරිස් විශ්වය පුරාවට නැගී සිටින පසුබිමක් ද නිර්මාණය වනු ඇත. මෙම ග්‍රහ තත්ත්වය ජනතාවගේ ජීවනරටාවට බලපෑම් කරනු ලබයි. ආගමික හා සංස්කෘතික දියුණුවක් ඇතිවන කාලයකි. මෙම තත්ත්වය ඔබේ ලග්නයට බලපාන්නේ මෙසේය.

මේෂ රාශිය

ආරම්භ කරනු ලබන නව කටයුතු කෙරෙහි ආකූල ව්‍යාකූල බවක් ඇතිවන බව පෙනී යයි. රෝගාබාධ මතු කෙරෙන කාල සීමාවකි. විශේෂයෙන් උදරය ආශි‍්‍රතව, දණහිස් හා පාද ආශි‍්‍රත ආබාධ මතු කෙරෙයි. නව රැකියා ආදායම් මාර්ග කෙරෙහි නැඹුරුවක් වෙනදාට වඩා ඇතිවන බව පෙනේ. සියලුම ආකාරයේ ලැබීම් කෙරෙහි යම් යම් බාධක එල්ලවන බවක් පෙනේ. එනිසා කල්පනාවෙන් පිනට දහමට ලැදිව කටයුතු කළ යුතු කාලසීමාවක් වෙයි.

වෘෂභ රාශිය

මෙම කාලසීමාව ඔබට කායිකව මෙන්ම මානසිකව ද යහපත් කාලසීමාවක් වනු ඇත. ලාභාපේක්ෂාවෙන් සිදුකරනු ලබන කටයුතු සාර්ථක වෙයි. ගුප්ත විද්‍යාව කෙරෙහි සිත නැඹුරු වන කාලසීමාවකි. ආරම්භ කිරීමට බලාපොරොත්තුවන කාර්යයන් ඉටුවනවා ඇත. ඉඩකඩම්, දේපළ, වස්තු නිසා යම් යම් අර්බුධ, ගැටුම් ඇතිවිය හැකි ය. දුරදිගබලා කටයුතු කළ යුතු ය.

මිථුන රාශිය

මෙතෙක් පැවැති බාධක අවහිරතා දුරුවන කාලයකි. මූල්‍යමය ලාභ අපේක්ෂාවෙන් සිදු කරනු ලබන කටයුතු සාර්ථක වෙයි. ඔබගේ අරමුණු සුබවාදීව ඉටුවන කාලයකි. පවුල් ජීවිතයේ පැවැති ගැටලු දුරුවී යයි. සමාජශීලී සුබසාධනය උදෙසා කරනු ලබන කටයුතු සාර්ථක වෙයි. මවු පාර්ශ්වයෙන් ඇප උපකාර හිමිවන කාලයකි. වරින්වර උදරාබාධ ඉස්මතු කෙරෙයි. සෞඛ්‍යය පිළිබඳ කල්පනාකාරී විය යුතු කාල සීමාවකි.

කටක රාශිය

බලාපොරොත්තු වූ කටයුතු යටපත්ව යන කාල පරාසයකි. රාජ්‍ය හා පෞද්ගලික අංශවල රැකියා කටයුතුවල නියුතු වූවන්නට එම අරමුණු සපල කර ගැනීමේ දී බාධක අවහිරතා එල්ලවනු ඇත. පපුව, උදරය, මුහුණ, ඇස්, පාද ආශි‍්‍රතව හදිසි ආබාධ බලපෑ හැකි බැවින් පරිස්සම්වීම යහපත් වේ.

සිංහ රාශිය

බොහෝ දුරට නාමික නිර්ණාමික සොර සතුරු බලවේග ක්‍රියාත්මකවීමෙන් මානසිකව පීඩාවට පත්වීමට ඇති ඉඩකඩ වැඩිය. මේ සියල්ල අභිබවා යාමේ හැකියාවද හිමිවනු ඇත. රැකියා ආදායම් මාර්ගයන්හි ශුභවාදී බවක් නිර්මාණය වෙමින් සතුටුදායක බවක් මතු කරනු ඇත. සුහදශීලීව, සමාජශීලීව රටේ සුබසාධන කටයුතු රැසකට සම්බන්ධවීමට අවස්ථාව උදාවනවා ඇත. ප්‍රභූ ජනයාගේ ඇසුර ලැබේ. තමා ආරම්භ කරන කටයුතු අවසානය දක්වාම කරගෙන යාමට හැකියාව ලැබෙයි. උරහිස් සම්බන්ධව, කොන්ද, තුනටිය පාද ආශි‍්‍රත රෝගාබාධ ඇතිවිය හැකි බැවින් ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතු කාලයකි.

කන්‍යා රාශිය

භාග්‍ය, වාසනාව මතුවෙන සමාරම්භක කරුණු කාරණා සාර්ථත්වයට පාත්‍රවන කාලසීමාවකි. ගුරු හංස යෝග බලය ලබා තම සිතැඟියාවන් බොහෝ දුරට සාර්ථක කෙරෙන පී‍්‍රතිමත් කාල පරිච්ඡේදයකි. දීර්ඝ කාලීනව පැවැති සිතුම් පැතුම් බලාපොරොත්තු ආයාසයකින් තොරව ඉටුවන ශුභවාදී කාලයක් වනු ඇත. නිවාස, භූමි ආශි‍්‍රතව ද උසස් ප්‍රභූ ජනතාව අතරද යම් යම් ක්‍රියාකාරකම් ඉටුවෙන ශුභවාදී ග්‍රහචාරයක් නිර්මාණය වෙමින් පවතිනු ලබයි. දැඩි ආත්ම ශක්තිය කින් යුතුව කටයුතු කරනු ලබන කාලයකි.

තුලා රාශිය

කුජ දීප්ත යෝගබලයෙන් මෙන්ම අර්ධ කාල සර්ප යෝග බලයෙන් උසස් ව්‍යාපාරිකයනට මහත් ලාබ ගෙන දෙන කාල සීමාවකි. පදිංචි ස්ථානය, ව්‍යාපාරික දියුණුව උදා කෙරෙන සුඛෝපභෝගී ජීවන ගමනකට විජය ශ්‍රී උදාකෙරෙනු ඇත. දෙස් විදෙස් සංචාරය කරලීමේ භාග්‍යය වාසනාව උදා කෙරෙනු ඇත. ස්වකීය රැකියා ආදායම් මාර්ග ඇතුළුව ව්‍යාපාරිකමය දියුණුව ගෙන දෙනු ලබන බවක් පෙන්නුම් කෙරෙනු ඇත. උසස් ප්‍රභූ ජනයා ඇසුරට ද ලැබෙන විජයග්‍රාහී කාල පරාසයකි.

වෘශ්චික රාශිය

සොර සතුරු බලවේග පිළිබඳව නිතර සිතාබැලීමට සිදුවෙයි. උත්සහය උනන්දුව බොහෝ දුරට සාර්ථක ප්‍රතිඵල ගෙනදීමෙහි තුඩුදෙයි. සමාරම්භක කටයුතු අවසානය දක්වා කරගෙන යනු ලබයි. සොර සතුරු බලවේග සහ රෝගාබාධක වරන්වර බලපානු ලබන්නේ ය. උෂ්ණාධික රෝගාබාධක මතු කෙරෙන කාල පරාසයකි. අවිනිශ්චිත බලවේග ආශි‍්‍රත සමාජ තලය තුළින් මතු කෙරෙනු ඇත. දිගුකාලීන සිතැඟියාවන් ද ඉටුවෙන බවක් පෙන්නුම් කෙරෙනු ඇත.

ධනු රාශිය

තැම්පත් ධනය දේපළ වස්තුව, රැකියා ආදායම් මාර්ග, දරු දැරියන්, අධ්‍යාපනය, සබඳතා, විවාහය ආශි‍්‍රතව අර්බුධකාරී බවක් නිර්මාණය විය හැක. දිගුකාලීනව අරමුණු කෙරෙන කාර්ය භාරයන් බොහෝ දුරට සඵලවෙන බවක් පෙන්නුම් කෙරෙයි. හිත, මුහුණ, උදරය, උරහිස්, සම්බන්ධ ,පාද කොරවෙන ගති ලක්ෂණ ආදිය වරින්වර ඇතිවිය හැක. අරමුණු සඵල කරදෙන බවක් පෙන්නුම් කෙරෙනු ඇත.

මකර රාශිය

නිර්ණාමික නාමික සතුරු බලවේග අභිබවා අභියෝගාත්මක සියලු බලවේග සුණු විසුණු කරමින් ඉදිරියටම බලපාන ධෛර්යය, ශක්තිය ක්‍රියාත්මක කෙරෙයි. නිර්මාණය කෙරෙන ආරක්ෂිත දියුණු සහගත ප්‍රතිරූපය ප්‍රශස්ත වෙන්නේ ය. අධ්‍යාපනික, සංස්කෘතික, ආගමික පසුබිම අතිශය වැදගත්වෙයි. යුග කාලීන දියුණුව, සමාරම්භක කටයුතු සාර්ථකත්වයට පාත්‍ර වීම සිදුවෙයි. ගුණාත්මක මෙන්ම ධනාත්මක කාර්යය භාරයන් වරින්වර ඉටු වෙන බවක් පෙන්නුම් කෙරෙයි. හදිසි ආපදා විපත්ති ද මතු කෙරෙයි.

කුම්භ රාශිය

සෙනසුරු ඒරාෂ්ඨකවීමද සෙනසුරු ස්වක්ෂේත්‍රවාදී කරුණු කාරණා අනුව ශුභා ශුභ මිශ්‍රව ඵලදෙන බවක් පෙනී යයි. සමගි සමාදානය මතු කෙරෙනෙු ඇත. රැකියා ආදායම් මාර්ග සාර්ථක කෙරෙනු ඇත. ආරම්භකව නැවැතී තිබූ සියලු කාර්යයන් ඉටුවන බවක් ද දර්ශනය වෙයි. සතුරු එදිරිවාදිකම් දුරස්ථවෙයි. ගොඩමඩ ඉඩකඩම්හි දියුණුව ගෙනදෙයි. පවුලේ සමගි සමාදානය ඇතිකරයි. බාධක අවහිර දුරු කෙරෙයි.

මීන රාශිය

නිර්නාමික නාමික සොර සතුරන් ආශි‍්‍රත ප්‍රශ්න ගැටලු සමථයකට පාත්‍ර කෙරෙයි. ව්‍යාපාරික දියුණුව ගෙනදෙයි. සුහදශීලී වූ ක්‍රියාකාරකම් අනුව සමාජශීලී වූ ඔබහට උසස් ප්‍රභූජනයා ද ඇසුරට ලැබෙයි. රැකියා ආදායම් මාර්ග දියුණුව සබඳතා මංගල අවස්ථා සතුටුදායක බවක් ගනු ලබයි. ධනාත්මක මෙන්ම ගුණාත්මක සැනසුම සතුට ගෙදෙයි.

 

කන්‍යා රාශිය

භාග්‍ය, වාසනාව මතුවෙන සමාරම්භක කරුණු කාරණා සාර්ථත්වයට පාත්‍රවන කාලසීමාවකි. ගුරු හංස යෝග බලය ලබා තම සිතැඟියාවන් බොහෝ දුරට සාර්ථක කෙරෙන පී‍්‍රතිමත් කාල පරිච්ඡේදයකි. දීර්ඝ කාලීනව පැවැති සිතුම් පැතුම් බලාපොරොත්තු ආයාසයකින් තොරව ඉටුවන ශුභවාදී කාලයක් වනු ඇත. නිවාස, භූමි ආශි‍්‍රතව ද උසස් ප්‍රභූ ජනතාව අතරද යම් යම් ක්‍රියාකාරකම් ඉටුවෙන ශුභවාදී ග්‍රහචාරයක් නිර්මාණය වෙමින් පවතිනු ලබයි. දැඩි ආත්ම ශක්තිය කින් යුතුව කටයුතු කරනු ලබන කාලයකි.

තුලා රාශිය

කුජ දීප්ත යෝගබලයෙන් මෙන්ම අර්ධ කාල සර්ප යෝග බලයෙන් උසස් ව්‍යාපාරිකයනට මහත් ලාබ ගෙන දෙන කාල සීමාවකි. පදිංචි ස්ථානය, ව්‍යාපාරික දියුණුව උදා කෙරෙන සුඛෝපභෝගී ජීවන ගමනකට විජය ශ්‍රී උදාකෙරෙනු ඇත. දෙස් විදෙස් සංචාරය කරලීමේ භාග්‍යය වාසනාව උදා කෙරෙනු ඇත. ස්වකීය රැකියා ආදායම් මාර්ග ඇතුළුව ව්‍යාපාරිකමය දියුණුව ගෙන දෙනු ලබන බවක් පෙන්නුම් කෙරෙනු ඇත. උසස් ප්‍රභූ ජනයා ඇසුරට ද ලැබෙන විජයග්‍රාහී කාල පරාසයකි.

වෘශ්චික රාශිය

සොර සතුරු බලවේග පිළිබඳව නිතර සිතාබැලීමට සිදුවෙයි. උත්සහය උනන්දුව බොහෝ දුරට සාර්ථක ප්‍රතිඵල ගෙනදීමෙහි තුඩුදෙයි. සමාරම්භක කටයුතු අවසානය දක්වා කරගෙන යනු ලබයි. සොර සතුරු බලවේග සහ රෝගාබාධක වරන්වර බලපානු ලබන්නේ ය. උෂ්ණාධික රෝගාබාධක මතු කෙරෙන කාල පරාසයකි. අවිනිශ්චිත බලවේග ආශි‍්‍රත සමාජ තලය තුළින් මතු කෙරෙනු ඇත. දිගුකාලීන සිතැඟියාවන් ද ඉටුවෙන බවක් පෙන්නුම් කෙරෙනු ඇත.

 

ධනු රාශිය

තැම්පත් ධනය දේපළ වස්තුව, රැකියා ආදායම් මාර්ග, දරු දැරියන්, අධ්‍යාපනය, සබඳතා, විවාහය ආශි‍්‍රතව සුබවාදී බවක් නිර්මාණය විය හැක. දිගුකාලීනව අරමුණු කෙරෙන කාර්ය භාරයන් බොහෝ දුරට සඵලවෙන බවක් පෙන්නුම් කෙරෙයි. හිත, මුහුණ, උදරය, උරහිස්, සම්බන්ධ ,පාද කොරවෙන ගති ලක්ෂණ ආදිය වරින්වර ඇතිවිය හැක. අරමුණු සඵල කරදෙන බවක් පෙන්නුම් කෙරෙනු ඇත.

 

මකර රාශිය

නිර්ණාමික නාමික සතුරු බලවේග අභිබවා අභියෝගාත්මක සියලු බලවේග සුණු විසුණු කරමින් ඉදිරියටම බලපාන ධෛර්යය, ශක්තිය ක්‍රියාත්මක කෙරෙයි. නිර්මාණය කෙරෙන ආරක්ෂිත දියුණු සහගත ප්‍රතිරූපය ප්‍රශස්ත වෙන්නේ ය. අධ්‍යාපනික, සංස්කෘතික, ආගමික පසුබිම අතිශය වැදගත්වෙයි.

යුග කාලීන දියුණුව, සමාරම්භක කටයුතු සාර්ථකත්වයට පාත්‍ර වීම සිදුවෙයි. ගුණාත්මක මෙන්ම ධනාත්මක කාර්යය භාරයන් වරින්වර ඉටු වෙන බවක් පෙන්නුම් කෙරෙයි. හදිසි ආපදා විපත්ති ද මතු කෙරෙයි.

කුම්භ රාශිය

සෙනසුරු ඒරාෂ්ඨකවීමද සෙනසුරු ස්වක්ෂේත්‍රවාදී කරුණු කාරණා අනුව ශුභා ශුභ මිශ්‍රව ඵලදෙන බවක් පෙනී යයි. සමගි සමාදානය මතු කෙරෙනෙු ඇත. රැකියා ආදායම් මාර්ග සාර්ථක කෙරෙනු ඇත. ආරම්භකව නැවැතී තිබූ සියලු කාර්යයන් ඉටුවන බවක් ද දර්ශනය වෙයි. සතුරු එදිරිවාදිකම් දුරස්ථවෙයි. ගොඩමඩ ඉඩකඩම්හි දියුණුව ගෙනදෙයි. පවුලේ සමගි සමාදානය ඇතිකරයි. බාධක අවහිරතා දුරු කෙරෙයි.

මීන රාශිය

නිර්නාමික නාමික සොර සතුරන් ආශි‍්‍රත ප්‍රශ්න ගැටලු සමථයකට පාත්‍ර කෙරෙයි. ව්‍යාපාරික දියුණුව ගෙනදෙයි. සුහදශීලී වූ ක්‍රියාකාරකම් අනුව සමාජශීලී වූ ඔබහට උසස් ප්‍රභූජනයා ද ඇසුරට ලැබෙයි. රැකියා ආදායම් මාර්ග දියුණුව සබඳතා මංගල අවස්ථා සතුටුදායක බවක් ගනු ලබයි. ධනාත්මක මෙන්ම ගුණාත්මක සැනසුම සතුට ගෙදෙයි.

 

 

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී - කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

 

 

සිකුරු කුම්භයට 22 වැනි ඉරුදින සවස 03.55 ට රසකාමී සිකුරු කුම්භ රාශිගතවීම සිදුවේ.

මේ පිළිබඳ සමාලෝචනයක් ලබන සතියේ් සුබසෙතින්...

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.