ඥානකාරක බුධ තුලාවෙහි මිත්‍රශීලී වෙයි

ලග්න අටකට සුබපල හිමිකරමින් ඔක්තෝබර් 19 වැනිදා
ඔක්තෝබර් 6, 2023

පාරිසරයේ හානිකර ස්වභාවය දැඩි වන ලකුණු

සහජීවනය අගයන ප්‍රජාවක් බිහිවෙයි

 

ඔක්තෝබර් 19 ගුරු දින අළුයම 01.17ට බුධ ග්‍රහයා සිකුරු හිමි තුලා රාශියට සංක්‍රමණය සිද්ධ වෙන්නේය. වෘෂභ, මිථුන, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, කුම්භ, මීන ලග්නවලට සුබපල ද අනෙක් ලග්නවලට මිශ්‍රපල ද උදා කරයි.

කාලගුණික දේශගුණික මෙන්ම පාරිසරික බාධක අවහිරතා මෙහිදී සිද්ධ වන්නේ ය. පාරිසරික හානිකර ස්වභාවය සක්‍රීය වෙයි. සාමකාමි සහජීවනය අගයන ප්‍රජාවක් නිර්මාණය වෙයි.

ශ්‍රී ලංකා ජනරජ රවි හිමි සිංහ රාශියෙහි 03-10 ස්ථානාධිපති ලග්නයෙහි සතුරුවීමද 12 අධිපති 04 වැන්නෙහි දුර්වලව නීචවීම ප්‍රබලතම බලවේගයක් ලෙස විරුද්ධ පාක්ෂිකයන් හමුවෙහි ප්‍රදර්ශනය කෙරයි. පොදු ජනතාව පීඩිතවීමේ ස්වරූපයක් විද්‍යමාන කෙරෙනු ඇත. විශ්ව කේන්දර සටහනෙහි අඟහරු මේෂ රාශියෙහි පංච මහාභූත සංකලනය අධිවේගී බවක් උසුලනු ලබයි. ආනයන මෙන්ම අපනයන රටාව කෙරෙහි බාහිර සතුරු බලවේග ක්‍රියාත්මක වෙයි.

මේෂ රාශිය

රාජ්‍යය හෝ පෞද්ගලික රැකියා ආදායම් මාර්ග කෙරෙහි උණුසුම් බාධක අවහිර යෙදෙනු පෙනෙයි. හිස, උදරය, යටිබඩ, වකුගඩු, දණහිස්, පාද ආශි‍්‍රත හිස, උදරය, යටිබඩ, වකුගඩු දනහිස්, පාද ආශි‍්‍රත රෝගාබාධක මතුවිය හැකිය. සිතැඟියාවන් බොහෝදුරට සාර්ථක කර ගැනීමෙහි දැඩි ප්‍රයත්නයක යෙදිය යුතු වෙයි.

වෘෂභ රාශිය

රැකියා ආදායම් මාර්ග සතුටුදායක වෙයි. ශනිගෙන් සස යෝගබලය ක්‍රියාත්මකවී යාම බාධක අවහිර දුරුවෙයි.

පපුව, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රව බොහෝදුරට මන්දගාමි බවක් උසුළයි. දරු දැරියන් සහ හිතවත් පිරිස කෙරෙහිද කලකිරීම් මතු කෙරෙයි.

මිථුන රාශිය

සිතැඟියාවන් බොහෝ දුරට සාර්ථක වෙයි. අමනුෂ්‍ය දෝෂ ප්‍රබල වෙයි. පදිංචි ස්ථානගත අවුල් මතු කෙරෙයි. උරහිස් , පපුව, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය, දනහිස්, පාද, වරින්වර රෝගාබාධකයි. සබඳතා , විවාහ, මංගල කටයුතු යටපත් වෙයි. රැකියා ආදායම් මාර්ග කෙරෙහිද දැඩි සතුරු බලවේග ආරෝපණය වෙයි.

කටක රාශිය

සබඳතා මංගල කටයුතු මෙන්ම සහාරිය හෝ සහකරු පිළිබඳව අසීමිත ප්‍රශ්න ගැටලු මතුවෙයි. අත්‍යාවශ්‍ය කටයුතු අතපසු කරළීම අයහපතට හේතුයි.

හිස, මුහුණ, පපුව, උදරය, යටිබඩ, වකුගඩු , කොන්ද, තුනටිය, දනහිස්, ආශි‍්‍රතව දැවිලි පිච්චිලි රුදා වේදනා තීවෘ වෙයි. මානසික අසහනකාරිබවක් මතුවෙයි.

සිංහ රාශිය

බොහෝ දුරට සිතැඟියාවන් සමඟ උත්සහය, උනන්දුව දුර්වල වී යා හැකිය. පදිංචි ස්ථානගත සොර සතුරු බලවේග මතවෙයි. හිස, මුහුණ, උරහිස්, පපුව, යටිබඩ, වකුගඩු, දනහිස් , පාද ආශි‍්‍රත රෝගාබාධකයි. තැන්පත් දේපොළ වස්තු රැකියා ආදායම් මාර්ග කෙරෙහි අවාසි අලාභ පැතිකඩ විනිවිද පෙනී යන්නේය. ආරම්භ කරන ලද කටයුතුවලට බාධකයි.

කන්‍යා රාශිය

මානසික අසහන තැම්පත් දේපළ වස්තු සහෝදර සහෝදරියන් සබඳතා, විවාහ කටයුතු දූදරුවන් රැකියා ආදායම් මාර්ග , ආශි‍්‍රත සතුටුදායක බවක් මතුවෙයි. හිස, මුහුණ උරහිස්, උදරය කොන්ද තුනටිය, පාද ආශි‍්‍රත රෝගාබාධක මතු කෙරෙනු ඇත. පොත්පත් ලිපිලේඛණ ආශි‍්‍රතව බාධකයි.

තුලා රාශිය

තැම්පත් ධනය,දේපළ වස්තු ආශි‍්‍රතව මානසිකව දැඩි කම්පනයකට පාත්‍ර විය හැකිය. සතුටුදායක ප්‍රවෘත්තිවලට වඩා අසාමාන්‍ය අසතුටුදායක ක්‍රියාකාරම්හි බලපෑම් මතු කෙරෙයි. ආදායම් තත්වය සමඟ ක්‍රියාකාරකම්හි අසීමිතව අසතුටුදායක බවක් මතුවෙයි.

වෘශ්චික ලග්නය

04 වැන්නෙහි සස යෝග බලයක් සෙනසුරුගෙන් ලැබී ඇත. එනමුත් දැඩි මානසික අවරෝහණ බවක් පිළිබිඹු කෙරෙන අතර උත්සාහය, උනන්දුව මතු කෙරෙයි. 10 වැන්නවූ කර්මස්ථානය කෙරෙහි භූත දෝෂයි හිස, උරහිස්, උදරය, යටිබඩ, දණහිස් පාද ආශි‍්‍රතව අසතුටුදායක බවක් පිළිබිඹු කෙරයි. සතුරු බලවේග මතුවෙයි.

ධනු ලග්නය

රැකියා ආදායම් මාර්ග කෙරෙහි පසුබෑමක් විද්‍යමාන වෙයි. ලැබීම් අතිශය කෙරෙහි සතුරු බලවේගයකි. වීර්යය වික්‍රමය උදා කෙරයි. සතුරු ප්‍රශ්න බලපැ හැකිය. අභිමානවත් ක්‍රියාකාරිකම්හි නිතර යෙදෙයි. උත්සාහය උනන්දුව ජය ගනු ලබයි.

මකර ලග්නය

රැකියා ආදායම් මාර්ග කෙරෙහි අභිරහස් කුමන්ත්‍රණ උද්ගත විය හැකිය. තැන්පත් ධනය දේපළ වස්තු පිළිබඳ ගැටලු ඇතිවෙයි.

හිස, පපු, කොන්ද, තුනටිය දනහිස් පාද ආශි‍්‍රතව රුදා වේදනා මතු කෙරෙයි. කොන්ද තුනටිය, කලව, දනහිස් ආශි‍්‍රත ශෝකාකූලබවක් නිර්මාණය වෙයි.

කුම්භ ලග්නය

බොහෝ දුරට සිතැඟියාවන් සතුටුදායක වෙයි. රැකියා ආදායම් මාර්ග දුර්වල වෙයි. උරහිස්, වකුගඩු, කොන්ද තුනටිය, පාද ආශි‍්‍රතව වරින්වර රෝගාබාධකයි. තුන්දොස් ආශිතවයි. ශනිගෙන් සසයෝග බලය ද උදා කෙරෙයි. සතුටුදායක දශාවක් ලබා ගෙවී යයි.

මීන ලග්නය

මුහුණ යටිබඩ, වකුගඩු, කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රතව රෝගාබාධකයි. උත්සාහය, උනන්දුව ජය ගනු ලබයි. ලැබීම් මාර්ග කෙරෙහි සතුරු බලවේගයි. සිතැඟියාවන් බොහෝ දුරට ඉටුවෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.