ඔබේ ලග්නය අනුව වර්ණය සහ දිනය ගළපා අරමුණු ජයගන්න

පෙබරවාරි 9, 2024

 

ඔබගේ ලග්නය අනුව වඩාත් ගැළපෙන වර්ණ සහ කටයුතු ජය ගැනීමට සුදුසු දින තෝරා ගැනීමෙන් ඔබගේ අරමුණු ඉලක්කය කරා යාමට පහසුවක් වනු නො අනුමානය

මේෂ ලග්න හිමියන්ට

රතුපාට, රෝසපාට, සුදුපාට සුදුසු වේ. එසේම ඔබට ශුභ දවස් වන්නේ අඟහරුවාදා, සෙනසුරාදා සහ සිකුරාදාය, සඳුදා සහ සිකුරාදා ද තරමක් සුබයි. අනෙක් දවස් එතරම් ශුභ නොවේ වියදම් වැඩිවේ.

වෘෂභ ලග්න හිමියන්ට

රෝස පාට සුදු හා කොළ පාට ශුභ වර්ණ වන අතර, සාමාන්‍යයෙන් ශුභ දවස සිකුරාදාය. ජයග්‍රාහී දිනය බදාදාය. සෙනසුරාදා ප්‍රතිඵල පමා කෙරේ. නමුත් කෙසේ හෝ සෙනසුරාදා දිනය ජයග්‍රහණය ගෙනෙනු ලබයි. අඟහරුවාදා අනවශ්‍ය වියදම්, බ්‍රහස්පතින්දා හවුල්කරුවන්ගෙන් ලාභ ගෙන දෙයි. සඳු දිනවල කෙටි ගමන් පී‍්‍රතිමත් ලිපි ගනුදෙනු හා ඉරිදා නිවසේ විවේකය ගත කිරීමට යොදා ගැනීමට ශුභයි.

මිථුන ලග්න හිමියන්ට

ශුභ වර්ණය වනුයේ කොළ සහ කහ පාටය. රතු වර්ණවලින් වළකින තරමට හොඳයි. සඳුදා ආදායම් වැඩිවන අතර, අඟහරුවාදා අශුභයි. විරුද්ධවාදීන්ගෙන් ජයග්‍රහණ ඇතිවේ. බදාදා ශුභ වන අතර, බ්‍රහස්පතන්දා දිනය ජයග්‍රාහී දිනය වශයෙන් සලකන්න. සිකුරාදා දින පී‍්‍රතිමත් දිනයකි. නමුත් ඔබට මුදල් වැයවේ. සෙනසුරාදා දිනය කරදර සහිතය.

කටක ලග්න හිමියන්ට

සුදු, ක්‍රීම්, ළා නිල්, රිදී වර්ණ සුබයි. රතු, තැඹිලි වර්ණ එතරම් ජය ගෙන නොදේ. සඳුදා බොහෝ වැඩවලට සුබයි. ඉරිදා තරමක් කරදරකාරී වේ. සිකුරාදා සහ බදාදා ආදර සම්බන්ධතා ඇති කරගැනීමට සුදුසුයි. සෙනසුරාදා සිත් තැවුල් ඇති වියි හැකියි. අඟහරුවාදා අධ්‍යාපන තරග විභාග, සතුරන් ජය ගැනීමට හොඳයි. රැකියා කටයුතු සඳහා බ්‍රහස්පතින්දා යොදාගැනීම වාසිදායකයි.

සිංහ ලග්න හිමියන්ට

රතු, කොළ මිශ්‍ර කහ වර්ණය ශුභයි. නිල් හා සුදු වර්ණය අශුභයි. ඉරිදා ඕනෑම වැඩකට උසස් නිලධාරීන් හමුවීමට විදුලි උපකරණ මිල දී ගැනීමට ශුභයි. අලුත් වැඩ ඇරඹීමට සඳුදා එතරම් ශුභ නොවේ. අඟහරුවාදා ඉතාම ශුභ දිනයකි. දීර්ඝ ගමනක් යාමට තරග විභාගවලින් ජයගැනීමට හැකි වේ. ඔබ දුර්වල අයෙකු වුවත් අඟහරුවාදා දින දින ජයගැනීමට හැකියාව යෙදේ. උසස්වීම්වලට ශුභයි. රැවටිලිවලට හසුවන්නේ සෙනසුරාදා දිනයේය.

කන්‍යා ලග්න හිමියන්ට

කොළ, කහ වර්ණ සුබයි. රතු සහ නිල් අතහරින්න. ලෙඩරෝගවලට හා අනතුරුවලට මඟ පාදයි. බදාදා වාසනාවන්ත දිනයකි. සිකුරාදා ධනය ලැබේ. අඟහරුවාදා, සෙනසුරාදා සහ ඉරිදා තරමක් අසුබයි. සඳුදා මිතුරන් හමුවීම හා ගනුදෙනු කිරීම සුබය. මෝටර් රථ ආදිය මිල දී ගැනීමට, ව්‍යාපාරවලට මුදල් යෙදවීමට හා පේ‍්‍රම සම්බන්ධතාවලට බ්‍රහස්පතින්දා ඉතාමත් සුබයි.

තුලා ලග්න හිමියන්ට

තැඹිලි පාට ඉතාමත් සුබයි. සුදු සහ රතු සුබ වන අතර, විවාහයට තරගවලට රතු පැහැය සුදුසු වේ. ඉරිදා සහ සඳුදා දිනයන් වාසනාවන්ත වේ. සෙනසුරාදා විශිෂ්ට ප්‍රතිඵල ඇති කරයි. අඟහරුවාදා තරගවලට නඩුවලට ඡන්ද විමසීම්වලට සුබයි. බලාපොරොත්තු නොවූ ලාභ ලැබේ. බදාදා දීර්ඝ ගමන් බිමන්වලට හා සිකුරාදා මිශ්‍ර පල ඇති කරයි. බ්‍රහස්පතින්දා තරමක් අසුබයි.

වෘශ්චික ලග්න හිමියන්ට

කහ, රතු, තැඹිලි පාට පරිහරණය කරන්න. ඉරිදා උසස් අය හමුවීමට රැකී රක්ෂා සඳහා පිටත්වයාමට සඳුදා විදේශිකයන් හා ගනුදෙනුවලට හා ගමන්බිමන්වලට සුබයි. බැංකු ගිණුම් ඇරඹීමට විවාහයට බ්‍රහස්පතින්දා සුබයි. සෙනසුරාදා ණය ගෙවීමට යහපත්ය. බදාදා වැදගත් ලේඛනවලට අත්සන් නොකරන්න. සිකුරාදා මුදල් බැඳීම් පොරොන්දුවලින් වළකින්න.

ධනු ලග්න හිමියන්ට

සුබ වර්ණය වනුයේ සුදු ක්‍රීම් කොළ, තැඹිලි, ළා නිල් වර්ණය. රතු සහ මුතු වර්ණ අතහරින්න. සුදු මිශ්‍ර කහ වර්ණය ආණ්ඩුවෙන් ආධාර ලබා ගැනීමට හොඳයි. ළා නිල්පාටින් සැරසී ස්වෝත්සාහයෙන් කරන දෙය දියුණු වේ. බදාදා සහ සිකුරාදා ඉතාම වාසනාවන්තයි. බ්‍රහස්පතින්දා ජයග්‍රහණ ලබයි. සඳුදා කරදර සිත්තැවුල් ඇති වේ. බදාදා ප්‍රසන්නභාවය සහ සමෘද්ධිය ලැබේ. සෙනසුරාදා අන් අයගේ උදව් ලැබෙන දිනයකි. බදාදා කොන්ත්‍රාත් අත්සන් කිරීම් වැනි දේවල්වලට, ඉරිදා දුර ගමන්, බ්‍රහස්පතින්දා විභාගවලට ලිවීමට හොඳයි. සිකුරාදා ශාන්තිකර්ම, යාඥා සහ ජය ආදියට සුබයි.

මකර ලග්න හිමියන්ට

සුදු රතු සහ නිල් වාසනාවන්ත වර්ණයි. කහ සහ ක්‍රීම් වර්ණවලින් වළකින්න. සුදු වතින් සැරසීමෙන් වාසනාවන්ත දරුවන් ලැබේ. මුදල් ලාභ සහිතයි. ව්‍යාපාරවලින් නොසිතු ලාභ ද ලැබේ. සිකුරාදා, අඟහරුවාදා, සෙනසුරාදා සුබ දවස් වේ. බදාදා ජයගන්නා දිනයයි. බ්‍රහස්පතින්දා ඉරිදා වියදම් අධික වේ.

කුම්භ ලග්න හිමියන්ට

කහ, රතු, ක්‍රීම් පාට වාසනාවන්තයි. කහපාට ආදායම් වැඩි වීමට හා පී‍්‍රතිමත් පවුල් ජීවිතයකට සුබයි. රතු සතුරන්ගෙන් ජය ලැබීමට කීර්තියට සුබය. සුදු වර්ණය මුදල් ණයට ගැනීමට හා සතුරන්ගෙන් ජය ලැබීමට සුබයි. බ්‍රහස්පතින්දා සිකුරාදා, අඟහරුවාදා සහ සඳුදා කුම්භ ලග්න හිමියන්ට ඉතාම වාසනාවන්ත දින වේ. බදාදා සහ ඉරිදා එතරම් සුබ නොවේ. මුදල් යෙදවීම්වලට අසුබයි.

මීන ලග්න හිමියන්ට

රතු, රෝස සහ තැඹිලි වර්ණ ශුභයි. නිල් පාටින් වළකින්න සුදු සහ ක්‍රීම් වර්ණයක් සහකරුට සුදුසුයි. මීන ලග්නයෙන් උපන් අය මෙම වර්ණ පාවිච්චි නොකළ යුතුයි. බ්‍රහස්පතින්දා රක්ෂාවට හා කීර්තියට ශුභයි. අඟහරුවාදා මිල මුදල් කටයුතු හා උසස් අධ්‍යාපනයට දීර්ඝ ගමන් සඳහා සුබයි. සඳුදා, බදාදා සිකුරාදා සහකරුට හෝ සහකාරියට යමක් දීම සඳහා මිලදී ගැනීම්වලට සුදුසුයි. සෙනසුරාදා ආරවුල් සහ පොරොන්දුවලින් වළකින්න.

ඔබත් මේ වර්ණ ඇඳුම් පැලදීමෙන් හා අත් බෑග් කොණ්ඩ සැරසිලි යානවාහන ආදිය පාවිච්චියට භාවිතයට ගෙන ජීවිතය ජය ගන්න.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.