සතියේ පඤ්චාංගය

පෙබරවාරි 2, 2024

ශකවර්ෂ 1945 ක් වූ මකර රවි 19 භාග දුරුතු අව සතවක තිථිය ලත් කිවි දින සිට එම රවි 25 භාග දුරුතු අව තෙළෙස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි – මකර

කුජ – ධනු ( 05 දා රාත්‍රි 09.43 මකර)

බුධ – මකර

ගුරු – මේෂ

ශුක්‍ර – ධනු

ශනි – කුම්භ

රාහු – මීන

කේතු – කන්‍යා

යුරේනස් – මේෂ

නැප්චූන් – මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි – සුවණ ( 07 දා අලුයම 01.44 දෙනට)

කුජ – උත්‍රසල

බුධ – උත්‍රසල ( 08 දා අලුයම 03.33 සුවණ)

ගුරු – අස්විද ( 03දා දහවල් 12.45 බෙරණ)

ශුක්‍ර – පුවසල

ශනි – සියාවස

රාහු – රේවතී

කේතු – සිත

යුරේනස් – බෙරණ

නැප්චූන් – පුවපුටුප

පෝය

පෙබරවාරි 02 සිකුරාදා සවස 04.00න් අව අටවක ලබා 03 සෙනසුරාදා සවස 05.17න් ගෙවේ. 02 සිකුරාදා සිල්.

චන්ද්‍ර චාරය

04 දා අලුයම 01.01 වෘශ්චික

06 දා උදේ 07.34 ධනු

08 දා දහවල් 10.03 මකර

දිනූ තත්ත්ූවය

පෙබරවාරි 02 සිකුරාදා

මකර රවි 19 භාග දුරුතු අව සතවක තිථිය ලත් කිවි දින. ඉර උදාව 06.29 ඉර බැසීම 06.19 සිත නැකත අලුයම 03.49න් ගෙවී සා නැකත ලබයි. දුරුතු අව සතවක තිථිය සවස 04.00න් ගෙවී අව අටවක තිථිය ලබයි. ශූල යෝගය දහවල් 12.52න් ගෙවී ගණ්ඩ යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 03.08න් ගෙවී බවකරණය ලබා එය සවස 04.00න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව – කෙණ්ඩ

අමෘත කලාව – ගෙල

මරු – ගිනිකොණ

යෝගිනී – වයඹ

සුබ දිසාව – නැඟෙනහිර

පෙබරවාරි 03 සෙනසුරාදා

මකර රවි 20 භාග දුරුතු අව අටවක තිථිය ලත් ශනි දින ඉර උදාව 06.29 ඉර බැසීම 06.19 සා නැකත අලුයම 05.58න් ගෙවී විසා නැකත ලබයි. දුරුතු අව අටවක තිථිය සවස 05.17න් ගෙවී අව නවවක තිථිය ලබා පවතී. ගණ්ඩ යෝගය දහවල් 12.48න් ගෙවී වෘධි යෝගය ලබයි. බාලවකරණය අලුයම 04.49න් ගෙවී කෞලවකරණය ලබා එය සවස 05.17න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව – පතුල

අමෘත කලාව – තනය

මරු – නැඟෙනහිර

යෝගිනී – ඊසාන

සුබ දිසාව – දකුණ

පෙබරවාරි 04 ඉරිදා

මකර රවි 21 භාග දුරුතු අව නවවක තිථිය ලත් රවි දින ඉර උදාව 06.29 ඉර බැසීම 06.20 විසා නැකත උදේ 07.20න් ගෙවී අනුර නැකත ලබයි. දුරුතු අව නවවක තිථිය සවස 05.45න් ගෙවී අව දසවක තිථිය ලබා පවතී. වෘධි යෝගය දහවල් 12.08න් ගෙවී ධෘම යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 05.43න් ගෙවී ගරජකරණය ලබා එය සවස 05.45න් ගෙවී වණිජ කරණය උදාවෙයි.

විෂ කලාව – මාපටැඟිලි

අමෘත කලාව – ලැම

මරු – උතුර

යෝගිනි – නැඟෙනහිර

සුබ දිසාව – දකුණ

පෙබරවාරි 05 සඳුදා

මකර රවි 22 භාග දුරුතු අව දසවක තිථිය ලත් සඳුදින ඉර උදාව 06.29 ඉර බැසීම 06.20 අනුර නැකත උදේ 07.53න් ගෙවී දෙට නැකත ලබයි. දුරුතු අව දසවක තිථිය සවස 05.19න් ගෙවී අව එකොළොස්වක තිථිය ලබා පවතී. ධෘම යෝගය දහවල් 10.49න් ගෙනී ව්‍යාඝාත යෝගය ලබයි. වණිජකරණය අලුයම 05.45න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 05.19න් ගෙවී බව කරණය උදාව පවතී.

විෂ කලාව – මාපටැඟිලි

අමෘත කලාව – පෙකනිය

මරු – වයඹ

යෝගිනී – උතුර

සුබ දිසාව – දකුණ

පෙබරවාරි 06 අඟහරුවාදා

මකර රවි 23 භාග දුරුතු අව එකොළොස්වක ලත් කුජ දින ඉර උදාව 06.29 ඉර බැසීම 06.20 දෙට නැකත උදේ 07.34න් ගෙවී මුල නැකත ලබයි. දුරුතු අව එකොළොස්වක තිථිය සවස 04.02න් ගෙවී අව දොළොස්වක තිථිය ලබා පවතී. ව්‍යාඝාත යෝගය උදේ 08.48න් ගෙවී හර්ෂණ යෝගය ලබයි. බවකරණය අලුයම 04.53න් ගෙවී බාලවකරණය ලබා එය සවස 04.02න් ගෙවී කෞලව කරණය උදාවෙයි.

විෂ කලාව – පතුල

අමෘත කලාව – ලිංග, යෝනි

මරු – බටහිර

යෝගිනි – ගිනිකොණ

සුබ දිසාව – උතුර

පෙබරවාරි 07 බදාදා

මකර රවි 24 භාග දුරුතු අව දොළොස්වක තිථිය ලත් බුධ දින. ඉර උදාව 06.29 ඉර බැසීම 06.20 මුල නැකත උදේ 06.28න් ගෙවී පුවසල නැකත ලබයි. දුරුතු අව දොළොස්වක තිථිය දහවල් 01.58න් ගෙවී අව තෙළෙස්වක තිථිය ලබා පවතී. හර්ෂණ යෝගය උදේ 06.09න් ගෙවී වජ්‍ර යෝගය ලබයි. කෞලවකරණය අලුයම 03.10න් ගෙවී තෛතිලකරණය ලබා එය දහවල් 01.58න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව – කෙන්ඩ

අමෘත කලාව – දණහිස

මරු – නිරිත

යෝගිනී – නිරිත

සුබ දිසාව – නැඟෙනහිර

පෙබරවාරි 08 බ්‍රහස්පතින්දා

මකර රවි 25 භාග දුරුතු අව තෙළෙස්වක තිථිය ලත් ගුරු දින ඉර උදාව 06.29 ඉර බැසීම 06.21 පුවසල නැකත අලුයම 04.38න් ගෙවී උත්‍රසල නැකත ලබා පවතී. දුරුතු අව තෙළෙස්වක තිථිය දහවල 11.15න් ගෙවී අව තුදුස්වක තිථිය ලබයි. වජ්‍ර යෝගය අලුයම 02.52න් ගෙවී සිද්ධි යෝගය ලබා එය රාත්‍රි 11.07න් ගෙවී ව්‍යාතිපාත යෝගය උදාවෙයි. ගරජකරණය අලුයම 12.42න් ගෙවී වණිජකරණය ලබා එය දහවල් 11.15න් ගෙවී විෂ්ටිකරණය උදාවී එදින රාත්‍රි 09.41න් ගෙවී ශකුණකරණය උදාව පවතී.

විෂ කලාව – දණහිස

අමෘත කලාව – කෙණ්ඩ

මරු – දකුණ

යෝගිනී – දකුණ

සුබ දිසාව – දකුණ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.