මකර ලග්න හිමි ඔබගේ ගතිගුණ

ඔක්තෝබර් 28, 2022

ලග්නාධිපති හා නියෝජනය කරන ග්‍රහයා ශනි හෙවත් සෙනසුරු ය. මකර ලග්න හිමියන් ඉතාම දක්ෂ, අවංක, ආචාරශීලී බුද්ධිමත් ඉතාම මහන්සියෙන් කරන වැඩකටයුතුවල නිරත වී එහි උසස් ප්‍රතිඵල ළඟා කර ගන්නා තුරුම වෙහෙස නොබලා එක දිගටම තම කායික හා මානසික ශක්තිය මෙහෙයවන චරිතයකි.

 

මකර ලග්න හිමියා අවංකයි, එඩිතරයි. විශ්වාසවන්තයි, මුදල් සෙවීමේ අති දක්ෂයන්ය. කෙබඳු විරුද්ධතා ආවත් එයින් මඟනොහැර ප්‍රතිඵල ලැබෙන තුරුම ඉදිරියට යයි. මුදල්වල නිසි වටිනාකම දනී. නිකරුනේ මුදල් වියදම් නොකරන අතර සෑම සතයක් ගැනම ඇස ගසා ගෙන සිටී. ජීවිතයේ අවසන් කාලයේ ජීවත්වීම උදෙසා මිල, මුදල් බැංකු ගත කරනු ඇත. බැංකුව ඔහුගේ කල්‍යාණ මිත්‍රයාය. මුදලට මුල් තැන දෙන බැව් පෙනේ.

කුඩා කාලයේ තමා ලද අත්දැකීම් මත තරුණ වියට පා තබත්ම යහමින් මිල මුදල් රැස් කරනු ඇත. අතට ලැබෙන සෑම මුදලක්ම දේවත්වයෙන් සලකයි. එකම විනෝදාංශය මුදල් එකතු කිරීමයි. දියුණුවීමේ අභිලාෂය අනන්තයි. බුද්ධිය හරහා ක්‍රියාකරයි. තර්කානුකූලයි. කතාකර දිනන්නට අපහසුයි. බොහෝ විට චින්තන හා දර්ශනවාදීන් වේ. වෛද්‍ය, නීතිය, මානව සම්පත් කළමනාකරණය, ඉන්ජිනේරු පර්යේෂකයන්, දර්ශනවාදීන්ද මේ අතර වේ. සමාජයේ ඉහළම තනතුරු දරන කෙනෙක් වේ.

ප්‍රභාමත් පෞරුෂයක් ඇත. කාන්තාවක් නම් හැඩයි. කාම ශක්ත බාහිර පෙනුමක් ඇත. ඕනෑම කෙනකු තමා වසඟයට ගත හැක. කතා කරන සෑම වචනයකම බලයක් ගෙතී තිබේ. පි‍්‍රය මනාප පෙනුමත් හැසිරීමත් හරිම ආකර්ෂණීයයි. ප්‍රත්‍යශකයේ දැක්වෙන පරිදි “ස්ත්‍රී ශයනෙ වෛශ්‍යානාම්” ලෙස හැසිරේ. යුග දිවිය අති සාර්ථක කර ගනී. සමහර විට මකර ලග්න හිමි කාන්තාවකගේ කුජ, ශුක්‍ර, හා චන්ද්‍ර ග්‍රහයන් 7 වැන්නේ නම් යුගදිවිය තුළ යම් යම් ගැටලු අත්කර ගනී. වයස 23 සිටම මුදල් සෙවීමට තැත් කරයි. 35 -50 වන විට සෑහෙන ධනවෙතකි. ජීවිතයේ අවසානය ඉතාම සුවසේ කාලය ගත කරයි. තරමක ගුප්ත කමක්ද ඇත.

මකර ලග්න හිමියාගේ ඇසුරේදී ප්‍රතිවාදියා අමනාප වුවහොත් හැකි ඉක්මනින් ඔහු හෝ ඇය සමඟ උපක්‍රමශීලිව මිත්‍රවේ. තරහව පලවා හැරීමට දක්ෂයි. මකර ලග්න හිමි කාන්තාව සිය දෙගොඩ හරී වියේදී තරමක කාමුක බවට හැරේ.

විවාහයේදී වුවත් ඉතාම උපක්‍රමශීලිව වෙනත් සබඳතා ගොඩනඟා ගනී. භෞතිකම සම්පත් ලබා ගැනීමට උපතින්ම හරිම දක්ෂයි. සියල්ලම මුල්වන්නේ මූල්‍යමය පැත්තෙනි. උඩඟු බව තිබේ. තමා ගැන ඉහළින්ම සිතන්නේය. සිතන්නේද අන්‍යයන්ට වඩා තමා බුද්ධිමත් කියාය. එය එක්තරා දුබලතාවයකි. ලෝපතළ අය, මොහමඩ් අලි, ඊවා ගාඩිනර්, කැරී ගානට්, මාටින් ලූතර් කිං, මාඕ සේතුං , රිචඩ් නික්සන්, ජෝසප් ස්ටාලින්, එල්විස් පේ‍්‍රස්ලි.

 

ඡ්‍යෝතිෂ සහ වාස්තු විද්‍යාඥ

දේශබන්ධු

ටී.හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.