වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
ධර්ම කර්මාධිපති රාජ යෝග සමඟින් බුධ තුලා රැසට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන කාලයක්
බුධ මෙවර තුලා රැසට පැමිණෙන්නේ 2022.10.26 දින දහවල් කාලයේදීය. තත්කාල ලග්නය මකරයේ අවසානයයි. ලග්නගත ශනිද දෙවැන්නේ නෙප්චූන් ද තුන්වැන්නේ ගුරු ද හතර වැන්නේ රාහු-යුරේනස් ද හය වැන්නේ කුජද දසවැන්නේ සඳු, බුධ, සිකුරු, රවි හා කේතු ද වේ. ශනි ස්වක්ෂේත්‍ර බලයෙන් ලග්නයේ සිටියි. ගුරු තුන් වැන්නේ බලවත් ය. කුජ 6 වැන්නේ බලය පතුරුවයි. 10 වැන්නේ පංච ග්‍රහ යෝග යයි. නමය-දහය අධිපති දෙපළ ධර්ම කර්මාධිපති රාජ යෝගයෙන් ඇත. මකර ලග්නයට එය ප්‍රබල වේ. මෙම ග්‍රහ තත්ත්වයන් පිළිබඳව සාමාන්‍ය විග්‍රහයක් කළහොත් එතරම් ශුභ තත්ත්වයක් හෝ අශුභ තත්ත්වයක් නොමැතිව කරුණු කාරණා එළිදැක්වීමට පුළුවන. දැනට පවත්වාගෙන යනු ලබන වෙළඳ හා කර්මාන්ත අංශවල අඩපණ වීමක් පෙන්වන අතරම රටෙහි ජනතාවගේ සිත් සතන් තුළ කලකිරුණු ස්වභාවයක් ද පෙනෙන්නට තිබේ. ජනතාව අපේක්ෂා කරන වැඩ කටයුතු එලෙසම කර ගෙන යාමට නොහැකි බාධාවන් අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ. සියලු සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය පල්ලම් බසියි. ඊට සහන සැලසීමට පාලක පාලකයින් අපොහොසත් වන අතරම ආර්ථික උද්ධමනය තව තවත් ඉහළට යයි. ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් අවම මට්ටමකට වැටේ. ධීවර ජනතාව මුහුදු ගමන්වලින් පරිස්සම් වන්න. නාවික ක්ෂේත්‍රයේ මෙන්ම පතල් කර්මාන්තවලට ද හානි ජල විපත් වැඩිවේ. භූ චලන හේතුවෙන් නිවාස හා ජීවිත හානිවීම් ඇතිවේ. පාරිසරික විපත්වලට හේතුයි.
මේ තත්ත්වය ඔබේ ලග්නෙට කෙසේදැයි බලමු
මේෂ ලග්නය
රාහු යුරේනස් ලග්නයේ හැසිරෙන කාලයේ ලග්නාධිපති තුන්වැන්නේ හා හත්වැන්නේ රවි, චන්ද්‍ර, බුධ සිකුරු ගමන් කිරීම සමඵල ගෙනදෙයි. ආර්ථික තත්ත්වය හීන වේ. ඒ වුවත් පරණ ගනුදෙනුවක් ලැබීමට හේතුයි. විවාහ මංගල යෝග උදාවේ. විදේශ ගමන් ගැන සිතන්න.
වෘෂභ ලග්නය
ලග්නාධිපති සිකුරු මිත්‍ර බුධ හා එක් වීම හොඳයි. නිවාස ඉඩකඩම් ලාභ ඇතිවේ. උස් ස්ථානවලට යාම හොඳ නැත. පවුලේ කටයුතුවල දී ඉවසීමෙන් ක්‍රියා කරන්න. හදිසි මුදල් වැයවීමට ඉඩ ඇත. ඥාතීන්ගේ උදවු ලැබේ.
මිථුන ලග්නය
මෙතෙක් කන්‍යාවේ උච්ච බල සහිතව සිටි බුධ තම මිත්‍ර සිකුරු හා රවි, සඳු දෙපළ හා එක්වීම සුබදායක වේ. අපේක්ෂා ඉටු වේ. ආර්ථික ලාභ හිමිවේ. පවුල් ජීවිතයේ දී තරමක කරදර බාධක හිමි විය හැක. කලබල නොවී ඉවසීමෙන් ක්‍රියා කරන්න.
කටක ලග්නය
4 වැන්නට බුධ, සිකුරු හා රවි, චන්ද්‍ර පැමිණේ. බන්ධු මිත්‍රාදීන්ගේ ආධාර උපකාර ලැබේ. අලුතෙන් නිවාස ඉදිකිරීමට හොඳයි. භූමි ලාභය ද හිමි වේ. යානවාහන ආදියට ද හිමිකම් ඇත.
සිංහ ලග්නය
රවි ලග්නාධිපති හා එක්ව 2, 11 අධිපති බුධ සමඟ සිකුරු, සඳු තුන්වැන්නේ ගමන ප්‍රබල ආත්ම ශක්තියක් ගෙනදේ. ඥාතීන්ටද සුබපල දේ. විදේශ ගමන් ද විදේශාධාර ද හිමිවේ. හදිසි ධන ලාභ මෙන්ම දුර බැහැර ගමන් ද යෙදේ.
කන්‍යා ලග්නය
ලග්නාධිපති බුධ දෙවැන්නට යාම වාසනාව උරගා බැලීමට ඉතා හොඳයි. අධ්‍යාපනික කටයුතු ද අපේක්ෂිත පරිදි කරගෙන යා හැක. උත්සාහවන්තව තම වැඩ කටයුතු ඉටු කරගන්න.
තුලා ලග්නය
ලග්න අධිපති සමඟ රවි, චන්ද්‍ර, බුධ ගමන් කිරීම සුබදායක වෙයි. තම සිතුම් පැතුම් ඉටු වේ. ආර්ථිකය යහපත් වේ. බාධා කරදර ඉවත්ව යයි. විදේශ ගමනකට ද හොඳයි.
වෘශ්චික ලග්නය
දොළොස් වැන්නේ යෝගය යෙදේ. බාහිර පුද්ගලයන් සමඟ කරන කියන කටයුතු සම්බන්ධව දෙවරක් සිතන්න. ඉක්මන් නොවන්න. පවුල් ජීවිතවලට අනතුරුදායකයි. විදේශගත වීමට පුළුවන.
ධනු ලග්නය
ඉතා බලවත් ලෙස එකොළොස් වැන්නේ යෝගය යෙදේ. බාධා කරදර මැද්දේ අපේක්ෂිත කාරණා ඉටු වේ. විදේශ ගමනාගමනයට හොඳයි. පවුල් ජීවිතයට එතරම් හොඳ නැත. ඉවසීම ඉතා වටී.
මකර ලග්නය
ලග්නාධිපති ශනි ලග්නයේ යෙදෙයි. අතපසු වූ වැඩ කටයුතු ඉටුකර ගැනීමට දහ වැන්නේ බුධ සිකුරු යෝගය ප්‍රබල වේ. මේ කාලය තුළ ජනිතවන දරුවන්ට ධර්ම කර්මාධිපති රාජ යෝගය යෙදේ.
කුම්භ ලග්නය
නව වැන්නේ බුධ, සිකුරු යාම හොඳයි. බාධා බිඳ දමමින් තම අපේක්ෂාවන් ඉටු කර ගත හැකි වේ. විදේශ ධනය ලබා දෙයි.
මීන ලග්නය
ලග්නාධිපති ලග්නයේ බලය පිහිටු වන අතරම අටවැන්නේ පංච ග්‍රහ යෝගය ශුභපල ලබාදෙයි. බලාපොරොත්තු ඉටුවේ. පවුලේ කටයුතු සම්බන්ධව ඉවසීමෙන් ක්‍රියා කරන්න.