තුලා ලග්න හිමි ඔබගේ ගතිගුණ

ඔක්තෝබර් 7, 2022

තුලා ලග්නාධිපති සිකුරු සෞන්දර්යට අධිපති වන අතර ව්‍යාපාරික කටයුතුවලට සුවිශේෂී දක්ෂකමක් පවතී. කාරුණික මානව දයාවෙන් යුක්ත වන අතරම මිනිසුන්ගේ ජනාදරය දිනා ගැනීමට සමත්වේ. බාහිර අලංකාරයට කැමති වන අතරම මූල්‍යමය සම්පත් ළඟාකර ගැනීමේ සියුම් උපක්‍රම අනුගමනය කරන්නෙකි.

කල්‍යාණ මිතුරකුසේ ඇසුරු කළ හැකි අතර අන්‍යයන්ට හිරිහැර කරදර තාඩන පීඩන කරන අයට ද අකමැතිය. සැවොම සමඟ මිත්‍රශීලීව ජීවත් වේ.

දැවැන්ත ව්‍යාපාර කටයුතුවලින් විශාල සම්පත් නෙළා ගැනීමට සමත් ය. ලොව පතල විද්‍යාඥයින් ව්‍යාපාරකයින් මෙන් කලාකරුවන්ද තුලා ලග්න හිමියන් ය. ගැඹුරු රස වින්දනයක් තිබේ. කලාවන්ගේ ඇතුළු පැත්තේ සැඟවුන රසවිඳීමට උපන් හපන් හැකියාවක් තිබේ. මනා සංවිධාකයින් වේ. ඉතාම කුඩා වෙළඳ ව්‍යාපාර අරඹා ඇති දැවැන්ත ව්‍යාපාර දක්වා ගොඩනැඟීමේ සහජ දක්ෂතාවක් තුලා ලග්න හිමියන් සතුව පවතී. දුර දක්නා නුවණින් සිය ජීවිතයේ ජයග්‍රහණයන් ළඟා කර ගැනීමට හැකිවේ. ඉක්මන් අති සාර්ථක තීරණ ගැනීමේ දක්ෂතාවයක් ඇත. ඔබට ජීවිතයේ ව්‍යාපාරිකයකු ඉන්ජිනේරුවරයකු, නීතිඥයකු, ගණකාධිකාරිවරයකු, තක්සේරුකරුවකු, පර්යේෂකයකු මෙන්ම නාවික අංශයෙන් ගුවන් නියමුකමේ ද දක්ෂයකු වීමේ ජන්ම වාසනාව හිමිවී ඇත. වයස 35 න් පසුවද විශාල ලෙස දියුණුව ලබයි.

ඔබ හැඟීම්බර පෙම්වතෙකි, පෙම්වතියකි. ඔබේ විවාහයට මිථුන කටක හිමියන් ගැළපේ. සිංහ, ධනු, කුම්භ ලග්න හිමි අය ව්‍යාපාර සමූහයට ගැළපීම් ඇත. තරමක අයහපත් වන්නේ තමාගත් තීරණ කිසිදු අයුරකින් වෙනස් කිරීමට අකමැති හොඳ හෝ නරක එලෙසින් ම ඉදිරියට ගෙනයාමට යත්න දැරීමට පෙලඹේ.

සමහර අවස්ථාවල දැඩි ආත්මාර්ථකාමී බවක් දක්වන අතර තමා ගැනම සිතා තීරණ ගැනීමට ගොස් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගනී. වයස 40න් පසු විශාල ලෙස මූල්‍යසම්පත උපයාගන්නා අතර සුඛෝපභෝගී දිවියක් ගත කිරීමේ වාසනාව පෑදෙන්නේ, ව්‍යාපාර උසස් තැනට පත්කර ගැනීමෙනි.

ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී, දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.