බුධ හා සිකුරු ග්‍රහ යුද්ධයෙන් සිකුරුට ජය

අපක්‍ෂපාතීත්වය-සමානාත්මතාවය නීතියට මුල්තැන
සැප්තැම්බර් 30, 2022

රවි, බුධ, ශුක්‍ර සංයෝගය –රවි බුධ ආධිත්‍ය යෝගය, ගුරු, ශනි , කුජ ශනි ෂඩ්කෝණ දෘෂ්ටිය කුජ චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ටිය, මිථුන, කන්‍යා, ධනු, මීන රාශි සතරට පඤ්ච මහා පුරුෂ යෝග අතරින් බුධගෙන් භද්‍රයෝග සහ ගුරුගෙන් හංස යෝග බලය ද මේෂ, කටක, තුලා, මකර රාශි සතරට (ශනිගෙන්) සස යෝගබලය ද බුධ සිකුරුගෙන් නීච භංග රාජයෝග බලය ද ආශි‍්‍රතව ඥාණකාරක බුධ පරදා රසකාමි සිකුරු ලියා 26 වැනිදා ජය ලැබුවේය. නැඟෙනහිර ක්ෂිතිජයෙහි මිථුන රාශි උදාවෙහි සිකුරු නීචව වක්‍ර බුධ උච්ච මූල ත්‍රිකෝණව ස්වක්ෂේත්‍රව රවි සමව 04 වැන්නේ ද කේතු සතුරුව 05 වැන්නේ ද වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍රව වක්‍ර ප්ලූටෝ සතුරුව 08 වැන්නවූ මෘත්‍යු ස්ථානගතව ද වක්‍ර නැප්චූන් සමව 09 වැන්නවූ භාග්‍ය ස්ථානගතව ද වක්‍ර බ්‍රහස්පති ස්වක්ෂේත්‍රව 10 වැන්න වූ කර්ම ස්ථානගතව ද රාහු සතුරුව වක්‍ර යුරේනස් සමවූ 11 වැන්න වූ අය ස්ථානගතව ද අඟහරු සමව 12 වැන්නවූ වැය ස්ථානගතවද සෞරග්‍රහ මණ්ඩලය මෙකී මොහොතෙහි තැන්පත්ව ඇත. සෙනසුරු 22 වැනි මාරක දෙර්කාණාධිපති වන අතර බ්‍රහස්පති බාධක ග්‍රහයා ලෙසද අඟහරු මාන්දි ග්‍රහයා ද වෙමින් මෙම බුධ සිකුරුද දැවැන්ත සංග්‍රාමයෙහි නිර්මාණය වී පවතින්නේය.

අස්ලිස, දෙට, රේවතී නැකත් අධිපති විශ්ව තාරකා මන්දාකිනියෙහි වෛශ්‍යවංශික ඥාණකාරක බුධ රාජකුමාරයාණෝ බෙරණ, පුවපල් , පුවසල, නක්ෂත්‍ර අධිපති අසුර ගුරු රසකාමි සිකුරු සමඟින් සටන් වැදී රසලෝලී සිකුරු විජයග්‍රහණය කරන ලදී. මෙම සටන් පැවැති මොහොත තුළ රවි බුධ සිකුරු කන්‍යා රාශිගතව නීච භංග රාජයෝගය උදාව පැවැතිණි. චන්ද්‍ර ග්‍රහයාගේද සංයෝගය සමඟ චතුර්ග්‍රහ යෝග බලයක් ද නිර්මාණය වී පැවැති බවක් ග්‍රහ ගමන තුළින් විද්‍යමාන වෙයි.

යුද්ධයක් සටනක් යනුවෙන් සඳහන් කෙරෙනුයේ දෙපක්ෂයක් හෝ දෙදෙනකු අතර පවතින සටනෙකි. සටන් අවසාන මොහොතෙහි ද ජය පරාජය ප්‍රකාශ කළ හැක. එනමුත් සෞරග්‍රහ මණ්ඩලයට අයත් සටන් අතර ජය පරාජය කල්වේලා ඇතුවම සඳහන් වෙනු ඇත.

මෙම ග්‍රහ ගැටුම සමාජයට කෙසේ බලපාවිදැයි විමසා බැලීම උචිත වේ. බුධ, සිකුරු ග්‍රහ යුද්ධයෙන් බුධ පරදා සිකුරු ජය ගත්තේය. බුධ - සිකුරු දෙදෙනාගේ මෙම ග්‍රහ යුද්ධය ස්ත්‍රීන් දෙපළකගේ ගැටුමකට උපමා කළ හැකිය. මෙම ගැටුවේ දී අපහසුතාවට පත්වූ බුධ ග්‍රහයා දුර්වලවීම නිසා පැරදීමට ලක් විය. 2022 වර්ෂය ගෙවී යාමට මාස කීපයක් ඉතිරිව තිබිය දී මෙවැනි තත්ත්වයක් ඇතිවීමෙන් ඉදිරිකාලයේ රටේ වෙනස්කම් රාශියක් සිදුවීමට ඇති ඉඩකඩ වැඩිය. මේ අනුව බලන කල මෙම ග්‍රහ යුද්ධය හේතුවෙන් පරිපාලන ක්‍ෂේත්‍රයේ පිරිසුදුබවක් ඇති වීමටද රටේ වගකිව යුතු ආයතනවල අපක්‍ෂපාතීත්වය, සමානාත්මතාවය, නීතියට මුල්තැනදී වැරැද්දට දඬුවම් දෙන පසුබිමක් නිර්මාණය වනු ඇත.

සිකුරු ජය ගැනීම හේතුවෙන් කාන්තා පක්‍ෂය ඉදිරියට යන ස්වභාවයක් ඇතිවිය හැක. කාන්තාවන්ගේ හඬ ඉදිරියට එනු ඇත. ගොවිතැන , බවබෝග, කුඩා ළමයින්, කාන්තාවන් සිකුරුට අයත් දේ වන නිසාම රටේ රූපය. ආදරය, විවාහය, සහයෝගීතාව සමාජයේ කැපීපෙනෙන තත්ත්වයක් බවට පත්වෙයි.‍ තුලා සහ වෘෂභ ලග්න හිමියන්ට මෙහිදී විශේෂ වාසි හිමිවනු ඇත. සිකුරු ග්‍රහයා නියෝජනය කරන්නේ සුන්දරත්වයේ පරමාදර්ශී රූපයයි. ඇඳුම් පැලඳුම්, උපාංග, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ස්වර්ණාභරණ, ඉරියව්, සුන්දරත්වය පිළිබඳව කටයුතුවලට සමාජයේ වැඩි ඉඩක් මේ කාලසීමාවේ හිමිවනු ඇත.

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.