කටක රවිය මුළු රටටම ශුභ ඵල ‍ෙගන දෙයිද?

ජූලි 22, 2022

ජූලි මස 16 වෙනිදා සිට අගෝස්තු මස 17 දක්වා රාජ්‍ය කාරක රවි කටක රැසෙහි ගෝචරය වන කාල සීමාවේ දී, එනම් රවි ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයෙහි සතුරු ස්ථානයක් වන 6 වැන්නෙහි ගමන් කරන කාල සීමාවේ දී, ලංකා කුම්භ කේන්දරයෙහි වික්‍රම ස්ථානාධිපති අඟහරු ස්වක්ෂේත්‍රව 3 වැන්න වූ මේෂයෙහි සතුරු රාහු සමඟ ගමන් ගැනීමත්, ලංකා කුම්භ ලග්න කේන්දරයෙහි ලග්නාධිපති සෙනසුරු වක්‍ර ගමනින් එනම් ජූලි 16 වෙනිදා දුෂ්ට භාවයක් වන 12 වැන්න වූ මකර රැසෙහි ගෝචර වීම රටටත් ජනතාවටත් තරමක් දුෂ්කරතා ගෙන දෙන කාල සීමාවක් වීමට ඇති ඉඩකඩ වැඩිය. එයට හේතුව නම් යටකී ග්‍රහයන් එනම් රවි ග්‍රහයා සෙනසුරුට සප්තමව ගමන් කිරීම සහ අඟහරු සහ රාහු යන ග්‍රහයන් රවි සහ සෙනසුරුට චතුරස්‍රව ගමන් කිරීමයි. ඒ සමඟ ලංකා කේන්දරයේ 2 - 11 අය සහ ධන භාවයන්ට අධිපති මෙන්ම ධනය කාරක ගුරු ග්‍රහයා එකි කාල සීමාව තුළ එනම් ජූලි මස 29 වෙනිදා වක්‍රවීමත්, සතුරු රාහු සහ කේතුගෙන් පාප කර්තරි යෝගයකට මැදිව 12 වැන්නේ පාප පීඩිත ලග්නාධිපති සෙනසුරුගේ පූර්ණ දෘෂ්ටියෙන් පීඩාවෙමින්, 2 වැන්න වූ මීන රැසෙහි ගෝචරය වීම රට තුළ ආර්ථික ප්‍රශ්න පැන නඟින්නට හේතු වන්නේය. මෙකී කාල සීමාව තුළ ලංකා කුම්භ ලග්න කේන්දරයට ප්‍රබල යෝගකාරක ග්‍රහයා වන සිකුරු සිවු වැන්නේ ස්වක්ෂේත්‍රව දිග් බලව ගමන් කරයි. එය සිකුරු සතුරු රාහු, කේතු මැදිව සිටීමත් 12 වැන්නේ පාප පීඩිත ලග්නාධිපති සෙනසුරුට ත්‍රිකෝණව ගමන් කිරීම නිසා සිකුරු ග්‍රහයා ගෙන් කිසිදු ශුභ ඵලයක් බලාපොරොත්තු විය නොහැක. එමෙන්ම ලංකා කේන්දරයට (කුම්භ) අර්ධ යෝගකාරකත්වයක් උසුලන බුධ ග්‍රහයා යටකී කාල සීමා තුළදී බුධට සතුරු රැසක් වන 6 වැන්න වූ කටකයේ සහ ගෝචරයෙන් පාප පීඩිත වූ රවි ග්‍රහයාට හිමි රැසක් වන සිංහ රැසෙහි ගමන් කිරීම හේතු කොටගෙන එකී කාල සීමාව තුළදී ලංකා කුම්භ ලග්න කේන්දරයට අර්ධ යෝගකාරත්වයක් උසුලන බුධ ග්‍රහයාගෙන් ද කිසිදු ශුභ ඵලයක් නොලැබෙන්නේ ය. ඒ අනුව ඉහත විග්‍රහ කළ ලංකා කේන්දරයේ දුර්වල ග්‍රහ ගෝචරයේ ප්‍රතිඵලයක් ලෙස පවතින රාජ්‍යයට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපිත කර ගැනීමට ගැටලු ඇතිවිය හැකිය. එසේම 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට බාධාකාරී තත්වයන් මතු වන අතර ඒ හේතු කොටගෙන රට තුළ දේශපාලන අස්ථාවරභාවය වැඩිවිය හැකිය. එනිසා රට තුළ ඇති දුර්වල ආර්ථිකය ගොඩනැගීමට, විදේශ රටවල්වලින් ලැබීමට තිබුණු විදේශාධාර නොලැබීයෑමට ඉඩ කඩ ඇති විය හැක. මෙයින් රට තුළ ආර්ථික ප්‍රශ්න උග්‍ර වීමට ඉඩ ඇත. මෙනිසා විදේශ සහසම්බන්ධතා වඩා වර්ධනය කරගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුවේ. ආර්ථික ප්‍රශ්නවලින් හෙම්බත් වූ රටේ ජනතාව පවතින ආණ්ඩුවට විරුද්ධව අරගල දියත් කරන්නට ඇති ඉඩකඩ වැඩිය. මෙහිදී මහජන සාමය පවත්වා ගැනීමට ආරක්ෂක අංශවලට වැඩි වැඩ කොටසක් පැවරෙන බව පැවසිය යුතුමය. මෙකී ජන අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් මහා මැතිවරණයකට හෝ වෙනත් දේශපාලන පක්ෂයට ආණ්ඩු කිරීමට බලය පැවරීමට සිදුවනු ඇත.

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

උදම් පෙරේරා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.