කෝණ මාසය ගෙවී යයි. සුබ වැඩට සුබ නැකැත් පෙළ ගැහේ. නැකැත් පොරොන්දම ගැන දැන ගන්න

ජූලි 22, 2022

ඔන්න ආයෙමත් කෝණ මාස ගෙවී අවසන්. දැන් ඉතින් ආයෙමත් සුබ කටයුතු, විවාහ කටයුතු සුදානම් වෙන වෙලාව. කට්ටිය පොරොන්දම් ග්‍රහපිහිටිම් පරික්ෂාවල් එහෙම කරගන්න ජ්‍යොතිෂවේදී මහත්ම මහත්මීන් ගාවට යනවා. ඉතින් අද කතා කරන්න යන්නෙ පොරොන්දම් 20හි ඇති වැදගත්ම පොරොන්දම වන නැකත් පොරොන්දම ගැනයි.

ජන්ම සම්පත් විපත් ක්ෂමං

ප්‍රත්‍යාරී සාධකො වධ:

මෛත්‍රං පරම මෛත්‍රං ච

ජනමවෙති පුන: පුන:

මෙන්න මේ ශ්ලෝකය නැකත් පොරොන්දම ගැන කියවෙන පැරණි ශ්ලෝකයක්. එයින්ම අපි මේ ගැන කතා කරමු.ජන්ම සම්පත් විපත් ක්ෂෙම ප්‍රත්‍යාරී සාධක වධ මෛත්‍රී පරම මෛත්‍රී යන කරුණු 09ය ඇතුළත්ව මෙහි සියල්ල තීරණය වේ.

කොහොමද මේ පොරොන්දම හොයන්නේ? එය කරන්නට කාන්තාව උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත තෙක් ගැනිය යුතුයි.

එලෙස ගැන්නාම,

01 නැති නම් එයම නම් එය ජන්ම නැකතයි. එය ශුභ වන්නේ නැහැ. එය බලය වගේම දේහ නාරිය විනාශ කරයි.

02 නම් සම්පත් නැකතයි එය බලය හා සම්පත් වර්ධනය කරයි.

03 නම් විපත් නැකතයි බලය හා ඵලය විනාශ කරයි.

04 නම් ක්ෂේම නැකතයි එයින් සාමය සැනසීම වැඩිවෙයි.

05 නම් ප්‍රත්‍යාරී නැකතයි එයින් බලය ඵලය විනාශ කරයි.

06 නම් සාධක නැකතයි එයින් ඵලය බලය වර්ධනය කරයි.

07 නම් වධ නැකතයි එයින් ඵලය විනාශ වෙයි මරණය උරුම වේ.

08 නම් මෛත්‍රී නැකතයි එයින් බලය සැප සම්පත් වර්ධනය වේ.

09 නම් පරම මෛත්‍රී නැකතයි එයින් බලය සතුට දියුණුව ඇති වේ.

නමුත්,ඔබ මෙය වටහා ගන්න. මේ ආකාරයට නැකත් 27 කොටස් 03 කට බෙදනවා.

1-9 තෙක් පළමු පර්‍යාය

10-18 තෙක් දෙවන පර්‍යාය

19-28 තෙක් තෙවෙන පර්‍යාය ලෙසින්

එතකොට මේ 1-9 තෙක් පළමු කොටසේදී ස්ත්‍රි පුරුෂ දෙදෙනාම එකම නැකතකින් ඉපදුනේ නම්, එය ගැළපෙයි. එය ඔබ වටහා ගත යුතුය. නැතිනම් එකම නැකත කියා මග හැර විවාහය ට අසුභයි කියා අයින් නොකළ යුතුයි.ඡ්‍යොතිෂවේදී මාවනැල්ලේ,

සශේනක දිලාන් බණ්ඩාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.