රාහු කේතු කුමක් කරයිද?

ජූලි 15, 2022

මිනිසාගේ පාලනය ග්‍රහයින් නිසා සිදුවෙන බවක් සිතිය හැක. පෙර කර්ම ශක්තියත් උපයෝගී වෙන බවත් අපට පෙනේ. පෙර නවග්‍රහයින් ලෙස සැලකූ ග්‍රහ වලල්ල අද දොළොස් ග්‍රහ වලල්ලකි. මේ ග්‍රහ චක්‍රය පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ නම් පංච භූතයන්ගෙන් නිර්මාණය වී ඇත.

මිනිස් ජීවිතය ද මේ පංච මහා භූතයින්ගෙන් නිර්මාණය වී ඇත. මේ නිසා මිනිසාත් ග්‍රහ වස්තූන් අතරත් ආකර්ෂණීය තත්ත්වයක් ඇත. ජන්මයෙන් ලද කේන්ද්‍ර සටහන අනුව අපට ජීවිත පලාඵල දැනගත හැකි වන්නේ ඒ නිසයි.

අප වැඩිපුර භාවිත කරන්නේ විංශෝත්තර දශා ක්‍රමයයි. අපල කාලවලදී ඒ ඒ ග්‍රහයින්ට වෙන වෙනම දේවතා බලවේග මඟින් පිහිට ලබාගන්නා ක්‍රම ඡ්‍යොතිෂ්‍යය තුළින් අපට පහදා දී ඇත. ශනිගේ අපල වලට විෂ්ණු ෙදුව පිහිට කුජගේ අපලවලට කතරගම දේව පිහිට ගුරුගේ අපලවලට විෂ්ණු දේව හා බෝධියේ පිහිට ආදි වශයෙනි. පත්තිනි, ගණදෙවි, විභීෂණ, දැඩිමුණ්ඩ, සමන් ආදි දෙවිවරුන්ගේද පිහිට ලබා ගන්නවා. ඡායා ග්‍රහයින් වශයෙන් නම් කරන රාහු, කේතු දෙපළක් සිටී. මොවුන් මිනිසාට අවස්ථාව අනුව ශුභ අශුභ ගැන සොයා බලමු . කේතු කුජ ග්‍රහයාට සමාන කර ඇත.

පි‍්‍රය මුහුණකුත්, ඉනෙන් පහළ නාග ශරීරයකුත් ඇත. හිසේ ඔටුන්නක් ඇත. ඔහු නපුංශක ග්‍රහයෙකි. පුරුෂයින් අතරට ගිය විට පුරුෂයකු ලෙසත්, ස්ත්‍රීන් අතරට ගිය විට ස්ත්‍රියක ලෙසටත් කටයුතු කරයි. දෙපිටකාට්ටුකම් කරන ගුප්ත ගති ඇති නරක නාම ඇසීමට හැකි අයෙකි. මොහු අත පොතක් ඇති ඉගෙනීමට හැර වෙන කිසිම ශුභ වැඩක් නොකරයි. ඇවිදීමට බැරිය. මොහුගේ දශා කාල අශුභව පිහිටි විට සමහර දරුවන්ට ඇවිදීම පමා කරයි. ක්‍රියාශීලි අය අතරට ගිය විට ඔවුන්ගේ වැඩවලට බාධා කරයි. කේතු තුලා රාශිය තුළ සිකරු සමඟ සිටියොත් ජන්මියා ධනවතෙකු කරන බව කියයි.

රාහුද ඡායා ග්‍රහයෙකි. ඔහු අසුරයින්ගේ රජු ලෙස ව්‍යවහාර කර ඇත. නව ග්‍රහයින් අතර පුුදුමාකාර ලෙස විශේෂතා ඇත. රාහු සූරයින්ට වඩා ක්‍රියාකාරිත්වය වේගවත්ය. සිහි බුද්ධියෙන් අඩුය. මත් පැනට ලොල්ය. කිසිම කපටි කමක් නොදනී. කළ යුතු දේ එලිපිටම කරයි. ආශ්‍රය කරන පුද්ගලයාගේ ගති ස්වභාවය එක එල්ලේම ගනී. මොහුගේ දශා කාලයේදි බලු, බළල්, නරි, සරප්, මදුරු ආදි සතුන්ගේ දෂ්ටයෙන් ඇති රෝගවලට ගොදුරුවේ. ඥාණය, දියුණු වන වැඩවලට සම්බන්ධ නූනත් ගමන් බිමන් වලට දක්ෂයි. ශුභ ස්ථානයකදී ශුභ ග්‍රහයින් සම්බන්ධ වු විට ශුභ වැඩ කරදෙයි. ජන්මියා ඉසුරුමත් කරන අවස්ථාද ඇත. අරිෂ්ට යෝගභංග කරන අවස්ථාද ඇත. රාහු තනිව සිටින විට, ඒ ස්ථානයට අයිති දේ කරයි. 3,6,10,11 රාශි වලදී ශුභ ග්‍රහයින් සමඟ සිටි විට ශුභ දේ කරයි.

අශුභ පලදෙන ස්ථානවලදී අශුභයන් හා එක්වී අශුභ පලදෙයි. මොහුගේ ශරීර ලක්ෂණය නම් නාග හිසක් ඇති අත් පා දිග උස ස්වභාවයකි. ඡ්‍යොතිෂ්‍යයේදී සෙනසුරුට සමාන කර ඇත. කේතු රාහු යුවල මිනිස් ජීවිත වලට නා නා විධ ආකාරයෙන් කරන බලපෑම් සුළුකොට තැකිය නොහැකිය.

 

සැකසුම

සුමනා රන්වල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.