වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
නැති වී ගිය සම්පත් නැවත ලබා දෙමින් සෙනසුරු වක්‍ර වේ
දැනට ශ්‍රී ලංකා කේන්දරයේ කුම්භ රාශියේ ගමන් ගන්නා එහි ලග්නාධිපති සෙනසුරු 2022 ජුනි මස 04 වෙනි ශනි දින තමාට මිත්‍ර බුධ ග්‍රහයාගේ අස්ලිස නැකත යෙදී තිබෙන එදින පැය 21.48න් වක්‍රවීමට පටන්ගෙන 2022. ජූලි 12 වෙනි දින 14.59ට මකර රැසට පැමිණේ.
ශනි වක්‍රවන තත්කාල මොහොතේ ශනි හිමි මකර ලග්නය පවතී. මේ තත්ත්වය සැලකිල්ලට ගත්කළ රටෙහි විශාල වෙනස්කම් ඇතිවේ. මේ වන විට රට තුළ ඉටුකර ගත නොහැකිව තිබූ වැදගත් කාරණා කිහිපයක් ඉෂ්ට සිද්ධ කර ගැනීමට පුළුවන් වේ. රටේ ජනතාව බලාපොරොත්තු වන ආකාරයට සියල්ල සිද්ධ වේ. කම්කරු ජනතාව නියෝජනය කරන එකම ග්‍රහයා ද සෙනසුරුම වේ. එසේම රජුන් බිහිකිරීමේ පුරෝගාමියා ද ශනිම වෙයි. රට යථා තත්ත්වයට පත්කර ගැනීමට කාලයක් ගත වේ. රටෙහි පවත්නා සම්පත් වඩා වර්ධනය කර ගත යුතුව ඇත. ඊට විදේශ රටවල ද අනුග්‍රහ දායකත්වය අවශ්‍ය වේ. ජූලි 12 වැනිදින ශනි මකර රැසට පැමිණි පසුව ඊට ප්‍රතිකර්ම යෙදේ. විදේශ රටවලින් අපේක්ෂිත ධන සම්පත් ලබා දෙයි. ඒ අනුව රට තුළ දැනට පැන නැගී ඇති ප්‍රධාන ප්‍රශ්න නිරාකරණය කර ගත හැකිවේ. එසේම මේ වසරේ නොවැම්බර් මස අවසාන වීමට පෙර මහ මැතිවරණයක ලකුණු ද විද්‍යමාන වේ. ඒ ඒ ලග්න සම්බන්ධව හේතුවන කරුණු ද සලකා බලමු.
මේෂ
මේෂ ලග්න හිමියන්ට අනුව සෙනසුරු වක්‍රය සිදුවන්නේ 11 වැන්නේ සිට 10 වැන්න වූ මකර රාශියටයි. තම අපේක්ෂා කරන ලද ආදායම් තත්ත්වය රඳාපවත්වා ගැනීමටත් ව්‍යාපාරාදී කටයුතු සම්බන්ධව ධනය වැය කිරීමටත් සිදුවේ. කම්කරුවන් යොදා කරනු ලබන කර්මාන්තාදියේ වැඩ ද සම්පූර්ණ කර ගත හැකිවේ. භූමිය සම්බන්ධව තිබූ අවහිරතා ද මඟහැරේ.
වෘෂභ
වෘෂභ ලග්න හිමියන් වෙත
ධර්ම කර්මාධිපති සෙනසුරුගේ වක්‍රවීම විශේෂ සුබපල උදාකිරීමට ඉවහල් වේ. 9 වැන්න වූ මකර රැසත් (ධර්මස්ථානය) කර්මස්ථානය වූ කුම්භ රැසත් අධිපති එකම ග්‍රහයා සෙනසුරුම වෙයි. මේ නිසා තම අපේක්ෂාවන් ඉටුකර ගැනීමට හැකිවේ. විදේශ ගමන් අපේක්ෂා කළවුන්ට එකී සහන ද සැලසේ. විදේශ ධනය හිමිවේ.
මිථුන
මිථුන ලග්න හිමියන්ගේ අට වැන්න හා 9 වැන්න අධිපති මිත්‍ර ශනිගේ වක්‍රය පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුව ඇත. ශනි, කුම්භ රාශියට එනකම් ලග්න අෂ්ටම ඒරාෂ්ටකය පැවතුණි. එම කාලයේදී ඉටුකර ගත නොහැකිව තිබූ සියලු කටයුතු පිළිබඳව සිතා බැලීමටත් ඒවා ඉටුකර ගැනීමටත් ශනි නැවත මකර රැසට පැමිණි පසු පුළුවන් වේ.
කටක
කටක ලග්න හිමියන්ගේ පළමු දෙර්කාණයේ නම් මාරක ග්‍රහයා ශනි වේ. ඒ පිළිබඳව දැන ගැනීමට කේන්දරය පරීක්ෂා කර ගත යුතුව ඇත. මෙතෙක් යෝජනා කොට කර ගැනීමට බැරිවූ විවාහ මංගල යෝජනා ගැන ද සලකා බැලීමට පුළුවන් වේ. තම සිතුම් පැතුම් ඉටු වේ. විදේශ ගමන්වලට ද යෝග්‍යයි. රැකීරක්ෂා කටයුතු ලැබේ. උසස්වීම් ලබාදේ. පවුලේ දියුණුව පිණිස මං සැලසේ.
සිංහ
සිංහ ලග්න හිමියන්ට අනුව, ලග්නාධිපති රවිගේ පුත්‍රයා ශනි වේ. එසේ වුවත් රවි ශනි නෛසර්ගික සතුරන්ය. ශනි 6 -7 අධිපති වේ. 6 වැන්න ශතෘස්ථානය හා රෝගස්ථානය වේ. උපචය ස්ථානයක් වන 6 වැන්නට නැවත සෙනසුරු පැමිණීම නරක නැක. 7 වැන්න විවාහකස්ථානයයි. ප්‍රමාද වෙමින් පැවති විවාහ කටයුතු කිරීමට හැකිවේ. සඳු 6 -7 ස්ථානවලට සිටියේ නම් අනිටු විපාක සිදුවීමට ඇති අවකාශ වැඩිය. ඉවසීමෙන් ක්‍රියාකිරීමෙන් වාසනාව ගෙන දේ.
කන්‍යා
කන්‍යා ලග්න හිමියන් වෙත සෙනසුරු ලග්නපති බුධ හා මිත්‍රවේ. 5 -6 අධිපති ශනි වක්‍රවී 5 වැන්නට පැමිණේ. අතපසුව පැවති තරග විභාගාදියෙන් ජයග්‍රහණ අත්වේ. අධ්‍යාපන කටයුතු තවදුරටත් කරගෙන යා හැකිය. ඊට අවශ්‍ය මූල්‍යමය පහසුකම් ද ලැබේ. පෙර පින් මතුවන කාලය බැවින් දැහැමිව කටයුතු කිරීමට සිතට ගන්න.
තුලා
තුලා ලග්න හිමියන්ට අනුව, ලග්නපති සිකුරු සමඟ අතිමිත්‍ර ශනි 4 -5 අධිපති වේ. ශනි 4 වැන්නට වක්‍ර වන්නේ නිකම්ම නොවේ. ගේ දොර ඉඩකඩම් ප්‍රශ්න නිරවුල් වේ. පෙර සතුරන් මිත්‍රවේ. තම ඥාතීන් අතර කැපී පෙනේ. මව්පස ඥාතීන්ට හිතකර නැත. හදිසි වස්තු ධනලාභ හිමිවේ.
වෘශ්චික
වෘශ්චික ලග්න හිමියන්ට 3 -4 අධිපති ශනි 4 වැන්නේ සිට 8 වැන්නේ වූ මකරයට වක්‍රවේ. උපතේදී සඳු 2,3,4 රාශිගතව සිටියේ නම් ජම්ම ඒරාෂ්ටක කාලයයි. ගොඩනැඟිලි ඉදිකිරීමට ඉතා ශුභ කාලයයි. ඒ සඳහා මිල මුදල් ද ලැබේ. බන්දු මිත්‍රාදීන්ගෙන් ඈත්ව සිටින තරමට හිතකර වේ. අපවාද චෝදනා ඇසීමට ද මුහුණ දෙන්න.
ධනු
ධනු ලග්න හිමියන්ට අනුව සෙනසුරු ධනු ලග්නයට සතුරු ග්‍රහයාවේ. 2 -3 අධිපති වේ. පසුගිය කාලයේ ලග්න ඒරාෂ්ටක කාලය තිබුණ අතර පසුගිය අපේ‍්‍රල් 29න් පසු ශනි, කුම්භ රැසට පැමිණියා. එතැන් සිට ඒරාෂ්ඨක කාලය අවසන් වුවත් ශනි වක්‍රවී ජූලි 12 දින නැවත මකරයට පැමිණි පසු ඒරාෂ්ටකය අලුත් වෙයි. කල්පනාවෙන් වැඩ කළොත් දියුණුව ලබා දෙයි.
මකර
මකර ලග්න හිමියන්ට අනුව සෙනසුරු ලග්නාධිපතිවේ. තමාට පැමිණි අසීරුතා සියල්ල අවසන් කරමින් අලුත් ජීවිතයක් ගත කිරීමට පුළුවන් වේ. මුදල් යොදවා කරන කටයුතු සපල වේ. අලුතින් සිතන්න පුරුදු වන්න. පවුලේ කටයුතු ගැන ද දෙවරක් සිතා ක්‍රියා කරන්න.
කුම්භ
කුම්භ ලග්න හිමියන්ට ලග්නයට පැමිණි සෙනසුරු වක්‍රවන්නේ නිකම්ම නොවේ. පසුගිය කාලයේ කිරීමට බැරි වූ දෙය නව සැලැස්මක් යටතේ ඉදිරියට කරගෙන යාමට සිතට ගනී. විදේශාධාර ද ලබා දෙයි. විදේශ ගමන් අපේක්ෂා කරන්නේ නම් ඒවා සලසා දෙයි. දියුණුවට වැඩි කලක් නැත.
මීන
මීන ලග්න හිමියන්ට 11 -12 අධිපති ශනි අලුත් ආදායම් මාර්ග සලසා දෙයි. තම අභිමතය පරිදි ඒවා කරගත හැකිය. විවාහ මංගල කටයුතුවලට ද හොඳයි. ගේ දොර ඉඩකඩම් වාසනාව ගෙනේ. හදිසි තීරණ ගෙන ක්‍රියා කරයි.
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී
කේ.එච්. ධනපාල