2022/23 පරිස්සම් විය යුත්තේ ඇයි?

මැයි 20, 2022

ලොවක් පාලනය වන්නේ ස්වභාවධර්මයාගේ සිදුවන ව්‍යුවහයට සාපේක්ෂව දිචුන ක්‍රියාවලියකින්. ස්වභාව ධර්මයට අනුගත නොවන කිසිවක් මේ ලෝකයේ නැති බවයි පතපොතේ සඳහන් වන්නේ. මනුෂ්‍යයා සතා සිවුපාවා ගහකොළ ඇති කරවන්නෙත් නැති කරවන්නෙත් මේ ස්වභාව ධර්මයාම තමයි. ඉර හඳ තාරකා ග්‍රහ සුළං ඇති වන්නෙත් ඒවායේ ක්‍රියාකාරිත්වය සිදුවන්නෙත් ස්වභාවධර්මයාගේ ක්‍රියාකාරිත්වය මතයි. ස්වභාවධර්මයා සත්වයා ඇති කළාම ඒ සත්වයාගේ ප්‍රයෝජනය හා පැවැත්මට ගහකොළ ඇති කරනවා.

ජලය, වාතය ඇතිවනවා. ඒ අනුව ශාක නිෂ්පාදකයෝය. සත්වයා භක්ශිකයෝය. ගහකොළ මනුෂ්‍යයාට ප්‍රයෝජනයක් වුණාට මිනිසා බොහෝදුරට ගහකොළ නැතිකරනවා. ඡ්‍යොතිෂයේදී නම් සඳහන් වන්නේ මහා බ්‍රහ්මයා ඇති කරනවා. විෂ්ණු රකිනවා, ඊශ්වරයා විනාශ කරනවා යනුවෙනි. ඒ වුණාට සිදුවන්නේ ඇතිවීම, පැවතීම හා නැතිවීමයි.

විශේෂයෙන් සූර්යයා වටා වේගයෙන් භ්‍රමණය වන ග්‍රහලෝක 9කි. මෙම ග්‍රහවස්තුන් වේගයෙන් කැරකෙන විට කිසියම් බලයක් උපදිනවා. මේ ග්‍රහලෝක පෘථිවියට සාපේක්ෂ වුණාම එහෙමත් නැත්නම් ක්‍රියාකරන විට පෘථිවිය මත සිටින මනුෂ්‍යයාට කිසියම් ප්‍රතිඵලයක් ඇති කරනවා. ඒක යහපත් හෝ අයහපත් වනවා. ඒ ගැන පරික්ෂාවෙන් බැලුවොත් අපට අපේ ආරක්ෂාවට දියුණුවට එය හේතුවෙනවා.

මොකද, මේ ග්‍රහලෝකවල ක්‍රියාකාරිත්වය කාටත් එක සමානයි. අනික මේ ග්‍රහලෝක මිනිස්සු වගේ බොරු කියන්නෙවත් කරන්නෙවත් නැහැ. ඉදිරිය ගැන අනාවැකි හිතට ආ පළියට ප්‍රකාශ කරන්න හොඳ නැහැ. කරුණු කාරණා මත එම ග්‍රහ කිරණවල බලපෑම මත නිවැරැදි සටහනක් තබන්න ඕනෑ. සුබසෙත කවදත් කළේ කිව්වේ එහෙමයි.

සිංහල අපට අවුරුද්ද ආරම්භ වන්නේ අපේ‍්‍රල් 13 සිට. තවත් විදියකින් කිව්වොත් බක් මාසේ. ස්වභාව ධර්මයා බක්මල් – එරබඳු මල් පුබුදා මාසෙම ලස්සන කරනවා. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට එනව කියල තමයි අපි පුංචි කාලේ ඉඳලම කිව්වේ. ඡ්‍යොතිෂය සිංහලයා ස්වභාව ධර්මයා සමඟ එකිනෙක බැඳිලා ඉන්නේ. නමුත් ඉංගී‍්‍රසි වර්ගයා රෝම දෙවිවරුන්ගේ නම්වලින් තමයි මාසය නම් කරල තියෙන්නේ. දැන් පෙනෙනවා ඇති මේ දේවත්වය අපට වඩා පිටරැටියා විශ්වාස තබන බව. දේවත්වයේ මුල් කොටස විශ්වාසයයි. සිංහල අපි දේවත්වයට වඩා විශ්වාසය පරම කොට සලකන්න ඕනෑ. එහෙනම් විශ්වාසය මත, ග්‍රහ කරුණු මත 2022-23 ගැන අපි අවබෝධකර ගත්තොත් අපට යහපතක් වේවි. අපේ හැසිරීම් රටාව වෙනස් කර ගත හැකි වේවි. එහෙම නැතුව නොපෙනෙන දෙවියන් මතම, මළගිය ප්‍රාණීන් මතම ඒ අයව අපට තබාගෙනම වැඩ කළොත් අපි පරාද වේවි.

රටක් මනුෂ්‍යයෙක් හෝ මිනිසුන් රැසක් පාලනය කළාට, ඊට වඩා බලගතු වශයෙන් ලෝකය පාලනය කරන්නෙ සෞරග්‍රහ මණ්ඩලය විසින්. ඒකේ ප්‍රධානියා රවි නැත්නම් සූර්යයා කිසිම ග්‍රහ කිරණයකට නොදෙවෙනි බලයක් පවතිනවා. සූර්යයා මේ වසරේත් නොවෙනස්ව මාස 12ක තුළ රාශි 12 නිශ්ශබ්දව ගමන් කරනවා. ඒ වුණාට ගමන් කරන වේගයේ ස්වභාවය අන් ග්‍රහයෝ සමඟ යෝග වීම වෙනස් කර කර සූර්යයා වෙනස් වන විට සූර්ය කිරණ පෘථිවියට වැටෙන හැටිත් වෙනස් වනවා. ඒක පෘථිවියේ සිටින සත්වයාට බලපානවා. විශේෂයෙන් ඉඩෝරය, සුනාමිය, ජල ගැල්ම වගේ දේවල් ඇතිවන්න හැකිවේවි. සූර්යයා සමඟ අනිත් ග්‍රහ කිරණ ක්‍රියා කරන විදිය අවබෝධ කර ගත්තාම වැඩි විස්තරයක් දැනගන්න හැකිවේවි. රටක රජ්ජුරුවො රවි,අම්මා සඳු නැත්නම් චන්ද්‍රයා. මේ දෙන්නා ගමන්ගන්නෙ පොඩි විරසකයකුත් සමඟ. එතකොට පාලනය නැතිවනවා. නැත්නම් දවසින් දවස වෙනස් වනවා. අද සිදුවෙමින් පවතින්නෙත් ඒකමයි.

බ්‍රහස්පති ගමන

මේ චන්ද්‍රයා ජනවාරිවලත් අපේ‍්‍රල්වලත් ගමන් යන්නෙ බ්‍රහස්පතිට අයිති රාශියක. බ්‍රහස්පති සුරගුරු තමයි. නරක් වුණොත් විනාසයි. ලස්සනට ශිල්පය දීලා පසුව අංගුලිමාල කළේත් මේ බ්‍රහස්පති. නරක් වුණාම තමයි. එහෙනම් 2022-23 වසරේ බ්‍රහස්පති ආරම්භ කරන්නෙ ධනු රාශියෙන් පුරා වසර තුළ මීන රාශියෙ ඉන්නෙ. මීනයේ ඉන්න එක ඉතා හොඳයි තමයි. බ්‍රහස්පතිගේ අවස්ථාව බලන්න ඕනෑ. බ්‍රහස්පති විශේෂ සංචලනයක් නැහැ. වරෙක වක්‍ර වනවා, වරෙක අස්ථ වනවා, වරෙක උදාවනවා මිස විශේෂ දෙයක් නැහැ. “නිද්‍රා” හා “සයන” අවස්ථාවේ මිස වෙන එකක් කරන්න ශක්තියක් නැහැ. එහෙනම් ශිල්පය උපයෝගි කරගෙන රටට යමක් කරන්න බැරිවනවා. ඊළඟට කම්කරුවා සෙනසුරු ගනිමු. එයාටම අයිති මකරයට කුම්භයට වී එයත් වෙනසක් නොකර එහාට මෙහාට පැන පැන ඉන්නවා. නැතහොත් වක්‍රවනවා, අස්ත වනවා, උදාවනවා මේ රාශි දෙකේම විතරයි හොඳේ.

රාහු කේතු අසුරේන්ද්‍රයෝ දෙදෙනා පුරා වසර තුනකට පසු මේෂයටත් තුලාවටත් ආපස්සට ගමනක් යනවා. ඒ 2022 අපේ‍්‍රල් 12 වැනිදා මේෂය කිව්වේ අඟහරුවාගේ රාශිය. රාහු කේතු හැම තිස්සෙම ඉන්නෙ සප්තම් දෘෂ්ටියෙ නිසා බව දන්නවනේ. මේෂ රාශියේ ඉන්න රාහුවා ලේ සොලවන්නෙ කේතුගේ බලපෑම ඇතිව එහෙනම් වැදගත් කටයුත්තක් නිසා නොවේ.

කම්කරුවාට අපලයි

රටේ කම්කරුවට මේ වසරේ කිසි හිස එසවීමක් නැහැ. දියුණුවක් නැහැ. ඒ මදිවට ලේ සොලව ගන්නෙ වැදගත් කරුණක් සඳහා නොවේ. අනික තමයි. රටින් පිටවන අයට 2022/4/12 දින දොර වැසෙනවා. අකමැත්තෙන් වුවද මේ රටේම ඉන්ට වේවි. පංච මහා බලවේගයෙන් ගුරු, ගොවි, කම්කරු වැටෙන කොට සංඝ හා වෙද බලවේග නිකම්ම වැටෙනවා. ඒ අයගේ උපදෙස් වලින් වැඩක් නැතිවනවා. හැම දෙයම පැටලැවෙනවා. ග්‍රහයෙක් “නිද්‍රා” හෝ “සයන” අවස්ථාවන්ට යෑම හොඳ නැහැ. සංඝයා හෝ වෙද බලවේග දෙපාර්ශ්වය ඉතා කල්පනාකාරීව වැඩ නොකොළත් ඔවුන් භේදභින්න වනවා.

රටේ කම්කරුවා සෙනසුරු, උගතා බ්‍රහස්පති නිවැරැදි තත්ත්වයෙන් නොසිටියාම අඟහරුවා ලේ සෙලවීම් ඇති කරනවා. සිකුරා ගැනත් ටිකක් බැලුවොත් හොඳයි. අපේ‍්‍රල්වල මැයිවල මාර්තුවල ඉන්නෙ බ්‍රහස්පතිට අයත් මීනයේ, අඟහරුවට අයත් මේෂයේ හා එයාටම අයත් වෘෂභයේ බ්‍රහස්පති හා අඟහරු ගැන කිව්වනේ.

බෝවන රෝග

එහෙනම් බෝවෙන රෝග වලින්ද ප්‍රවේසම් වුණොත් හොඳ වේවි.

මම කලින්ම සඳහන් කළා. චන්ද්‍රයාගේ බලපෑම. චන්ද්‍රයා කිව්වේ, සතුටට අධිපතියා. ඡ්‍යොතිෂයේ අම්මා. ජනවාරිවල උඳුවප් අව තිථියෙන් බ්‍රහස්පතිට අයිති ධනුවේ තමයි ගමන ආරම්භ කරන්නෙ. අපේ‍්‍රල් 5 ආරම්භයෙන් ඉන්නෙ බ්‍රහස්පතිටම අයිති මීනයේ. බ්‍රහස්පති ශිල්පයට අධිපතියා. උගතාගේ තත්වය පහළ බසිනවා. ඒ පාලනයෙන් තොර “නිද්‍රා” හා “සයන” අවස්ථාවේ ඉන්න නිසා. කෙසේ වෙතත් 2022-23 වසරවල ග්‍රහ කිරණ වගේම බුදුරැස් බුදු කිරණ ලංකාවට වැටේවි.

කාලගුණ විපර්යාස

ඒ මොනවා වැටුණත් ඉතා කල්පනාවෙන්, ඉවසීමෙන් කල්ගත කරන වර්ෂයක් වේවි. 2022 - 23 විශේෂයෙන් කාලගුණය වැඩි විපර්යාසයක් කරාවි. අනික ස්වභාව ධර්මයාගෙන් ලැබෙන ඵලදායි තත්ත්වය නොලැබී යාවි.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී /ගුප්තවේදී

ඡ්‍යොතිෂ ශාස්ත්‍ර ප්‍රදීප

මීපෙගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.